“ මං කීවනේ , ඇයි ආයේ ආයේ එකම අහන්නේ “
“ මට සමාවෙන්න .ආයෙ අහන්නේ නැහැ “
“ ඔහොම තමයි ඉස්සෙල්ලත් කීවේ “
“ මම යනවා “
පුංචි ආදර කතාවක් ඉවර උනේ එහෙමයි. මම පැත්තක ඉදන් බලාන හිටියා.
“ ගියා නේ . . . .යන්නැද්ද නවත්තන්න “
“ ඒකිගෙ හැටි බං .ඔය ගියාට ආපහු එනවා. දැන් කී සැරයක් යන්නම ගියා ද “
ඒකත් හැබෑව. තැනක් නොතැනක් නැතිව , මුං දෙන්න හිටි ගමන් වලි දාගන්නේ හරියට දික්කසාද උසාවියක ගිහින් නතර වෙන ගානට. ඒත් ඊට පස්සෙ දවසෙ ආයෙත් කිරි පැණි වගේ.මෙහෙමත් ආදරයක් . . . .!!!!!
“ මොකක් ද බං බොලයි ප්‍රශ්ණෙ.ඕක විසඳගෙන ඉක්මනට එකතැනකට වෙයල්ල කො. අපිටත් කණක් ඇහිල ඉන්න “
“ ඒක මේ කපේ දී ඉවර වෙනකක් නෙමෙයි බං “
ඒ බොහෝම කාලෙකට කලින් මයෙ හොඳම යාළුවෙක් වෙලා හිටය පෙම්වතුන් දෙන්නෙක්ගෙ දිග ප්‍රේම කතාවක පුංචි කොටසක්.
ආයෙත් ඔවුන්ගෙන් එකෙකු මට මුණ ගැහුනේ මගේ පුංචි එකාව ස්කෝලෙන් ගන්න ගිය වෙලාවක.
“ සඳුන් ........ඔයා මෙහේ ..............!!!!“
“ හලෝ මචන් , මම මෙහේ නැතිව වෙන කොහෙ ඉන්න ද බං , මම මෙහෙ වයිස් , උඹ මොක ද මෙහෙ “
“ පොඩි එකා ව ගන්න ආවා බං “
සුහද සාකච්ඣා ඉවර උනාම. නොඅසාම බැරි ප්‍රශ්ණය මතු උනා.
“ කොහොම ද බන් ජීවිතේ . දැන් පොඩි උන් කීයකගෙ තාත්තෙක් ද ? “
“ හෙහ් හෙහ් . . . .ඒ කරදර නැහැ . මම තවම තනිකඩයි “
“ ආහ් බං . . . . කෙල්ල උඹට බූට් එක තිබ්බ ද ? “
“ නැහ් බං . . . . එකි මාත් එක්ක හැමදාම රන්ඩු වෙනවා. හැමදාම ආපහු මුකුත් නොවුන ගාණට යාළු වෙනවා. ඒත් දවසක් රණ්ඩු වෙලා ගියා ගියාමයි ආපහු ආවෙ නැ බං. මාත් ඒකි ආපහු එයි එයි කිය කිය බලාන හිටියා. දන්නෙම නැතිව කාලයත් ගියා. රණ්ඩු වෙවී හරි ඒකී මාත් එක්ක හිටියනම් . . . . . .!!!!!!“
“ උඹ හෙවුවෙ නැද්ද ? “
“ ගිය අය ගැන මොකට හොයනව ද ? ඒකි බැඳල ළමයිනුත් ඇති දැන් “
එදා කතාව එහෙම ඉවර උනා. මගේ පවුලට නම් තව දුවෙකුත් එකතු උනා. දෝණි හම්බෙලා ඉස්පිරිතාලෙන් එන දවසෙ ,හරිම අහඹු විදිහට අර කිවු ආදර කතාවේ අනිත් චරිතය මුණ ගැහුනෙ ඉස්පිරිතාලෙ ගේට්ටුව ගාවදි.මට ඇගේ රුව මතක තිබුනට ,ඇගේ නම මගේ මතකයෙන් ගිලිහිලා ගිහින් තිබ්බා. ඇයට කතා කරන්නෙ කොහොම ද කියල හිතද්දිම ,හදිසියේම වාගේ ඇගේ නෙත් මගේ නෙත් මුණ ගැහුනා.
“ ඔයා . . . . . අනේ ..............ලස්සන දුවෙක් “
ඇය මගේ අලුත් සිඟිත්තිය දිහා බැලුවේ උතුරා යන සෙනෙහසින් වගේම ඇයට මඟ ඇරුන දෙයක් ගැන පසුතැවීමකින්.
“ මේ කොහෙ ද ? කවුද ලෙඩා “ මම ඇහුවා.
“ අම්මා . . .දැන් මාසෙකටත් වැඩි.සැරින් සැරේ ලෙඩ වෙනවා.මේක තමයි මයෙ රාජකාරිය “
ඇය වැහැරිලා ගිහින් තිබ්බා. ඉස්සර හැමවෙලේම වාගේ මගේ මිතුරාගේ වර්ණනාවට අහුවුන ඇගේ පස්ස , ඉස්සරහ වගේම ඇගේ දිලිසුන ඇස් වල කාන්තියත් නැති වෙලා ගිහින් තිබ්බා.
