මිනි නොකයි මාතර කිඹුලිගෙ පැ ටි යා
නිල්වලා ගඟ ගැස්සිලා පැද්දිලා , තමාගේ ආදරවන්තා හොයා යන ගමනෙ දි , අතරමග වෙලාවක හමුවෙන සුන්දර ගමක තමයි සොඳුරු ජීවත් වෙන්නේ. සොඳුරු ගෙ ගෙදර පාර පැනල හැතැම්ම කාලයක් විතර පොඩි දෙවටක් මැද්දෙන් ගිහින් නිල්වලා ගගේ දගලපු හැටි තාමත් සොඳුරුට මතකයි.ගගේ බැස්සම ගොඩ එන්න වෙලාවක් නැහැ.ඒ තරමට නිල්වලා ගඟ තගට සිතට ගෙනාවේ සතුටක්.ඒත් පාසල් කාලේ හමාර වෙන්නත් කලින් , ගඟේ නෑමට තහංචි වැටුනේ පොඩි ඈයොන්ට විතරක් නම් නෙමෙයි.
සොඳුරුගෙ ගෙවල් ගාව , පාර එහා පැත්තෙ ගෙවල් දෙහකට එහායින් ගෙදර ඹ්වයිසියර් මහත්තයගෙ පුතා නම් ගඟේ නාන්න ගියේ බාත්රූම් නැති නිසාවත් , නාන්න වතුර ගන්න ළිඳක් නැති නිසාවත් නම් නෙමෙයි. ගඟේ නෑමේ තියෙන අපූරු විනෝදය නිසාමයි. ගමේ ඉස්සරෝම කිඹුලට අහුවුනු උන්දෑ , කිඹුලයෙන් බේරිලා ආවේ පූරුවෙ වාසනාවකට වුනත් මාසෙකට දෙකකට පස්සේ මිය ගියේ ත් ගගේ නැමට තහංචි වැටුනේත් එකටමයි.
ගඟේ නෑම පස්සෙන් පහු බොහෝ දෙනා නතර කරත් , ගඟේ නෑම අත්නොහැරි කිහිප දෙනෙක් හිටියා. ඒ කාලේ අපි ඔවුන් ව දැක්කේ වීරයෝ වගේ.
නාන තොටුපොලවල් තුනක් අපේ ගමට ආසන්නයෙන් හදල තිබ්බත් , තොටුපලටවත් නාන්න නොගියේ , තොටුපලට ගියපු මනුස්සයෙක්වත් කිඹුලා ඩැහැගෙන ගිය නිසයි. වාසනාවකට වගේ උන්දෑත් බේරිලා තිබ්බ.අදටත් ඒ තනිකඩ මනුස්සය නම් ජීවත් වෙනවා. ගමේ කිසිකෙනෙක් ගේ අවධානයට ලක් නොවුනු ටිකක් මෝඩ පහේ කෙනෙක් වුනත් ඒ මනුස්සයා එදා ඉදල විරයෙක් වුනා. එයා නම් කියන්නේ කිඹුලට කිචු කවල කිඹුලයෙන් ගැලවිලා ආවා කියලයි.
මේ පරණ කතා ආයෙත් මතක් වෙන්න මුලික හේතුවක් වුනේ , මේ මාස දෙක තුල දී සොඳුරුගෙ ගමට ආසන්නතම ගමක මරණ දෙකකට වගකිවයුතු වුනේ කිඹුලෙක් නිසා. සමහර විට මේ එකම කිඹුලා නෙවෙන්න පුලුවන්.
බොහොම අසරණ අම්මා කෙනෙක් පලමු ගොදුරු වුනත් දෙවෙනි ගොදුර වුනේ උසස් පෙළ හදාරන දැරිවියක්. ඒ ගමේ බොහෝ දෙනා තාමත් නාන්නෙ ගඟෙන් .මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියාට තියෙන ආදරය මාතර මිනිස්සුන්ගෙ හිත් වලින් පලා යන දවස වැඩි ඈතක නෙමෙයි .
කිඹුලා ගැන ද්වේශයෙන් කතා කරන ඇතැමෙක් , දේශපාලඥයින් පිට මේ වරද පටවනවා.
ඇතැමෙක් නම් කිඹුලා ගැන කිඹුල් කඳුළු හෙලනවා
ඒ මොනා වුනත් මිනිස්සු වෙච්චි අපේත් වැරදි නැතිවම නෙමෙයි කියලා මාත් දන්නවා.
නිල්වලා ගඟේ කුස පිළිසිද ගත් කිඹුලා
කල්බලා ගොඳුරු ඩැහැ ගන්නා කිඹුලා

සිත්වලා ඉරන් රුදු කඳුළැලි නොසලා
හැංගිලා යන්න දිය පතුලේ බැසලා
මාතර ගඟේ කිඹුලිගේ පැටියට තාමත් ආදරය කරන
මම
෴සොඳුරු සිත ෴
හැංගිලා යන්න දිය පතුලේ බැසලා
මාතර ගඟේ කිඹුලිගේ පැටියට තාමත් ආදරය කරන
මම
෴සොඳුරු සිත ෴

17 ප්‍රතිචාර:
අකුරැස්ස අයිති මාතර ටද??:-/
මම හිතන් හිටියේ මෙච්චර කල් ගාල්ල දිස්ත්රික්කෙට අයිතියි කියල:)
අද දවසේ සියලුම පුවත්පතවල මේ කණගාටුදායක සිද්ධිය වාර්තාකර තියෙනවා. ගිය සතියේ කාන්තාවක් මේ සතියේ පාසල් සිසුවියක්. කණගාටුයි අවාසනාවන්ත සිද්ධියක්.
