නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Friday, January 13, 2012

෴ ආපසු හැරෙමි / My divergence ෴




වෙනදාටත් වඩා , පාළුව මට දැනෙනවා
ඝන කළුවර ඇවිදින් ,මයෙ ඇහැට අනිනවා
රැහැයියෙක් මූසල , හිත පහුරු ගානවා
නුඹ දුන්න කඳුළක් , තරුවක් ව දිලෙනවා
ඉවර නැහැ තවත් , ගොඩක් දේ තියෙනවා
තිතක් නොතබාම , මම ඉතින් හැරෙනවා
ආදරෙයි හැමදාම , කවුරුදෝ කියනවා

ආපසු හැරුන
මම
෴ සොසී ෴


ප:ලි:-සැමදා මත් , මම ලියන දෙය ඉංග්‍රීසි බසින් මාතෘකාවට කැටි කරන රවි අයියාට ස්තූතියි.

18 ප්‍රතිචාර:

  1. මංපෙතේ පානැඟූ නුඹ දෙස,
    බලා සිටියෙමි වනපෙතේ සැඟව,
    ආදරෙයි මම කෙඳුරුවෙමි රහසින්,
    ඇසුණේ මටම පමණකි ඒ හඬ,

    මංපෙතේ කෙළවර ට සපැමිණ,
    නැවත හැරෙනා නුඹ දෙස,
    බලා ඉඳිනෙමි දෙනෙත් දල්වා,
    ආදරෙයි හැමදාම කීවෙමි හඬගා,

    ReplyDelete
  2. වෙනදා වගේම ලස්සනයි අදහස.....

    ReplyDelete
  3. ආපසු හැරීම.. හ්ම්ම්ම්.. ඒතරම් හොද දෙයක්ද කියලත් හිතෙනවා.. ආ මග දිගුයි.. ආපහු ඒ මගේ ආපස්සට යන්න...

    ReplyDelete
  4. මං නං .. අඩියක්වත් තියන්නෑ පස්සට..

    ReplyDelete
  5. හිතන්නෙපා මං මේ කියන්නේ බොරුවක් කියලා ,මේක මගේ ජීවිතේ ඇත්තම සිදුවීම ,

    මං පොඩි කාලේ ඉදලා ආදරේ කරේ එක කෙල්ලෙක්ට විතරයි ,අපි ගොඩක් කල් ආදරේ කළා ,ටික කාලයක් යද්දී එයා එකපාරටම අසනීප උනා ,හේතුව බලද්දී ගර්බාශයේ ගෙඩියක් ,මං රටේ හොදම දොස්තරලා ලගට අරන්ගිහින් එයාව සනීපකලා ,ඉන්පස්සේ අපි බැන්දා ,බැදලා ටික දවසකින් මං අසනීප උනා.ඒක නිසා මට තාත්තා කෙනෙක් වෙන්න බැරිඋනා ,මේ කාලේදී එයා වෙන මිනිහෙක් එක්ක ගියා ,ඉතින්

    ප්‍රේමය නම් රාගයෙන් තොර සද එලිය සේ අචින්ත්‍යය් කියලා තියෙන්නේ බොරු නේද ,ඒත් මං අදත් හෙටත් හැමදාමත් එයාට එකවගේ ආදරෙයි ,මගේ යාළුවො ඔක්කොම කියන්නේ මං මහා මෝඩයෙක්ලු ,ඔයාලත් හිතන්නේ එහෙමද ?

    ReplyDelete
  6. Ravi
    මම ලියන කවියට , හැමදාමත් වැඩි වටිනාකමක් එකතු කරන රවි අයියාට ස්තූතියි.

    ඔබ නොදු‍ටු ලොවක්
    වෙනද වගේම ස්තූතියි..........

    Dinesh
    ඒ උනාට, හැරෙන්නෙ නැතිව දිගටම යන්න තියෙනම් හොඳයි නේද ?

    පැණි දොඩම්
    අන්න හොඳයි.එහෙම තමයි ඉන්න ඕනි.ඟගක් වගේ. ආපසු හැරීමක් නැහැ. දිගටම යන්න.

    ReplyDelete
  7. Anonymous
    මිනිස්සු විවිධාකාරයි...
    එයාට කවදාහරි හදවතට දැනෙන දවසක් ඒවි.එදාට එයා ප්‍රමාද වැඩි වේවි.ජීවිතේ එහෙම තමයි.

    ReplyDelete
  8. ලස්සනයි අක්කේ ....... ඔයාට නියම අදහස්නේ තියෙන්නේ.... නරකද ඔයා ගේ සුරංගනා කතා ටික එකතු කරලා අපේ පොඩි පර පුරට පොඩි පොත් පිංචක් තිලිණ කරොත්.... පොඩි අය විතරක් නෙමේ මාත් ඒවා හරියට රස විදිනවා......

    ReplyDelete
  9. කෙටි කවියක් ගැඹුරු විරහවක්..

    ReplyDelete
  10. පේළි දෙකකින් ලොකු කතාවක් කියලා වගේ. ලස්සනයි, හැබැයි දුක හිතෙනවා....

    ReplyDelete
  11. රිප්ලයි ඔප්ශන් නෑ.?

    ReplyDelete
  12. කාලෙකට පස්සෙ කියවන්න ලැබෙන්නෙ .. මගෙ පරිගණකයට හැදිල තිබිච්ච අකුරු ලෙඩ හොඳයි දැන්, ධනික මල්ලි හදා දුන්නා. මඟ හැරිච්ච ඉතිරියත් කියවාගෙන යන්නම්.

    ReplyDelete
  13. මම නම් හිතුවේ නෑ සොඳුරු හිත අපහු හැරේවි කියල!:p

    ReplyDelete
  14. හරිම ලස්සනයි..අද තමා මේ පැත්තට ආවේ..ඔන්න මම ඔයාගේ අලුත්ම යාලුවා

    ReplyDelete
  15. සොඳුරු සිතක් ආපහු හැරුනහම දරුණු සිතක් වෙනවලුද ?

    ReplyDelete
  16. soduru sitha oyage kavi hari lassanai.meka hugak lassanai.man hugak kiyawanawa oyage posts. me blog 1kata man dapu palaweni comment 1. hebei mata prashna 2 k tiyanawa.
    1. kohomada hemoma sinhala akuru walin comment danne? ehema dala tiyeddi mehema english akuren comment liyanna lejja hithenawa.
    2. Comment karana hemotama blog tiyenne kohomada? blog neti aya mewa kiyawanne nedda?

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ...
      ස්තූතියි මෙහෙම හරි කමෙන්ට් එකක් දැම්මට. ඒ වගේම මම ලියු දේ කියෙවන එකට. සිංහලෙන් ටයිප් කරන්න ඔයාට පුලුවන් මෙන්න මේ ලින්ක් එකට ගියොත්.

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      ඔයාගේ කමෙන්ට් එක මේ ලින්ක් එකට ගියහම එන උඩ කොටුවට පේස්ට් කරාම පහල කොටුවේ ඒක සිංහලෙන් පෙනේවි.ඊට පස්සේ ඒ ටික කොපි කරල අවශ්‍ය තැනට පේස්ට් කරන්න.

      මේ බොහොම සරල ක්‍රමයක්. මම භාවිත කරන්නෙ කෙලින්ම සිංහල ටයිප් කරන එක. ඉස්සෙල්ල මේක කරල බලන්න කෝ.

      Delete
    2. ස්තුතියි මට රිප්ලයි කරාට හුගාක්.ඔයා කියපු විදියට හරියටම හරි ගියා..
      -දයාබර ඈනො...

      Delete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.