..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Tuesday, March 27, 2012

෴විඟහින් එන්න - කාලය සීමිතයි ෴

සමහරු සමුගන්නේ , ඉක්මනින් ආපහු එන්න බලාන.
 

 ඒත් තවත් සමහරු සමුගන්නේ ආපහු නේන බව වත් නොකියා ම.

තවත් ඇතැමෙක් සමුගන්නේ සමුනොගෙනම බැරි කමට.

මේ කිසිමෙහෙකට අහුනොවෙන තවත් අයෙක් සමුගන්නේ කිසිම කෙනෙක් නොහිතන විදිහකට.

ඔය කොයි කවුරු , කොයි විදිහට සමුගත්තත් , සොඳුරුට තිබ්බ බොහොම නරක පුරුද්දක් තමයි “ ආපහු එයි “ කියලා බලාන ඉන්නෙක.


තරු මල් විසිරුණු අහසේ 

එක තරුවක් අඩු වෙලා
දුක උහුලනු බැරිව වගේ
සිත සෝකෙන් බර වෙලා

දහසක් දෙන සිනාසුනත්
සිනාව අමතක වෙලා
මා ළඟ සිටි සිනා මලක්
කවුදෝ අරගෙන ගියා

හාදු පුදන සිත සනසන
එකම කෙනා අඩු වෙලා
මුළු ලෝකෙම හිටියත් මට
පාළුව මගේ ලොව වෙලා


කොහොම ද මැණිකේ කියලා
අසනට ඉමි මඟ බලා
ගිය තැනකින් ඉතින් එන්න
කාලය අවසන් වෙලා

පමා වෙලා ගතු කියන්න
දෙන්නට බැහැ කල්වෙලා
නුඹගේ තැන ගන්න බලන්
පෝළිම තව දිගු වෙලා

සුදු උස හැඩ පිරිමි ළමයි
ආවත් මයෙ අත පතා
ම‘සිත සෙනේ නුඹට පුදන්
ඉන්නෙම් මම මඟ බලා



එනවැයි කීවනම් විඟහින් එන්නෝනෙ


විඟහින් ගියොත් යළි විඟහින් ආ හැකිය කියලා දේවෙන්ද්‍ර සං


 කීවේ ඒකනෙ


ගණින්න ඇඟිලි මදි


මම


෴ වත් ෴

18 ප්‍රතිචාර:

තරු අරුන්දතී said...

ගියොත් ආපසු ආ හැකිය. නොගියොත් යළිදූ ආ නොහැකිය.... හ්ම්.. ඇත්ත තමයි නේද සොසී....

Shadow/හේමලයා said...

hmmmmmm

ගල්මල්-Coral said...

නොගියොත් කෝමෙයි අපහු එන්නේ...

ලස්සන අදහසක් නංගී

ප්‍රාර්ථනා said...

හ්ම්ම්.. මමත් හැමදාමත් කලේ මඟ බලන් ඉන්න එක. ඒත් ගියපු අය නම් ආයේ ආවේ නෑ අහක බලාගෙන යන්නම ගියා මිස..

Anonymous said...

විගහින් ආවෙ මම.. නොයන්නම දාල ආවෙත් මම...

එකම එක කෙනෙක් නැති නිසා ජීවිතේ මේතරම් හිස් බවක්, තනි කමක් දනෙයි කියල කවදාවත් හිතුවෙම නැහැ. ඔයා දාල මම ඇවිත් කොයිතරම් කල් ගත උනත් ඔයා තවමත් හිත ඇතුලෙමයි.

ඒ හැඟීම "සිහිනෙන් ගෑ මුදු සුවඳක් වගෙයි"

බැඳීම් වලට කාලය බලපාන්නෙ නැහැ..

දයානන්ද රත්නායක said...

සමුගැනීම් දෙකයි. එකක් සදාකාලික සමුගැනීම, අනෙක් එක තාවකාලික සමුගැනීම.

සදාකාලික සමුගැනීම ජීවිතයට එකවරයි. ඒ මරණයේදි විතරයි.
තාවකාලිකව සමුගැනීම යලි හමුවූවත් නොවුනත් අපේක්ෂාවක් සහ බලාපොරොත්තුවක් තව කෙනෙකුගේ සිතේ තබා යන තාවකාලික සමුගැනීමක් ඒක.
ඒතාවකාලික සමුගැනීම ඇතැම් වෙලාවට වේදනාවක් , සිතේ තැවුලක් උපද්දනවා. ඒක සවාභාවිකයි.
"මළවුන්ගේ අවුරුදු දා සහ මළ ගිය ඇත්තෝ" නවකතාවල කියන්නේ ඔය තාවකාලික සමුගැනීම ගැන නේ.

Dinesh said...

වෙන් වෙලා යන ආපහු ඒවි කියලා බලාපොරොත්තුවක් අපි හැමෝගෙම හිත් වල තියෙනවා අක්කේ..

සිතුවිලි නිහඬයි said...

ගියත් ආයෙම එයි කියන බලාපොරොත්තුව තමා හැමදාම තියෙන්නේ.....එත් යන්නම ඕන නම් යන්න කියන එක තමා ගොඩක්ම හොද...අනේ මන්ද අක්කේ....

සිත්රූ සිහින said...

හරිම ලස්සන සිතුවිල්ලක්.. :)

විමුක්ති said...

යන්නඕනේනම් ගියා,ගියවිදියටම ආවොත්,
ඒත් ගියා වගේම තමා

Loku John said...

මෙ මූඩ් එකෙන් කියවන්න බෑ පස්සෙම කියොනවා

නෙරංජි සුලක්ඛනා said...

හොඳ සිතිවිල්ලක් සෝසී

කිරිපුතා said...

හැමදම වගේ අක්කගෙ කවිය අදත් ලස්සනයි.

තිස්ස දොඩන්ගොඩ said...

මේ චිත්‍ර කොහෙන්දෑ?

හිතුවක්කාරි said...

හරිම ලස්සනයි!!! වෙන්වෙලා ගිය අය ආපහු එන්නෙ නෑ කියලා හිත හදාගන්න එක හරිම අමාරු එකක්..

වර්ෂා.. said...

අපූරුයි අක්කේ..

නෙතු නුඹ said...
This comment has been removed by the author.
නෙතු නුඹ said...

oya mea katha karanne ape hithda. oyata mage hitha ahenawada? dannawada? nathnam mea hamotama podu una uruma una deyakda. ithin ei ei adaren lan unanam dala yanne. ane ekata hethuwa hoya ganna puluwanda? ane oyage blog ekata man hari asai. eth meke thiyena dewal mage hithata bara wedi akki

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...