සියුම් සුසුම් රෝස කොපුල්
සුවඳ ටිකක් මට දැනෙන්න
තව ඩිංගක් ළඟට වෙලා
කියන දෙයක් මට කියන්න
සුවඳ ටිකක් මට දැනෙන්න
තව ඩිංගක් ළඟට වෙලා
කියන දෙයක් මට කියන්න
ළං උනාම හිතුමතේට
බැහැ නුඹගෙන් දුරස් වෙන්න
මේ තරමින් ළඟට උනෙත්
හිතේ දුකක් නොම දැනෙන්න
ගලන ගඟේ හඩ අහන්න
තව ඩිංගක් ළඟට එන්න
ළඟට ඇවිත් බැහැ මට නුඹේ
ගලන දුකට එකතු වෙන්න
කුරුල්ලන්ගේ ගී අහන්න
තව ඩිංගක් ළඟට එන්න
කුරුළු ගීත මට මොකට ද
නුඹේ ගීය නුඹ ගයන්න
අනේ ටිකක් ළඟට එන්න
ආසයි හාදුවක් දෙන්න
කපටි කමේ රඟ බලන්න
මං යනවා ගෙදර යන්න
පෙනේ ද ?
දැන් කියන්න , කවුද කපටි ?
කපටි පෙම්වතාට අසු නොවූ
මම
෴ සොඳුරු සිත ෴
බැහැ නුඹගෙන් දුරස් වෙන්න
මේ තරමින් ළඟට උනෙත්
හිතේ දුකක් නොම දැනෙන්න
ගලන ගඟේ හඩ අහන්න
තව ඩිංගක් ළඟට එන්න
ළඟට ඇවිත් බැහැ මට නුඹේ
ගලන දුකට එකතු වෙන්න
කුරුල්ලන්ගේ ගී අහන්න
තව ඩිංගක් ළඟට එන්න
කුරුළු ගීත මට මොකට ද
නුඹේ ගීය නුඹ ගයන්න
අනේ ටිකක් ළඟට එන්න
ආසයි හාදුවක් දෙන්න
කපටි කමේ රඟ බලන්න
මං යනවා ගෙදර යන්න
පෙනේ ද ?
දැන් කියන්න , කවුද කපටි ?
කපටි පෙම්වතාට අසු නොවූ
මම
෴ සොඳුරු සිත ෴

නුඹේ ලඟට
ReplyDeleteඇවිත් හොරෙන්
ආසයි මම
තුරුල් වෙන්න..
හිමින් හිමින්
ලඟට ඇවිත්
නුඹ උස්සන්
කැරකැවෙන්න..
තුරුලට ගෙන
හැමට හොරෙන්
රතු දෙතොලට
හාදු දෙන්න..
නුඹ ඇහැරෙන
කොට නුඹ ලඟ
ඉඳගෙන හිස
අතගාන්න..
ඇතත් හිතේ
පෙම නුඹ ගැන
බැහැ නොවැ
නුඹ ලඟට එන්න..
නුඹේ හිතේ දුක
නිවෙන්න
දැනට හිතට
තුරුල් වෙන්න..
ස්තූතියි බකුස්.... ආදරය පිරිණු... හොඳටම ගැලපෙන පිළිතුරු කවියට.....
ReplyDeleteඅදයි ආවේ මේ පැත්තට !
ReplyDeleteපෙම්වත්තු විතරද කපටි ??? :/
කවියේ අවසාන පද පේලි දෙක කවියට ගැලපෙන්නෙ නම් නැහැ. " අනේ ටිකක් ළඟට එන්න ආසයි හාදුවක් දෙන්න" කියන කොටසට ගැලපෙන්නම අවසානය සකස් කළා නම් ඉතා අගෙයි.
ReplyDelete"ළං උනාම හිතුමතේට
ReplyDeleteබැහැ නුඹගෙන් දුරස් වෙන්න"
ඒ ටික නම් සිරා අක්කේ!
කපටි පෙම්වතා.... අපූරු කවි පෙලක් අක්කේ... අක්කා මේ පාර සුහද හමුවට ගියේ නැද්ද??
ReplyDeleteඕනම පෙම්වතෙක් සමහර වෙලාවට කපටි වෙනවා .. පෙම්වතියොත් එහෙමයි...
ReplyDeleteඑහෙම නැතුව ඒ ප්‍රේමයට පවතින්නට බෑ.
පෙම්වතුන් කොහොමත් කපටියි අනේ...:D
ReplyDeleteඅලුත් අවුරුද්දට ලස්සන ඇඳුමක් ඇඳලා.
කපටි නෑ හැමෝම......
ReplyDeletesoduru sitha ketha vela...
ReplyDeleteශරළයි, ලෂ්ෂණයි.....
ReplyDeleteහැම ගැල්ලමයම හිතාගෙන ඉන්නෙ පිරිමි ළමයි කපටියි කියල!
මාරයි!
ReplyDeleteකවියත් ලස්සනයි.
ReplyDeleteබ්ලොගයෙ අලුත් ඇදුමත් ලස්සනයි.:))
සින්දුවක් වගේමයි!
