..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, March 29, 2012

෴ ආදරේ තරම් හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴

෴ ආදරේ තරම්  හෙවත් නොදැකපු ආලය/ Unseen Love ෴



මුහුද තරම් අහස තරම් 
වැලි කැට තරු  යාය තරම්
ආදරයක් මනිනු හැකිද
මා සිත නුඹ දන්න තරම්

හිමිකම් නැහැ ඉල්ලන්නේ
වගතුග නැහැ මම දන්නේ
නුඹ නුඹ වී සිටි හින්දයි
මේ තරමට පෙම් බැන්දේ

කියන කතා ආල නුරා
මට පමණක් නොවන නිසා
සිත නැහැ තරහක් කිසිදින
නුඹ මා සිත රකින තුරා

කියන වදන් සවන පුරා
හද සිප සනසවන යුරා
ළඟ නැති නුඹ තුන්තිස් පැය
මා සිත තුල සරන යුරා

ඈත රටක ඈත දුරක
සිටියත් නොම දකින යුරා
මා මිය යන්නට කලියෙන්
එනු මා නෙතු දකින යුරා




අපේ ජනක බස්සා ලියන ජීවිතය දකින්න විඳවන්න නොව විඳගන්න කියන බ්ලොග් එකේ තිබ්බ පෝස්ට් එකක් තමයි ආදරය නැතිව බඩ වෙන්නෙ කොහොමද  කියනෙක.

ඒකට මම ලීව කමෙන්ට් එකක තිබ්බ

//
එතකොට... ජීවිතේට නොදැකපු දෙන්නෙක් අතර ආදරයක් ඇති වෙන්න බැරි ද? (හරියට අර ජැපනීස් වයිෆ් ෆිල්ම් එකේ වගේ)//

ඒත් ඒකට ලැබුන පිළිතුරු අනුව නම් කිසිදාක නොදැකපු දෙදෙනකු අතර ආදරයක් ඇති වෙන්න බැහැ.ඒව තියෙන්නේ පොත් වල පිටු අතරේ , චිත්‍රපට වල තිර පිටපතේ විතරයි . ඒත් මම එහෙම හිතන්නේ නැහැ. ආදරය නැතිව බඩ වෙන්න පුලුවන් කියල බස්ස කියනව වගේම නොදැක පු නමුත් අදහස් හුවමාරුවෙන් ආදරයක් ඇති වෙන්නත් පුලුවන්.

ඒ වගේම , ලිංගික සම්බන්ධතා මත ඇති කරගන්නා අනියම් පෙමක් නිසා විවාහක පවුලකට සිද්ධ වෙන හානියටත් වඩා බරපතල හානියක් මේ වගේ සිත් හඳුනා ගැනීම් සහ අදහස් හුවමාරුව නිසා ඇතිවෙන පෙම් සම්බන්ධතා නිසා ඇති වෙන්න පුලුවන් කියලා මම කොහේ දෝ හරි කියෙව්ව මතකයි.

ඒකට හේතු විදිහට මම දකින්නේ ගතින් විවාහයේ රැඳුනත් සිත පුරා ආදරය විඳින්නේ ආදරය කරන්නෙ වෙන අයකුට වීම නිසායි. සමහර විට මෙය බොහොම අහිංසක ආදරයක් කියල හිතුනත් , ජීවිතයේ සැනසීම ට තව අයකු හා බොහොම තදින් බැදෙන්නට මෙවැනි සම්බන්ධතා මඟ පෙන්වනවා..

අනිත් අතට. . . මෙවැනි සම්බන්ධතා පොත් පත් වල පිටු අතර විතරක් නෙමෙයි .සාමාන්‍ය ජීවිතයෙත් බොහොම කලාතුරකින් හරි දකින්න පුලුවන් කියල මම හිතනවා.

13 ප්‍රතිචාර:

Dinesh said...