“ උඹ බැන්දෙ නැද්ද බං “ මං ඇගේ කණට කරල ඇහුවා.
“ මට පරක්කු වෙනවා. මං යනවා . “
ඉස්සර ඇගේ පෙම්වතා එක්ක රණ්ඩු වෙලා ගිය විදිහටම ඇය මගෙන් සමු නොගෙනම ඉස්පිරිතාලේ පටු කොරිඩෝව දිගේ සෙනඟ අතර නොපෙනී ගියා.
ආදරයේ හැඩය සොයන
මම
෴ සොසී ෴

මමත් මේ තාම හැඩේ හොයනවා...
ReplyDeleteඒ කියන්නේ අයත් ඔහු වගේම තාම තනිකඩයි.. එක වතාවක් හරි ඔහු ඒවි කියලා බලාගෙන තාමත් ඉන්නවා ඇති..
ReplyDeleteලස්සනයි අක්කේ කතාව..
මමත් මේ එනකම්ම බලා ඉන්නවා....
ReplyDeleteඅදයි සොදුරු සිත බලන්න ආවෙ... ලස්සනයි
ගැලපෙන හිතෙන හැඩේ...
ReplyDeleteඇයි තවම දෙතැනක තනිකඩේ..
කතාව ගොඩක් ලස්සනයි අක්කේ.. :)
Awesome.....
ReplyDelete“රණ්ඩු වෙවී හරි ඒකී මාත් එක්ක හිටියනම් . . . . . .!!!!!!“
ReplyDeleteඑක අතකින් මේ කතාව හරි.....
ඒත් අනිත් අතට සම්පූර්ණම වැරදියි....
දෙන්නම ඔවුනොවුන් එනකන් බලන් ඉන්නවා..ඇයි එක්කෙනෙක්ටවත් ඉස්සර වෙන්න බැරි වුනේ..එක පාරක් බැලුවනම් හැමදාම රන්ඩු කරන කෙල්ල ඇයි නාවෙ කියල එහෙනම් තාමත් ඒ දෙන්නගෙ ලෝකෙ සුන්දරයි..
ReplyDeleteඇත්තටම ඕක තමයි ඇත්ත..
ReplyDelete/ ඇය වැහැරිලා ගිහින් තිබ්බා. ඉස්සර හැමවෙලේම වාගේ මගේ මිතුරාගේ වර්ණනාවට අහුවුන ඇගේ පස්ස , ඉස්සරහ වගේම ඇගේ දිලිසුන ඇස් වල කාන්තියත් නැති වෙලා ගිහින් තිබ්බා /
ReplyDelete/ “ උඹ බැන්දෙ නැද්ද බං “ මං ඇගේ කණට කරල ඇහුවා. /
ඇගේ ඇස් දෙකට කඳුලු ආවෙ නිරායාසයෙන්ම.
'' අපි ඒ දවස්වල හරියට රණ්ඩු උනා. මට මොනව වෙලා තිබුනද කියල මටම තේරුම් ගන්න බැරුවයි හිටියෙ. තරහ වෙලා ආයෙම මම ම ඇවිල්ල යාළු උනා. ඒත් එක සැරයක් මොකක් හරි දේකට....මට දැන් මතකත් නෑ මොකක්ද හේතුව කියල....කිසිම වැදගැම්මකට නැති දෙයක් කියල නම් මතකයි...සමහරවිට එයා ඇඳල හිටපු කමිසෙට මම කැමති නැතිවෙන්න ඇති...ඔය වගෙ මොකක් හරි.....''
අසලින් ගමන් ගත් රෝගියකු තබාගත් ට්‍රොලියකට ඉඩ දෙනු පිණිස දොරටුව අසලින් ඉවත් වූ අපි කොරිඩෝවේ සෙවණට වූයෙමු.
'' ඒත්...ඒ පාර තරහ වෙලා ගිහිල්ල මම ආපහු ආවෙ නෑ....එයා මාව හොයාගෙන එයි....කියල මම බලාගෙන හිටිය....මමම නෙ හැමදාම ආපහු යන්නෙ....මේ පාර එයා එනකල් මම ඉන්නව....ඔහොමයි මම හිතුවෙ.....''
ඇය වේගයෙන් ඇසිපිය ගැසුවාය. දකුණත ඔසවා දෙනෙත පිස දැමුවාය.
'' ඒත් එයා ආවෙ නෑ...මාසයක් දෙකක් ගියාට පස්සෙ මට ආපහු එයා ළඟට යන්න හොඳටම ඕන කම තිබ්බත් මගෙ දරදඬු හිත ඒකට ඉඩ දුන්නෙ නෑ.....ඊට පස්සෙ මම එයාව දැක්කෙම නෑ....හ්ම්, දැන් එයා බැඳල දරුවොත් ඇති....මම යන්නම්.......''
