..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, March 10, 2012

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern II ෴

෴ පරපෝෂිතයා / The Parasite of The Tavern  I කොටසට෴

උඩු මහල කිසිසේත්ම පහළ මාළයේ නිවුන් සහෝදරයකු නොවීය.මන බඳනා පරිසරයකින් යුතු වූ තරමක විශාල ශාලාව පුරා වූයේ පිළිවළකට ස්ථානගත කර තිබූ රවුම් හැඩැති මේස සහ නවීනතම පන්නයේ සුදු යකඩ පැහැති සැහැල්ලු ආසනයි....... පහළමාලයේ මිනිසුන්ට ලෝක විනාශය තව මොහොතකින් උදාවූව ද ඉහල මාළයේ මිනිසුන්ගේ ලෝකය ඊට හාත්පසින්ම වෙනස් විය.

කිසිවකුත් හිමිකම් නොපෑ තනි මේසයක් සොයා ගත් මා පුටුවට ගත බර සැහැල්ලු කළේ , ගත විඩාවෙන් අඩකටත් වඩා මුදා හරිමිනි.

“ සර් . . . . සර්ට මොනා ද ගේන්නේ “
 

වැලමිටි යුගල මතින් මේසයට බර වන සුනංගුවෙන් පැමිණි හඬ දෙස පුදුමයෙන් බැලූවේ එය ඉතා සිහින් ළඟන්නා සුළු කාන්තා හඩක්ම නිසාය.

“ ආහ් ම් ම් ම් ම් . . . . . මට “


මම ඇගේ රුව දෙසත් ඇගේ අපූරු ඇඳුම දෙසත් සිහින්ව නිරාවරණය වූ පිරුණු ළැම දෙසත් බැලීමට කල්ගත්තෙ මි. එය ඇයට අපහසුවක් ගෙන දුන් වගක් නොපෙනුන අතර , අවශ්‍ය තරම් කල් වේලා අරන් ඇය නරඹන ලෙස පවසමින් මෙන් , ඇයට මා වෙනුවෙන් ලබා දිය හැකි අගනා පැකේජයන් පිළිබඳව දීර්ඝ විස්තරයක් පවසන්නට විය.

“ ම් . . .  මට ගේන්න බියර් බෝතලයයි , බයිට්ස් මොනව හරි “

“ හොඳයි සර් . . . “


කිසිදු වෙනසක් නොදක්වා කට පුරා සිනාසුනු ඇය යුහුසුළුව මවෙතින් ඉවතට පිය මනින්නට විය. ෂර්ට් කමීසයේ බොත්තම් කිහිපයක් ලිහිල් කළ මා පුටුවට බර දෙමින් හරිබරි ගැසුනේ විදුලි පංකාවේන් හමාඑන වියළි සුළං රැල්ලකට ගත සිඹින්නට ඉඩ සලසා ලමිනි.

බීර බෝතලය මේසයට එන්නට ගන්නා වේලාව අතරතුර දී , හාත්පස සිසාරා ගිය මගේ නෙත් වලට හසුවූයේ ඉහල මාලයේ සුව විඳින පිරිමින් සහ පහළ බිම් මාලයේ පොරකන පිරිමින් සහ ගැහැණුන් අතර පවතින සැබෑ වෙනසයි.

බිම් මහලේ පොරකන ගැහැණුන් සහ මිනිසුන් බොහෝමයක් දෙනා කම්කරුවන් හෝ එදිනෙදා ශරීර වෙහෙසා වැඩ කරන වුන් බව කිසිම සැකයක් නැතිව හඳුනා ගත හැකි වෙයි. එසේම ඇතැම් වයසක ලිපිකරු මහතෙකු , පැන්ෂන් ගිය ගුරුවරයකු , ද ඒ අතර සිටින්නට බැරි නැත.

නමුත් . . . ඉහල මාලයේ පරිසරය මෙන්ම එහි සුව විඳින්නන්ගේ ද පැහැදිලි වෙනසක් ඇත. වයසින් වැඩිමහළු වුවන් වූයේ එකෙකි නැතිනම් දෙදෙනෙකි.තරුණයින් සහ මැදිවිය අරක් ගත් තරුණකම අතැර දැමිමට ලෝබකමින් පෙළෙන්නන් , ජීවිතයේ රස සොයා ආ අය මිස වෙහෙස දුරුකර ගැනීමට පැමිණිය අය මෙහි නොවීයයි මම උපකල්පනය කළෙමි.

