නුඹට අයිති නුඹ ළඟ නැති එකම කවිය මම..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Wednesday, January 25, 2012

෴ නාකි හුරතලේ ෴


හුරතලේ කීව ගමන් මතක් වෙන්නේ , පුංචි මල් වගේ සුරතල් දරුවෝ. බිමින් තියන්න බැරි ,ඒත් බිමින් තියල අමතක කරල දාන්න වෙන පුංචි කාලේ , එහෙම මඟ දාලා ආවාට මහ මිනිස්සු උනාට පස්සෙත් හිත යට ගුලි වෙලා ඉන්න හුරතල් වෙන්න ආස කරන පොඩි එකා විටින් විට මතු වෙන්නේ අපිත් දන්නෙ නැතිව. පුංචි දරුවන් වගේම වයස් බේදයක් නැතිව ගැහැණු අයත් සුරතල් වෙනේක අපිට අමුත්තක් නොවුනත් , අතපය හතර දිග ඇරුනු ඇඟ පත සද්දන්ත මහ පිරිමි අයත් සුරතල් වෙන්න කැමැති. පිටතට පේන ගොරෝසු ගතියත් නපුරු රුද්‍ර ගතියත් හිම පියල්ලක් වගේ දිය වෙලා යද්දි බොහොම ළාමක සැබෑම සොඳුරු පිරිමියෙක් , තමන් ආදරය කරන ගැහැණිය ළඟ දි මොහොතකට හරි හුරතල් වෙන්න ආස නැහැ කියලා කාටවත් කියන්න බැහැ.

කලකින් අප හමුවූයේ
සුවඳයි නුඹ පෙර වාගේ
ගිම්නිවන්න හිතේ මගේ
ඉඩ දෙනව ද ඔඩොක්කුවේ

දිගැටි සිහින් ඇඟිලි තුඩින්
පිරිමදින්න විට දි සෙමින්
දැනේ නුඹේ සෙනෙහෙ තරම
ගිනි ගන්නා සිතට සෙමින්

වැට කොටු නැති ඉදිවීලා
ඇස්පිය යට ගුලි වීලා
නුඹෙ සෙනෙහස බිඳෙන් බිඳම
ගෙන මා පොහොසත් වීලා

දිග කතාවෙ තැනින් තැනට
හ්ම් ....හ්ම්..... මගෙන් තමයි
වදනක මතකයෙ නැති වද
නෙත් දෙක නුඹගෙන්ම පිරෙයි

ආදරයක් වැඩි වීලා
කාලෙකිනුත් හමුවීලා
නුඹ ළඟ සුරතල් වෙද්දී
ලෝකය අමතක වීලා

නුඹෙ කතාව නැවතීලා
සිහින් උණුසුමක් දැනිලා
ලොව නවතින මොහොමතක දී
පොපියන තොල් මුණගැහිලා




ජීවිතේ සුන්දර වෙන්නේ හරිම පුංචි දේවල් වලින් , ඒත් අපි සුළුවෙන් තකල අමතක කරල දාන්නෙත් ඒ දේවල්ම නේද.


සුරතල් කොරුමට නිති නුඹ
මඟ බලනා 

මම
෴ සොසී ෴

22 ප්‍රතිචාර:

  1. අමුම අමු ඇත්ත. ඇත්ත ආදරය ලැබීමට හෝ කිරීමට වයස ප්‍රශ්නයක් නොවන්නේමය. ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාතලන්.....
      මාතලන්ගේ අර ලිස්ට් එක නවීන තාලයට හදමුද. මොකද ඒකේ තියෙන සමහර දේවල් අදට වලංගු නැහැ. ස්තූතියි....

      Delete
  2. පිරිමියක්ට විතරමද ඒ වගේ ආසවල් තියෙන්නේ??:/
    (දන්නැති නිසා අහන්නේ:) )

    ReplyDelete
    Replies
    1. ඇයි මම ඒ ගැන ලියල තියෙන්නේ.... පුංචි ළමයි සුරතල් වෙනවා.ඒක එයාලගේ වයසට එයාලටම හිමි දෙයක්.
      ගැහැණුත් සුරතල් වෙනවා.ඒකට ඉතින් වයස් බේදයක් නැහැ. ඇතැම් පිරිමිත් ඉතින් ඒකට මනාපයි.
      නමුත් පිරිමි හිතින් කොයි තරම් හුරතල් වෙන්න කැමැති උනත් බොහෝ දුරට ඒ බව පෙන්වන්නේ නැහැ.ඒකයි මම මෙහෙම ලීවේ.

      Delete
    2. "ලොව නවතින මොහොතක දී
      පොපියන තොල් මුනගැහිලා"

      කියන කොට මට තව සින්දුවක් මතක් උනා

      ආ.... රචනාව හරී ලස්සනයි.. ඒකනෙ මේක කෙ‍ටුවෙ...

      http://www.youtube.com/watch?v=aZE0CMTS6b4

      X-Porter

      Delete
  3. හ්ම්ම් ඇත්තම ඇත්ත..මේ වගේ පුංචි පුංචි සිදුවීම් තමයි ආදරේ බැඳීම් වැඩි කරන්නෙ..
    කීප වතාවක්ම කියෙව්වා..මට මගේ ආදරේ මතක් වුනා..හරිම ලස්සනයි..

