..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 14, 2012

෴ පශ්චාත් අවුරුදු ප්‍රීතිය / Post Avurudu Bliss ෴

෴ පශ්චාත් අවුරුදු ප්‍රීතිය / Post Avurudu Bliss ෴



පුරා මාසයක් තිස්සේ
බඩගා රෙදි සැල් අස්සේ
ගත්ත රෙදිත් ඇන්දා
ගෙනාපුවත් ඉව්වා

පුච්ච පුච්ච ඩෝං පටාන්
සද්ද ටිකක් දැම්මා
මාසෙ පඩිය ඉවරයි
තවම මාසෙ එහෙමයි

කනේ කරේ මාල වලලු
ටිකත් උගස් කෙරුවා
කන්න බොන්න අඳිනට දේ
ඒ මුදලට ගත්තා

අවුරුද්දත් ඉවරයි
අවුරුද්දෙම හම්බ කරපු
සේසත දැන් ඉවරයි

රටට ගමට බනිමු
ගනන් වැඩියි කියමු
ජීවත් වෙන්නට කොහොම ද
දෙස් දෙවොලුත් කියමු

මනා කළමණාකරණය
නැති හින්දයි ඔහොම
කියන්නෙපා ඉතින් අනේ
හිත රිදෙනව බොහොම

ඈත දුරක ඉදන් ආපු
දූලා පුතාලා
පිලිගන්නට
නිකම් හොඳද
හිස් අත පාලා

පැන්ශන් එක ඉවරයි
දඹදිව සිහිනය ආයෙත්
එන වසරට පියඹයි

පුන්සඳ අහසේ පායා
හිතට අනිනවා
ලබන මාසේ මම එනවා
කියල කියනවා

දංසැලටයි පිං වලටයි
සල්ලි හොයන්නේ
පිනුත් ඉතින් ගණන් වැඩියි
කියල සිතෙන්නේ


රජයේ සේවකයින්ටත් , පැන්ශන් පඩි ගන්නා උදවියටත් අප්‍රේල් මාසයේ වැටුප හැම අප්‍රේල් මාසෙකම වගේ වේලාසන ලැබෙනවා. ඉතින් හරි සතුටුයි . අවුරුදු ජයට ගන්න වේලාසන පඩි පත අතට. ඒත් අප්‍රේල් මාසෙ 10 ඉදන් මැයි මාසෙ 24/25 වෙනකම් මාසෙකටත් වඩා ගෙවන්න වෙන හැටි දන්නේ ත් ඒ අයම තමයි.

ඔබ සැම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යි පතන
මම
෴ සොඳුරු සිත෴

12 ප්‍රතිචාර:

Sumith Niriella said...

අහෝ ඛේදයකි.....:(

කවි පංතියනම් අති විශිෂ්ටයි..!!!

සාතන් said...

හෙහ් හෙහ්... සුභ අළුත් අවුරුද්දක් අක්කෙ !...

තොටියා said...

තිත්ත ඇත්ත.. ලබන මාසෙ 24 වෙනකම් ආයෙ නෝ පඩි කියල මතක් කල එකත් හොදයි

Podi Kumarihami said...

හී හී...ලස්සන කවි ටික. ඔයාට සුබ අලුත් අවුරුද්දක්!!!

Beetle said...

සුභ පශ්චාත් අවුරුද්දක් වේවා එහෙනම්....!

Ravi said...

දැක්කනෙ මම ඉන්නා හැටි,
වළාකුලෙන් එබිලා,
මූණෙ තියෙන හැඟුම මගේ,
දන්නවාද ඔහෙලා,

නෝන්ඩි බැල්මකි ඇත්තේ,
කට හෙම විරවාලා,
හිංගලයෝ මෝඩ තමයි,
බෙහෙත් නැතේ කියලා,

සුබ නව වසරක් වත්.......සුබ නව වසරක්!!!

දයානන්ද රත්නායක said...

ඇත්ත මේක තමයි වැඩ කරන ජනතාවගේ ජීවිතවල යථාර්ථය.දැන් වෙළඳසැල් විවෘත කරල තියෙන්නෙ වෙසක් සැරසිලි එල්ලලා. ඒකෙන් ඉතුරුවෙච්ච අන්තිම සත පහටත් විඳින්න හදපු ගුලක්.

මේන්න මේව තමයි ලියන්න ඕනැ කවි.පීඩිත මිනිසුන් උදෙසා මිනිසුන් වෙනුවෙන්.
ඔබේ අදහසට මගේ ගෞරවනීය ප්‍රණාමය

රාජ් said...

රජයේ සේවකයගෙ ජීවිතේ අමාරුම කාලය,
෴අප්‍රේල් 14-මැයි 25෴

මාතලන් said...

මෙව්වටනේ කවි කියන්නේ.. දැන් අපිට නිකන් ඉන්න පුළුවන්..

හුටපටයා said...

අවුරුදු කියලා වැඩි දෙනකුට වෙන්නේ මේක තමා. තමන් ගාව තියෙන සල්ලි ඔක්කොම ටික දවසෙන් දෙකෙන් වියදම් කරලා, ආයි පඩි එන කල් බැන බැන, හූල්ල හූල්ල ලෙව කනවා.

Dinesh said...

සම්පූර්ණ එකගයි අක්කේ.. මම කාගේ හරි ලිපියක දැක්කා මැයි මාසේ කන්න වෙන්නේ දන්සැල් වලින් කියලා.. ඒ කතාව ඇත්ත..

Dude said...

විශිෂ්ඨයි! සුභ අලුත් අවුරුද්දක් සොඳුරු සිත.

henryblogwalker the Dude

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...