තොලින් උරා ගන්නා මධුවිතට අමතරව නෙතින් මධු උරාබොන්නට හැකි වීම ද උඩුමහලේ දී ලැබෙන පාරිතෝශිකයකි. අඩුත් නැති වැඩිත් නැති සෝබමාන අග පසඟින් යුතු වූ වයස දාසයත් විසිපහත් අතර වන් සුන්දර සුරංගනාවියන්ට ඒ නෙත් හීසර කිසිදු විටෙක සිහින් රිදුමක් හෝ නොගෙනාවක් වැන්න. ඇතැම් මේසයක් වෙත ගිය විටක එතනින් මිදී එන්නට එකියකට සෑහෙන වේලාවක් ගත වන බැව් පෙනුනු අතර. මේස වටා සිටින්නන් ද දෛනික පාරිභෝගියන් බවට හඳුනා ගත හැකි වන්නේ , නිතරම ඔවුන් තෝරාගත් එකියකගේ සේවාව සොයනා බැවිනි.

නොමනා විහිළු කිසිවකුගේ සිත් රිදවන බවක් ද නොපෙනේ. මේ අපූරු වෙළඳ ප්‍රචාරනය කීදෙනෙකුගේ නම් සාක්කු හිස් කරනවා මෙන්ම පුරවනවාද ඇත.

“ සර් . . . .  “

“ ආහ් . . . තැන්ක්ස් “

“ වෙන මොනවත් . . .“

“ නැහැ ඕනි නැහැ . .“ ඇය වෙත පෑ කෘතවේදි සිනාවත් සමඟම මැ පැවසූ වෙන් මද වෙලාවක් මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටි ඇය , නැවතත් යුහුසුළුව මේසයක් වෙත පියමනින්නට විය. මලින් මලට යන සුන්දර සමණළියක මෙන් ,මේසයෙන් මේසයට යන ඇගේ දෑසත් මගේ දෑසත් විටින් විට හමුවෙයි. ඇය සිනාසෙයි. මම ද බීර පෙණ අතරින් ඇය හා සිනාසෙන්නෙමි.

බීර බොතලයේ අඩිය පෙනෙද්දීම වාගේ මා වෙත ආවේ මාගේ යතුරු පැදියේ මුරකරුය.

“ තමුසෙ නම් මාර මිනිහෙක් නෙ අයිසේ. . . , බෝතලයක් හිස්වෙන්න යන වෙලාව හරියට දන්නව නේද ? “

“ නැහ් . . . සර් මං ආවේ මේ මේහ්. . . .“

“ ඇයි මොක ද ලොකු උන්නැහේ ? “

“ රැපියල් විස්සක් ඉල්ල ගන්න “

එතරම් ලාභදායි ලෙස යතුරු පැදි මුරකරන්නෙකු මා හට හමුවූයේ ද ප්‍රථම වතාවට බැව් නොකියාම බැරිය.

“ මොක ද හදිසියේ ම “

“ නැහ් සර් මේ. . . ගල් සීයක් ගන්න සල්ලි මදි “

“ ආහ් . . . .ඔයාට බොන්න ද ඕනි . ඔයා බොන්න මං ගෙවන්නම් “

“ නැහ් සර් මං මේ . . .“

“ නැහැ නැහ බොන්න මං ගෙවන්නම් “

“ සර් සර්රුත් . . . “

“ නැහැ මට ඕනි නැහැ . . . කොච්චර ඕනි ද බෝතලයක් ? “

මදක් අඹරෙමින් සිටි ඔහු බාගයක් ප්‍රමාණවත් බව පවසන විට දීම එතැනට පැමිණියේ බිල ද රැගත් ගැහැණු ළමයායි.

“ මෙන්න මේ මහත්තයට බාගයක් ගෙන්න “

දිගැටි දෑස් විශාල කර ගත් අපූරු කෙල්ල මා වෙත හෙළුවේ “ සර්ට පිස්සු ද “ කියා අසන්නාක් වැනි බැල්මකි.

“ නැහැ නැහැ මම අඳුර යාළුවෙක් ගෙන්න , බිල මට දාන්න “

ඇය එතනින් ඉවත් වූයෙත් බෝතල් බාගයක් මේසයට පැමිණියේත් , සරම්කාරයාගේ බීමත් දෙඩවීම ඇරඹුනේත් කිසිදු පාලනයකින් හෝ දැනුම් දීමකින්ම තොරවය.

ඒ කතාව අහන්න නම් ඉතින් . . . . ඊළඟ පොස්ටුව ලියවෙනකම් ඉන්නම වෙනවා. . . . .


