෴ නුඹ ට෴
සඳ ගැන කියන්නට මට නැහැ කවි පේළි
තරු ගැන කුමට කවුරුත් ලියනා පේළි
මල් තුරු බිඟුන් ගැන ලිවුවත් පද පේළි
නුඹ ගැන කියන්නට මදි කවි පද පේළි
හමුවුනෙ අහම්බෙන් දුරකයි නුඹ සිටියේ
සිත ගත කතාවෙන් ළං වුනු බව තේරේ
මා සිත පාළුවත් ඈතට ගොස් බේරේ
නුඹ මා සිතේ පහනක් යළි දැල්වූයේ
කවියෙන් කතාවෙන් නිරතුරු හමු වූවා
උදයට රැයට නිතරම මද හස පෑවා
ලිපි පෙම් හසුන් පමණ ද මගෙ සිත ගාවා
නුඹ නව අරුණැල්ල මගෙ දවසම එළිවූවා
හිමිදිරි පින්න නුඹ සීතල රැගෙන ඇවිත්
නෙතු පිය හරිමි නුඹෙ වත මා නෙතට ඇවිත්
වතදොවනා කලට කොහෙදෝ සිටන් ඇවිත්
සෙනෙහස දොවා මා සිතගත පිනයි ඇවිත්
රැකියාවට ගියත් නිරතුරු සිහි වූවා
දකිනට ඉවසුමක් නැති දෙනයන ඇඩවූවා
ඊමේලයක් විඟහින් පිහිටට ආවා
තතු කියනා ගමන් ආදරයත් ලීවා
ටික ටික මෙලෙස කාලය ගත වුනා ට
කපුවෝ එන්නෙ පෝලිමෙ මා සොයන්ට
කල වයසත් පහුවෙන මේ නඟාට
මනමාලයෙක් සොයනව ගම පුරාම
බැදලා ළමයි ඉන්නට ඕනා වයස
වැදිලද බූට් තවකෙකු අහනා සතුට
ලොකු වුන් ඉද්දි බාලය බැන්දේ ඇයි ද
අහනා අයට උත්තර දෙන්නේ කවුද
අම්මා දුකින් නින්දක් නැහැ රෑ තිස්සේ
මා ගැන විටින් විට දොඩවයි කට මැත්තේ
තරහින් රවයි විටකදි මා සිත ගැස්සේ
කෙල්ලක් වුනේ ඇයි මා මේ රට අස්සේ
හදවත නුඹට දී අහකට යන්න නෙමෙයි
සිත එක තැනක ගත වෙනතක යන්න නෙමෙයි
නුඹටත් ඉතින් මා ළඟකට ගන්න නෙමෙයි
ඈතින් බලන් මේ ලෙසෙකට ඉන්න නෙමෙයි
වෙනවුන් පතා දීගෙක මා නොයන්නෙමි
නුඹවම පතන් සංසාරෙම ගෙවෙන්නෙමි
නුඹ අන්සතු වුනත් මතකෙය රදන්නෙමි
මට සමුදෙන්න ආ මඟ මම හැරනේනෙමි
෴ නුඹට ආයුබෝවන් ෴
සඳ ගැන කියන්නට මට නැහැ කවි පේළි
තරු ගැන කුමට කවුරුත් ලියනා පේළි
මල් තුරු බිඟුන් ගැන ලිවුවත් පද පේළි
නුඹ ගැන කියන්නට මදි කවි පද පේළි
හමුවුනෙ අහම්බෙන් දුරකයි නුඹ සිටියේ
සිත ගත කතාවෙන් ළං වුනු බව තේරේ
මා සිත පාළුවත් ඈතට ගොස් බේරේ
නුඹ මා සිතේ පහනක් යළි දැල්වූයේ
කවියෙන් කතාවෙන් නිරතුරු හමු වූවා
උදයට රැයට නිතරම මද හස පෑවා
ලිපි පෙම් හසුන් පමණ ද මගෙ සිත ගාවා
නුඹ නව අරුණැල්ල මගෙ දවසම එළිවූවා
හිමිදිරි පින්න නුඹ සීතල රැගෙන ඇවිත්
නෙතු පිය හරිමි නුඹෙ වත මා නෙතට ඇවිත්
වතදොවනා කලට කොහෙදෝ සිටන් ඇවිත්
සෙනෙහස දොවා මා සිතගත පිනයි ඇවිත්
රැකියාවට ගියත් නිරතුරු සිහි වූවා
දකිනට ඉවසුමක් නැති දෙනයන ඇඩවූවා
ඊමේලයක් විඟහින් පිහිටට ආවා
තතු කියනා ගමන් ආදරයත් ලීවා
ටික ටික මෙලෙස කාලය ගත වුනා ට
කපුවෝ එන්නෙ පෝලිමෙ මා සොයන්ට
කල වයසත් පහුවෙන මේ නඟාට
මනමාලයෙක් සොයනව ගම පුරාම
