2009 සැප්තැම්බර් මාසෙ දවසක් , හරියටම කියනව නම් 18 වෙනිදා පළමු ගුරුවරයා කියන ලිපිය පේළී එකොළහ ලියද්දි , පළවෙද්දි බ්ලොග් ලෝකයට මම සහමුලින්ම අමුත්තියත්. ඒ ලිපියට කමෙන්ටුවක් වැටෙන්නෙ ඊටත් මාස හතරකට පස්සේ. ඒ සිතූ ගෙන්.
ඒත් පළවෙනි කමෙන්ටුව වැටුනේ ප්‍රාර්තන ප්‍රනාන්දු ගෙන් , ඒ10/2/09.
ඒත් පළවෙනි කමෙන්ටුව වැටුනේ ප්‍රාර්තන ප්‍රනාන්දු ගෙන් , ඒ10/2/09.
මේ කිසිම දෙයක් කියවන ඔයාලට වැදගත් නැතිව ඇති. ඒත් මේ ලියන මට , මගේ බ්ලොගයෙ තියෙන වැදගත්ම ලිපිය තමයි මේ ලියන්නේ.
බ්ලොග් පටන් ගන්න පාර කීව නුවන්
ඒ පාරට බ්ලොගය තල්ලු කර ගන්න උදවු කරපු රොයිලි වගේම වාසල
බ්ලොගය පාරේ නැවතුනාම , අලුත් වැඩියා කරන්න උදවු කරපු සාකුන්තල
මාත් එක්කම වගේ බ්ලොග් පාරට දාපු මාරයා , රවා
ටිකක් දුර යද්දි අපිට එකතු වුන හද ගී පොත ලියන තිස්ස අයියා
බ්ලොග් පාරෙදි හමුවුන සදාකාලික ඉලන්දාරියා
කවි ලියන්න , කවි ලියන හැටි මෙහෙමයි කියල පෙන්නල දුන්න , අද අප අතර නැති විහඟ ගීතය
සිංහල බ්ලොග් අවකාශයම කළඹපු ටැබූ ( ලින්ක් එකක් වත් ඉතිරි නොකර ගිය හාදයා )
මේ සියළු දෙනාම , මට කවදාවත් අමතක නොවන චරිත උනා. මේ වැඩි හරියක් අද මාත් එක්ක කතා බහ නැති උනත්, එදා ලෙංගතුකම හිතේ තාමත් රැඳිල තියෙනවා.
අද මා වටේ ඉන්නෙ අලුත් යාළුවෝ අලුත් යෙහෙළියෝ . . . . රවී අයියා , රන් , වැප් , ප්‍රියා, අභීත , මරණෙ, බීටල්, පොඩ්ඩි, වෙනී, මධුරංග ( මේකා නම් බ්ලොග් වල පදිංචි වෙලා ) මෙකී නොකී නම් කියක් ද ?
ඒ වගේම එදත් අදත් එකසේ ඉන්න කතන්දර මිත්‍රයා. දුමී අයියා.
සතියට සැරයක් වත් “ අක්කෙ මේ අකුර හරි ද? “ අහන හිස් අහස . (සිංහල අහ ගන්න ,සිංහල හරියට නොදන්න මමම අහුවුන හැටි)
බ්ලොග් ලෝකයට පහන් ටැඹක් වගේ ඉන්න (ඒත් නිතර නිතර නොලියන එක නම් හොඳ නැහැ) චාමි සෑම් , මාලන් ,චමිල වගේ අය.
මා දුටු එඩිතර කාන්තාව වෙන සහ සොඳුරු හදවත් හිමි පෙරළිකාර අරුණි අක්කා වගේ අය.
හිම හංසි, පොඩ්ඩා, බනී , ගලයා වගේ තවමත් දඟකාර හිරිමල් වයසෙ ඉන්න අලුත්ම අලුත් පරම්පරාව වගේම මුල්ම බ්ලොග්කරුවෙකු වෙන සුපුන් සුදාරක.
මට ලියන අය , ඊමේල් කරන අය වගේම, මමත් නොදැනම ඇවිත් කියවල යන , ගල්මල් ලියන අපේ ඩීන් අයියා , ඒ වගේම තවමත් හරිහැටි නාදුනන ඉන්දික උපශාන්ත ( සැහැල්ලුව) වගේ කමෙන්ට් කරුවො. ඇයි දෙයියනේ ගීත් මලයා.
ම්ම්ම් .. තව මොනා ද අමතක වුනේ. . . .
ආහ් . . මෑතකදි හඳුනා ගත්ත ජීවිතය විදින්න ලියන අපේ බස්සා.
තව ගොඩාක් අය ඉන්නවා. මම මෙතන නොලීව. කොටින්ම මතක් කරපු අයට වඩා මතක් නොකරපු අය වැඩී.
එතකොට , ඉඳල හිටල බ්ලොග් ලිපියක් පළ කරන ඩෝසන් ප්‍රීති අයියගෙ ටැක්සිය , මගේ කතාව ලියන ඉන්ද්‍රනාත තේනුවර වගේ අය
අර කතන්දර කීවත් වගේ බ්ලොග් අවකාශයත් සාමාන්‍ය සමාජයේම පැතිකඩක් තමයි කියල මේ වෙලාවෙ හිතෙනවා.
ඉතින් , දැන් 500යි , 500ක් නෙමෙයි දාස් ගාණක් ලීවත් වැඩක් නැහැ කිසිම පණිවිඩයක් දෙන්න බැරි නම් , කිසිම වැඩකට නැති මනෝ විකාර නම් , මම ලියල තියෙන බහුතරය ඒ වගේ මනෝ විකාර කියල පිළිගන්න මට පුළුවන්.
ඉදිරියටවත් හරවත් යමක් ලියන්න මම උත්සාහ කරනවා.
500ක දුර ගමනක් යන්න මාත් එක්ක ආපු නොආපු සියළු දෙනාටම මගේ ස්තූතිය පිරිනමනවා. කවුරු හරි අමතක වුනා සමාවෙන්න කියල ඉල්ලන ගමන් , හිත නෝක්කඩු නොකර ගන්නා ලෙසත් ඉල්ලනවා.
නම් කිව් නොකිවු සැම ටම ආදර තුතිය
පිරි නමනවා මෙලෙසින් හද බැතිබරව
පෙර දින එදා සිටි ලෙස මට ලෙංගතුව
පිරි නමනවා මෙලෙසින් හද බැතිබරව
පෙර දින එදා සිටි ලෙස මට ලෙංගතුව
ඉදිරියටත් නුඹෙ සිත ඇත ඒ ලෙසම
ඇවිදින් කියෙවු නොකියූ කාටත් තොසිනි
තුති පිරි නමමි දෙන්නට මල් මිට බරැති
දිරි දී නිබඳ ගමනට දුන් ආවැඩිලි
අමතක නැතේ මා සිත තුල නිති තිබිනි
ලියු දේ නොලිවු දේ සිත තුල තබා ගෙන
ලෙංගතුකමින් හිත පුරවා බෙදා ගෙන
මල් උයනෙත් ඇතේ කටු ගස් සැදී බිම
ඒ දැන අපිත් ගමනක් යමු එකා මෙන
ස්තූතියි
මම
෴ සොඳුරු සිත හෙවත් වත් ෴
පලි- මේ හැරුණම නිතරම ලිපි සඳහා උදවු කරන , සුදේශ් අයියා වත්, නිතරම ලිවීමට මා දිරිගන්න සියළු දෙනාවත් නම් කියනවාට අකැමැති සියළු දෙනාටත් ස්තූති කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

