මේතරම් දරුණු කිඹුලන් නිල්වලා ගඟේ ඉන්න එක නම් ගැටලුවක් කිඹුලට වඩා මිනිස් ජීවිත වටිනවා ඒ නිසා අකමැත්තෙන් වුවත් උන් මර්දනය කර මිනිසුන්ට බියෙන් සැකෙන් ගඟට බහින්න වැඩසටහනක් කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා.
මියගිය නැගණියටත් ඒ අම්මාටත් නිවන් සුව පතමු. මෙවන් අකල් මරණයකට යළි ගොදුරු නොවේවා කියල.
සොඳුරුගෙ ගමේ සිද්ධවෙච්ච දේට අපිටත් කණගාටුයි.
දුකයි පොඩි එකෙක් නිසා
ඒ උනාට ආන්ඩුව ව්‍යාපෘතියක් විදියට මේක ප්‍රවර්ධනය කලත් කමක් නෑ.
මොකෝ ජීවත් වෙනවට වඩා සැපයි මැරෙණ එක.
මේ කිඹුලටත් දෙහිවලට එන්න කාගේ හරි වගේ..
ඔහේත් කිඹුලියක්ද ම්න්දා?
මේ කිඹුල් කඳුළුද හලන්නේ?
තවත් මිනිස්සුන්ට කරදරයක් වෙන්න කලින් මේ කිඹුලා අල්ලගත්තොත් හොදයි.. හැබැයි අර ටික කාලෙකට උඩදි අල්ලපු විදිහටනම් නෙමෙයි..
නිල්වලා ගඟ අපේ ගෙවල් පැත්තට එනකොට නම් ඒකෙ නාන්න කොහොමත් අමාරුයි. සොඳුරු අක්කා ඉන්නේ අකුරැස්සේ කියලා කමෙන්ට් වලින් දැක්කා. එහෙ ගංවතුර ගැලුවමත් කිඹුල්ලු ගොඩට ඇවිත් ගොඩක් අනතුරු වෙනවා නේද? මොනවා උනත් අකුරැස්ස හරිම ලස්සන ගමක්. මගේ තාත්තත් එහෙ වැඩ කළා ටික කලක්.
අනේ ඉතින් කිඹුලට උනත් ජීවත් වෙන්න බඩට මොනව හරි දාගන්න එපාවැ.... මොකෝ ඉතින් ඌ කියල හෝටලේකට ගිහින් මස් කොත්තුවක් කන්ඩයැ...
කිඹුලගේ බඩ පැත්ත සංවේදී වැඩියිලු..කිචි කැව්වම කිඹුලා පිස්සු කෙලින්නේ ඒකලු..අනේ අර කෙලීත් එහෙම කරානං බේරිලානේ...
අනතුරට ලක්වූ දෙදෙනා ගැන මගේ ශෝකය...!!
මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා කියන කවියෙන් කියවෙන්නේ කිඹුලෙක් ගැන නෙමෙයි...
තොටුපොල ළඟ කඩේක හිටපු ගෝමර වැටිච්ච ලස්සන කෙළි පොඩිත්තක් ගැන..
එක දවසක් මේ කෙළී කවුදෝ මන්ද පාරු කාරයෙක් එක්කද කොහෙද වහන්වෙලා ගියාට පස්සේ ඒ දුකට කියවුණු කවි පන්තියක් විදිහට තමයි මේ කවිය ගැන මම අහල තියෙන්නේ...
......................................................
මේ සිද්ධිය සම්බන්ධව:
මේ ලෝකය මිනිස්සුන්ගේ විතරක් නෙමෙයි කියන දළ අදහස විතරක් මම කිව්වා කියල හිතා ගන්නකෝ...
එතනින් එහා මම හිතන දේවල් ඔයාල හිතන දේට වඩා වෙනස්, ඒ නිසා මම නිහඬ වෙන්නම්
නුවන්
අකුරැස්ස අයිති මාතර දිස්ත්‍රික්කයට තමා. අකුරැස්සේ අග්ගිසි ගාල්ලට සීමා වෙලා. අකුරැස්සට විනාඩි 45න් ගාල්ලට පැය එකහමාරෙන් කොළඹට (හයිවේ නෙමෙයි) පැය 4න් අකුරැස්සෙ ඉදල සාමන්‍ය බස් වල යතෑකි....
දයානන්ද රත්නායක
හැදාමත් ඇවිත් , මම ලියනා දේ ගැන අවංක අදහස් වගේම හොඳ නරක කියා දෙනවාට ගොඩාක් ස්තූතියි අයියේ.