ReplyDelete//ළං වුනාම හිතුමතේට
ReplyDeleteබැහැ නුඹගෙන් දුරස් වෙන්න//
ලස්සනම ලස්සනයි..හිතටම වැදුනා..
අලුත් බ්ලොග් තීම් එකත් පට්ටයි ..
ReplyDeleteකවියත් ඉතින් ලස්සනයි ..කවි නම් ඉතින් එදා ඉඳන් ඔයා තමයි
හපොයි නොරැවටී කොහොමෙයි, වලේ නොවැටෙන්න ඩිංගිත්තක් රැවටෙන්න ඔන්න ඔහේ. හාදුවෙන් ඒ හැටි හාණියක් නෑ සො.සී
ReplyDeleteලස්සනයි අදහස කවිය දෙකම :))
ReplyDeleteබැහැ කිව්වට ලඟට එන්න
ReplyDeleteහිත තිබුනෙම ලං වෙන්නයි
නොගත්තු හාදුවෙ පුසුඹට
කොපුල් තලය කිතිකැවෙද්දි
නුඹේ දුකට තුරුල් වෙලා
බෙදාගන්න ඉඩ නොදුන්න
මගේ මහන්තත්ත කමට
දැන් හිතෙන්නෙ - අනේ මෝඩි!
සහතික ඇත්ත මැඬියෝ..........
ReplyDeleteබස්සාගේ පද වැල හරිම සුන්දරයි.......
ReplyDeleteස්තූතියි මැඩිස්... ඒක එයාටම ගිහින් කීවොත් හොඳයි නේද? මෙන්න පාර..
ReplyDeletehttp://jbasnayaka.blogspot.com/2012/01/blog-post_08.html
බස්සා - ස්තූතියි බකුස්.
ReplyDeleteNuwan Tharaka - ස්තූතියි Nuwan Tharaka ...ආයෙත් එන්න කො ඉඩ තියෙන වෙලාවක.තේකක් හෙම බිලම යන්න.පෙම්තුන් වගේම පෙම්වතියනුත් කපටි තමයි. මේක පුංචි ආදරබර කපටිකමක්.ඒකයි වෙනස.
දයානන්ද රත්නායක - හැමදාම මගේ අඩුපාඩු වෙනස් විය යුතු අවස්ථා පෙන්වා දෙන්න ඔබගේ වටිනාකාලයෙන් බිදක් වෙන් කරනවට ස්තූතියි අයියා.
Najath Akram - ස්තූතියි මල්ලි.ආදරය කියන්නේ කොහොමත් සිරා තමයි.හෙහ් හෙහ්.
Dinesh- ස්තූතියි.නැහැ මල්ලි , යන්න බැරි උනා. ඉතාම අත්‍යාවශ්‍ය වැඩක් යෙදුනා. බලමු ඊළඟ සැරේ වත්.
kumaraya- ස්තූතියි කුමාරයෝ. ඇත්ත. පුංචි පුංචි රැවටීම් සමහර වෙලාවට කරන්නෙ ආදරය වැඩිකමටම වෙන්න ඇති.
Podi Kumarihami - අහා...පෙම්වතුන් කොහොමත් කපටි අනේ ,කියල කීවේ අත්දැකීමෙන්ම වගෙයි. ස්තූතියි පොකු
ඔබ නොදුටු ලොවක් - ඔවු ..හැමෝම කපටි නැහැ.
Anonymous said... - අෆොයි..අලුත් ඇදුම කැතෙයි.?
බුද්ධි- හිහි .හැමගැන්ළමයම එහෙම හිතනව කියලා , බුද්ධි දන්නෙ කෝමෙයි. අන්න ඒක කීවනම් බලන්න.
ඉන්දික උපශාන්ත- මාරයි කීවට , මාරම නෑ.ස්තූතියි ඉන්දික උපශාන්ත
නිසුපා- ස්තූතියි ස්තූතියි...ගොඩාක් ස්තූතියි.
කතන්දර Kathandara - සින්දුවක් වගේමයි... කවුරුත් කියනවා.නමුත් ගීත ලියන අය කියන්නේ “මේව වඩාත් ළං වෙන්නේ කවි වලට “ කියලා..හිහි.ස්තූතියි කතන්දර Kathandara
හිතුවක්කාරි - අහා...ස්තූතියි.
හිස් අහස - ස්තූයි සඳරු.....හැමදාම මේ පැත්තෙ ඇවිත් යන,(අමතක නොකරරම) බ්ලොග් තරුවට ස්තූතියි.
nawammawatha
ඇත්ත තමයි.භළග සැරේ ඉල්ලුවම, ඔන්නොහෙ දෙනවා නෙහ් .
වර්ණාවැලිමැඩියා
තැන්කු මැඩියෝ....
වර්ණා
ස්තූතියි වර්ණා.
හැමෝම එහෙම නැහැ. ජීවිත කාලයම ආදරය වෙනුවෙන් කැප කරන අය ඉන්නවා.
ReplyDelete