ඇය බොහොම නිශ්ශබ්ද චරිතයක් ,දැනුත් ඇගේ දෑතට
මැදි වෙලා තියෙන්නේ නවකතා පොතක්.මම දන්න විදිහට ඇය ඒ පොත කියවන්නේ දෙවන හෝ
තෙවන වතාට.සිකුරාදා හවස් වරුව නිසා, රාජකාරි වලින් මිදුන සඟයන්ට නොයෙකුත් වර්ගයේ කඩිමුඩි වැඩ තිබ්බා.ඇතැමෙක් නිවෙස් බලා යන්නෙ අද නිසා , කෙටි නිවාඩු පොතට නිවනක් නැහැ. අරහෙට මෙහෙට පෙරලෙන දුවන කෙටි නිවාඩු පොත , අස්ථානගත වෙලා දැන් ගොඩාක් වෙලා.
“ ගත්ත එකෙක් දිපල්ල බං.මට ගෙදර යන්න පරක්කු වෙනවා “
“ ඇයි , කෙල්ල බලන් ඉන්ව ද එනකම් “
නැවතී තිබුන සිනා හඩ තිබුනට වඩා ත්‍රීවුරකරන්න මහේෂ්ගේ ඒ වැකියට පුලුවන් උනා.
“ මට කොහෙද බන් ගමේ කෙල්ලො.මයෙ කෙල්ල ඉන්නෙ මෙහෙනෙ“
පොත කියවමින් සිටි සුමුදුගෙ දිහා බලාන බොහොම ආදරණිය හඬකින් දේවක කියපු ඒ වචන අපි කාටත් ඇහුනත් සුමුදුගේ අත පොතේ තියෙන ඊළඟ පිටුව පෙරලුවා.
“ අනේ බං , උඹ නම් මහ මෝඩ උලමෙක් , කැම්පස් කෙල්ලන්ට ලව් කරන එකේ , හොයාගනින් කො හොඳ අහිංසක ගමේ කෑල්ලක්.එක එකාගේ ආඩම්බර බලන්නෙ නැතිව “
හදිස්සිකාරයො ඔක්කම කාර්යාලයෙන් පිට වෙලා ,පරිසරය නැවතත් නිහඬවනවාත් සමඟම මදක් හිස ඔසවා මා දෙස බැලූ සුමුදු අහිංසක ලෙස පෑ සිනාව ඈ කෙරේ මා සිත ඇති ලෙංගතුකම වැඩි කරන්න සමත් උනා.
අපි කවුරුත් පිට උනාට පස්සේ කාර්යාලයෙන් ඇය පිටවෙන බව මම දැනන් උන්න නිසා ,ඇයට සමුනොදීම ඉන් ටික වෙලාවකට පස්සෙ මාත් මහ පාරට වැටුනේ ගෙදර යන්න. නිසංසල සති අන්තයක් නිමා උනේ එහෙම උනත් , බොහාම කාර්ය බහුල අමුතුම කලබලයක් එක්කාසු කරන අලුත් සතියක් උදා වෙයි කියල සඳුද උදේ කාර්යාලයට එනකම්ම මම දැනන් හිටියේ නැහැ.
“ මිසී දන්නවැයි. අන්න පත්තු වෙලා “
උදයේම ලොක්කා අත්සන් කර , *මිනිට් ගසා එවන ලද ලියුම් මිටියත් රැගෙන පැමිණි පියසේනගේ මුහුණේ වූයේ ලෝකයක් දිනුවාක් වැනි පෙනුමක්.
“ මොකෝ පියා , අද කාටද ගින්න ? “
“ හෙහ් . . . පොතේ අත්සන් කර කර විශ්ව විද් යාලෙ යනවැයි කියලා , අන්න හෙඩ් ඔෆිස් එකට ආරංචි වෙලා .“
“ නැහ් . . . ඒ කොහොම ද ? “
“ පෙත්සමක් යවලයි කියන්නේ “
දීර්ඝ සුසුමක් හෙළු මා දෙස , පියා බලාසිටිද්දී , ඔහුගේ මුහුණ වෙනස් වෙනවා මම දැක්කා. තමා කළේ වරදක් බව ඒ මුහුණෙන් පෙනෙන්න වුනා.
