..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, April 8, 2012

෴ මාතෘකා නැත ෴

෴ මාතෘකා නැත ෴



මට හිතුනා මැරෙන්න . ....
මට ආදරය නැති අයගෙන් පළිගන්න.
සැලසුම් කරා ,
සංවිධානය කරා ,
මෙහෙයවන්න වුනේ මටමයි
පාලනය නුඹටයි
වේදනාව අඩුවෙන්ම ,
ක්ෂණික මරණයක්....

වැදගත්ම දේ තමයි
මැරෙන මොහොතෙ ඔබව මතකයට එන්න දෙන්න බැහැ.

ඇස් ඇරිල තියෙන්න ඕනි ද ?
නැහැ ඇස් තදින් පියවෙන්න ඕනි.
ශරීරයට හානියක් වෙන්න දෙන්න බැහැ.
නුඹට මාව අඳුරගන්න බැරි මරණයෙන් පලක් නැහැ
නරක් වෙන්න කලින් සොයා ගන්නත් ඕනි.

වස බොන්න

බෑ බේරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

කෝච්චියට බෙල්ල
අෆෝ බෑ - මිනිය කැත වෙනවා

ගඟට පනින්න -
බෑ ...බෑ හොයා ගන්න කල් යනවා.
අනික නිල් වෙලා ඉක්මනින් නරක් වෙනවා

මුහුදට පැන්නොත් -
බැහැ හොයා ගන්න පරක්කු වෙනවා

බෙල්ල වැල දාගන්න -
අෆෝ ...දිව දොට්ට...

ඉතින් වදේ මැරෙන්න ලේසි ක්‍රමයක් ඇත්තෙම නැද්ද?
තියෙනවා -

ආදරය කරන්න ,තමන්ව අමතක වෙන තරමට ආදරය කරන්න“

ඊට පස්සෙ ඒ ආදරය හැර යන්න...........


ඔවු......
අත්දුටුවයි සත්‍යයි

දවස ගානේ මැරි මැරි උපදිනවා


ඊයේ මැරෙන්න හිතුනු

අද මැරෙන්න බය

මම

෴ සොඳුරු ෴

17 ප්‍රතිචාර:

Kasun said...

මාතෘකා නෑ වගේම තමයි කියන්න දෙයක් හිතාගන්නත් බෑ අක්කේ. හැබැයි අක්ක කියන ක්‍රමේ නම් මහ දරුණුයි. ඊට හොඳයි උඩ තියන ක්‍රම.

Weni said...

මැරිලා වැඩක් නෑ..ආදරය නොකරන අයට පේන්ඩ ජීවත් වෙන්ඩ සොසී...

Niroshan said...

හත් දෙයියනේ එක ඔක්කොටම වැඩිය භංයන්කරයිනේ

දයානන්ද රත්නායක said...

දොලොස් මහේ පහන කියවලා සටහනක් දාන්න හදනකොටම මෙන්න අලුත් එකක් දාලා. ‍අර කෙටි කතාවේ උණුසුම නිවෙන්නත් කලින් රස්නෙ පිටින්ම හොඳට බේක් කරල හදපු කේක් එකක් වීසි කරල දානව වගේ.

මේ "මාතෆකා නැත" පුදුම සිතුවිල්ලක්. වේදනා අඩු ක්ෂනික මරණය ඔය කියල තියෙන ඒවට වඩා "ආදරය" තමන්ට තමන් අමතක වෙන තරමට ආදරය කරලා අතහැර දැම්මාම ඒ ආදරය හැමදාම අලුත්වෙවි තියෙනවා. ඒක සදාකාලික ආදරයක් වගේ දැනෙනවා.හරියටම මිහිරිව හද රිදවන ආදරයක් වගේ

හැබැයි ඔය කියන විදියට මැරි මැරී උපදින එකක් නම් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ

Dinesh said...

හෆ්ෆා.. මැරෙන්න කොහොම හිත හදාගන්නද? ඔය එක විදිහක් වත් ඕන නෑ.. ඔය හැම දේම අමතක කරලා හොදින් ජීවත් වෙන්න හිතා ගමු.. එතකොට අපිව ඕන නෑ කියපු අයත් ආයෙම එනවා හොයාගෙන.. එහම නේද??

වර්ෂා.. said...

මහ පුදුම කවියක්... සම්පූර්ණ ඇත්ත මගෙ අක්කේ.

Podi Kumarihami said...

මැරෙන්ට හිතලා තියන හැටි දැක්කාම මැරෙන්ට එපා වෙනවා.
මාතෘකාව නම් කොහෙන් හිතට ආව එකක්ද දන්නේ නෑ. හරිම අපූරුයි.

නවම් said...

ආදරේ හන්දා මැරෙන්න යන්නෙ අනිත් එකාට පාඩමක් උගන්නන කියල හිතලනෙ.

// අෆෝ බෑ - මිනිය කැත වෙනවා//

//නිල් වෙලා ඉක්මනින් නරක් වෙනවා//

//අෆෝ ...දිව දොට්ට//

මිනිස් හිත කියන්නෙ මහ පුදුම දෙයක්. මැරුනට පස්සෙත් "මම" ගැන හිතනවනෙ. ඉතිං කොහොමයි මැරෙන්නෙ.

Mr.Sithi said...

මේ මොකෝ මේ.. බූට් එකක් වත් කාලද..?

රඡරට කොලුවා said...

adare karala atha erala yanne adare nethi nisane. ithin ei ekata merenne?

රඡරට කොලුවා said...

adare karala atha erala yanne adare nethi nisane. ithin ei ekata merenne?

සිඳු said...

මෙහෙම කවි ලියන්න එපා සොසී, දුක හිතෙනවා

මාතලන් said...

නිර්මාණයනම් මා දුටු සුපිරිම නිර්මාණයක්. විරහව දරා ගන්න අමාරුයි. ඒත් විරහව නිසා මෙච්චර විඳවන එක තමයි මට පෙන්නන්නම බැරි දේ. පොඩ්ඩක් ධනාත්මකව හිතන්නම බැරිද..

Raj said...

මරණය බය ගෙනදෙන්නක්ද....? හිතන්න යමක්

කැරලිකාරයා said...

මොකද හිතන්නෙ, කරන්ට් ඇල්ලුවොත්?

Deepika Priyadarshani said...

ආදරය ගැන මම කියවපු අමුතුම කවියක්. ඒවගේම මේ කියලා තියන කතාව ඇත්ත කියලාත් හිතෙනවා මේ ලඟදි මගේ යාලුවෙක්ට වුණ සිද්ධියක් නිසා. මාතලන් කියනවා වගේ ධනාත්මකව සිතනවා නම් ඔක්කොම හරි. එත් ඒක පොඩ්ඩක් අමාරුයි ඒ වේදනාව විඳපු කෙනෙක්ට......

Anonymous said...

“ ආදරය කරන්න ,තමන්ව අමතක වෙන තරමට ආදරය කරන්න“
ඊට පස්සෙ ඒ ආදරය හැර යන්න...........

ඔවු......
අත්දුටුවයි සත්‍යයි

දවස ගානේ මැරි මැරි උපදිනවා

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...