මීට ගොඩක් ඉස්සර
මගේ බාල අවදිය
කියවූ පොතකින් මතකයෙ
ඉතිරි කතාවකි මෙය
ඈත කාලේ ඉස්සර
රජ බිසවකි ලස්සන
මැහුම් ගෙතුම් වලට ඇගේ
සිත හරි කැමැතියි නෙව
හිම වැටෙනා කාලයේ
දවසක් හිමිදිරි උදේ
ජනේල ගාවින් සිට
ගෙත්තම අරභයි ඇය
ඉදිකටු තුඩ ඇගේ සියුම්
ඇඟිලි තුඩක් හිල් කල
රතු පැහැ ලේ බින්ඳු බින්ඳු
සුදු හිම මත තෙත් උන
එය දැක ඇය පා සිනා
ගීයක පද සේ ගයා
මෙසේ කියයි සිහින් හඬින්
ලේ හිම දෙස බල බලා
හිම මෙන් සුදු සම ඇති
ලේ මෙන් රතු තොල් ඇතී
කළුවර හිස කෙස් ඇතී
දුවක් මටත් දෙනු ඇතී
( "Oh, how I wish that I had a daughter that had skin white as snow, lips red as blood, and hair black as ebony".)
දවස් දෙකක් ගත උනා
ඇයට දුවක් හිමි උනා
කී පරිදිම හිම මෙන් සුදු
දුවකගෙ මව ඇය උනා
හිම මෙන් සුදු සම ඇතී
ඇගෙ ලස්සන නම් පිරී
රජු දෝණිට නම තිබ්බා
“හිම කුමරිය “ පෙම්බරි
අනේ දුකක මුල මෙය
ඇගෙ මවු මරණය දැක
ඇයව මෙලොව දාලා ගියා
ඇයට දුවක් හිමි උනා
කී පරිදිම හිම මෙන් සුදු
දුවකගෙ මව ඇය උනා
හිම මෙන් සුදු සම ඇතී
ඇගෙ ලස්සන නම් පිරී
රජු දෝණිට නම තිබ්බා
“හිම කුමරිය “ පෙම්බරි
අනේ දුකක මුල මෙය
ඇගෙ මවු මරණය දැක
ඇයව මෙලොව දාලා ගියා
තනිකර දිවි මං පෙත
රජු තරුණයි කඩවසම්
නව බිසවක් ගෙන වසම්
හිම කුමරිගෙ තනියට යැයි
බිසවක් කැන්දවා වසම්
දෙවෙනි බිසව ලස්සන
ඒ වගේම ගස්සන
ඇය තරමට හැඩ නැහැ වෙන
කිසිවකු මේ ලොව තුල
කියන්න අමතක උනා
රජගෙයි කිවයුතු මනා
හරි අපූරු කැඩපතකුත්
තිබුනා නෙව වී මුවා
“ කවුරු ද මේ ලොව ඇතී
ලස්සන කත කී හැකි
කතා කරන කැඩ පත වෙත
දෙවන බිරිඳ යොමු වෙතී
“කැඩපත මගෙ සුන්දර
කියනු ඉතින් පෙම්බර
මේ ලොව ලස්සනම කෙනා
කියනු කවුද මම මිස“
"Mirror, mirror on the wall .Who is the fairest of them all?"
