..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Friday, February 17, 2012

෴ පාළුව / I Miss You ෴



හිමිදිරියේ හිරු කිරණත් සමඟින්

මට නුඹ සිහිවෙනවා සත්තයි
පාසල් දිවයන ‍පොඩි වුන් අත එවූ
නුඹ පණිවිඩෙ ලැබුනා සත්තයි


කාර්යාලයේ ලිපි ගොනු අතරින්
නුඹ මට හිනහෙනවා සත්තයි
තේ පැන් තොල අග දැවටෙන විට මගෙ
නුඹෙ සුව මට දැනුනා සත්තයි


පපුවට අත තියනා හැම වාරයෙ
නුඹ එහි රැක සිටියා සත්තයි
දහවල කැම පැයේ නුඹ මගෙ ළඟ
මගෙ තනියට සිටියා සත්තයි


හවසට මා නිවසට යන මාවත
නුඹ මට මඟ කීවා සත්තයි
නින්දට යන සුව බර මොහොතෙත් නුඹ
මගෙ සිතුවිලි වූවා සත්තයි


සිහිනෙන් සිහිනෙට මා තනි නොකරම
මා සමඟම වුන්නා සත්තයි
හෙට හිමිදිරියෙත් මගෙ නෙතු පුබුදන
පළමු හැඟුම වනවා සත්තයි


You are always here with me . . . .


එහෙ ගියත් මෙහෙ ගියත් කොහෙ ගියත්
නුඹ සමඟින් සිටින 
මම
෴ වත් ෴

22 comments:

  1. සෑහෙන පෝස්ට් ප්‍රමාණයක් තියෙනව වගේ කියවන්න... :)

    පොටෝ එක නම් සුපිරි.. කවි සෙට් එකට ගැලපෙන්නෙ නැද්ද කියල හිතෙනව..

    ReplyDelete
  2. පාළුව වැඩියෙන් දැනෙන්න දැනෙන්ත...ළඟ ඉන්නව වගේ දැනෙනවා නේද? ළඟ නැති වෙලා පෘළුවත් නැහැ කියන්නේ..මතක් වෙන්නෙත් නැහැ කියනෙක...

    ළඟ නැහැ-වැඩිපුර දැනෙනවා-පාළුව ගොඩක් දැනෙනවා- නිතරම මතක් වෙනවා..

    ReplyDelete
  3. තව කොයි තරං කල් හිත හිත ඉන්නද කල්පනාව ?

    ReplyDelete
    Replies
    1. මොනා කරන්න ද ඔබ්සර්වර්... කෙනෙක් නැති උනාමත් පාළුව වැඩියි .. ඔබ්සර්වර් හිතාන හිටියේ මම විවාහ වෙලා දරුවනුත් ඉන්න කෙනෙක් කියල නේද...

      අන්කල් නොකිය නමින් ඇමතුවාට අමනාප නොවනු ඇතැයි සිතමි.

      Delete
    2. ඔබා මාමට සම්පූර්ණ නම කියනවා ඇහුවමයි...

      Delete
    3. එහෙම හිතුවෙ බ්ලොග් කියවන්න පටන් ගත්ත දවස් වල. දැන් හුඟක් ඒව අනුමාන කරන අතරෙ, ලඟදි ආසාවෙන්ම හිටපු රැකියාවත් ලැබුන බව එහෙමත් දන්නව.

      ආමන්ත්‍රනේ මොනව වුනත් මට එක නං ප්‍රශ්නයක් නෙමේ. ඉතාම කලාතුරකින් කෙනෙක් වයසට සළකලද කොහෙද 'ඔබතුමා' වගේ ඒව කිව්වම තමා මට අප්සෙට්...හෙහ්..හෙහ්..

      Delete
  4. නුඹ මා සමගින් එකටම යන්නට
    පොරෙන්දු දුන් බව නම් සත්තයි
    නුඹ තැනු සිහිනෙම කුඩුපට්ටම් කර
    මගේ සිත රිදවූ බව සත්තයි

    ReplyDelete
    Replies
    1. බට්ටිගෙ කවියට මාත් එකඟයි.....

      Delete
  5. මේ නම් ආදරේක මුලික රෝග ලක්ෂණ උඩු දුවපු අවසථාවක්. ඉක්මනට ප්‍රතිකර්මයක් අවශ්‍ය වෙයි අක්කේ.

    ReplyDelete
  6. හැම මොහොතෙම සිතුවිළි වල ඉන්න ඔහු ඉක්මනටම හැබෑ ලොවේදි හමු වෙන්න කියලා පතනවා..

    ReplyDelete
  7. අනෙක් ඒවත් එක්ක බලද්දි බොළඳ වැඩිත් වගේ. ඒ උනාට විස්තරේ හැටියට එහෙම වෙන එකත් සාධාරනයි...

    ReplyDelete
  8. "පාළුව වැඩියෙන් දැනෙන්න දැනෙන්න...ළඟ ඉන්නව වගේ දැනෙනවා නේද? ළඟ නැති වෙලා පාලුවත් නැහැ කියන්නේ..මතක් වෙන්නෙත් නැහැ කියනෙක... ළඟ නැහැ-වැඩිපුර දැනෙනවා-පාළුව ගොඩක් දැනෙනවා- නිතරම මතක් වෙනවා.."

    මෙතන තමා අපට නොතේරුනු ලොජික් එක තිබ්බේ...
    දැන් අහුවුණා - ඒක ඇත්ත!!!

    ReplyDelete
  9. ආදරේ...ඇති කොට හිතට කරදර නැති කොට පාළුව.

    ReplyDelete
  10. නෙතු පුරා පිරි සිහිනයේ,
    සිටියේ නුඹයි ලොවටම හොරෙන්,
    බිතු පුරා ඇඳි සිතුවමේ,
    රැඟුවේ නුඹයි සත්සර සෙරෙන්,

    රැය පුරා හොත් සයනයේ,
    වැතිරේ නුඹේ උණුසුම ළඟින්,
    දිවි පුරා නුඹෙ සෙනෙහෙයේ,
    පහසේ රැඳෙන්නට නැත වරම්,

    ReplyDelete
  11. හ්ම්.... ඇත්ත නේන්නම්...

    ReplyDelete
  12. ලස්සනයි.. ඒ වගේම සත්‍යයි

    ReplyDelete
  13. සත්තමයි........

    හරිම ලස්සනයි අක්කා පද ටික.....

    ReplyDelete
  14. හැමදාම වගේ ලස්සනට ලියල තියෙනව අක්කෙ....

    ReplyDelete
  15. ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඩල හිනහුනා
    ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා.......
    මුළු කවි පන්තියම ඔය පද දෙක ඇතුලේ තියනව නේද??? කවි ටික ලස්සනයි....

    ReplyDelete
  16. මගේ ජීවිතේ මට තියන වටිනම දේ තමා ඔයාගෙ ආදරය මතක තියාන ඉන්න මගෙ මතකය.

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...