
5 එස් වලින් පටන් ගත්ත ගමන ,ඵලදායිතා තරඟ හරහා ගිහින් දැන් ISO සහතිකය පවා ගත්ත කාර්යාලයක් බවට පත් වෙලා. දැන් උනත් කාර්යාලයට දොස් කියන මහජනයා නැතිවම නෙමෙයි.ඒත් බොහෝ විට ඒ කාර්යයන් ප්‍රමාද වෙන්නේ ඔවුන්ගේම වරදින් , ලියකියවිලි අඩුවෙන් ගෙනාවම කොහොම ද වැඩ කරල දෙන්නේ ?
හරි , ඒක නෙමෙයි සොඳුරු අද කියන්න යන්නේ. සොඳුරුට මේ රැකියාව ලැබුනෙ බොහොම අහම්බයෙන්. ඇත්තටම වාසනාවට. ඒත් දැන් සොඳුරු ආසාම රැකියාවට යන්න සොඳුරුට කැඳවීමක් ඇවිත්.... දෙවියනේ , මම ආසම රස්සාව. කැඳවීම් ලිපිය දැක්කම සොඳුරු ගෙ හිත හෝ හෝ ගෑවා. ඇස් වලට කඳුළු පිරුණා. බඩේ සමණල්ලු රංචුවක් පියාඹන්න ගත්තා.
දැන් කරන රැකියාවට වඩා අලුත් රැකියාවේ වැටුප අඩු වෙන්න පුලුවන් ,සමහර විට දිගටම ඒ වැටුපෙන් පටන් ගන්නත් ඉඩ තියෙනවා. ඒ මොනවා නැතත් , සොඳුරුට සොඳුරු කැමැතිම රැකියාව නොලැබී යන්නත් පුළුවන්. සොඳුරු කැමැති ගොඩාක් දේවල් සොඳුරුට නැති වුන එකේ ඕක මොකක් ද කියලා සොඳුරුට හිත හදාගන්න බැරිකමක් නැහැ. ඒත් සොඳුරු ආසම රැකියාව.
ගුරුතුමියක් වෙන්න . උසස් පෙළ ළමයින්ට ජීව විද්‍යාව රසායන විද්‍යාව උගන්වන්න. ඒ ළමයින්ගේ සොඳුරු බලාපොරොත්තු ඉටු වෙන්න රැකුලක් වෙන්න මට පුළුවන් වුනොත්. . . .
සොඳුරුගෙ සිහින වැඩිය නැහැ. ඒ අතරින් මේ පුංචි සිහිනය ඉටු වෙන්න කියලා ,සොඳුරු කවදාවත් නැතිව පන්සලුත් ගියා. සොඳුරුට ලෙංගතු සොඳුරුත් ලෙංගතු කෙනෙක්ට මේ බව කීවට කිසිම ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුන එක සොඳුරුට ගෙනාවේ දුකක්. . . . ඒ නිසා ගෙවල් ගාව හවසට හවසට කිචිබිචි ගාන පුංචි කුරුල්ලන්ටවත් මේ ගැන කියන්න සොඳුරුට හිතුනා.
සොඳුරුගෙ ලොව එළිය කරන්
සතුට අරන් එන්න ඉතින්
සිහින කුරුල්ලෝ
ඒ සිහිනයෙ පාට අරන්
කළු සුදු ලොව පාට කරන්
කඳුළු උනන උල්පත
නවතමුද කුරුල්ලෝ
පතන පැතුම් බොළඳ සිතුම්
හැම ඉටු වෙන නොවෙන බවත්
සොඳුරු දනියි නැහැ සිත දුක
තවත් කුරුල්ලෝ
සිහින ලොවින් මෙපිටට එන
සොඳුරු සිතක එකම පැතුම
ඉටු කරන්න දිරිය දෙන්න
පුංචි කුරුල්ලෝ


52 ප්‍රතිචාර:
යන තැන ජයෙන් ජය වේවා!
හිත දෙගිඩියාවෙන් නේද...?
ඒත් අර අන්තිමට ලියපු කවිපෙළ හරිම ලස්සනයි.... මං හරිම ආසයි ඒකට....
එල.
අලුත් වැඩේ සාර්ථක වෙන්න ඕන අක්කේ..ඒකැ නෙවයි බඩේ කොහොමැයි සමනල්ලු පියාබන්නේ :O
සල්ලි නෙමෙයි ජීවිතය කිව්වට යථාර්තයනම් සල්ලි නැතුව දැන් කිසිම දෙයක් කරන්න බැහැ.
ඒත් සතුට කියන දෙයත් ගොඩක් වැදගත් ... තීරණය ඔයාගේ අතේ සුභ පැතුම් ...
ප/ලි : අන්තිමට ලියපු කවි ටිකනම් නියම ඈ ...
පැතුම ඉටු වේවා!
අක්කගේ මේ අළුත් ප්‍රාර්ථනාව සාර්ථක වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා අක්කේ..
