ඇය තමන් දිහා බලාන ඉන්න විදිහ දැක්කම ඔහුගේ හිනාවත් නැවතුනේ හරියට හදිසියේම වාගේ හුළං ගියපු බැලුනයක් ගානට.
“ මේ මොක ද මේ . . . ! ! ! “ ඔහු ඇහුවෙ පුදුමයෙන්.
“ මොකද හිනාවෙන්නේ “ ඇය ඇහුවේ ඊටත් වඩා පුදුමයෙන්.
“ මං විහිලුවක් නෙ කරේ . ඇයි , ඔයාට හිනහ නැද්ද ? “
ලෝකෙ විනාශය හෙටයි කියලා, තැනින් තැන වැටිල තිබ්බ පාං කුඩු බිස්කට් කෑලි වේළුන බත් ඇට හොය හොය තරඟෙට කමින් හිටපු පුංචි කුරුල්ලොත් ඒ වැඩ නවත්තල ඇවිත් ඇගේ හිනාවට එකතු උනා.පර වෙන්න ඔන්න මෙන්න වගේ බිමට නැමිල තිබ්බ මල් හරි පුදුමෙන් වගේ හරිම උනන්දුවෙන් වගේ ඇගේ දිහා බැලුවා.
අම්මෙක්ගෙ අතේ එල්ලිලා , බලෙන් ඇදගෙන යමින් හිටපු පුංචි කොළු පැටියෙක් අම්මගෙන් අත මුදා ගන්න ගමන්ම බංකුවේ වාඩි වෙලා හයියෙන් හිනාවෙන ඇගේ හිනාවට එකතු උනා.
කවුදෝ දාලා ගිහින් තිබ්බ පුංචි නාටු බලු පැටව් දෙන්නෙකුත් කොහෙදෝ ඉදන් තරඟෙට දුවන් ඇවිත් ඇගේ ළඟ කැරකෙන්න උනේ තව හිනාවෙන්න කියනව වගේ. කොටින්ම ඔහු හැර අනිත් සියළුම දේ ඇයත් එක්ක හිනාවෙන්න ගත්තා.
හිනාවෙවි ඉන්න ඇය දිහා බැලුවම ඔහුටත් හිනහයි. ඒත් ඇයි ඇය හිනා වෙන්නේ. හිනා වෙන ගමන් ඇස් කරකවලා බොහොම හුරතල් විදිහට ඔහු දිහා බලන මිනිත්තුවට ඔහු මෙහෙම ඇහුවා.
“ ඇයි ඔයා හිනා වෙන්නේ “
ඇගේ හිනාව තවත් වැඩි උනා. හිනාව අතරින් විටින් විට පිටවුන වචන අතරින් ඔහුට ඇහුනේ ......
“ අනේ . . . .අනේ . . .ඔයාගේ මූණෙ හැටි. හරියට අම්මත් එක්ක තරහ උන පොඩි බබෙක් වගේ “
ඇය තවත් හයියෙන් හිනා වෙන ගමන් ඔහුගේ පිරුණ කම්මුලක් මොහොතකට ආදරෙන් ඉම්ඹා. ඇගේ හිනාවට එකතු නොවී හිටපු ඔහුත් එදා මුළු සවස් වරුවමත් රෑ නින්දෙන් කිහිපවිටකමත් ඈත් සමඟ හිනා උනා.
“ අම්මප මෙහෙමත් ගැහැණු . . . . ! ! ! “
හිනාවෙන හැම වෙලාවකම ඔහුගෙ හිතට ආවත් , ඒ ඔස්සෙ වැඩි දුර හිතන්න ඔහුට ඕනි උනේ නම් නැහැ.
ඇගේ සිනාවක සොඳුරු කතාවක
ආදරෙ දැනෙන සැටී
ප්‍රෙහ්ලිකාවක පදයක් කරලා
මැවි අරුමයක හැටී
නැතිවත් බැරි ඇය
ඇතිවත් බැරි ඇය
ජීවයෙ සොඳුරු ගතී
සියල්ල කලතා
කුමකට මැවුව ද
තේරුම් ගත නොහැකී
ඇයත් එක්ක සිනා සුන
මම
෴සොසී෴



16 ප්‍රතිචාර:
දවසක් මටත් ඔන්න ඔය ප්‍රශ්ණේම ආවා.. හේතුවක් නැති සිනහව..