“ පවු තමයි මිසී. ඒත් ඕවා බලාන ඉන්න බැරි අය ඉන්නවනේ ,“ බිමට නැඹුරුකර ගත් හිසින් යුතුව, පියා කාමරයෙන් එළියට යත්ම, නාද වූ *අභ්‍යන්තර දුරකථනය ඔහේ සවනට තියා ගත්තේ පුරුද්දට වගේ.
“ මිස් පොඩ්ඩක් එන්න මගේ කාමරයට “ ඒ ලොක්කාය.
*බාග දොර පියනට එපිටින් වූ මා , පැමිණි බවට මගේ සාරිය ලොක්කාට පවසන්නට ඇත.
“ එන්න මිස් ඇතුලට “
“ වාඩි වෙන්න “
තමන්ට ඉදිරිපසින් වූ ආසනය වෙත තම දකුණත දික් කළ ලොක්කා පැවසුවා. දීර්ඝ කතා බහකට මුල පුරන්නට සුදානම් වන බව එයින්ම මට හැගුනත් ඒ බවක් නොපෙන්වා ම ඔහුගේ ඉදිරි පුටුවේ මම වාඩි උනා.

“ මේ බලන්න මිස් “
මෙතෙක් පයිල් කවරයක් තුල බහා තිබුනු , කඩදාසි කොළ ගොන්නක් මා වෙත දිගු කරමින් ඔහු කීවා.
සිතේ දෙගිඩියාවෙන් නමුත් එය අතට ගත්ත මම මුලින්ම කලේ කොළ ගනන් කිරීම . එක පැත්තෙ යතුරු ලියනය කරපු කොළ තුනක්ම. නැවතත් මම ලොක්කාගේ මුහුණ බැලුවා.
“කියවන්න “
ඔහු හිසින් සන්කරන ගමන් කීවා.
සුමුදුට එරෙහිව කරුණු කාරණා රැසක් ගොනු කොට ,හෙඩ් ඔෆීසියට යවා තිබු ඒ පෙත්සමේ මුල ජේද දෙක පමණක් කියවූ මා අන්තිම පිටුවෙ අන්තිමට නෙත් අරන් ගියා.
ඒ පෙත්සමේ අන්තිමටත් අන්තිමේ තිබ්බේ හෙඩ් ඔෆිස් එකේ ලොකුම ලොක්කගෙ අකුරු. “ සුදුසු පියවරක් ගැනීම සහ වාර්තාවක් අහවල් දිනට පෙර එවීම සඳහා කටයුතු කරන්න“ ලොකුම ලොක්කා ලියල තිබ්බා.
“ දැන් මොක ද කරන්නේ සර් ? “
පෙත්සම සම්පූර්ණයෙන්ම නොකියවා මම ඇහුවා.
“ මිස් හිතන්නෙ කවුද මේක කරන්න ඇත්තේ ? “
“ මට හිතා ගන්න බැහැ සර් “
“ මේකට හරියටම ඇක්ෂන් ගත්තොත් , සුමුදුට රස්සාව නැති වෙයි.‘“
“ පවු සර්.ඒ ළමය ඉගෙන ගන්නෙත් මේ රස්සාවෙන් . ගෙදෙට්ටත් වියදම් කරනවා.හරි අමාරුවෙන් . . .“
“ හරි හරි මම දන්නවා.“ ලොක්කා මයේ කතාව නිම වන්නට නොදී බාධා කරමින් කීවා.
“ අපි . . . සුමුදුව ට්‍රාන්ස්ෆර් කරමු සර් “
වෙලාවෙ හැටියට සුදුසුම දේ ඒක වෙන්න ඇති.
