නුඹට සුබ දින පතා
දෙතොල රහසින් බදා
මම යනව බොහොම දුර ගමනක්
නුඹට නිති ලොබ බැන්ඳ
මම යනව බොහොම දුර ගමනක්
නුඹ දුන්න දුක අරන්
නෙත කඳුළු හිර කරන්
මම යනව බොහොම දුර ගමනක්
අඳුර හුරු නෙතු දරන්
ගිනි රස්නෙ උහුලමින්
මම යනව බොහොම දුර ගමනක්
නුඹව අමතක කරන්
බසින හිරු දෙස බලන්
මම යනව බොහොම දුර ගමනක්
ගිනිගන්න පා දවන්
හද ගින්න මඟ දමන්
මම යනව බොහොම දුර ගමනක්ලොව නිමාවන තැනට
නුඹ ව හමු වුන තැනට
මම යනව බොහොම දුර ගමනක්
නුඹ පතන නුඹ සොයන
සිත ගතම හිර කරන්
මම යනව බොහොම දුර ගමනක්
යදින සැනසුම නොලැබ
නුඹව අසරණ නොකර
මම යනව බොහොම දුර ගමනක්
නුඹට යන්නට නොහැකි
මට ද යළි ඒ නොහැකි
මම යනව බොහොම දුර ගමනක්


22 ප්‍රතිචාර:
එක පාරටම චිතකයක් හිතට ආවෙ, මට හිතුන හරිද ?
හැබෑටමම ඔව්... දැන් නම් මටත් හෙම හිතෙනවා...
“ අන්කල් ඔබ්සර්වර්....... නවයුගය සඟරා “
ලස්සනයි අක්කේ. ඔබා මාමා කිව්ව නිසයි තේරුම නම් වැටහුනේ.
නුඹේ සිත පාරවා
නෙතු කඳුලු වගුරවා
මම යනව බොහොම දුර ගමනක්
ලෝකයට බොරු කියා
මටම මා රවටලා
මම යනව බොහොම දුර ගමනක්
හ්ම්.... ඔබ්සර්වර් කියපු දේට කවිය නියමෙට ගැලපෙනවා.ඒත් මම ලීවේ එහෙම හිතාන නෙමෙයි.... ස්තූතියි බට්ටි.
හතර පාරක් කියෙව්වා. එත් උඩ අය කියපු එකක්වත්, කවියවත් තේරුම් ගන්න බැරි වුනානේ අක්කෝ.
කලුවරේ ඉකිබිදින
මගේ හිත හන්ගගෙන
දුරම දුර ගමනක්
මම යනව තනිවම..
ඕන් ඔහොම එකක් මම ලියපු කවියක (පෝස්ට් නොකල )තිබුන කියලා මතක් වුනා.ලස්සනයි සොසී
මෙහෙත් එහෙමයි........
මමත් ගියා බොහොම දුර ගමනක්
යදින සැනසුම නොලැබ
නුඹව අසරණ නොකර
මම යනව බොහොම දුර ගමනක්
මට නම් ච්තක දෙකක් හිතට ආවා
නුඹ යන්නෙ,
බොහොම දුර ගමනක්,
දනිමි එය,
නොගොහින්ම බැරි ගමනක්,
සමුගනිමි,
නෙත පිරුණු කඳුලින්,
හද හඬන හඬ,
සඟවා ඉකි බිඳුමකින්,
නොගොසින්ම ඉන්නැයි,
කියන්නද කෙලෙසින්,
එලෙස කිවහොත්,
නුඹ නොගොසින්,
ඉන්නවාද,
මා වෙනුවෙන්......
මම නම් හිතුවෙ කලින් කරපු දෙයින් අලුත් එකට මාරු වුන හින්දා... ඒකේ බොහෝ දුරක් යන්න තියෙන නිසා ලීවා කියලයි.
මේකට කවියක් ම ලියන්න උත්සාහ කළාට ඒක හරි ගියෙ නෑ ...
ම්හු.. තේරෙන්නෙ නම් නැතෝ.
කවියේ රිද්මයත්, විරිතත්,ආරම්භයේ සිටම අවසානය දක්වා රිද්මයාන්කූලව පවත්වාගැනීම නූතන කාව්‍ය සාම්ප්‍රදායේ විශිෂ්ඨ ලක්ෂණයකි. ඔබ එය මේ කවි පංන්තිය පුරාම මැනැවින් ඉටු කර තිබේ. කවි බසට නැඹුරුව, මාත්‍රා ගනන විරිතේ රකිමින් කවිය විඳීමට ඉඩ සළසා ඇත. තව මොනව ලියනන්නද? සුබ ගමනක්...
ඒත් මේ කවිය කියවන කොට මෙන්න මේ කවියත් මතකයට ආවා
" නොවැලපෙමි ඔබ යන්න - වැලප ඇති පල කිමද?
ජීවිතේ වරදුනේ මෙතැන විතරක් නොවේ
සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්
මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද?
ඔබ යන්නෙ මධුරධර සප්ත ස්වරය අරන්
ඔබේ රථ මැදිරියට මගේ ඉර හඳ අරන්
ඔබ යන්නෙ මහද තෙත් වැහි වලාකුල අරන්
කමක් නෑ ඔබ යන්න මගේ ආයුස අරන්"
- පරාක්‍රම කොඩිතුවක්කු "පොඩි මල්ලියෙ" කාව්‍ය සංග්‍රහයේ තිබූ "දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්"....
" යන්නට තීරණය කො ට ඇත්නම් පමා නොවී ගිය තරමට පමා නොවී යළිත් හමුවිය හැකිය. හමුවන්නේ නොයිබ දැයි කවදා දැයි හෝ නොදන්නා නමුත්....."
- සරච්චන්ද්‍රයන්ගේ " මළවුන්ගේ අවුරුදු දා " කෘතියේ මතකයේ රැඳි කොටසක්.
ඔබේ කවියත් ඒ වගේමයි.
නිසල වූ සිරුර අරගෙන
කීපදෙනෙක්ගේ කර මතින්
මම යනවා බොහොම දුර ගමනක්..
නවයුග අමතක නෑ, අප්‍රියෙල් වල එන්නං ගෙනියන්න.
ගොඩාක්ම දුර යනවනං සල්ලි ටිකක් වැඩිපුර ගෙනියන්න...බස් ගාස්තු දැං ඩබල්.....
තියෙනවනං මටත් නවරස සඟරා ටිකක්.......එක්කො එපා.....
යන්න එපා දුර...ඉන්න පුලුවන් තරම් ලග.....
මේ පෝස්ට් එකේ අඩුවක් තියෙනව... කෝ අර අන්තිමට දාන කෑල්ල..
දුරගමනක් යන මම වත් කියන කෑල්ල :)
එන්නම් නුදුරු දිනයක
සිතට දුන් පෙම සොයාගෙක
නුඹ දුර ගමන් ගිය
අඩිපාර දිගේ මම..
ලස්සනයි!!! අමුතුයි!!
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.