..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, January 3, 2012

෴ භුත බංගලාව 4 කොටස -(ළමා කතාවකි) ෴

මෙතෙක් කතාව

 

තුන්මං සලේ දී වෙන්වු තුන්මිතුරන් ගේ පමා වී නිවසට පැමිණම සලකා බැලීමේ දී , චන්ඩිගේ පැමිණිම ඔහුගේ මවට කිසිසේත්ම පුදුමයට හෝ , හේතු විමසීමට හෝ භාජනය නොවූයේ ය. ඔහු වේලාසන දිනක පැමිණියහොත් පමණක් “ ආහ් බං , උඹ මොකද අද වේලපහ “ යන්න ඔහුගේ මව විමසුවත් එයට කිසිදු පිළිතුරක් ඇය බලාපොරොත්තු නොවෙයි. නමුත් පුංචි සමීර වෙසෙන නිවස ඊට හාත්පසින්ම වෙනස් වූවකි.

සමීත් අයියාත් නිවසට වැටී ඇති පාරට පා එසවෙනවාත් සමඟම දුර සිටම මඟ බලන් සිටිනා අම්මා දුටු ඔවුන්ගේ පුංචි සිත් කීමට ඇවැසි පිළිතුරු සොයන්නට විය.

“ අයියා . . . .අම්මා “

අඳුරු කළුවර මැදින් වු වද පුංචි එකා තම මව් හැඳින ගත්තේ , අයියාට එය මතක් කරන්නට වූයේ දැන් ඉතින් කියන්න උත්තර හොයා ගන්නව හොඳයි යන සංඥාව නිකුත් කිරීමට මෙනි.

“ මොනා ද ළමයෝ මෙච්චර වෙලා කලේ. යන තැනක කළුවර වැටෙන්න කලින් එන්න කියල තියෙනව නේද. හිටහන් කො තාත්තා ආවාම කියන්න මම. තව මේ පොඩිඑකාවත් පංගාර්තු කර ගෙන “

ඔයින් ගියා ඇති යැයි සිතමින් ඇඟ පත සොදා කා බී වෙනදාටත් වඩා වේලපහ ඇඳට වැටුනේ. හවස්වරුවේ ඔවුන් සිදු කළ අසම්පූර්ණ වීර වික්‍රමය ගැන පසුවිපරම් කටයුතු සිදු කිරිමට දෙදෙනාටම තිබු උවමනාවත් , අධික තෙහෙට්ටුවත් නිසා වන්නට ඇත.

ඉන් පෙර විසඳා ගැනීමට තිබූ ඇතැම් කරුණු කාරණා කිහිපයක් , මවට සැකයක් ඇති නොවන සේ ඇසීමට අශේන් පරීක්ෂාකාරි විය.

රාත්‍රී කෑම මේසය එයට අවස්ථාවක් කර ගත් අශේන් , තම සිත තුල තෙරපෙන ප්‍රශ්ණ කිහිපයක් සීරු මාරුවට මවගෙන් ඇසුවේ තාත්තා පැමිණිමට පමා වන හෙයින් මව රාත්‍රී කෑම නොගෙන ඔහු එන තෙක් සිටිමත් අම්මාගෙන් යමක් අසා ගැනීමට මෙය කදිම අවස්තාවක් බැව් සිතීමත් නිසාමය.

“ අම්මා . . . . . අර අපි සෙල්ලම් කරන පිට්ටනිය තියෙන්නේ “

“ ඔවු . . .මොකද පිට්ටනිය වහන්න යනව ද? දෙයියන්ගෙ පිහිටයි.එතකොට වත් ඔය අඩු හතර පොළවේ වැඳිල ගෙදරට වෙලා ඉන්නෙ නැතැයි“

“ නැහැ අම්මා. . . ඒ පිට්ටනිය අයිතිකාටෙයි ? “

“ ඇයි සල්ලි දීල ගන්න ද? “

“ අනේ නැහැ අම්මා. ඒ පිට්ටනිය අයිති අර ...... පිට්ටනිය ළඟම තියෙන ලොකු බංගලාවටෙයි “

“ මොන . . . අර භුත බංගාලාව ද“

“ හ්ම් . . . . “

“ මම හිතන්නෙ ඔවු. ඔය බංගලාව අයිති වෙලා තිබිල තියෙන්නේ ලොකු සල්ලිකාරයෙක්ට. මොකක් හරි ලොකු සිත්තැවුලක් නිසා ඒ මිනිස්සු ඒක දාලා ගිහින් ද කොහෙ ද? දැන් ඕකෙ ඉන්නේ ඒ පරම්පාරවට අයිති මළගිය ප්‍රාණකාරයො කියන්නේ. පෝය දවසට නම් කවුදෝ ඇවිත් යනව පේනවලු.  “

“ නැ හ් . . . ! ! ! “

කතාව අසා සිටී පුංචි සමීර ගේ කෑම සිරවීමට ගියේ ය.

“ මොනා ද ළමයො. හැමදාම කියනව කන බොන දේ හරි සිහිකල්පනාවෙන් කරන්න කියලා. ආහ්. .  මෙන්න මේ වතුර ටික බොන්න “

වතුර කෝප්පය සමිරගේ අතට දුන් අම්මා , සමීරගේ පිට ට සෙමින් තට්ටු කලේ,සමීර කහින්නට වූ නිසාවෙනි. . .