මේ ලෝකේ ඉතාමත්ම ගෞරවාන්විත රැකියාවක් තමයි "ගුරු" වරයෙක් වෙනව කියන එක.. ලැබෙන මුදලට එහා ගිය මහා වටිනාකමක් ඒ තුල තියෙනව...
මම සලකන විදිහට, ගුරු කම කියන්නේ, තමුන්ටත් පලක් ඇති, තමුන්ගෙන් ඉගෙනගන්න දරුවන්ටත් පලක් ඇති, රටටත් පලක් ඇති, තමුන්ගේ පරලොවටත් පලක් තියන දෙයක්... ඇත්තටම ඒක රස්සාවක් නෙවෙයි.. සේවයක්...
හැබැයි ගුරුවරියක් උනහම ලොකු කැප කිරීම් ගොඩාක් කරන්න වෙනව... සමාජය ඒක බලාපොරොත්තු වෙනව... අඳින ඇඳුමේ ඉඳන් ඔබේ දරුවාටත් මේ කැප කිරීම කරන්න වෙයි.. ඒත් ගුරු වරයෙක් වෙන්න හැමෝටම බෑ.. ඒකටත් ඔබට වගේම පෙර - පින තියෙන්නත් ඕනේ.. . අනාගතයට සුභ පතනව.. !!!
අළුත් රැකියාවට සුභ පැතුම්.... ජයෙන් ජයම වේවා!!
ජීවිතේ කරන්න වැඩියම ආසා දේ රැකියාව විදියට කරන්න ලැබෙන එක තරම් සතුටක් වෙන කොයින්ද... සුභ පැතුම්..!
දහසකුත් ජීවිතයන්ගෙ දෑස් පාදන්නට.. හදවතින්ම සුබ පැතුම් ප්‍රාර්ථනා ඉටුවෙන්න..!!! :)
හැමෝම වගෙම මමත් මගේ හෘදයාංගම සුබ පැතුම එකතු කරනවා මේ මොහොතේ.. අලුත් බලාපොරොත්තුවට, අලුත් ප්‍රාර්ථනයට, අලුත් ගමනට," සොඳුරු සිතුවිලි" වලින් පිරුණු අලුත් දවසක නැණ නෙත් පාදන්න පියවර තබන ඔබට.. හෙට දවස තව තවත් අරුත්බර වේවි.. ඔබේ අලුත් බලාපොරාත්තුවෙන්...
නන්දාගේ මේ ගීයත් ඒ සුබ පැතුමමයි...
"වාසනවාවන්.. වාසනාවන්,.
ඔබේ දිවි මග වාසනාවේ
සුවහසක් මල් පිපේවා
ඔබේ ලෝකය පීපී කුසුමින් දිලේවා".....
ගුරු උත්තමාවියක් වෙන්න සුබ පතනවා!
ඔයාගෙ පෝස්ට් මගෙ රීඩරේ අප්ඩේට් වෙන්නෙ නැහැ නේ.......
All the best! :-)
සොඳුරුගෙ ජීවිතේ මේ සොඳුරු සිහිනය සඵල වෙන්න කියල මමත් හදවතින්ම සුබ පතනවා ඔයාට..
When a person really desires something, all the universe conspires to help that person to realize his dream.
~The Alchemist
සුභ පැතුම් සොඳුරු අක්කේ. ඔයාගෙ මේ හීනෙ සැබෑ වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව.
මගේ සුභ පැතුම්!
හැබැයි පැන්ෂන් ගන්න දවස වෙනකං උගන්න උගන්න නම් හිතන්න එපා.
යන්න අධ්‍යාපන පරිපාලන සේවයට.
අනික දැන් ඇම්ඇස්සී එක අහවර කළාම විවියකට වුනත් යන්න බැරියැ?
ඔබට ජය... ගුරු සේවය උතුම් ! සතුටුයි ඔබේ ආසාව ඉටු වුන එකට.
මගෙනුත් ඔන්න සුබ පැතුම් ...
කියන්න ඕන ඔක්කොම අනික් අය කියල තියෙන නිසා.. මගෙන් සුබ පැතුම් විතරයි.
සුභ පැතුම්..!
අක්කා, මුල් ටික කියවද්දිම මට හිතුන ගුරු පත් වීමක් වෙන්න ඇති කියල... තව කෙනෙක්ගෙ නුවණ පාදන එක මොන තරං උතුම්ද... ඒ වගේම තමන් ඇත්තට තෘප්තිමත් වෙන රස්සාවක් කරන්න ලැබෙන එක තරන් වාසනාවක් තව කොයින්ද... ජීවිතේ ඉදිරියටම යන්න... මගේ හද පිරි සුභ පැතුම් ඔයාට...!!!
හැමදේම වෙන්නේ හොදට අක්කේ. වෙන්න තියෙනවානම් දෙයක් එක වෙනවාමයි.. ජය
සුභ ගමන්...!!!
සුබ පැතුම්! ජීවිතේට වාසනාව සතුට සැනසුම ලැබේවා.
ස්තූතියි හරී...... ඔබ කරමින් සිටි රැකියාවට මට යන්න ලැබේවිද දන්නෙ නැහැ.