“ හ්ම් . . . ඒකත් හොඳ අදහස “
ඊට දෙදිනකට පසු ,සුමුදු , ප්‍රාදේශිය වැඩ කරන වෙනත් කුඩා කන්තෝරුවකට “වහාම ලේබලය“ යටතේ ස්ථාන මාරු කරා. ඇයට එහි සිට විශ්ව විද්‍යාලයට පැමිණිම දුර උනත් ,වැඩිය රාජකාරි වෙන්නෙ නැති තැනක් නිසා , ඇය ගේ ඉගෙනීම් කටයුතු හොඳින් කර ගන්න එය රුකුලක් වේවි කියන හිත සැනසීම විතරක් මට ඉතිරි උනා.
ටික දිනකින් දේවකත් ස්ථාන මාරු ලැබ ඒ කාර්යාලයට ගිහිල්ල තිබ්බ කියල දැන ගන්න ලැබුනත් ඉන් පස්සෙ ඔවුනට මොනා උනාද කියල හොයල බලන්න අපි කාටවත්ම වෙලාවක් තිබ්බෙ නැහැ.එහෙමත් නැතිනම් අමතක වෙන්න ඇති.
වසර කිහිපයකට පස්සෙ කාර්යාලයේ අබලි භාණ්ඩ වෙන්දේසියක දි තමයි දේවකව යළිත් මට දකින්න හම්බුනේ.
“ මොකද දේවක මේ පැත්තේ ? පරණ බඩු ගන්න ඇවිත් ද? “
“ නැහැ . . . මොනා ද වෙන්දේසියේ තියෙන්න බලන්න ආවා “
“ දේවකට මොකටද දැන් පරණ බඩු , ඔෆිස් එකේ හිටිය හොඳම කෙල්ලවත් ඩැහැගෙන ගියානේ “ එහෙම කීවේ දේවකගෙ හොඳම යාළුවෙක්.
“ මූ අපිව ඇන්දුවා. සුමුදු මිස්ගෙ පස්සෙන්ම ගිහින් කොහොම හරි අයිතිකර ගත්තා “
එය මා සිතට ගෙනාවේ නොමද සැනසුමකි.
භාණ්ඩ වෙන්දේසිය ඇරඹුන අතර , කාර්යාලයේ ඉවත දමා තිබූ රයිටරයට මා ලංසු තැබුවේ , ගෙදර සිටිනා පොඩි දුවගේ ඉල්ලීමක් මතක් වෙලා. නමුත් මා ත් සමඟ හරි හරියට එයට ලංසු තියන්න දේවකත් පැකිලුනේ නැහැ. අවසානයේ මට එය අයිතිවෙන්නට යන බැව් දුටු දේවක , මා අසලට පැමිණ කියා සිටියේ.
“ඒ රයිටරය ගන්නෙපා මිස් මට දෙන්න “
“ ඒ මොක ද ඒ ? “
“ ඒකෙ ඔ යන්න වැඩ කරන්නෙ නැහැ “
එදින සවස , නිවසට පැමිණි වහා , පැරණි ලිපිගොනු කිහිපයක් අවුස්සා සොයා ගත්තේ, දැනට වසර කිහිපයකට උඩින් සුමුදු ට එරෙහිව එවා තිබූ පෙත්සමයි. එහි වූ සෑම ඔ යන්නක්ම එ යන්නක් හා එකපිට වැදී තිබෙනු මා දුටුවේ එවිට යි.
මෙහි නම්ගම් මන:කල්පිත අතර ,සත්‍යත් මන:කල්පිතයත් මුසු කර ලියන ලද්දක් බැව් වැඩි දුරටත් දන්වා සිටින
මම
මම
෴සොඳුරු සිත ෴
ප/ලි:- සිංහල යතුරු ලියනයේ , ඔ සහ එ අකුර පවතින්‍නේ එකම යතුරේය. shift සමඟ ටයිප් කිරීමෙන් ඔ අකුර ද එය රහිතව ටයිප් කිරීමෙන් එ අකුර ද ටයිප් කර ගත හැක.