වෙන්න පුළුවන් අක්කේ.. ගොඩක් චැට් වලදි හිතවත් වෙලා හිතින් හරි කාලයක් ආදරේ කරන අය ඉන්නවනේ.. ඒ ආදරේ කියන්න කලින් ඔවුන් හමු වෙනවා උනත් ඒ හමු වෙනකන් ආදරේ කලේ නොදැක්ක කෙනෙක්ටනේ..

Miyuru said...

මේ කවිය හරිම ලස්සනයි....

නිසුපා said...

//ලිංගික සම්බන්ධතා මත ඇති කරගන්නා අනියම් පෙමක් නිසා විවාහක පවුලකට සිද්ධ වෙන හානියටත් වඩා බරපතල හානියක් මේ වගේ සිත් හඳුනා ගැනීම් සහ අදහස් හුවමාරුව නිසා ඇතිවෙන පෙම් සම්බන්ධතා නිසා ඇති වෙන්න පුලුවන් කියලා මම කොහේ දෝ හරි කියෙව්ව මතකයි.//

මෙන්න මේක ඇත්ත කියලා මටත් හිතෙනවා.ලිංගික සබදතාවයක් නිසා ප්‍රේමයක් හට ගත්තොත් ඒ වුවමනාව නැති වුනොත් ඒ බැදීම බිදෙනවා.ඒත් ආදරයක්නම් විවාහය පසක දාලා ඒක පස්සෙ යන්න පුලුවන්.මාත් ඕක කොහේ හරි පොතක කියෙව්වා.මටත් මතක නෑ නෙ කොහෙද කියලා. :)

Najath Akram said...

මාත් එකඟයි අක්කේ.. ආදරය කරන්න දකින එක අත්‍යවශ්‍ය නෑ.. ඒ වගේ ම දැකීම කියන දේ ආදරය ඇතිවෙන්න අත්‍යවශ්‍ය නම් අන්ධ කෙනෙක් ට කවදාවත් ආදරය කරන්න බෑ. ඒ උදාහරණයක් විතරයි.. හැබැයි මේ සෑහෙන්න හිතන්න ඕන කාරණයක්..

Najath Akram said...
This comment has been removed by the author.
Observer said...

උඩම පින්තුරෙ බලල කොම්පීටරේ ස්ක්‍රීන් එකත් පිහ දැම්ම මං

අඩවි රජා said...

කතාව (කවිය) නං සහතික ඇත්ත අක්කේ..

වර්ණා said...

හ්ම්ම් ඇත්ත ඇත්ත

Ravi said...

කිසිදිනෙක එකිනෙකා නොදැකපු දෙන්නෙක් අතර ආදරයක් ඇතිවෙන්න පුළුවන් විතරක් නෙවෙයි එහෙම ඇතිවන ආදරය ඉතාම ප්‍රබල ආදරයක් කියලයි මගේ අදහස...

එකිනෙකා නොදැක්කයි කියන්නෙ අපි ආදරය කරන්නෙ හිතේ මවාගත් රූපයකට..එහෙමත් නැත්නම් සංකල්පයකට...සංකල්පයකට කරන ප්‍රේමය කිසිදිනෙක අඩුවෙන්නෙ නෑ...සජීවී පුද්ගලයෙකුට කරන ප්‍රේමය කලකදි අඩුවෙලා යන්න එහෙම නැත්නම් නැතිවෙලාම යන්නත් පුළුවනි. ඒත් ඒ වගෙ අවදානමක් සංකල්පයකට ප්‍රේම කරද්දි මතුවෙන්නෙ නෑ....

නවම් said...

නොදැකපු දෙදෙනෙක් අතරෙ ඇතිවන "ආදරය" වෙන්න පුළුවන් දෙයක් !

ඔය වාක්‍යය සත්‍යයි කියල තහවුරු කරන්න නම් ඒ වාක්‍ය ඇතුලෙ තියන ශබ්ධයන්ගෙන් නිරූපනය වෙන්නෙ මොනවද කියල ‍තෝරගන්න වෙනව. අන්න එතනදි අවුරුදු දහස් ගනනාවක් තිස්සේ විවිධාකාරයේ පුද්ගල ෆැන්ටසි මතින් ආරෝපනයන් ලබිච්ච "ආදරය" කියන, තවමත් මෙන්න මේකයි කියල ‍තෝරගන්න බැරිවෙච්ච වචන මාත්‍රය හරහට හිටින එක වලක්වන්න බෑ.