වේදනාත්මක සිනහවකින් යුතුව ඇය ආපසු හැරුනාය.
'' ඉන්න පොඩ්ඩක්....එයා තාම බැඳල නෑ......''
හොඳයි කතාව
ReplyDeleteහැමදාම නැවත කතා කරාම "ඔයානේ ආවේ" කියලා අහගන්න වෙන හින්දම දවසක ගනු ආපහු යන එක නවත්තනවා,යන්න උවමනාවක් තිබුනත්...ඇත්ත කතාවක්..
ReplyDeleteඒ හැඩය හොයාගත්තොත් මටත් කියන්න!
ReplyDeleteහයියෝ.. ලොකු එක නැතුව හොයාගෙන ගියානං ඉවරනේ..
ReplyDeleteමෙන්න ඔබට අනගි අවස්ථාවක්..
ReplyDeleteවෙබ් අඩවි කරණයේ ශ්‍රී ලාංකීය අභිමානය වන Expresslanka නිර්මාතෘ විසින් ලොව ප්‍රථම වරට ගූගල් පේජ් රෑන්ක් වැඩිකරන software එකක් නිර්මාණය කර ඇත. මෙම ක්‍රමයට අනුව ඔබගේ වෙබ් අඩවියට high pr backlinks නොමැතිව රෑන්ක් එක වැඩි කල හැකිය. මෙම වැඩිකිරීම් ගූගල් සමාගමේ නීති රීති වලට එකගව සිදු කිරීමට අප ක්‍රියා කරනු ඇත. ශ්‍රී ලාංකීය වෙබ් නිර්මාණ කරුවන් දිරි ගැන්වීම සිදු කරනු වස්, ශ්‍රී ලාංකික වෙබ් හා බ්ලොග් අඩවි 100 ක් සඳහා අවම මුදලක් අයකරමින් google page rank වැඩිකර දීමට කටයුතු සලසා ඇත. මෙහිදී ඔබගේ වෙබ් අඩවියට මාස 3 ක් ඇතුලත රෑන්ක් 0 සිට 1 හෝ 2 දක්වා ලබා ගත හැක. වැඩි විස්තර සඳහා 0755487947 (නිශාන්ත) අමතන්න.. මෙම දීමනාව කෙටි කාලයක් සඳහා පමණයි...
බොහොම ස්තූතියි. අවශය නොවේ.
Deleteමේ ඔයා දෙන්නෙ නැතුව ඉන්නවද...
Delete/*අවම මුදලක් අයකරමින්*/ අනේ පල පොල් බූරුවෝ යන්න.
මේ බලන හරිය හොඳටම ඇති.
සමහරවිට ආදරයේ හැඩයෙන් ජීවිතේ ලස්සන කරගන්න එයාලට වාසනාව නැතුව ඇති..
ReplyDeleteඑක පාරටම හිතට ආවෙ මේ සින්දුව...
ReplyDeleteතනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...
මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....
සොසි, මේ කතාවේ දෙන්නම හරිම ආඩම්බරයි වගේ, එක්කෙනෙක් ආපසු එනකල් අනෙකා බලා ඉන්නවා. මෙහෙම ජීවිතේ හොඳම කාලෙ ගෙවෙන කල් දෙන්නාම බලා හිඳීවි. ඇති ඵලය මොකක්ද? ආදරයක සුවය නොවිඳ ඉන්නෙත් පෙර කරපු පවකටද? අනේ මන්දා. ලස්සනයි කතාව.
ReplyDeleteමට ගැටලුවක් ඇයි ගියේ..? ඇයි ඇහුව හැම ප්‍රශ්නයකදිම මග හැරියේ..? කොකියාම මග හැරයන්න තරම් වරදක් වීද..? බලාගන ගියාම දෙන්නම ජීවිතය විඳවන දෙන්නෙක් වෙලා...
ReplyDeleteපිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුනු දින
ළෙංගතුය සුවඳ ඔබ
සුදු හාමිනේ........
තනිකඩය තවම මම....
මේක ඒ දෙන්නම තනි තනිවම කොඳුරනවා ඇති
මට හිතෙන්නෙ එහෙමයි.
දවස ගානෙම මාත් බලා හිටියා එයා එනකල්..
Deleteඒත් එයා තාම ආවෙ නැහැ..
එයාට මම් යන්න කීව.. එයා ගියා.. ඒත් එයා මාව බලන්න ඒවි කියල මම් හිතාන උන්නා..
අපේ ආදරේ ලස්සනම සිහිවටනයත් මට නැතිඋනා. දැන් මට ඉතිරි මතක රැදුන හිත විතරයි.
අදත් හවස එයා එයි කියල හිතාන මම් යනව..
එයා ඒවිද?
වසන්තයේ අගවත් නුඹ දකින්න පෙරුම් පුරන
~මම~
the shape of love.. most difficult thing 2 understand!
ReplyDeleteආදරයේ පාට නම් දන්නවා. නිල් පාට නේ !
ReplyDeleteඒත් ආදරයේ හැඩය ගැන දැනගත්තේ අදමයි !