බැදලා ළමයි ඉන්නට ඕනා වයස
වැදිලද බූට් තවකෙකු අහනා සතුට
ලොකු වුන් ඉද්දි බාලය බැන්දේ ඇයි ද
අහනා අයට උත්තර දෙන්නේ කවුද
අම්මා දුකින් නින්දක් නැහැ රෑ තිස්සේ
මා ගැන විටින් විට දොඩවයි කට මැත්තේ
තරහින් රවයි විටකදි මා සිත ගැස්සේ
කෙල්ලක් වුනේ ඇයි මා මේ රට අස්සේ
හදවත නුඹට දී අහකට යන්න නෙමෙයි
සිත එක තැනක ගත වෙනතක යන්න නෙමෙයි
නුඹටත් ඉතින් මා ළඟකට ගන්න නෙමෙයි
ඈතින් බලන් මේ ලෙසෙකට ඉන්න නෙමෙයි
වෙනවුන් පතා දීගෙක මා නොයන්නෙමි
නුඹවම පතන් සංසාරෙම ගෙවෙන්නෙමි
නුඹ අන්සතු වුනත් මතකෙය රදන්නෙමි
මට සමුදෙන්න ආ මඟ මම හැරනේනෙමි
෴ නුඹට ආයුබෝවන් ෴


14 ප්‍රතිචාර:
ලස්සනට ලියපු කවිපෙලක්...
"බැදලා ළමයි ඉන්නට ඕනා වයස
වැදිලද බූට් තවකෙකු අහනා සතුට
අහනා අයට උත්තර දෙන්නේ කවුද"
ගෑනු පිරමි කියල නෑ ඔය ප්‍රශ්නය පොදුයි..
මේ ටික ලිව්වට අක්කගේ කටේ මසුරන් දන්න ඕන
Beautiful. like the way you shed light on regresssive social/cultural norms :-)
//බැදලා ළමයි ඉන්නට ඕනා වයස
වැදිලද බූට් තවකෙකු අහනා සතුට
අහනා අයට උත්තර දෙන්නේ කවුද//
ඇත්තටම අපිට වඩා අපි ගැන කරදර වෙන්නෙ අනිත් මිනිස්සු.
ලස්සන කවිය.තව චුට්ටක් එඩිට් වුණා නම් ගොඩක් ලස්සනයි.
මම ගොඩක් ආස අන්තිම පදයට.
//මට සමුදෙන්න ආ මඟ මම හැරනේනෙමි//
අප්පා............. අඬෙනවා අක්කේ..
හදවතට තදින් දැනුන කවියක් සොසී .
නියම කවි පෙළ අක්කේ!! අපූරුයි!!!
ආදරය අහිමි වුනු හැම පෙම්වතියම මෙහෙම කියනවා ඇති..ලස්සනයි
පින්තූරෙත් එක්කම..
එකනේමෙයි ආං දෙනියාය රක්වාන පාරට ලොකු ගලක් පෙරලිලාලු. ඔය පැත්තේ කරදරක් නැහැ නේද...ගෙන්දගම් පොළොව හෙදෙන්ඩද කොහෙද මෙහෙටනම් අනොරා වැහි වහිනව
සොදුරු කවි පෙලක් අක්කේ..
ලොකු මැණිකේගේ කටේ රන් මසුරන් දා තහැකි
පොඩි මැණිකෙටත් ගෙදරින් ඇත ලොකුවට ආඩපාලි
දුන්නේ ගන්න නෙමේ මේ හිත දුක් වෙන්න හරි
සසරේ නොලැබුනොත් මැරෙනවා යන්නේ නැහැ දීගෙක හැරී
අම්මා දුකින් නින්දක් නැහැ රෑ තිස්සේ
මා ගැන විටින් විට දොඩවයි කට මැත්තේ
තරහින් රවයි විටකදි මා සිත ගැස්සේ
කෙල්ලක් වුනේ ඇයි මා මේ රට අස්සේ
මමත් ආසාම මේ කොටසට. ඇත්තමයි, කෙල්ලෙක් නෙමේ නම් කොයි තරම් හොඳද කියලා හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි
ෂහ්!! සුපිරි අක්කෙ.. ඇඩෙනවා
කවියෙන් වුණත් ජීවිතේ යථාර්ථය මෙයයි.
තමන්ටත් නැති ප්‍රශ්න වැදගත් වෙන්නෙ
ලෝකෙ ඉන්න අනෙක් අයට.
ඇත්තක් ඇති ලෙසම කවියට මුසු කරලා
තියෙනා අයුරු කදිමයි නිසි පද බැඳලා
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.