මම මෙහෙම ඇහුවොත් ;

නොදැකපු දෙදෙනෙක් අතරෙ ඇතිවෙන්නේ එකිනෙකා ගැන කුතුහලයක්, එකිනෙකා හඳුනා ගන්න මානසිකව පුරවන ප්‍රෙහෙලිකාවක ඇති උද්‍යෝගයක්, නොදන්නා දේශයක් කරා යන්නෙකුට ඇතිවන "කොලොම්බස් ප්‍රීතියක්" වෙන්න බැරිද ?

Anonymous said...

"ලිංගික සම්බන්ධතා මත ඇති කරගන්නා අනියම් පෙමක් නිසා විවාහක පවුලකට සිද්ධ වෙන හානියටත් වඩා බරපතල හානියක් මේ වගේ සිත් හඳුනා ගැනීම් සහ අදහස් හුවමාරුව නිසා ඇතිවෙන පෙම් සම්බන්ධතා නිසා ඇති වෙන්න පුලුවන්"

ඒක සහතික ඇත්ත සොසී... ඔය කතාව මම් කියවල නම් නැහැ. කියවපු කෙනෙක්ගෙන් අහල තියනවා.

මා මියෙන්නට කලින් එකම ඒක වතාවක් ඔය ඇස් දකින්න මට ඉඩ ලබෙනවනම්...
ඒක තමා මම් ප්‍රර්තනා කරන්නෙ.

Ravi said...

@ නවම්,

/නොදැකපු දෙදෙනෙක් අතරෙ ඇතිවන "ආදරය" වෙන්න පුළුවන් දෙයක් !/

/ඔය වාක්‍යය සත්‍යයි කියල තහවුරු කරන්න නම් ඒ වාක්‍ය ඇතුලෙ තියන ශබ්ධයන්ගෙන් නිරූපනය වෙන්නෙ මොනවද කියල ‍තෝරගන්න වෙනව. අන්න එතනදි අවුරුදු දහස් ගනනාවක් තිස්සේ විවිධාකාරයේ පුද්ගල ෆැන්ටසි මතින් ආරෝපනයන් ලබිච්ච "ආදරය" කියන, තවමත් මෙන්න මේකයි කියල ‍තෝරගන්න බැරිවෙච්ච වචන මාත්‍රය හරහට හිටින එක වලක්වන්න බෑ./

ආදරය ගැන නිර්වචනයක්,.... බහුතරයකට එකඟ වෙන්න පුළුවන් නිර්වචනයක්, තවමත් නැති එක නම් ඇත්ත, නවම්...ඒත් ඒ ප්‍රශ්නෙ මතුවෙන්නෙ නොදැකපු ආලයකදි පමණක්ම නම් නෙවෙයි. දෙදෙනෙකු හමුවී දැන හඳුනාගෙන ඇතිවන සාමාන්‍ය නෝමල් ආදරයකදිත් ඒ ප්‍රශ්නෙ එහෙම්මම මතු වෙනව නේද? සාමාන්‍ය සබඳතාවක් ඇතිවෙන්නෙ මුලින් රූපය, කඩවසම් බව, එහෙමත් නැත්නම් වෙන කුමන හෝ බැලූ බැල්මට දිස්වන ගතිගුණයක් මුල් කරගෙන. අදහස් එහෙම නැතිනම් ජීවිතය දකින අන්දම ගැන සලකා බැලෙන්නෙ පස්සෙන් පහු. සබඳතාව බොහෝ විට බිඳ වැටෙන්නෙත් ඔය අවස්තාවෙදි....