* මිනිට් - ලිපියක් කෙරේ ගත යුතු පියවර ලියා දැක්වෙන ඉතාම කෙටි සටහනක්
* අභ්‍යන්තර දුරකනය - කාර්යාලයක් හෝ ආයතනයක් තුල පමණක් දුරකථන සංවාද සඳහා යොදා ගන්නා දුරකථන.
*බාග දොර පියනට - පැරණි කාර්යාල වල තිබු උඩටත් යටටත් නැති , දොරේ මැද හරියෙන් පමණක් ඇති දොර පියනකි. සමහර පැරණි සැලූන් වලද දැකිය හැකිය.

33 ප්‍රතිචාර:
බොහෝ වෙලාවට පෙත්සම් ගහන්නේ ඉරිසියාවට, මෙතැනදී වෙනත් කවුරු හරි අයිති කරගනීවි කියන ඉරිසියාවටම වෙන්න පුලුවන්.
කන්තෝරුවල ඔය පෙත්සම් ගහන එක ගොඩක් කෙරෙනවනේ.. ඒත් මෙතන කවුද ඒක කලේ.. දේවකමද??
දේවක හරි පුදුම මනුස්සයෙක් නෙ.. හරි පුදුමයි නේද මිනිස්සුන්ගෙ සිතුවිලි වැඩ කරන විදිය...?
අපේ උසාවිය ඉස්සරහත් ඉන්නව ඔය පොටෝ එකේ වගේ ටයිප් රයිටර් තියාගෙන කස්ටිය පුටුත් ඔයිට සමානයි....
බැරිවෙලා හරි අනිත් පැත්තට කැරකුනා නම් අර අහිංසකීට රස්සාවත් නැතිවෙනව...
අදරයේදී අපි හැමෝම ආත්මාර්ථකාමියි!
අනේ අම්මෝ... අයිති කර ගන්නද පෙත්සම් ගහලා ඔෆිසියෙනුත් පන්නගෙන ගියේ???
ලෝකය ගෝලාකාරයි.. මිනිස්සු විවිදාකරයි. වැඩේ ගොඩ ගිය නිසා හොඳා ඉතින්
සමහර අයගෙ ආදරේ අපිව හරියට පුදුම කරනවා..හැමදාම වගේ අද කතාවත් ලස්සනයි..
කැත මිනිහෙක්..වනචරයෙක්..කුහකයෙක්...වෙන කියන්න දෙයක් නෑ..
ලස්සනයි අක්කේ..ලස්සනට ලියල තියෙනවා..ආදරේ ආත්මාර්ථකාමි කියන්නෙ මේකට තමා..
තනිකර අයිති කරගන්න කරපු වැඩක්.
ආදරයේ දී දැනෙන කෑදර කමට මෙහෙම දෙයක් කරන්නට ඇති. මේක ආදරයමද..................? හිතාගන්නට බැහැ. ලස්සන සටහනක් නංගී.
දේවක එහෙම කලේ මොන පරමාර්තයෙන්ද කියලයි මම මේ කල්පනා කරන්නෙ?.....කාර්යාල ප්‍රධානියා සුමුදු එක්ක යම් අමනාපයකින් හිටියනම් මේක එයාට හොඳ අවස්තාවක්..... දිගටම වැඩේ ගෙනිහිල්ල ඒ ළමය රැකියාවෙන් පවා පහකල හැකි වරදක් පොතේ අත්සන් කොට අවසර නොමැතිව බැහැරව යාම...
ඒත් සමහර විට වැඩේ බරපතලක් නොදැන කැම්පස් යන එක නවත්තන්න කියල හිතල කරපු දෙයක් වෙන්නත් හොඳටම ඉඩ තියනව. මිනිස්සු ආදරේ වෙනුවෙන් මොනවද නොකරන්නෙ?