මටනං ඒක කියවල නිකං ඇඩෙන්න වගේ... :D
"ලෝකෙ විනාශය හෙටයි කියලා, තැනින් තැන වැටිල තිබ්බ පාං කුඩු බිස්කට් කෑලි වේළුන බත් ඇට හොය හොය තරඟෙට කමින් හිටපු පුංචි කුරුල්ලොත් ඒ වැඩ නවත්තල ඇවිත් ඇගේ හිනාවට එකතු උනා"
හරිම සුන්දර උපමාවල් කොහොම සොඳුරුගේ ඔළුවට එනවදා මන්දා....ඔයාගේ මේ රවාටම මම බොහොම කැමතියි... බොහොම අපුරුයි.....
අම්මප මෙහෙමත් ගැහැණු ..... තව මොකට කතා නේද අක්කා...:D
කාන්තාවෝ කියන්නේ පිරිමින්ට නම් කවදාකවත් තේරුම් ගන්න බැරි අමුතු ජීවින් කොටසක් . යාන්තම් ටේරුම් ගන්න ලං වෙද්දී ජීවිතේ හොඳ කාලේ ගත වෙලා ඉවරයි
කෙස් පැහෙනකං කල්පනා කරත් ගෑනු තේරුංගන්න බෑ කියලා කිව්වේ අපේ මාමා...
අනේ මන්දා.
ඇඩෙන්න ලියලා තිනවනේ... ආදර සැමරුම වටිනවා අනිත් එවට වඩා
ඔන්න මාත් හිනාවට එකතු වුනා..හී..හී..හී..
ලස්සනයි..
ඇතුවත් බැරි නැතුවත් බැරි ගෑණු!:PP
මාත් නිතර ම හිනාවකින් ඉන්න කෙනෙක්, ඇයි කියලා ගොඩක් අය දන්නෙ නැහැ. කතාව ලස්සනයි හිතට වැදුනා!
හිනාවෙන් ඉන්න එක කොච්චර හොදද? මම නම් හරිම කැමති හිනා වෙලා ඉන්න. ජීවිතේ මොන ප්‍රශ්ණ ආවත් හිනා වෙලා ඒවට මුහුන දෙන්න පුලුවන් නම් ඒක තමයි වටින්නෙ නේද නංගි.
හිතේ තැවුලක් තබාගෙන, හිතයි නෙතයි කඳුළින් පුරවගෙන ඉන්නවට වඩා මොහොතක් හො හිනාවෙලා ඉන්නවනම් ඒක තමයි ලබන්න පුළුවන් සතුට. ඒ හිනාව මිල කළ නොහැකියි.
වෙනදා වගේම මේ කතාවත් හොඳ ලේඛිකාවකගේ හැකියාවන් පෙන්නුම් කරනවා..
හැමදාම හදාගත් නමකින් පෙනී ඉඳල හරියන්නෙ නැහැ. ඔබේම සැබෑ නමින් නිර්මාණයක් එළි දක්වන්න කාලය ඇවිත්.. අපි ඒ දවස උදා වෙනතුරු බලා ඉන්නවා.
අක්කා කවිය එක්ක තිබ්බ සම්බන්දේ අතහැරලා දාලදෝ කියලා හිතුනා. දැන් කතාව ඉස්සර කවියේ තරමයි. තරහාවෙන්න එපා එහෙම කිව්වට. මට හිතුණු දේයි මම මේ කිව්වේ.ඒ වගේම කියන්න ඕනි කතාව ලස්සනයි.
ඒකයි මම මේ පැත්ත පළාතේ නාව එක ගැනත් තරහ වෙන්න එපා. බ්ලොග් එක පහුගිය කාලෙම වගේ අත හැරලා දාලයි තිබ්බේ. දැන් මේ වල් කොළ අරව මෙව්වා සුද්ද පවිත්‍ර කරලා ගන්න ගමන්.
මම ගැන කිව්වොත් මේකට මේ විදියේ ප්‍රතිචාරයක් දෙන්න පුළුවන්!
ඇගේ සිනහවක සොඳුරු කතාවක
රහසක් සැඟවු හැටී
ප්‍රහේලිකාවක පදයක් කරලා
කිසි පිළිතුරක් නැතී
සමහරු හිනා වෙනකොට හිනා වෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ.
පිස්සුද?....ඔන්න පිරිමි වරද්ද ගන්න තැන...
ගෑණු කියන්නෙ මොකෝ මේ අලුත් න්‍යායක්...සිද්ධාන්තයක් වගෙ දෙයක් කියල හිතුවය තේරුම් ගන්න ට්‍රයි කරන්න.......ඒක හරියන දෙයක් නෙවෙයි....
Women....Don't try to understand them....you would never succeed....Just love them....thats all they need & thats all they ask for.......
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.