@මාතලන්@,
ජීවත් වෙනේකට වඩා මැරෙනෙක නම් සැපායි තමා...ඒත් මාතලන් ,
“කිඹුල කනේක ඉවසතෑකි , කොහිල කටු ඇනෙනෙක නෙව ඉවසන්න බැරි “ කියල කවුදෝ කීවලු.
Mr.Sith
නිල්වලා ගගේ එක කිඹුලා නෙමෙයි. කිඹුල්ලු ගොඩාක් ඉන්නවා. මරන්නත් තහනම්.අල්ලන්නත් අමාරුයි. දෙහිවල වුනත් මෙයාලට ඉඩ මදි වෙයි.
@කතන්දර@
ඔයැයිට විතරයි තේරුනේ. මේ කිඹුල් කඳුළු කියලා.
Dinesh
නැහැ මල්ලි. මේ එකම කිඹුලා නෙමෙයි වෙන්න පුලුවන්.නිල්වලා ගඟේ හරියට කිඹුල්ලු ඉන්නවා. මේ වගේ මතුපිටට ඇවිත් මිනිස්සු කන එකා කවුද කියල හොයන්නෙ කොහොම ද. අවස්ථාවක් ආවම කොයි කිඹුලත් එකයි.
@සයුරි@
නිල්වලා ගගත් ගැස්සිලා පැද්දිලා යන්නෙ එයාගේ ආදරවන්තයා වුනු සයුර හොයන තමා. ඔයත් එහෙනම් සොඳුරුගෙ ගම් පලාත ගැන දන්නවා.
@තොටියා@
ආහා එහෙම ද? කිඹුලට මස් කොත්තුවක් කන්නත් බැරි එකේ එහෙනම් අපි තොටියව ඊළඟ සැරේට කිඹුලට කන්න යවමු.
@ඔබ නොදුටු ලොවක්@
මාත් ඔය කිඹුලට කිචි කතාව අහල තියෙනවා.ඒත් කිචි කවපු කෙනෙක් නම් දැකල නැහැ. අර බේරිලා ආපු මනුස්සය වුනත් ඔය කතාව කියනව ඇත්තෙ විහිළුව වෙන්නැති...හිහි
@ලොකු පුතා@
ඔයාගේ කතාව හරි. කිඹුල් ජීවිතේ ද මනුස්ස ජීවිතේ ද කියනෙක බැලුවහම...මනුස්ස ජීවිතේ පැත්තට තියෙන වටිනාකම වැඩි වුනත්... සතුන්ටත් මේ ලෝකේ අයිති.අනික මිනිස්සුන්ට වෙනත් විකල්ප වලට යන්න පුලුවන් වුනත්...සත්තුන්ට කෝ වෙනත් විකල්ප..
ඔබගේ වටිනා කොමෙන්ටුවට ස්තූතියි.
ඒ වගේම මේ වස නපුරු ගැහැණු කෙනෙක් ගෙ දුවක් ගැන කියපු කවියක් වෙන්නත් පුලුවන්, කිඹුලිගේ පැටියා..... හෙහ් හෙහ්...ස්තූතියි.
සියළු දෙනාටම ආයෙත් ස්තූතියි.
මමත් අපේ ආතා කියනවා අහලනම් තියෙනවා කිඹුලගේ ඇලපත අතගෑවම එයාට කිචි කියලා. ඉතිං දෙයියනේ කිඹුලෙක් අල්ලගත්තම ඇලපතක් කොහේ සිහිවෙන්නද නේද. පෝස්ට් එක හොඳයි. අපි අර නැගනියටත් නිවන්සුව පතමු.
නිල්වලා ගගේ අයිතිය අපිට වගේම කිඹුලන්ටත් තියෙන්න ඕනෑ . . . ගගක කිඹුලො අල්ලන එකත් ලෙසි නෑනේ වෙන තැනකට ගිහින් දාන්න වුනත්. අපිට පුලුවන් ඉතින් පරිස්සමින්, කල්පනවෙන් ගගට බහින එක විතරයි.
ඔය කවියෙ කියන්නෙ කිඹුලෙක් ගැනවත් කිඹුල් පැටියෙක් ගැනවත් නෙමෙයි. ඔතන කිඹුලි කියන්නෙ එලිසබත් මහ රැජිනට. කිඹුලිගෙ පැටියා කියන්නෙ මාතර ගඟේ ගිය සිංහල ඔරු පාරු වලින් බදු එකතු කරපු ඉංග්‍රීසි ජාතික ටැක්ස් කලෙක්ටර් වරයෙකුට. මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා කියල කියන කොට සිංහල ජන කවියාගෙ හැකියාව පෙන්නුම් කෙරෙනවා. මාතර ගඟේ කිඹුලිගේ පැටියට තාමත් ආදරය කරනවයි කිව්වාට මම හිතන්නෙ ඔය බදු එකතු කරන්නා නම් දැන් මැරිලා ගොඩක් කල් ඇති. හැබැයි කිඹුලි නම් තාම ඉන්නවා කාට හරි ආදරය කරන්න ඕනෙ නම්.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.