කෙල්ලට ජොබ් එක ගහල ගියා නම් එහෙම.....
ඔය සැලූන් දොරවල් පරණ ' කව් බෝයි ' චිත්‍රපට වල බාර් වල තියෙනව.ඒ බාර් වලට 'සැලූන් බාර් ' කියලත් කියනව.
ඇයි මිනිහ එහෙම කලේ ....? ආදරය හා වෛරය එකම කාසියේ දෙපැත්ත. මං හිතන්නෙ. ඔය සිද්වීම වෙනකොට සුමදු දේවකට කැමැත්ත දීල තිබුනේ නෑ. මිනිහ ඒ දේ කලේ පලිගන්න බලාගෙනවත්ද? ඒත් අන්තිමේ පෙරලුනේ වෙන පිටක් ? ? හරිම අපූරු නිර්මාණක්
හිතන්න මහ ගොඩක් ඉතුරුකරල. බොලා වගේ උන් බඳින එකාට දෙවි පිහිටයි :D
කන්තෝරුවලනම් පෙත්සම් කියන්නෙ අනිවාර්ය අංගයක්. ඒත් ආදරේ ලබාගන්න ගහපු පෙත්සමක් ගැන ඇහුවමයි.
ආදරේ තරම් පටු කුහක ආත්මාර්ථකාමී සුන්දර දෙයක් තවත් නැහැ
ravinumal
ඔබ හරි රවි... මම කතාව ලීවෙත් ඒ විදිහට තමයි. සුමුදු , දේවකගේ ආදරයට කැමැත්ත නොදීම නිසා ,දේවකගෙ සිතේ ඇතුවුන පසුතැවිල්ල තරහව ක්‍රෝධයකට පෙරලුනා. ඒක පිට කරන්න ඔහු කළේ “පෙත්සමක්“ යැවීමයි. දේවක දැනගෙන හිටිය ,එයින් සුමුදුගේ රැකියාව පවා නැති වෙයි කියලා.
නමුත් පසුව ඔහුගේම හෘද සාකක්ෂිය , ඇය පිටුපසින් ගොස් ඇගේ දුක සැප සොයා බැලීම නිසාම ඔවුන් දෙදෙනා පෙම්වතුන් උනා.
නමුත් කෙදිනක දි හරි , තමන්ට විරුද්ධව පෙත්සම ක් ගැහුවේ තමන්ගේ ආදරණිය පෙම්වතා ස්වාමියා කියල දැන ගත්තොත් ? ඇත්තටම මොනා වෙයි ද? ඒ බය නිසාම පැරණි යතුරු ලියනය නොහිතනා වටිනාකමකට ගන්න ඔහුගේ සිත පෙළඹුනා.
ආදරය ආත්මාර්ථකාමී
හැම දෙයටම වැඩිය මම දකින්නේ සොදුරුගේ ලිවිල්ලේ අපුර්වත්වය.... එහෙම්පිටින්ම ඒ පරිසරයත්..... පුද්ගලයනුත් අපේ හිතේ මැවෙනවා... ඒ හේතුවෙන් නොදැනිම කථාව ගලාගෙන යන අතර ඒ චරිත අපේ මනසේ ජීවත් කරවනවා..... හරිම අපුරුයි..... ලියවිල්ල...
ආදරේ කොහොමත් ආත්මාර්ථකාමියි... එකේ ආයි හෝදන්න දෙයක් නැහැ... මමත් ඔය ගැන ලියලා තිබුනා මතකයි..... ජය !!!!
මටත් බොහොම සතුටුයි කථාවෙ ඇතුලාන්තය මා තේරුම්ගත් ආකාරයම වීම ගැන. ඔබේ නිර්මාණාත්මක බව කදිමයි.
