..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 15, 2012

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern අවසන් කොටස෴

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern  අවසන් කොටස෴
01) ෴ පරපෝෂිතයා / The Parasite of The Tavern පළමු කොටසට෴
02)
෴ පරපෝෂිතයා / The Parasite of The Tavern දෙවන කොටසට෴

බාගේ බෝතලයේ අඩිය පේනමානය වන විට විටද ඔහුගේ ජීවිත කතාව නිමා වී තිබුනේ නැත. බොහොම සාමාන්‍ය ජීවිත කතාවක් වූ එහි සිටි ඔහුගේ බිරිඳ මියගොස් සිටියේ ඔහු තරුණ අවධීයේ දීමය , දරුවන් සමඟ තනිවූ ඔහු ජීවිත්වීම සඳහා නොකරපු දෙයක් නැති තරම් ය. නමුදු දැන් ඔහුගේ දරුවන් ඔවුන්ගේ පාර සොයාගෙන ඇති බවත් ඇතැමෙකු උසස් අධ්‍යාපනයට ද යොමු වී ඇති බවත් , ඔවුන් වෙනුවෙන් කැප කළ තමන් ගේ කාලය නැවත ඔහුට ලබා ගත නොහැකි බවත් පවසමින් විටෙක පශ්චාත්තාප ගන්නට ද විය.


“ සර් කැමැති ද මගේ ළමයි මුණ ගැහෙන්න “

“ ආහ් නැහැ . . .  දැන් බැහැ  . . . පස්සෙ වෙලාවක බලමුකො. මන් දැන් යන්න ඕනි. දැන් පරක්කු වෙලා නිසා රෑටත්  කාලා තමයි යන්නේ. මේ හරියෙ කෑම කන්න හොඳ තැනක් . . . “

“ ආහ් . .මං දන්නව සර්. නියම තැනක්. යං සර් මාත් එන්නම් "


මගේ මුදලින් මධුවිත තොල ගෑ ඔහු දැන් සැරසෙන්නේ රාත්‍රී ආහාරය ද මගේ මුදලින්ම සරිකර ගැනීමට බව වැටහී ගිය ද , ඒ බවක් නොහැඟ වූ මම ඔහු පෙන්වූ ඉසව්ව කරා යෑමට යතුරු පැදිය පණගන්වත්ම මාගේ ඇස් තැබෑරුමේ ඉහල මාලය කරා ඇදුනේ නිතැතිනි.

ඉහල මාලයේ ජනේලයක් අතුරින් එබී අප දෙස නෙත් අයා සිටි මාගේ හුරුබුහිටි තැබෑරුම් සේවිකාවගේත් මගේත් නෙත් සර හමු වෙද්දී ඇය මදසිනා පෑ අතර එයින් අමුතුම ජවයක් ලද මා සැර දමා පණගන්වා ගත් යතුරු පැදියේ නැඟී ඉගුල්ලුනු බව ඔබ සිතයි නම් එය කෙතරම් වැරදි සහගත සිතුවිල්ලක් ද යන බැව් දැන ගැනීමට මා මේ ලියන කතාවේ අවසානය තෙක් ඔබ කියවිය යුතුම වේ.

ඇ‍ය ගේත් මගේත්  නෙත් හමුවූ බවත් මදසිනහවත් සමඟ ඇගේ නෙත කඳුලක් දිලිසුනු බවත් පමණක් දැනට පවසා සිතට දැනුන සෝකයත් අධික කුසගින්නත් නිවා ගනු වස් ඊළඟ නිමේශයේ යතුරු පැදිය නැවතී තිබුනේ මහරගම ප්‍රදේශයේ පාර ආසන්නයේ වූ පෙට්ටි කඩයකය. 


ලුණු මිරිස් සැර යහමින් යොදා සැකසූ මාළු හොද්දත් සමඟ බඩකට පුරා ඉදි අප්පන් කෑවද සිත වරින් වර තැබෑරුමට පියඔන්නේ මන්දයි මටම සිතා ගත නොහැකි විය.


මේ වන විට තම දෙවන වටයට ද ළඟා වී තවත් දින ගණනාවකට සරිලන සේ ඉදි ආප්ප කමින් නිනව්වක් නැතිව දොඩවමින් සිටි ඔහු මා සිතට ගෙන ආවේ කලකිරීමක් මුසු තරහකි.

ඔහුගේත් මගේත් බිල ගෙවා දැමූ විගසින් මට මේ මිනිසාගෙන් ගැලවිය හැකි යැයි මා සිතූ සිතිවිල්ල හුදු හිතලුවක් පමණක්ම වුයේ. . . . . මුදල් ගෙවා පසුම්බිය සාක්කුවට යන අතර වාරයේ දි , ඔහු දෑස්  ගිජුලිහිණියකු තම ගොදුර දෙස බලාන සිටිනාක් මෙන් පසුම්බිය දෙසටම යොමු වී තිබිම නිසා වන්නට ඇත.

" සර් සර් මම කෙසෙල් කඩයක් කරනවා සර් යන පාරේ , අනේ සර් යමින් ගමන් මාවත් එතනින් දාන් යන්න. දැන් රෑත් වෙලානෙ බොස් "

යලිදු ඔහුගේත් මගේත් බර දරා ගත් යතුරු පැදිය ඉදිරියටම ඇදෙද්දී , මා සිත උපන් කෝපය ගිනි දළු නගිමින් මාවම හළු කරන්නට විය.

මා පිටුපසින් වාඩි වී සිටින නොම්බර එකේ තැරුව්කරුවාගේ ඊලඟ යෝජනාව වූයේ ගණිකා ඇසුරයි. මා මුදලින් මත් වී , මා මුදලින්ම කුසගිනි නිවාගත් ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ මා මුදලින්ම ගණිකාවකගේ පහස ලබා ගැනීමට ද?