අවසන් කොටසට

18 comments:

  1. අවංකව මම මේවා කියවන්නේ නෑ. ඒත් අළුත් ඇඳුම නම් ලස්සනයි. මොකෝ කවි එන්නේ නැතෙයි...

    ReplyDelete
  2. දිගටම කියවන්න පුළුවන් ගලාගෙන යන කතාවක්.........., ලස්සනයි

    ReplyDelete
  3. සොඳුරුත් මෙගා සීරීස් එකක් ලියනන් වගේ යන්නේ... ඒකත් හොඳයි.... අර නැවිලා හිටිය විඳිය නම් මරු ඇති.....

    ReplyDelete
  4. නැවිලා...කවුද නැවිල හිටියේ... කොහෙද නැවිල හිටියේ...වෙන කතාවක් කියවල ද කොහෙ ද?

    ReplyDelete
  5. අලුත් පෙනුම නම් නියමයි ..

    ඊගාව කොටසත් බලන්න එන්නම්

    ReplyDelete
  6. ඊළඟ එක බලලම කියන්නම්කෝ..

    ReplyDelete
  7. මමත් ඔය තත්වෙමද කියලත් හිතෙනව...

    ReplyDelete
  8. මාතලන්
    මම නම් ඔයැයි ලියනෙව්වා අකුරක් නෑර කියවනවා... හැබැයි තිං එක දවසක් ප්‍රසිද්ධියේ ඔයැයිගෙ බ්ලොග් එක බලන්න ගිහින් වෙච්චි ජරමරයෙන් පස්සේ... හොඳ විමසිල්ලෙන් ඉදන් තමයි බ්ලොගය විවෘත කරන්නේ.... ලබන ආත්මේ මාත් පිරිමියෙක් වෙලා ඒ විදිහට ලියනවා...

    ReplyDelete
  9. මරු මරු ඔන්න ඊලග කෑල්ල කියවනකන් ඉවසිල්ලක් නෑ ..... ඉක්මනට දාන්න ඕනේ හොදද........

    ReplyDelete
  10. ම්..ම්ම්.. තාම නෝ අයිඩියා තමා..ඉස්සරහට බලමු..:O "සොඳුරු සිත" වනාහී දරුවෙක්ද? දැරිවියක්ද?

    ReplyDelete
  11. ගැටයා
    මම නම් දැරියක්...මේ කතාව මට මගේ හොඳ යාළුවෙක් කියපු එකක්... ඔන්න ඔයාට ලියනව නම් කියල එයා මේක මට කීවා.යාළුව නම් පිරිමි කෙනෙක්...සිදුවීමත් ඇත්ත දෙයක්....

    ReplyDelete
  12. ඔයාගේ අලුත් ඇඳුමයි, ගෑනු ලමයගේ ඇඳුමයි දෙකම ලස්සනයි. :D

    ReplyDelete
  13. හරිම ලස්සනට ලියලා... කියවන්න ආසයි.... ඇත්ත කතාවක් කිව්ව නිසා කුතුහලය තවත් වැඩි උනා....

    ReplyDelete
  14. අයියෝ හොඳම කොටසින් නවත්තාලානේ අක්කේ :(

    ReplyDelete
  15. මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මෙහෙම පරපෝෂිතයෝ සමහර වෙලාවට හම්බවෙනවා. ඒ වෙලාවට ඉල්ලන කීයක් හරි දීලා පිටත් නොකළොත් ඇණයක් ගහගත්තා වගේ.හදිස්සියේ හරි සෙට් වුණොත් අපිත් ඉවරයි.

    තවත් සමහරු ඉන්නවා ඉල්ලගෙන දෙකක් දාගෙන ඒකට හරියන්න ලස්සනට සිංදු කියන උන්. අන්න එහෙම එකෙක් සෙට් වුණොත් නම් මරු. ඒ වෙලාවට උන් කියන්නේ සුපිරි විරහ ගීත. වැඩි වුණොත් අපිටත් ඇඬෙනවා.

    කතාව නියමයි.

    ReplyDelete
  16. අළුත් පෙනුමනම් ලස්සනයි අක්කේ.. උඩුමහලේ සුන්දරත්වය විස්තර කරද්දි මට මැවුනෙම මෙහේ අවන්හලක්.. ඉතිරිය එනකම් බලන් ඉන්නවා..

    ReplyDelete
  17. නැමිල ඉන්න විධිය නං කියල වැඩක් නෑ.....

    ReplyDelete
  18. තවත් කොටසක්...

    අලුත් පෙනුම හොදයි.බුකියෙ අහලා තිබුන ප්‍රශ්නෙ විසදිලා වගේ... :)

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...