නිර්මාණශීලි කතාවක්. සත්ය,ය සිදුවීමත්, මනඃකල්පිතයත් ඉතාමත් නිර්මාණාත්මකව ගලපා තියෙනවා. මේ කතාවේ "දේවකගෙ" චරිතය ආත්මාර්ථකාමී චරිතයක්. මේ ආත්මාර්ථකාමී ප්රේනමය පිළිබඳව ගැයුණු වික්ටර් සංගීතවත් කර ගැයූ මනරම් ගීයක් මට මතක් වෙනවා. බණ්ඩාර කේ.විජේතුංග ගීතයේ රචකයා. මේ ගීයේ ඉන්නෙ "දේවක" වගේ චරිතයක් නේද කියලා මටම හිතෙනවා.
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ
අනිකෙකු නෙත් ඔබ මුව මත ගැටෙතැයි
මා හද බිය වී සැලී සැලී යයි
මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙමි
හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද
සොමි සඳ ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම්නැත
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හමුවිය යුතු නැත
හැබැයි මේ වගේ ආත්මාර්ථකාමී පෙම්වතුන්ගෙන් පරිස්සම් විය යුතුයි. යම් අයුරකින් අතරමග දි ආදරේට නැවතීම තියන්න වුණොත්, කෙළවර වෙන්නෙ මරණයකින්
ඔවු... තමන්ට නොලැබෙන ගොඩක් දේවල්, අනුන්ට අයිති වෙනව බලා ඉන්න සමහරුන්ට බැහැ. ස්තූතියි ඩීන් අයියා.
කෙටි කතා ලියන්න ඕනි , අන්තිම අවසානය කියවන පාඨකයාට හිතා ගන්න ඉඩ හැරලලු.එහෙම බැලුවම මම සාර්ථකයි කියල හිතන්න දිනේෂ්ගේ කමෙන්ටුව ඉහවල් වෙනවා.ස්තූතියි ඩිනේෂ්...හැමදාමත් මේ පැත්තෙ ඇවිත් යනවට විතරක් නෙමෙයි...වටිනා කමෙන්ටුවකුත් ලියල යන එකට....
ඔවු... මිනිස්සු තමයි හඳුනා ගන්න අමාරුම සත්ත්ව කොට්ඨාශය. ස්තූතියි පවන්.
ලීල් ගුණසේකරයන්ගේ පෙත්සම කතාව මතක් වුණා. ඒත් ඒකට වඩා වෙනස් සුන්දර කතාවක් මේක :)
දේවක ඒ තරම් දරුනු වැඩක් කරල නිකම් හරි සුමුදු මිස්ට රස්සාව නැතිඋනානම් එහෙම.
මටනම් හිතෙන්නෙ නෑ දේවක තුල නියම ආදරය කියන උතුම් හැඟීම තිබුනා කියල. පව් සුමුදු අහුවුනා. දේවකලා වගේ අයනෙ අද දවසේ තුවක්කුව අරගෙන ගිහිල්ලා වෙඩිතියන්නෙ.
ඔබ තුමියගෙ තවත් අපූර්වතම නිර්මාණයක්.
ටයිප් රයිටරේ අකුරක් වැඩකරන්නෙ නෑ කියල දැනගත්තු නිසාම කොහොමද අපි හරියටම කියන්නෙ ඒ පෙස්සම යැව්වෙ දේවකමයි කියල ?
මට මොනවහරි මඟෑරිලද
කිව්වත් වගේ ආදරේට කරන දේවල් කලින් හිතාගන්න බෑ සමහර වෙලාවට. ඒත් හොඳට හිතල බැළුවොත් ඒ හැමදෙයක්ම කරල තියෙන්නෙ ආදරේටමද කියලත් හිතෙනව
goda davasakin aye awe.mulinma aave oya balanna.man oyage writing style ekata hari aasai.
දේවකය යකෙක්නෙ.. ඒකත් මරු තියරිය..
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.