“ හිම මෙන් සුදු සම ඇති
කුමරිය තරුණයි නිතී
ඇයට සමානය කෙරුමට
වෙනත් කෙනෙක් නැහැ නිතී“
කැඩපත පැවසූ තතු
ඇසූ බිසව වී රතූ
තරහෙන් සිත විමසනවා
දඩුවම නිති දිය යුතු
නපුරු සිතට ආ විස
දඩයම්කරු ගෙන්විය
දෙන්නෙමි මම රන් රිදියෙන්
කරොතින් මේ ඩියුටිය
දඩයක්කරු පා සිනා
ඩියුටිය කරනට සිතා
“හිම කුමරිය මහ වන මැද
මරණෙමි මං “ කිවු නියා
හිම කුමරිත් සමඟින
දඩයම්කරු වන මැද
ලස්සන ඇය කෙසේ මරම්
දඩයක්කරු දුක් විය
අනේ මා මරණට එපා
කුමරිය ඉල්ලයි පණ
දඩයම්කරු ඇයව දමා
යළි පැමිණෙයි රජ ගෙට
මඟදි මුවකු මරමිනා
ලේ කඩුවේ ගල්වනා
ලේ රැදි කඩුදිස්නය පා
කියයි මෙසේ පා සිනා
“ ඇය මැරුවා මම කැලේ
මට දෙනු වස්තුව නුඹේ “
දඩයම්කරු රන්රිදිගෙන
පැනයයි මහ රෑ මුරේ
බිසව සතුටු වී නිතී
සතුටින් වසනා සැටී
හිම කුමරිය මහ වන මැද
අසරණ වීලයි නිතී
මහ වන මැද පාළුවේ
හිස හැරෙනා මං පෙතේ
හිම කුමරිය යනෙනා විට
දකී පුංචි පැල නෙතේ
පැළ වහලය උස නැතී
දොරත් වසාලා ඇතී
මඳක් නැමුන හිම කුමරිය
දොරට තට්ටු කර සිටී
කවුරුද මේ පැල්පතේ
මම වල්මත් වී කැලේ
කුසගිනි නිදිමත වෙහෙසයි
අරිනු දොරක් මට අනේ
දොර ඇරුනා මොහොතකින්
හත් දෙනෙකි පැන්නේ දොර ළඟින්
එක වාගෙම අඟුටු මිටන්
හතක්ම වාසය ඉතින්
දැක හිම කුමරිගෙ දුක
පිහිට උනයි හත්දෙන
කැඳවා පැළතුට ඔවුන්
සැනසුව සිත කුමරිගේ
මෙහෙම කලක් ගත උනා
බිසව ට මෙය සිහි උනා
කවුරුද ලස්සන මේ ලොව
කැඩපත ගෙන අසමිනා
“ නුඹ හරි ලස්සන ඇත
නමුත් මෙය ද අසනුය
කැලයේ වෙසෙනා කුමරිය
තමයි නම්බර් වන් ලෙස
"You, my queen, are fair; it is true. But the young queen is a thousand times fairer than you."
බිසව උනා කලබල
මන්තරකාරිය ලෙස
නාකි වෙසක් අරන් ඉතින්
යයි කුමරිය සොයමින
අඟුටු හත්දෙනා නැතී
වෙලාව ආ විට සැදී
විස කැවු කැපු ඇපල් ගෙඩිය
දුන්නා කුමරිට නිසී
ඇපල් ගෙඩිය කාපියා
සිහිය ඇගේ ගියපියා
අනේ අඟුටු හත්දෙන ඇය
දැක්කේ හවසයි මනා
කුමරිය මැරිලා අනේ
කුමක් කරමිදෝ අනේ
වීදුරු මිනි පෙට්ටිය තුල
ඇය තැන්පත් කරමිනේ
වළලන්නට ගෙන යනා
අතර මඟදි හමුවෙනා
අපුරු හැඩ කුමරකුගේ
දෑසට මෙය හසුවෙනා
ඇයි දෝ මේ මරණයක්හරි ලස්සන කුමරියක්
මට දෙන්නට බැරිද ඇගේ
රුව බලන්න පොඩි ඉඩක්
අඟුටන් සත්දෙන කුඩා
වී අවනත කුමරටා
ඔහුගේ දෙසටම යන විට
පය පැටලී විසි වෙතා
දේහය ඇති ලස්සන
පෙට්ටිය විසි වී යන
විස කැපු ඒ ඇපල් කැලි
අගුරෙන් විසි වී යන
කසිමින් තරමක් තදින්
කුමරිය නැගිටියි ඉතින්
“ අනේ මොකද මෙමට උනේ “
පුදුමෙන් අසනිය ඉතින්
විස කැවු පලතුරු නුඹේ
අගුරෙයි සිර වී තිබු
විසි වී ගොස් වැටුන විට දි
සිහිය පැමිණියා නුඹේ
අඟුටු මිටන් හත්දෙන
නටයි ප්‍රීතියෙන් මන
කුමරා මේ දෙස බලමින්
කියයි මෙලෙස වී ණය
කුමරිය හා මා පෙමින්
බැඳුනා දුටු විට සිතින්
විවාහ වෙන්නට කැමැති ද
කියනු කුමරියේ ඉතින්
කුමරිය සිත වී පෙම
මඟුල ද ගත්තේ ජය
මෙය ඇසු බිසවුන් මිය යයි
හැදී හදවතේ දුක
සියල්ල දෙස මෙත් සිතින්
බැලු මම කැඩපත වෙමි
කැඩපත වූ
මම
෴ සොඳුරු සිත ෴
ප:ලි:- සතියේ පැනය - මේ කතාවෙන් ගත හැකි ආදර්ශය කුමක් ද?
පෙරේත කමට අතට අසු වන සෑම දෙයක්ම අනුභව නොකල යුතුය.