ස්තූථියි මියුරු...
ස්තූතියි හිශාන්....
ස්තූතියි... චම්මාගේ බඩේ සමණල්ලු පියාඹලා නැතෙයි.කෙල්ලෙක් ආදරෙයි කීව වෙලාවෙ වත්...
ස්තූතියි ශානු..... සල්ලි වැදගත් තමයි. ඒත් අනේ මන්දා.
ස්තූතියි අරුණී අක්කා...
ස්තූතියි ඩිනේෂ්.............
ස්තූතියි නඳුන් ..... ඇත්ත මට ඒ බව වැටහුනේ , සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ පාඩමක් උගන්වන්න සිද්ද වුන වෙලාවෙ තමයි. ගුරුවරයෙක් දියුණු කර ගත යුතු හැකියාවන් බොහෝමයක් තියෙනවා. දරුවෙක්ගෙ අනාගතය තීරණය කරන ක් ප්‍රධානතම සාධකයක් තමයි “ගුරුවරයා“
ස්තූතියි තරූ...
තවම රැකියාව ලැබුනේ නැහැ.... ඉන්ටවීව් ගියා විතරයි. බලමු.
මේ වගේ හෘදයාංගම සුබ පැතුම් තියෙනම් හැමදාමත් අපි දිනනවා.ස්තූතියි ආයෙමත්.
ස්තූතියි බීටල්.... කීවත් වගේ. තමන් ආසම රැකියාව ,තමන් කරන්න ආසම දේ ලැබෙන්නෙ කී දෙනාට ද? ඔයා දන්නව ද . මම හඳුනන ගැහැණූ කෙනෙක් හිටියා හොඳ රැකියාවක් කරා. පඩිත් හොඳයි තනතුරු නාම ඔක්කම හොඳයි. නමුත් හිටි ගමන් වේලාසන ඇය එම රැකියාවට සමු දුන්නා.ඒ මොකද දන්නව ද.ඇගේ විනෝදාං‘ශය වෙච්චි වගාව (මල් සහ පලතුරු) කරගෙන යන්න. දෙයියන්ගෙ පිහිටෙන් ඇයට මුදල් ප්‍රශ්ණ නැති නිසා හොඳයි ඉතින්.
ස්තූතියි නන්ඳු... අවංක ආශිර්වාද මට දෙන්නේ දිරියක්...
ස්තූතියි දයා අයියේ.... නුඹේ උදවු කිසිවිටෙක දි අමතක වෙන්නෙ නැහැ.ස්තූතියි කියන වචනය විතරක් ඒකට මදි.
වැඩේ කියන්නේ , මං මොනවා ලීවත් අයියට ඉතින් ඒකට හරියන්න සින්දුවක් නම් තියෙනවාමයි. අයිය හරියට රේඩියෝවක් වගේ.මම කියන්නේ එෆ්එම් රේඩියෝ නෙමෙයෙි හරිය.
:) Thank You Nuwan.
Ah .......... ඒ මොකද ඒ. ?
ස්තූතියි යාළු....
සිත්රූ ..ස්තූතියි ..මගේ සිහින සැබෑ කර ගන්න එකතු උනාට...
ස්තූතියි පරිකල්පන.
ස්තූතියි කතන්දර. ඇම්ඇස්සී එක නතර කරන්න හිතෙනවා. හෙහ්. මඩේ සිටවූ ඉන්න වැනි මගේ හිතට.
තවම ඉන්ටවීව් ගියා විතරයි අනිත් කොණ... බලමු ඉතින්. ස්තූතියි මගේ පැතුම ඉටුවෙන්න පතපු නුඹේ පැතුමට.
කුමාරයෙක් මට සුබ පැතුවමයි ඕං.ඒ නිසා මගෙ පැතුම ඉටු වෙයි වගේ. ස්තූතුයි කුමාරයෝ.
අහා.... සෑහෙන පරණ යාළූවෙක් මට සුබ පතන්නම මේ පැත්තේ ඇවිත් වගේ.ඒ නිසාම මගේ පැතුම ඉටු වෙයි.ස්තූතියි චතුෂ.
ස්තූතියි අශී..... මිනිස්සු රස්සාවල් නිසා කලකිරෙන කාලයේ , සිත සතුටින් තමන් කැමැති රස්සාවක් කරන්න ලැබෙනවනම් ඒක වාසනාවක්ම තමයි.
ඒක ඇත්ත වර්ණා ස්තූතියි ඔයාට.
ස්තූතියි ඔබ්සර්වර් පත්තරේ... හිහි.
ස්තූතියි චාන්දි..මා ලියන දේ ඉඩ ලද විටෙක විත් කියවා බලා පුංචි හරි සටහනක් තබා යනවාට ස්තූතියි ඔබට.
සොඳුරු අක්කා යන තැන සතුටු සිනා මල් පිපේවා !!
සොඳුරු ප්‍රාර්ථනා සුන්දර ලෙසම ඉටුවෙන්නට සුබ පැතුම්!
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.