..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Thursday, January 19, 2012

෴ නොනිමි සමුගැන්ම ෴


වෙනද ඉරමයි , වෙන ද මුහුදමයි අර පේන ක්ෂිතජයත් කලින් දුරම තමයි, ඒ බංකුවමයි , වෙනද වෙලාවමයි , ඒත් ඔවුන්  ?

වෙනදට බංකුවේ ඉතිරි වෙන ඉඩ අද නැහැ. ඒ වෙනුවට වැඩි වෙලා තියෙන්නේ දෙන්නා අතර පරතරය.

"ඔයා මුහු ද වගේ .... ඇයි හැමදාම එක වගේ ඉන්න බැරි. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මගෙ ජීවිතේට කියන්න බැරි තරම් සතුටක් වගේම , දරාගන්න බැරි තරම් දුකක් අරන් එන්නෙ ඇයි "

" මට ඕනි මා වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් "

" ලෝයර් කෙනෙක් ගමු "

" යන්න අනේ විහිළු නොකර "

" ඔයා දන්නව , මම ඔයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තෙ ඔයාගෙම හොඳට "

" අනේ මන්දා.. .යනවැයි කියල ගියාට මටත් යන්න බැහැ. ඒ  උනාට මට මෙහෙම තව ඉන්නත් බැහැ "

“ ඔයාට යන්නම ඕනි ද? “

“ ඉන්න කියන්න බෑ ද ? “

“ ඉන්න කීවට ඉන්නෙ නැහැනේ “

“ඉන්න කියල කියන්නෙත් නැහැ නේ “

“ ඉන්න කියන්න මට අයිතියකුත් නෑනේ “

“ විකාර , යථාර්තයේ ජීවත් වෙන්න බැරි නම් කෙහෙල්මල් ආදරයෙන් ඇති වැඩක් නැහැ මට. මම යනවා “

ක්ෂණයෙන්  හුන් තැනින් නැඟිට ගත් ඇය ඔහුගෙන් අඩි කිහිපයක් ඈතට යත්ම ,

“ බුදු සරණයි මැණික , පරිස්සමින් ගිහින් එන්න “

ඇය ගේ හදවත මොහොතකට නැවතුනත් , නෑසුන කණ් ඇතුව ඇගේ දෙපා ඉක්මන් වුනේ වැරදිලාවත් හදවත ට  අවනත වෙන්නට සිද්ධ උනොත් කියල හිතල වෙන්න ඇති.

ඇය නොපෙනී යනකම්ම ඇගේ පසුපසින් ගියපු ඔහුගේ නෙත් දෙක , තෙරක් නොපෙනන මුහුද දිහාට හැරුනේ  සුසුමක්  හෙලන ගමන්මයි, ඒ සුසුම නිසාමද කොහෙද මුහුදු අද්දර සුළඟ හිටි ගමන් වැඩි උනා. ඇයට දැනේ වි. ඔහුට හිතුනා.

මුහුද ඉර ගිල ගනිමින් හිටියා ,

නැහැ . . . .  මුහුදයි ඉරයි ප්‍රේමයෙන් වෙළෙමින් සිටියා.

ඉර මුහුදෙ ගිලුනට හෙට ආයෙත් පායනවා.

හීනියට මතු උන හිනාවයි , ගොම්මන් කළුවරේ උනත්  ඔහු ළඟින් තනිරැක්ක ඇගේ සුවඳයි අරන් ඔහු නැගිට්ටෙ , දැනට අවුරුදු ගාණක ඉදල තමන් එනකම් මඟ බලාන හිටිය , දැන් හවස ඇඳිරි වැටෙන කොටම දොර ජනෙල් වහල දාලා පොඩි උන් එක්ක ගෙට තුරුල් වෙන බිරිඳ සොයන් ද ?

“ අනේ මන් දා . . . . ! ! ! “ ඊට එහා බංකුවේ තනියෙන් හිටපු මට එහෙම හිතුනා.


In love the paradox occurs that two beings become one and yet remain two.”



එහා බංකුවේ තනියෙන් හිටපු
මම
෴ සොඳුරු සිත ෴

44 comments:

  1. කියෙව්වා ලස්සනයි ... අසම්මත ප්‍රේමයක් නෙව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Shaaanu ........ සම්මතය හා අසම්මතය කියන දේවල් සම්මත කරන් තියෙන්නෙත් මිනිස්සුමයි.ඒ සීමා ඉරි බිදගෙන යන්නෙත් ඒ මිනිස්සුම තමයි. දෙදෙනෙකුට එකවර ආදරය කරන්නෙ කොහොම ද කියන ගැටළුවට උත්තරයක් අපිට හිතා ගන්න බැරිත් මේ සම්මතය කියන රාමුවේ පුංචි කාලේ ඉදලම අපි හැදුන නිසා වෙන්න ඇති.