/නොදැකපු දෙදෙනෙක් අතරෙ ඇතිවෙන්නේ එකිනෙකා ගැන කුතුහලයක්, එකිනෙකා හඳුනා ගන්න මානසිකව පුරවන ප්‍රෙහෙලිකාවක ඇති උද්‍යෝගයක්, නොදන්නා දේශයක් කරා යන්නෙකුට ඇතිවන "කොලොම්බස් ප්‍රීතියක්" වෙන්න බැරිද ? /

නොදැකපු දෙදෙනෙක් අතර ආදරයක් ඇතිවෙන්නෙ මට හිතෙන්නෙ සාමාන්‍ය ආදරයක් ඇතිවෙන කරුණු නිසා නෙවෙයි. බොහෝ විට අදහස් හෝ සිතුම් පැතුම් ගැලපෙනවයි කියල හිතෙන නිසා....එතකොට අර සාමන්‍ය සබඳතාව බිඳවැටෙන්නට හේතුවෙන වැදගත්ම කාරණය මෙතනදි ගැටළුවක් වෙන්නෙ නෑ....අඩුම ගානෙ එහෙම තමයි මම හිතන්නෙ...හෙහ්, හෙහ්,

'' කොළොම්බස් ප්‍රීතිය '' ගැන කිව්වොත් නවම්, ඇත්තටම කොළොම්බස් සොයා ගියේ නොදන්නා දේශයක් නම් නෙවෙයි. කොළොම්බස්ගෙ ගමනෙ ඉලක්කය උනේ ඉන්දියාව කරා ළඟාවීම. අන්තිමට සත්‍යය වැටහුනත් මුලින් ඔහු සිතාසිටියෙ ඔහු පැමිණියේ ඉන්දියාවට කියලයි.....

දෙදෙනෙක් අතර ඇතිවන සබඳතාවයට මේ රූපකය අපූරුවට ගැලපෙනව...හෙහ්, හෙහ්, හැබැයි නවම් කියන ආකාරයට නම් නෙවෙයි....අපේ හිතේ තියනව ඉලක්කයක් අපි හොයන්නෙ මෙන්න මේ වගේ කෙනෙක්ය කියල ...ඔන්න කොළොම්බස් දන්නව එයාගෙ පරමාර්ථය ඉන්දියාවට ළඟාවීමය කියල....අපි කවුරුහරි එක්ක සබඳතාවයක් අරඹනව මෙයා මේ විදිහේ කෙනෙක්ය කියල හිතාගෙන...ඔන්න කොළොම්බස් ආව ඇමරිකාවට..ඒත් හිතාගෙන ඉන්නෙ ආවෙ ඉන්දියාවටය කියල...හෙහ්, හෙහ්,

කාලයක් යනකොට අපිට හිතෙනව අඩේ මේ මම හිතාගෙන හිටපු කෙනා නෙවෙයි නෙව කියල....කොළොම්බසාටම පස්සෙ තේරෙනව මේ ඉන්දියාව නම් නෙවෙයි...වෙන කෙහෙල්මලක් කියල.......හෙහ්, හෙහ්,....ඒත් අපිට ජීවිතේ අලුතින් අරඹන්න එක්කො ධෛර්යයක් නෑ...නැත්නම් ඒ වෙනකොට බැඳීම් වැඩියි..ඒ නිසා ඔන්න ඔහෙ කමක් නෑ කියල නිකං ඉන්නව.....කොළොම්බස් ගොයිය නම් මම දන්න විදිහට ආයෙම ලෑස්ති උනා ඉන්දියාව හොයාගෙන යන්න, ඒත් ස්පාඤ්ඤයෙ රජා කැමති උනේ නෑ ආයෙම පාරක් එහෙම දේශාටනයකට අවශ්‍ය බරපැන දරන්න, ඒනිසා අන්තිමට කොළොම්බස් ට උනේ බලාපොරොත්තු කඩවූවෙකු විදිහට ජීවිතේ අන්තිම කාලෙ ගෙවල මැරිල යන්න...

හර්ෂ එම්. හේරත් said...
This comment has been removed by the author.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...