තවත් ආදර්ශ තියේ නම් ලියලම යන්න. . . .
තවත් ආදර්ශ තියේ නම් ලියලම යන්න. . . .



2. අතේ ඇඳුම් මහද්දී පරිස්සමින් මහන්න ඕනේ.. ඉදිකට්ට ඇනුණම තුවාල වෙනවා...
ReplyDeleteඇයි ස්නෝවයිට් ගැන ලියුවේ.
ReplyDeleteමං හිතුවේ බෙටී ගැන ලියයි කියලා.
නියමයි අක්කේ.. ආයෙම ඒ කතාව කියෙවුවා වගේ දැනුනා... ලස්සනයි..
ReplyDeleteඅක්කත් ලියන්න තනි කාව්‍යක්
ReplyDelete(රත්න ශ්‍රී ගේ තරු ලකුණ වගේ)
ඔයාට ඒක හොදට පුළුවන් වගේ! :))
ඔන්න අලුත් ස්නෝ වයිට් ෆිල්ම් එකකුත් එනවලු. ඒකෙ නම් මං කැමති රැජිණට.
ReplyDeletehttp://www.youtube.com/watch?v=2-UMNSVX7_I
කවි කතා ලියන එකත් වෙනම කලාවක්නෙ. මේ කවියෙන් කවියට චිත්‍ර ඇඳල පොතක් විදිහට හදන්ඩ පුලුවන් නන් මරු කියල හිතුන.
නියමයි !!!
මෙන්න තවත් ෆිල්ම් එකක් එනවලු ස්නෝ වයිට්
ReplyDeletehttp://youtu.be/WNsS_90B8i4
Harima lassanai. ayeth mam ea loketa giya..
ReplyDeleteහරිම අපූරුයි.
ReplyDeleteලස්සනයි...
ReplyDeleteකවියෙන් කතාවක් හොඳ උත්සාහයක් . වැඩේ සාර්ථකයි.කවියත් ලියපු සොඳුරු හිතත් දෙකම ලස්සනයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteආදර්ශමත් කවි පද පෙලක්...සොඳුරු,
ReplyDeleteජීවිතයට ගත හැකි ආදර්ශය - ඔබ ඉදිරියට මිනී පෙට්ටියක් කර තබාගත් පිරිසක් පැමිණෙන්නේ නම් හැකි ඉක්මනින් මාර්ගයෙන් ඉවත් වී සැඟවෙන්න. ඔබ ඉදිරියේ ඔවුන්ගේ පය පැකිලී මිනිය බිම පතිත වී යම් හෙයකින් මිනියට පණ ලැබුනහොත් ඒ කරුමයට ද කර ගහන්නට වන්නේ අසරණ ඔබටය.
අලුත් තීම් එක ලස්සනයි.. අදයි දැක්කෙ..
ReplyDeleteතව.. මන්තරකාරිගෙ ෆොටෝ එකට නං මාත් බය වුණා...
කාටුන් එක ආයෙ බැලුවා වගේ...
ReplyDeleteඑක එක දේවල් ගාලා ඔනවට වඩා ලස්සන වෙන්න එපා.... ලස්සනායි....
හරිම ලස්සනයි අක්කෙ..මේ කතාව පොඩි කාලෙ ඉඳල එක එක විදියට අහල තිබුනට කවියෙන් කියෙව්වෙ අදමයි..ලස්සනම ලස්සනයි.
ReplyDeleteමේක හරි අපූරුයි.....
ReplyDeleteසිතේ සිතුවම් ඇඳුනා කියවන කොට.......
අක්කා නියමට කතාව කවියකට අරන් තිනවා.. ෆිල්ම් එකට වඩා මෙක තෙරුණා..... එල එල ...
ReplyDeleteඑත් අක්කෙ ඔවගේ කතා ඇත්ත වෙන්න පුළුවන් දවසක් ඒවිද??
හා හා නියම ආදර්ශේ අක්කේ..... හැබැයි ඉතින් මටනම් චාරයක් නෑ අහුවෙන ඕනේ දෙයක් කටට ඔබා ගන්න වනේ.... හික්ස් ...... බලන්නකෝ ඉතින් නේද මාර ආද්ර්ශේ .........
ReplyDeleteකවි යනම් නියමයි අක්කේ සුපිරි පොඩි කාලේ ට වඩා අද රසවිදා හිකාස් ................
පට්ට පට පට ........
ලස්සනයි. ඒකාලෙටම හිහින් රස වින්ඳා නංගි.
ReplyDelete