      Delete
    2. ඇත්ත සොසි මම ඔයා එක්ක එකඟයි .... මොකද අපි ඉපදුන හදුන වැදුන සමාජය මේක දිහා බලන්නේ එක රාමුවකට කොටුවෙලා, ඇත්තටම මේ ගැන තේරුම් ගන්න පුළුවන් අපේ පරම්පරාවේ අයගේ ඉඳලවත් එක රාමුවකට කොටු නොවී මේ ගැන විවෘතව හිතන්න කතා කරන්න වටපිටාවක් ගොඩ නැගීම බ්ලොග් ලියන ඔයාලගෙත් බ්ලොග් කියවන කොමෙන්ටු දාන අපෙත් වගකීමක් කියල මම හිතන්නේ.

      තව නවම් කියනවා වගේ පසු කාලීනව ඇති කරගත්ත සම්මතයට වඩා ආදරය පරණයි ... නවම් ලස්සන වැදගත් අදහසක් ...:D+++++++

      Delete
  2. ගොඩ කාලෙකට පස්සේ අද ඉතින් ආවා මේ පැත්තේ බ්ලොග් එකත් වෙනස් වෙලා ..

    ඒත් කතාවල අර පරන රසය නම් නොඅඩුව තියනවා ..ඒ වගේමයි අර එදා දැක්ක විරහවත් එහෙම් පිටිම්ම තියනවා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරු.... මොනව වෙනස් උනත් මම මමනෙ...

      Delete
  3. හ්ම්....
    අසම්මත කතාවක්...

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ මේ පැත්තට ගොඩවුනේ.. ඇත්තටම මේක අසම්මත ප්‍රේම කතාවක් ගැනද?.. සරල තේරුමක් දෙන්න බැරි බැඳීමක් ගැනද?...

    ReplyDelete
    Replies
    1. හැමදාමත් අසම්මත ප්‍රේම කතා කියන්නේ සරල තේරුමක් ගන්න බැරි බැදීමක් තමයි.එහෙම බැලුවොත් උත්තර දෙකම හරි. ස්තූතියි සාතන්

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. හමුවුනත් ආදරය
    තුරැල්ලට ලංකරන්
    සුන්දරව විඳගන්න
    ඉඩක්වත් නොමැති''''

    හිතේ දුක මුදා හැර
    ඇස කඳුළු පිටකරලා
    කෑගසා හඬන්නට
    ඉඩක්වත් නොමැති''''''

    තුරැල්ලට යන කලට
    ඔහු විඩා නිවන්නට
    ඔබව වළකාලන්න
    ඉඩක්වත් නොමැති.....

    අසම්මත පෙම්වතා

    මමමයි...

    මිය ගියද මා දිනෙක
    සමුදෙන්න මා හට
    කඳුලක් හෙළන්නට
    ඉඩක්වත් නොමැති....

    ගිලන් කල යහන ලඟ
    හිඳ මහිස පිරිමාද
    දිත සතපවාලන්න
    ඉඩක්වත් නොමැති....

    සිතේ ඇති පෙම් හැඟුම්
    නිදහසේ හෙළන්නට
    පෙම්වදන් මුමුනන්න
    ඉඩක්වත් නොමැති....

    අසම්මත පෙම්වතිය

    ඔබමය...

    මේ කාලෙකට කලින් මම ලියපු නිසඳැසක්... මේකට ගැලපෙනවා වගේ නිසා පල කරන්න හිතුවා... යමක් සම්මත හො අසම්ම්ත වෙන්නේ ඒ තුලින් වෙන හානිය පදනම් කරගෙන කියලයි මම හිතන්නේ.... ඒ ඇර කිසිම දෙයක් සම්මත හෝ අසම්මත වෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. http://jbasnayaka.blogspot.com/2011/10/blog-post.html

      Delete
    2. ඔවු “බස්සා“ ලස්සනට ලියනවා.ස්තූතියි බස්සා.ස්තූතියි ලොකු ජෝන්

      Delete
  7. මුහුද ඉර ගිල ගනිමින් හිටියා ,

    නැහැ . . . . මුහුදයි ඉරයි ප්‍රේමයෙන් වෙළෙමින් සිටියා.

    මෙන්න මේ ටිකට මම වැඩියෙන් කැමති

    ReplyDelete
  8. සොදුරු සිත වෙනස් වෙලා.. මම කිවුවේ පෙනුමෙන්.. අදහස් නම් වෙනදා වගේම ලස්සනයි..