“ හෆොයි . . . මේ ළමයට හොඳටම උණ නේද ? කෝ බලන්න. “

“ මේ මොනා ද ළමයෝ මේ “

මලකඩ කම්බි වැට පැනයාමේ දී සමීරගේ අතපය සීරුන වග අශේන්ට මතක් වුයේ එවිටයි. ඉන්ජෙක්ශන් දෙන්නත් වෙයි ද?

පෙනඩෝල් පෙති දෙකකින් සෑහිමට පත් නොවූ අම්මා, පුංචි සමීරගේ ඇඳ ළගටම වී ඔහුට නින්දයන තෙක් විටින් විට ඔහුගේ උණ බලමින් , අශේන්ට තරවටු කරමින් සිටින්නට වන්නී අශේන් සහ සමීරගේ අසම්පූර්ණ වික්‍රමය ගැන රස කතා බෙදා ගැනීමට බාධා කළාය .

අශේන් තනිවම අද දවසේ මුහුණ දුන් වික්‍රමය ගැන මෙනෙහි කරන්නට වූයේ , ආපසු නිවසට එන අතර මඟ දී චන්ඩි පැවසූ දෙය ද සිතේ වූ කුතුහලය අවුස්සන්නට විය.

“ අශේන් . . .  මම පේමන්ට් එක දිගේ හිමින් හිමින් ඇවිද්දා.ඒත් වේළුන කොල පෑගෙන කොට ආපු සද්දෙ ට මාවම ගැස්සිලා ගියා. හිමිට ඉස්සරහට යන කොට , බංගලාවේ කුස්සිය පැත්ත මයෙ හිතේ ඒ. මට ඇහුනා බස්සෙක් වගේ හ්ම් හ්ම් හ්ම් සද්දයක්. “

මදකට කතාව නතර කළ චන්ඩි ගේ මුහුණ බැලු අශේන්ට ඒ මුහුණේ ලියවී ඇති බිය සන්ත්‍රාසය දැකගත හැකි විය.

“ඉතින්.....“

“ මම හිතට ධෛර්‍ය අරන් ඉස්සරහටම ගියා “

“ ඉතින් “

“ හ්ම් හ්ම් සද්දෙ ළඟ ළඟම ඇහෙන්න ගත්තා “

“ නැ . .හ් “

“ ඔවු බං  . . .  හිතේ කුතුහලය වැඩි වුනා. බයට වඩා කුතුහලය නිසාම මම තවත් ඉස්සරහට ගියා.“

“ හ්ම් හ්ම් සද්දෙ එක සැරේටම නැවතුනා. මාත් ඒ එක්කම හිටපු තැනම නතර වුනා. මට හිතුනා  ඊළඟට නම් වෙන්නෙ හොඳ දෙයක් නෙමෙයි කියලා. ඒත් එක්ක ම . . .  එකපාරට පරණ දොරක් හරි ජනේලයක් හරි හරිම අමාරුවෙන් ඇරෙන සද්දය ඇහුනා. “

“ ක් . . රාරා රා රා . . . .ස් ස් . . . . “

“ ඉතින් “

“ ඉතින් මොනා ද බං . . . මං කෑගහගෙන පණ කඩාගෙන දිව්වා “

කතාව මෙනෙහි වත්ම සිහින් සිනාවකින් මුව සරසා ගත් අශේන් නිදිදෙවු දූ තරුලට වුයේ , හෙට හවස ද මේ අභිරහසේ ඉතිරි කොටස සොයා යාමේ මෙහෙයුමට සහභාගී වීමේ චේතනාව සිහි තබා ගෙන නිසා . . අශේන්ගෙ සිහින ලෝකය තුල භුතගුහාවත් නම නොදන්නා මළ පෙරේතයාත් කිහිපවිරක් සරන්නට වුයෙන් අශේන්ගේ නින්ද කිහිපවරක්ම බිඳී ගියේය.

7 comments:

  1. මට කලින් කොටස මිස් වෙලානේ.. දැන් යනවා එකත් බලන්න...

    ReplyDelete
  2. හපොයි! මෙහේ ආවේ ඊයේ ය . ඒ ආවේද හසියා අයියා ගේ බ්ලොගේ තිබූ ලිපියක් මාර්ගයෙනි. එකක් කිව යුතුම ය. හසියා ගේ ගුරුතුමිය ඔබ වූවා සේම මගේ ගුරුතුමා හසියා වූ බව ය. ගුරුතුමා දැන් බ්ලොග් ලියන්නේ නැද්ද බොල හැබෑට?

    ReplyDelete
  3. ඉතින් කොහොමද වත් ...
    හුඟ දවසකින් මං අවේ මෙහේ... ඔයාට නව වසරට සුබ පතන්නත් එක්කයි.
    ඒ වගෙම රූමස්සල යන ගමනට සහභාගි වෙනවාද කියලත් දැන ගන්නයි.

    ReplyDelete
  4. Ay mechchara parakku unee.... kaviyak liwe nadda? mam balaa hitiya.

    ReplyDelete
  5. සුභ නව වසරක් වේවා අක්කේ... ඉක්මනට මේ කතාව දාන්නකෝ.නැත්නම් කුතුහලය බහිනවා... :(((

    ReplyDelete
  6. හී... ලස්සනයි කතාව... වැඩේ කියන්නේ මමත් 7 (2001) දී ලිව්වා නොවැ වීර ළමා කතාවක්!!! එකෙත් භූත බංගලාවක් තියෙනවා... වෙලාවක් හම්බුනාම මාත් දාන්නන්කෝ කතාව :)))

    ReplyDelete
  7. appaa oya me kathaawa iwara kale naha nee.. hali nalakai

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...