දවසක් හරියට පසු පස්සේ
කොහොම ද සැප දුක සිත අස්සේ
සඳ මෙහි ආවට දහවල නුඹටයි
එක ලොව දෙපසයක සිත ගැස්සේ
හරියට බත් කට කනවා ද
තනියම නැතිනම් බොනවාද
මා සිත නුඹ ගැන සිතනා තරම ට
නුඹටත් මා සිහි වෙනවා ද
දරුවන් නුඹ ගැන විමසනවා
මා ඔවුනගෙ සිත සනසනවා
හන්දියේ කඩයේ මුදලාලි ගෙ නෙතු
මා පස්සෙම නිති පන්නනවා
දුක සැප නිති විඳ ගන්න නැති
හිතුනම තොල් සිප ගන්න නැතී
ආදරයක් කුමටද මේ ලෝකෙට
රුපියල ඩොලරය වෙන්නෙ නැතී



19 ප්‍රතිචාර:
ගතින් ගොඩක් ඈත් උනත් හිතින් ගොඩක් ලගට වෙලා ආදරේ කරන අය කොච්චරනම් ඇත්ද?
අර ඇඩ් එකක් යනවනේ... කන්ඩද... බොන්නද කියලා නූඩ්ල්ස් එකක් ගැන.. මේකත් ඒ වගේ කේස් එකක් තමයි.. තියෙන විදියට කාලා බීලා ඉන්නවද.. නැත්නම් රට යනවද....
ලංකාව මැද්දෙන් සිදුරු කළොත් හරියටම මතු වෙන්නෙ නිව්යෝර්ක් වලින් කියල කියනවා. පරිගණක තාක්ෂණය නිසා දැන් ලෝකය තනි යායක්.. The World is Global village.
දුරින් හිටියත්, ළඟින් හිටියත් වෙනසක් නෑ.
පැය පහක් ගුවනින්ද
පැය දෙකක් දවසින්ද
වෙන්ව සිටිනා නමුදු
නුඹට හා මෙමට
දොඩමළුව
එක පැයක්...
හිඳින්නට
ඉසිඹු නැත,
කාසියේ දෙපැත්තක
රෝල් වෙන
ජීවිතෙන් ...
හිතින් ආදරේ කරද්දි දැනෙන හැඟීම් ගතින් ආදරේ කරද්දි ඒ විදිහටම ලබන්න අමාරුයි.
එක එක අයගේ ආදරවල් ගැන ලියලා
වයසත් සමග ඇඟ පත යනවා ඇදිලා
නැතිදෝ ??? කවුරු'වත්' ගැන ආදරෙ හිතිලා
මේ අවුරුද්දෙ'වත්' යන්නේ නැද්දෝ බැඳලා
ගතින් දුරස් නිසා මෙහේ ටෙම්පරි ලව් එකක් කරනවා....
හිතුනම තොල් සිප ගන්න නැතී
තුරුලේ දැවටී ඉන්න නැතී
එනමුදු ආලය හුඟක් ඇතී
මගෙ හිත යට නුඹ රැඳී ඇතී....
ස්කයිප් සරණං ගච්චාමි....!!!
ලඟ නොහිට්යත් අනේ ඔයාව මට මතක් වෙන තරම්...
ඔයාටත් එහෙමද..............
සල්ලි තිබ්බත් ලග නැත්නම් මොකටද නේද?? :((
රුපියල ඩොලරය බලන් හිටියොත් ආදරේ කරන්න වෙනේකක්නැහැ ...
කොච්චර දුර හිටියත් වෙනස් නොවෙන ආදරයක් තියෙනවා න්ම් ඇත්තට ම ඒක උතුම් ආදරයක්!!!
~~~**දඟ මල්ල**~~~
ඔය විදියට කී දෙනෙක් නම් හිත හිත ලතවෙනවා ඇත්ද නේද අක්කේ? ආ කවිය කියවගෙන යද්දී මේ ටික 'හන්දියේ කඩයේ මුදලාලි ගෙ නෙතුමා පස්සෙම නිති පන්නනවා' නම් හිනා ගියා.
ආදරේට දුර ප්‍රශ්නයක් වේවිද? එහෙනම් එක ආදරේ නෙමෙයි
දුර යන්න යන්න ආදරේ වැඩිවෙනවද?අඩුවෙනවද??
ගතින් දුරස් වුනත් හිත් එක ළඟනම්, නෝ ප්‍රොබ්ලම් නෙ අක්කී?? ලස්සනයි!!!
ආදරේ කියන එක ගොඩක් වෙලාවට බොළඳයි,
ඒ නිසා දුර කියන එක ගොඩක් වෙලාවට ප්‍රශනයක්.
ඔබට මා... ආදරය කළ බව මෙතරම්...
මා දමා ඔබ... දුරු රට යනතුරු නොදනිම්....
(ලංකාවට හරියටම එහා පැත්තේ ද ඇමරිකාව තියෙන්නේ ? )
වැදුණා මාර වැදිල්ලක්.. ඔයාගේ කවිකම අනභිභවනීයයි වත් අක්කියො.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.