    ReplyDelete
  4. හරිම ලස්සනයි සොසී. අතීතයට ගියා .

    ReplyDelete
  5. ලස්සන අදහසක්!!! කවි පෙළත් ලස්සනයි.
    අපි කවුරුත් කැමතියි හුරතල් වෙන්න. මං හිතන්නේ ඒක මනුස්ස ස්වභාවය කියලා...



    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  6. ආදරේ ලබන්න වයසේ සීමාවක් නෑලු.. ලස්සනයි අක්කේ කවි පෙල..

    ReplyDelete
  7. ලස්සනයි ගොඩක්! ආදරය කියන සංසිද්දීයේදි/ඒ සිතුවිල්ල ජනිත වීමේදි වයස ආගම කුල මල වලංගු වෙන්නේ නෑ කියන එක සදාතනික සත්‍යයක්!

    ReplyDelete
  8. ‘තමන් ආදරය කරන ගැහැණිය ළඟ දි මොහොතකට හරි හුරතල් වෙන්න ආස නැහැ කියලා කාටවත් කියන්න බැහැ’
    මෙන්න මේ කතාවට නම් මම විරුද්දයි වත්...
    මොකද .. මම ගැහැණු හුඟදෙනෙකුට ආදරය කරන නිසා ...
    තමන් ආදරය කරන ගැහැණු කියල වෙනස් වුනා නම් කොතරම් අගේද ...?

    ReplyDelete
  9. හ්ම්ම් හරිම ලස්සනයි අක්කි

    ReplyDelete
  10. ඔව් පැහැදිලි ඇත්ත.... අපුරු කවි පෙලක් සොඳුරු.... හැමදාමත් වගේ විඳින්න ලියලා තියනවා...

    ReplyDelete
  11. මේ ඔය ගැන මම ලියපු එකක්.. මීට ටික කාලෙකට උඩදී...

    http://jbasnayaka.blogspot.com/2011/11/blog-post_14.html

    ReplyDelete
  12. මේක දෙත්න් පාරක් කියෙව්වා. ඊට පස්සෙ කල්පනා කළා අද මොනවද ලියන්නෙ කියලා. මේ තියෙන්නෙ
    "" කොලොම්තොට නැත මහලුවී
    අවන්හල නැත පැරණිවී
    එදා හඳමයි අදත් යෞවනයේ
    එහෙත් අප දෙදෙනා
    බලන් කැඩපත සොඳුරියේ...

    පෙරුම් පුරමින් හමුවෙලා
    උනුන් රහසින් බැන්ද ආදර පෙම්
    බලන් කැඩපත සොදුරියේ
    පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා...

    කුඹ ගසක් උඩ නැවතිලා
    සිනා තලමින් සඳේ ඇයි සරදම්
    බලන් කැඩපත සොඳුරියේ
    කුමන අරුමද නර කෙසක් නැඟිලා.....

    ලූෂන්, කපුගේ, අමරදේව.....තුන් ඈඳුටු වයස..

    ReplyDelete
  13. //අතපය හතර දිග ඇරුනු ඇඟ පත සද්දන්ත මහ පිරිමි අයත් සුරතල් වෙන්න කැමැති. පිටතට පේන ගොරෝසු ගතියත් නපුරු රුද්‍ර ගතියත් හිම පියල්ලක් වගේ දිය වෙලා යද්දි බොහොම ළාමක සැබෑම සොඳුරු පිරිමියෙක්.. //

    සහතික ඇත්ත...
    ලෝකෙට නොපෙනෙන ඒ හුරතලේ ආයෙත් පස්සේ කාලෙකදී පුංචි මුනුපුරෙක් මිනිබිරියක් ලඟදි ආයෙත් එලියට එනවා හැමෝටම පේන්නම

    ReplyDelete
  14. ආදරේ ඉදිරියේ හැමෝම හුරතල් වෙන්න කැමති. ඒක ගැහැණු , පිරිමි බේදයක් ඇත්තේම නෑ. අම්මලා තාත්තලා වගේම ආච්චිලා සීයලත් මෙහෙම හුරතල් වෙන්න කොල්ලො කෙල්ලො වගේම කැමතියි. ලස්සන සටහනක්. මේවා දැනෙන්නේ සොඳුරු හිතකටම තමා.

    ReplyDelete
  15. අපේ සඟිස්කෘතිය හරස්වෙච්ච සොඳුරු අදහසක්!

    henryblogwalker the Dude

    ReplyDelete
  16. හුරතල් වුණෙමි ඇති පදමට මා බාලේ
    ඉඳ හිට දැනුත් පොඩි දෙන්නා නිදි වේලේ
    සිහියට නැගුන පොත මට නම් මේ වේලේ
    පෙරදා කියවු කොළරා කාලේ ආලේ

    ReplyDelete
  17. මටත හුරතල් වෙන්න්න ආසයි එත් වයස තමා ප්‍රශ්නේ..

    ReplyDelete
  18. ඇත්ත කතාවක් !

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.