..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Thursday, January 5, 2012

෴ කරුමය ද ?උරුමය ද? ෴



සපත්තු දෙක බෙන් ටෙන් , ඇදුම් කැඩුම් බෙන් ටෙන්
සොයන්න මම සාප්පු වල ඇවිද්ද තරමක්
කියන්න නුඹ දන්නවා ද  බෙන් ටෙන් සුරතල්



එක දවසක් ඇන්ද ඇඳුම අදින්නෙ නැහැ ආයෙත්
මයෙ පුතුගේ මුරන්ඩුකම සුරතලයක් නම්
කියන්න නුඹෙ සුරතල් සිත හොරු ගෙනිහින් නම්



උදේ දවල්  රෑ කෑමට ඉල්ලන ඉල්ලන දේ දෙන
මගේ පුතා සවිමත් නැහැ නුඹ තරමින් වත්
කියන්න නුඹ කන බොන හැටි නැහැ දන්නේ මම්

රෑට නින්ද නැති වරු නම් පුතුගේ ළඟ සුවඳ බලන්
නිදිවැරු හැටි දවස් ගනන් නුඹ දන්නව නම්
කියන්න නුඹ තනියෙන් නිදියන හැටි නොදනිම්

ලස්සන නිල් ඇස් කියනා මයෙ පුතුගේ කතන්දරේ
නොලිවී තිබුනත් ඔය නෙතු මායිම් තැනකත්
කියන්න මයෙ හිත හඬන්නේ ඇයි නුඹ වෙනුවෙන්

පෙර පිං පවු පල දුන්න ද
උරුමය කරුමය වූ වද
පුංචි ළමයි මල් මෙන් සුවඳයි කියනා ලොව

නුඹෙ සුවඳ හමන්නේ මොන දෙසට ද කියපන් මට

10 ප්‍රතිචාර:

ඊ මේල් කවිකාරි said...

felt sad

පවනි said...

සමානාත්මතාවයක් නැති කම... ඒ ගැන කතා කොරන්ට ගියොත් ඒක ඉවර කොරන්ට වෙන්නෙ දේශපාලනෙන් නෙ ඕන්...
ඔයා වුනත් ඕක ඔහොම කිවුවට ඕක ඔයාට වුනත් ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක් සොඳුරු සිත....
ඒ උනාට මේ කියන යථාර්තයට මම කැමතියි බොරු මාලිගා වල ඉඳන් හීන දකිනවට වැඩිය...

නිසුපා said...

කියලා වැඩක් නෑ අක්කේ... ඒ ලමයින්ගෙන් සමහරු පොශ් කෑම කන අයට වඩා නිරෝගී විදිහට ඉන්නවා...

Dinesh said...

නියමයි අක්කේ...........

ජංජාල චාමර said...

දුක මැදින් පිපෙන මල්,
සැප විඳපු මල්වලට,
වඩා හැමදාමත්ම,
සුවඳයි මිනිසත්කමින්...

මට හිතෙන්නේ එහෙමයි....බිම ඉඳලා නැගිටපු මිනිහෙක්ට විතරයි,ලෝකේ ගැන හරි දැනුමක් සහ දැක්මක් තියෙන්නේ කියලයි මම අදහන්නේ...

ලස්සනට ගොනුකරපු,හිතට දැනෙන සිතුවිල්ලක්..ලස්සනයි අක්කියෝ.... :))

දයානන්ද රත්නායක said...

මේ කවියටම ගැලපෙන අදහසක් තියනවා ජී.බී. සේනානායක ලියූ දුප්පතුන් නැති ලෝකය කෙටි කතාවේ. ඔය කෙටි කතාවම පස්සෙ කාලෙක ලූෂන් බුලත්සිංහල ගීතයකට නැගුවා. ගැයුවෙ කපුගේ " විදුලි මිණි පහන් නිවී බොළඳ ගී සිනාරැළි සැඳෑ සාදයේ"

අන්න ඒ ගීතය වගේමයි ඔබේ කවි සිත.
නැති බැරිකම හතර අතේ පාවෙනවා සුළඟ වගේ..
ලෝකය මීට වඩා සොඳුරු තැනක් කරමු.

Anonymous said...

me vage photo dakinnavath man kemathi nehe akkio.. oya puduma lassanata liyala thiyenava.thamange daruwo vage anith lamai genath loke hithana davasakame samajaya meeta vada lassana thenak vevi..

වර්ණා said...

ලස්සනයි අක්කේ, කවියත් කතාවත් දෙකම;;

ඔබ නොදු‍ටු ලොවක් said...

මටත් පුදුමයි මේගැන..අපේ උං හැමදාම ලෙඩින්..අව්වටත් ලෙඩ වැස්සත් ලෙඩ....

රූ.... said...

//රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ..//

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...