    ReplyDelete
  9. ඔන්න මමත් ආව...ලස්සන කතාවක්...ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිත හොඳ පිස්සෝ

      Delete
  10. ප්‍රේමයට සම්මතද අසම්මතද කියන එකෙන් වැදගත් නෑ, මොකද ඒ නිර්ණායකය පවතින්නෙ ප්‍රේමණීය හිත් දිහා බලාන ඉන්න අනිත් හිත් තුල නිසා. සම්මතය ඇතිකරත්තෙ පසුකාලීනව, ආදරයට ඊටවඩා වයසයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඇත්ත. ආදරයට සෑහෙන වයසයි.ඒ නිසා වෙන්න ඇති ආදරයට දැන් හරියට අමතක වෙනවා....

      සම්මතය අසම්මතය කියල දේවල් වෙන් කරන කොට , මිනිස්සුන්ට හිතෙන්නෙ නැතිව ඇති,එයාලවම ඒ තුල හිරවෙනව කියලා.ස්තූතියි නවම්.

      Delete
  11. තහනම් ගහක ගෙඩි කෑමක්ද??
    තේරුනේ නම් එහෙමයි!:/

    ReplyDelete
    Replies
    1. තේරුනා හරි ... අපි මේ දුක් විඳින්නේ එයාල ඒව කාපු නිසා තමයි...හෙහ් හෙහ් ස්තූතියි නුවන් තාරක..

      Delete
  12. දම්පාටින් ලා සඳ බැසයනවා
    …ආකාසෙ රන්වන් පාටයි
    …සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    …නොදොඩා ඉන්නෙ ඇයි ?
    මටනම් මතක් වෙන්නෙ ඒක

    ReplyDelete
    Replies
    1. හ්ම්...ඔවු..බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්ඳේ තනිය මකා ගන්නයි ,එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා...

      ඒ උනාට ලොකු ජෝන්..මම ලියල තියෙන්නේ , නෙළුම් පතක රැඳි දිය බිඳුවක් සේ ළමැද තලා යහනේ ඉන්න කතාවක් නෙමෙයි.ගිනි මද්දහනේ මුහුදු වෙරළෙ ඉන්න කතාවක් ....ඔයා හරි ....

      ස්තූතියි ලොකූ...

      Delete
  13. පොඩි එවුන් මතක් වුනාම කෝමද 'ඉන්න' කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඔබ්සර්වර් මහත්තයව ඊයෙත් මතක් උනා. ඊයේ පරණ පොතක් හොයද්දි, “නවයුගය“ සඟරා ටික ඇහැ ගැටුනා....

      ඔවු... පොඩිවුන් නිසා ගොඩාක් පවුල් නොකැඩී තියෙනවා.ස්තූතියි ඔබ්සර්වර් මහත්තයෝ.

      Delete
  14. මම හිතන්නෙ නම් අසම්මත පෙමක් නෙමෙයි.මොකද...මම හිතන්නෙ පහු පහු වෙද්දි බංකුවෙ ඉඩ අඩු වෙලා දෙන්න අතර පරතරය වැඩි වෙන්නෙ නම් විවාහ වෙලත් ාලයක් ගත වෙද්දියි.අසම්මත කියල සම්මත වුන අයගෙ බංකුවෙ හැමදාම ඉඩ වැඩියි.දෙන්න අතර පරතරය අඩුයි.මම දැකල තියෙන්නෙ එහෙමයි.මොනව උනත් වත්.. නංගි ඔයා දැන් වෙනදටත් වඩා ලස්සනට ලියනව.කාලෙකින් සොඳුරුසිත දිගටම කියෙව්වෙ අද.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ..ඔයා කියන කතාවෙත් සෑහෙන ඇත්තක් තියෙනවා... අසම්මතය සොඳුරු වෙන්නේ නීතියෙන් බැඳිල නැති නිසාම වෙන්න ඇති.... ඒ නිසා තමා ළඟ රදවා ගන්න තියෙන උපක්‍රම ඔක්කම අනුගමනය කරනවා. ආදරය දෙනවා. ළඟින් ඉන්නවා... ජීවිතෙත් හැටි.ස්තූතියි ඔයාට සොඳුරු සිත බැලුවට වගේම කමෙන්ටුවකුත් ලියලම ගියාට.

      Delete
    2. සම්මතය කියන්නේ මේ ලොකේ මිනිස්සු හදගත්තු රාමුවක්,,, ඒ රාමුවෙන් මිදිලා හබෑවටම ආදරේ දකින්න හදන මිනිස්සු අසම්මතනම්,,, මමත් අසම්මතයි. ගොඩාක් ලස්සනට ලියලා තියෙනවා අක්කේ

      Delete
  15. මුහුදයි ඉරයි ප්‍රේමයෙන් වෙළෙමින් සිටියා.
    මෙ සිතුවිල්ල මරු ... මට දැනෙන විදියට නම්.