" නියම පොට් එක සර්. . එතනට ගිය කෙනෙක් ආයෙත් නොගිහින් ඉන්නෑ "


හදිසියේම තද වූ තිරිංගය නිසා පඩරුලක් මෙන් වූ ඔහු ගේ සිරුර තදින් විත් මා ශරීරයේ වදිද්දී මෙතෙක් වෙලා සිරිකර ගෙන වුන් කෝපය ද බුබුළු දමමින් පිට වන්නට විය.

" බහිනවා. . මගෙන් කුණුහරුප නාහා බහිනව මෙතනින් "

හදිසියේම සිදුවන දේ ගැන කිසිදු වැටහීමක් නොතිබුනු ඔහු අන්දම්නද වූ අතර යතුරු පැදියෙන් බැසීමට ගොස් පැටලී වැටෙන්නට ද ගියේය.

" මො මොකද සර් "

" සර් . . .සර් තමයි. . . . තමුන්ගෙ දූ විකුණන් කන තමුසෙත් පිරිමියෙක් ද අයිසේ "

ඉන්පසු මගේ මුවින් පිටවූ වදන් සැර වැඩි වන්නට ඇත. මෙහි ලියන්නට බැරි තරම් අසභ්‍ය වන්නට ඇත. ඒ සියල්ලටත් වඩා ඔහුගේ සිතට තදින් වදින්නට ඇත.

දෑතින් තම හිස බදාගත් ඔහු හුන්තැනම ඇණ තියා ගෙන වාඩි වූයේ මුහුණ බිමට හරවන් වුවද වරින් වර ගැස්සෙන ඔහුගේ කෘෂ උරිස් නිසා ඔහු හඬන බැව් වටහා ගත හැකි විය. මගේ නොසරුප් වදන් නැවතුන අතර මා රැගෙන දුන් බාගේ බෝතලය හමාර කර අතරවාරයේ ඔහු මදක් ඉවතට ගිය ඇසිල්ලේ කලබලයෙන් මා සිටි මේසය වෙත පැමිණි සොඳුරු තැබෑරුම් සේවිකාව පැවසු වදන් මා දෙසවන් තුල දෝංකාර දෙන්නාක් මෙන් විය.

විශ්ව විද්‍යාල සිසුවියක වූ ඇගේ දුක්බර කතාව අවසානයේ දී ඇගේ නෙතින් ගිලිහුනු කඳුළක් ඔහු හිස් කරන ලද මධු බඳුන පතුලේ සැඟවී යනවා මම දුටිමි.

" සර්. . . .සර් .. . .! ! ! සර් ඒ මනුස්සය කියන දේවල් වලට කැමැති වෙන්නෙපා සර්. . .  සර් , ඒ මගේ තාත්තා සර් "

පලි:-  නම්ගම් මන:කල්පිත නමුදු සත්‍ය කතාවක් බැව් කාරුණාවෙන් සලකන්න...

13 ප්‍රතිචාර:

thilini said...

:(

Anonymous said...

hmm ......

Dush said...

පළවැනි වතාවට ඔබේ බ්ලොග් එක කියවීමෙන් මේ මගේ හෙවනල්ලදෝ සිතුනි සුන්දර සියලු දේ දුකකි

Observer said...

ඉස්සෙල්ල කොටසට කොමෙන්ට් එකක් දැම්ම කොමෙන්ට් එක තියා පෝස්ට් එකත් නෑ,. වට් හැපන්ඩ් ?
මෙන්න මේකෙන් දමල ගැහැව්ව.
Your current account does not have access to view this page.
Click here to logout and change accounts.

කථාව නං හොඳයි.

Dinesh said...

ඇත්තටම මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කේ.. බලාපොරොත්තු නොවුන අවසානයක්.. සමාජය වෙනස් වෙලා තියෙන හැටි.. තමන්ගේ දුවටම තැරැවුකාරයෙක් වෙන්න තාත්තා කෙනෙක්ට පුළුවන්ද?

කිරිපුතා said...

කතාව නං හොඳයි. මට නිකං මඤ්ඤං වගේ. දෙවනි කොටස කියවන්න බැරිඋන හින්ද වෙන්න ඇති.

දයානන්ද රත්නායක said...

අසුන්දර අවසානයක්. සුන්රද කතාවක්.. සංවේදී සිතුවිල්ලක ප්‍රතිනර්මාණය සැබැවින්ම ලස්සනයි.

ඒත් ඉතිං මහරගම පෙට්ටි කඩ නම් නැහැ. තියන දෙක තුන වුනත් හයි ලෙවල් ඒවා

mekuwi said...

ඇත්තටම මෙහෙම මිනිස්සුත් ඇති නේද ඕනෙතරම් මේ ලෝකේ? කතාව හරි ලස්සනට ලියල තියෙනවා සොසි

පරිකල්පන said...

වැටත් නියරත් ගොයම් කා නම්???

නිසුපා said...

හිතුවෙවත් නැති පැත්තකටනෙ යන්නෙ දැන්...

Ashieee said...

ඇත්ත කතාවක්??? දෙවියනේ...!!!

කාලෙකින් මේ පැත්තෙ ආවෙ අක්කා.. අලුත් පෙනුම හරි ලස්සනයි...

සොමිකොල්ලා said...

හිත රිදෙනවා මේ වගේ කතා අහනකොට...
ඇයි මේ මිනිස්සු මේ වගේ තිරිසන් වැඩ කරන්නේ?

Anonymous said...

nice.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...