..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Monday, February 13, 2012

෴ සමාවෙන්න මට ෴



සමුගෙන ගියත් යළි නෑවිත් ඉන්න සිතා
සමුගෙන ගියේ කොහොම ද සමු නොදී මෙමා
දුර යන නුඹේ පා සලකුණු මැකී නොයා
මා සිත ඔබේ පසුපස්සෙම ඇදී ගියා


සඳ එළි දිගේ ඇවිදින් නුඹ නෙත දුටිමී
ඒ නෙතු අගින් වෑහෙන කඳුළ ද දුටිමී
නෙතු තුල පිපී තිබු මයෙ රුව මම දුටිමී
කඳුළත් සමඟ සේදී යනු නොම දුටිමී


සමුගෙන වෙසෙන හැටි මට නුඹ කියාපන්
පසුපස නොබල ගිය හැටි මට කියාපන්
මා සිත දරන් ඉන්නා හැටි කියාපන්
මේ හැටි ආදරේ ඇයි මට කියාපන්



නුඹ හැර ගිය
මම
෴ සොඳුරු සිත ෴




13 comments:

  1. ගියදේ කුමට ඒ ගැන යළි හොයනවද
    සිතුදේ කුමට ඇයි යලි පල ලැබෙනවද
    දුන්දේ සුවද දෙන බව නුබ දන්නවද
    හැමදේ හොදට ! තාමත් හිත රිදෙනවද .........

    ReplyDelete
  2. සමුගෙන ගියේ මා හිතකින් නොවේ එදා
    පසුපස නොබල ගියේ වාවනු බැරි හින්දා
    නුඹේ සිත පමනක්ම මට වටිනා හින්දා
    ............................
    ගලපන්න හැදුවා 4 වෙනි පදේ හරි යන්නේ නෑ අක්කේ. ඔයා ඉතුරු එක ලියන්න.ප්ලීස් මම වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. 1 .. මම යමි සොදුර නොගියොත් දුක වැඩි හන්දා ...
      2 ... තව සිත නුබ ලගය සොදුරියෙ ඇයි මන්දා ....
      3 ... මම යමි මිහිර නුබෙ ඉරණම ඔහු හන්දා .....

      ඔන්න පද තුනක් ම දුන්නා.. හොදයිනම් එකක් දාගන්න බට්ටි ..

      Delete
    2. අපි එහෙනම් මෙහෙම කියමු

      සමුගෙන ගියේ මා හිතකින් නොවේ එදා
      පසුපස නොබල ගියේ වාවනු බැරි හින්දා
      නුඹේ සිත පමනක්ම මට වටිනා හින්දා
      මම යමි මිහිර නුබෙ ඉරණම ඔහු හන්දා

      ස්තූතියි සම්මානි.

      Delete
    3. හිහි . . මට පොඩි ප්‍රශ්නයක් හැබැයි ... ඔය අන්තිම කවියෙ අන්තිම පද දෙක නම් මට වැටහෙන්නෙ නැහ් වගෙ ... (තේරුම නෙවි.. කා විසින් කාට කියන එකක්ද කියන එක)

      Delete
    4. හේ හේ මම 3 වෙනි පේලිය කවුරු කාට කිව්වද කියලා කියන්නම්. ඊට කලින් කියන්න බලන්න ඔයා විසින් අන්තිම පදේ කාට කියන ලද්දක්ද කියලා.

      Delete
    5. හෙහ් බට්ටියෙ මම කිව්වෙ සොදුරු ගෙ අන්තිම කවිය ගැන ... කමෙන්ට් කවි ගැන නෙවි.....

      Delete
  3. සමුගෙන ගියේ නො ගිහින් ඉන්නම බැරි හන්දා
    පසුපස නො බැලුවේ නුඹ එන බව දුටු හන්දා
    නුඹෙ සිත තරම් කවි සිතුවිලි මුමුණන හන්දා
    කවියක එවන්නම් මගෙ හිත නුඹ වෙත බන්දා

    සඳ එළි දිගේ රෑ පානේ නුඹෙ වත කමල පෙනී
    සැතපී සිනාසෙන සඳ කොඳ කැකුළක දුටිමී
    ගිලිහී ගිය පිණි කඳුළු නුඹෙ ඇස වග නොදැනී
    නාඬා සැනසෙනු මැනැවි කවි සිත ඇති නැගණී

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සිතේන් මා නොසැලෙම්....!!

    ReplyDelete
  6. කඳුලක රැඳුණු සිනහව මතකයෙ රන්දා,
    සුසුමක රැඳුනු සිහිලස ලය තුල බන්දා,
    විරහව විඳින්නට මගෙ උරුමය හන්දා,
    සෙනෙහස රැගෙන නික්මී යමි ඔබ හැරදා,

    නුඹ රුව නොදැක ගතවන දින කල්පයකී,
    නුඹ ගැයු ගීත සවනට වන් සිහිනයෙකී,
    නුඹ සුවඳමය පැතිරෙන සිය ගව් දුරකී,
    නුඹ හට සෙනෙහෙ මෙතරම් ඇයි කියන් සකී,

    ReplyDelete
  7. ලස්සනයි අක්කේ..

    ReplyDelete
  8. පින්තූරෙ බලමින් කියවන කොට ඇගේ මයිල් කෙලින් උනා අක්කේ...

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...