    ReplyDelete
  16. පෙම්වතුන් දෙන්නාගේ පැත්තෙන් නෙමෙයි, ගෙට තුරුල් වෙන බිරිඳගේ පැත්තෙන් මේ කතාව දිහා බැලුවොත්, "සම්මතය" ට නිර්ණායකයක් දෙන්න අපිට පුළුවන් වෙයි නේද?

    ReplyDelete
  17. හැමදාම ලියන කතා අතර හොඳ නිර්මාණයක්. අලුත් විදියට හිතන අලුත් විදියට දකින නිර්මාණාත්ම ඇසක්,කොහොම ළුුනත් මේ වගේ කතා කියවන කොට කොහෙන් හරි ගීයක් මතකයට එනවා. මේ ගීයත් මේ කතාව වගේමයි. වැඩිය අහල නැතුව ඇති. ලස්සන මියුරු ගීයක් ලිව්වෙ: උපුල් ශාන්ත සන්නස්ගල, සංගීතය: තරුපති මුණසිංහ ගැයුවෙ එඩ්වඩ්, මේ ගීයේ වචන වලින් දැනෙන විදින අදහස එඩ්ඩඩ්ගේ ගායනයෙන් දෙගුණයක් වී දැනෙනවා.

    " සිතිජ ඉම මායිමෙන් පාට දේදුනු මැකෙයි
    මතක ලුහු බැඳ ගිහින් සුවඳ දෝතට ගෙනෙයි
    ඈත දුර සද දිලෙයි තරුත් ඒ ළග හිඳියි
    නපුරු දම්පාට හැන්දෑවෙ මං අසරණයි"

    ReplyDelete
  18. ආදරය කියන්නෙ හැඟීමක්, ඒකට නීතියක්, රාමුවක්, මාධ්‍යක්, කොටින්ම කීවොත් පංච ඉද්‍රින්ට හසුවෙන මොකුත්ම ඕනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්.....පංචේන්ද්‍රියන්ට ආදරය හසුවෙන්නෙ නැහැ කියල පිළිගන්න මට නම් අමාරුයි රවිමල්...ස්තූතියි ravinumal

      Delete
  19. එක අතකට මෙහෙම ඉන්න ආස උනත් ජීවිතේ ඇති බැඳීම් මතක් වෙන්න ඇති. මොන එහෙකට මෙහෙම දුක් විඳිනවාද? මන්දා. මෙතනදී අසරන වෙන්නෙ පොඩි අය සහ බිරිඳ නෙවෙයි ද? කොහොම උනත් එයා ගෙදර ඇත්තො අත හරින්නේ නැත්නම් අයින් වෙන එකම තමයි හොඳ. මේකෙ වෙලුනම කවදාවත් ගැලවීමක් නම් නෑ මයි.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.... බැඳීම් හරස් වෙනවා,ජිවිතේ විදවනවා.ඊට හොඳයි පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නෙක.ස්තූථියි චාන්දි

      Delete
  20. ආදරේ මට වහකදුරු වගේ

    ReplyDelete
    Replies
    1. ආදරේ වහකඳුරු වගේ කියන අයම තමයි, ඒ ගැන වැඩියෙන් සිත යොමන්නේ...ස්තූතියි වර්ණා

      Delete
    2. ආදරය වහකඳුරු වගේ කියන අයම තමයි ආදරයට ගොඩක් ආදරේ.ස්තූතියි වර්ණා

      Delete
  21. "නැහැ . . . . මුහුදයි ඉරයි ප්‍රේමයෙන් වෙළෙමින් සිටියා.
    ඉර මුහුදෙ ගිලුනට හෙට ආයෙත් පායනවා. "


    හරිම ලස්සන කතාවක්.. කතාවෙ අන්තර්ගතය මේ වචන වලින් මං දැක්කා.. :)

    ReplyDelete
    Replies
    1. ඔවු... ඒක නිසාම තමයි මම කතාව නම් කළේ “නොනිමි සමුගැන්ම“ කියලා ඉර මුහුදෙ ගිලුනට ,හෙට ආයෙත් පායනවා.ස්තූතියි නන්ඳු

      Delete
  22. හ්ම්ම් හරිම ලස්සනයි..ඒ කියන්නෙ මේ අසම්මත පෙම් කතාවක සම්මත අවසානයක්ද?

    ReplyDelete
  23. ප්‍රේමය සම්මත හෝ අසම්මත...කවදාකවත් ප්‍රේම කතාවකට අවසානයක් නැහැ කියලයි මට හිතෙන්නේ

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...