..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Saturday, April 7, 2012

෴ සුපසන් ආදරය ඇයි මෙතරම් දරුණූ ෴

෴ සුපසන් ආදරය ඇයි මෙතරම් දරුණූ ෴

දවසින් දවස කාලය ගත වී යනවා
මොහොතින් මොහොත මට නුඹ සිහිපත් වෙනවා
ළඟ වුන් අයත් එකිනෙක වෙන්වී යනවා
මා නිසසලයි කාලය දුවමින් යනවා
සිතු දේ ලැබෙන්නේ නැති බව නොදැන නොවේ
මතු මතු වටත් නුඹ ගැන නොසිතනව නොවේ
රතු වෙන ඇස් අගට කඳුළක් නැතිව නොවේ
කතු නුඹ තමයි නොලැයුනු කවි ලියනු නොහේ

සඳ ඇති රැයක පාළුව මට නොදැනෙන්නයි
අඳ හිත කොණක නුඹෙ රෑපය නොඇදෙන්නයි
මතු යම් දිනක නුඹ මට මුණ නොගැසෙන්නයි
මගෙ සිහිනයට විත් මා හද නොරිදන්නයි

සිටිනා ඉසව්වක දුක් සෝ නොදැනීයන්
මා ගැන මතක හිරු දුටු පිනි ලෙස වීයන්
සාපැටවුනුත් ළං කර ගෙන සැනසීයන්
නුඹ මයෙ ලෝකෙ දුර පුන් සඳ ලෙස පායන්

සඳට කවදත් පෙම් බදින
මම
෴ සොඳුරු ෴

7 ප්‍රතිචාර:

Dinesh said...

ආදරෙයි තව මං පෙරදා මෙන්
නෑ වෙනසක් හිත තුල එදා මෙන්
ලං වෙන්න වරම් නැතත් පෙර මෙන්
මේ හිත නුඹ ලගයි ආදරෙන්..

ඔබ නොදු‍ටු ලොවක් said...

මමත් සඳට පෙම් බැන්දේ ඒලෙවල් කරන කාලේ වගේ ඉඳන්...තාමත් ඉඳලා හිටලා....

Shadow/හේමලයා said...

සඳ ඇති රෑට තාමත් හිත උඩුබුරනවෝ.....cnt help it...:(

වර්ෂා.. said...

//සඳ ඇති රැයක පාළුව මට නොදැනෙන්නයි
අඳ හිත කොණක නුඹෙ රෑපය නොඇදෙන්නයි
මතු යම් දිනක නුඹ මට මුණ නොගැසෙන්නයි
මගෙ සිහිනයට විත් මා හද නොරිදන්නයි//

අඳ හිත-ඒ අදහස ගොඩක් ලස්සනයි අක්කෙ..

අඩවි රජා said...

අක්කෙ....මම කැමතිම අන්තිම කවියට
ඒක වැදුනා ඉහ මොලේටම...

දයානන්ද රත්නායක said...

සොඳුරු..

පහුගිය දවස්වල "පුල්ලියා" "නාවිකයාගේ "ප්‍රේමය" වගේ කෙටි කතා එක්ක බැලුවාම මට නම් මේක මදි වගේ. හොඳ ලේඛණ හැකියාවක් පෙන්නලා ඉස්සරහට ඇවිත් ආපස්සට අඩි දෙකක් තියන කොට මේ මොනවද කරන්නෙ කියලා අහන්න හිතෙනවා.

මේ කවි නම් රොමෑන්ටික් වැඩියි. කවිය තුළ ටිකක් සෞන්දර්යාත්මක දාර්ශනිකත්වයක් ගොඩනගන්න. මේවා ළපටි වැඩියි.

හිතුවක්කාරි said...

3 වෙනි කවියට මම හරිම අඅසයි!!! හිතට දැනූනා..හරිම ලස්සනයි අක්කෙ!!

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...