ඉරගල වැටෙන අර මහ කන්දෙන් එපිට
සඳ එළි හොරෙන් එඹෙනා මායිමෙන් පිට
හදවත රැදේ ලෙංගතු වෙනෙකෙකුගෙ සිත
යොමු කර සවන් ඒ මාවත ඇසෙනු ඇත
හමුවුන විට දි මගෙ ආදරේ කියාපන්
දකිනට ඇඟිලි ගනිනා බව කියාපන්
සිහිනය පුරා සරනා බව කියාපන්
අද හෙට නාවොතින් තරහයි කියාපන්
වැඩ වැඩි නිසා අමතක වූව ද අසනූ
අකුරක් දෙකක් ලියලා නුඹ අත එවනූ
දුක සැප කෙසේදැයි මා ඇසුවා කියනු
මා මෙහි දුකින් අති බව නම් නොම කියනූ
හදවත පුරා ඇති ආලය දරාගෙන
ඔහු ගැන මිසක වෙනකෙකු නොම සිතා ගෙන
කවදා හරිම එනතුරු මඟ බලාගෙන
ඇති බව කියනු සිත රැදි ඔහු පතාගෙන
විහඟෙකු අතේ සංදේශය යැවූ
මම
෴ සොසී ෴



21 ප්‍රතිචාර:
මේ සංදේශය කා අතේද යවන්න හදන්නේ ? සැලළිහිණියෙක්ගේ අතේ ද ?
ලස්සන සංදේශයක් !!!
විහඟ ගීත රාවේ
විරහ ගීත රාවේ.
ලැබුනා එවු සංදේශය හදිසියේම..
කියවා බලා තුටු විය සිත බෝ සේම..
එන්නෙමි නැවත ඔබ වෙත විගසින් කෝම..
පෙර මග බලා ඉනු මැන ඔබ පෙරසේම..
හදවත පුරා ඇදි රූ සිරි මවාගෙන
කාලය කල් යවමි නුඹ ගැන හිත දරාගෙන
ලියවුනු කවි දහසක් අත දරාගෙන
එන බව කියාපන් සොදුරිය සොයාගෙන..
සැළලිහිනියා තටු නැතිවලු හොලවන්නේ
වෙන කිසි කුරුල්ලෙක් නැතිවලු හමුවන්නේ
කපුටෙක් තියා මයිනෙක් වත් නැහැ දන්නේ
ඊ පිටුවක් අමුණාලයි මෙය යන්නේ
ස්තූතියි මධූ෴
ඉර ගල වැටී සඳ කන්දෙන් නැගෙන විට
සඳ කැන් අතුල කදුවැටිවල යහන් මත
නුඹ නිදි නැතිවග තරු එක දෙක කියන විට
ඉන්නා තැනක නුඹ සිටිනා කුටියේ ළඟම
තවරා ඒ හැම සුවඳ කොඳ මල් පෙත්තක් මතම
කියලා එවන්නම් හිරු නිදි නැතිවග ඒ මදනළ අතම.......
කවිසිත නම් අගෙයි.. හොඳටම ලියැවුන කවියක් ...
මාතලන් අයියා...මේ පැත්තෙ දැකීමත් සතුටක්....
නුඹ එනකම් තමයි මා මඟ බලන්නේ
එනමුදු කවදාක එයි දෝ නොදන්නේ
සිටිනා තැනක නුඹ සතුටින් සිටින්නේ
එය මා සිතට සැනසීමකි ගෙනෙන්නේ
ස්තතූයි බස්සා.... එන්න මාව බලන්න හොඳද ..
පබලු නඟත් මේ පැත්තේ ඇවිදිල්ලා
මා ලියු කවිය කියපා පිළිතුරකුත් බැදලා
සොඳුරු සිතේ වටිනාකම වැඩි කරලා
දුන් නුඹටයි ස්තූතියි පුද කරලා
ස්තුතියි පබළු නඟේ
ගුරුකම් අගේ කොට සළකමි මම සොඳුරු
පිළිගන්නවා පෙන්නා දෙන සැම කරුණූ
හැමදා ඇවිත් ලියලා යන දේ සොඳුරූ
සොඳුරු සිතක ලස්සන වැඩි වෙන අයුරූ
෴ස්තූතියි දයා අයියා ෴
මාතර ගියාම ගේ පිටිපස්සේ ලොකු කන්දක් තියෙනවා...ඒකේ තියෙන ලොකු ගල දිහා ඉර බහිනකොට බලන් ඉන්න ආසයි...ඒක මතක් උනා මුල්ම පද පේලිය දැක්කම....
ඊ සන්දේශයක් නේද!
හොදයි හොදයි!:)
ඉරගල වැටුනු පසුවයි සඳ පායන්නේ,
දහවල නොමැති තරු රෑ කල දිදුලන්නේ,
හිත්මල පිපුනු බව රොනඟුළු පවසන්නේ,
සක්වල ගලේ මුදුනේ නුඹ හමුවන්නේ,
බින්දේ නුඹේ හද නොකරම බැරි හින්දා,
වින්දේ වියෝ දුක නෙත් කඳුලැලි බන්දා,
නින්දේ නෙත පුරා හීනයේ රැඳි හන්දා,
ලන්දේ නුඹටමයි හිත මක්කද මන්දා,
සොසි...මලු නම අක්කේ :D :D
දුර ගොස් උන්නු මුත් ඔබගෙන් දුරස් වෙලා
බැඳි පෙම් පැතුම නම් නෑ තව වෙනස් වෙලා
ඔබ ගැන මතක තව යයි මගෙ හදේ ගලා
ලංවී ඉන්න කාලය ඇත හරස් වෙලා..............
අගේ ඇති කවියක් සොසී...........
ඔය රුව දැක සැනැහැන්නට
ඔය හදෙහි ඇති ආලය විද ගන්නට
දින ගනිමින් ඇත මේ හිත් කැට
විහගෙකු අත නොව මම එමි අද හෙට
විහඟ නුඹේ අත්තටු තව සවි වීයන්
මඟ තොට කිසිත් බාදක හමු නොම වීයන්
හනිකට මැගේ සංදේශය ගෙන යාපන්
පිළිතුරු අරන් ආපසු මෙහි පියඹාපන්
sosii...
right click block karanna epaa.. copy karanna one kenata, select karala, ctrl +c gahuwath copy karanna puluwan.. right click copy karanna vitharak nemi, "open in new tab" kiyana ekata pawichchi karavane :)
comment nokalata hari asawen oyage blogs kiyawanne ..
අපි ඊයකින් යවමු මේ සංදේශය... ලස්සනයි අක්කේ..
'විහඟ සංදේශය'..... දුකේ බෑ. :(
"විහඟෙකු අතේ" යැව්වයි කියන්නෙ මේක අර "පොඩි මෑන්" අතේද යැවුවෙ. එහෙනං ඉතින් බඩුම තමා නගේ!
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.