
ඔහු පැටියෙකි ,ඉනිවැට ළඟට වී මඟ බලාසිටින්නේ දැන් සෑහෙන වෙලාවක සිට ය, කලිසම් කොටයක් හැදි මදක් තළෙලු සිරුරෙන් වෑහෙන්නේ ගස් ගඳයි. පිසදා නැති නාසය දිගේ වෑහෙන සොටු දියර , වරින් වර දිවෙන් පිරිමදියි.
“ අයියා . . . . . අනේ එන්නකෝ “
මැටි පැළ දෙසින් ලැබුන කැඳවිමට පැටියා දිව ගියේ , මදක් දුවන විට හැලෙන කලිසම විටින් විට බඩ තෙක් උස්සමිනි.
“ අයියා මේක තේරෙන්නෙ නැහැ අප්පා “
“ කෝ . . . . .“
“ හයියෝ , මෝඩී එක දවසකුත් කියල දුන්න නේ ද මම මේක ,“
“ අනේ අයියා , “
“ හරි හරි , ඉස්සෙල්ලම මේ ඉලක්කම් ටික පිළිවලට ලොකු එකේ ඉදල පොඩි එකට ලියන්න, ලියල ඉවර වෙලා කතා කරන්න මම එන්නම් “
ඔහු නැවතත් ඉනිවැට දෙසට දුවන්න වූයේ මැටි පැළේ සිටන නැගණිය දෙස ද හැරි හැරී බලමිනි. සැතපුම් ගාණක් දුර ගෙවා ගෙන , පිපාසයට මෙන්ම කුසගින්නට ද බඩට යන වතුර කළය ගෙනෙන්නට ගිය අම්මා ගේ ඇඟේ හැපෙන්නට ගිය ඔහු නියමිත තිරිංගය වේලාවට පෑඟුවේ, තම සයවෙනි ඉන්ද්රිෙය් පිහිටෙන වන්නට ඇත .
“ මොක දෑ ළමයො වෙලා තියෙන්නේ කට්ට ගිරිස්මෙ වැටිල අඩුවක් කඩා ගනින් උඹ පුලුවන් නම්, කොයි වෙලෙ බැලුවත් අම්මප කකුල් දෙක බිම වදින්නෙ නැහැ “
ගමන බාල කළ පැටියා , අම්මා පසුවෙත්ම නැවතත් හැල්මේ දුවන්නට විය. මෙවර ඉනිවැට ළඟ නතර නොවූ ඔහු ඉනිවැට පනිත්ම , හරස් කර තිබූ මට්ටම් වූ උණ බම්බුව හඬ නඟා බිම වැටුනෙන් , පැටියාගේ අම්මාගේ මුව ගම් හතකට ඇහෙන්නට විවර විය.
“ කොහෙද බොල උඹ යන්නේ , පනින්නෙ නැහැ වැවේ ගිහින් , රෑ වෙන්න කලින් ගෙදර වරෙන් “
තවත් යමක් පැවසීමට ගැහැණිය සූදානම් වුව ද ඒ වන විටත් පැටියා බොහො දුර ගොස් ඇති බැව් ඇගේ මොළයට වැටහුනේ පැටියාගේ දිවීමේ වේගය දන්නා නිසා වන්නට ඇත.
පැටියා මෙතරම් නොසන්සුන් වී ඇත්තේ , අද පැටියාගේ පියා පැමිණෙන නිසා බැව් ඉවෙන් මෙන් ඇය දනියි. පැටියා ඉගෙනීමට දක්ෂ බැව් පැටියාගේ ගුරුතුමිය ගෙදරටම පැමිණ පැවසුවේ පෙරේදාය. ඒ පැටියා පාසල් යාම නවතා , පැටියාගේ පියා සමඟ අත් උදවු දීමට පටන් ගෙන සති දෙකක් ගෙවීමෙන් අනතුරුවය.
“ කසුන්ලයෙ අම්මෙ , මට තේරෙනවා , ඒත් . . . . කසුන් වගේ ළමයෙක්ගෙ ස්කෝල ගමන් පාඩු කරන එක නරකයි අම්මා. මං කියලත් ලොකු සල්ලි කාරියෙක් නෙමෙයි.මයෙ අම්ම අප්පච්චිත් ජීවත් වෙන්නෙ මේ මං ළමයින්ට උගන්වල කරන ස්කෝල රස්සවාට පිං සිද්ධ වෙන්න තමයි. කසුන්ලයෙ අම්මට පුලුවන් නම් , කසුන් දහයෙ විභාගෙ ගන්නකම් වත් ස්කොලෙ එවන්න. පොත් පත් ටික මම අරන් දෙන්නම් “
තවමත් තරුණ විය ඉක්මවා නොමැති සුන්දර රුවින් යුතු , අහම්ඹයෙන් කැලයට පිපුන නම නොදන්නා සුවඳ මලක් සිහි ගැන්වූ , දුෂ්කර කාල සීමාව ද ඉක්මවා ගොස් ගමේ පාසලේ සේවය කරන ගුරුතුමියගේ වචන සිහිපත් කෙරූ පැටියාගේ අම්මා , පැටියා ද පාසල් යෑමට දක්වන කැමැත්ත ගැන සිහිව , චීත්ත ගවුමේ අත් පිස දමමින් මැටි පැළ දෙසට ඇදෙන්නට වූයේ වියළි වාතයේ වූ උණුසුම් වා රැල්ලට එකතු කෙරූ දිග සුසුම් රැල්ලක් ද පිට කරමිනි. කැලයට පිපුන නම නොදන්නා සුවඳ මලක් සිහි ගැන්වූ , දුෂ්කර කාල සීමාව ද ඉක්මවා ගොස් ගමේ පාසලේ සේවය කරන ගුරුතුමියගේ වචන සිහිපත් කෙරූ පැටියාගේ අම්මා , පැටියා ද පාසල් යෑමට දක්වන කැමැත්ත ගැන සිහිව , චීත්ත ගවුමේ අත් පිස දමමින් මැටි පැළ දෙසට ඇදෙන්නට වූයේ වියළි වාතයේ වූ උණුසුම් වා රැල්ලට එකතු කෙරූ දිග සුසුම් රැල්ලක් ද පිට කරමිනි.
පැටියාගේ අප්පච්චී , පැටියාට පාසල් අඩුවැඩිය ද ගෙන පැමිණෙ බවට අද හිමිදිරියේ පැවසීම පැටියා මෙතරම් කුලප්පු වීමට සිදුවූ කාරණයයි.
සේපාලිකා පෙහොට්ටු පිපී ඇති බවට ඉඟි කරමින් එහි සුවඳ පැළ දෙසට ඇදෙන්නට වූයේ , මල් සුවඳට කොයි මැදුරත් පැළක් එකසේ සමාන බව පෙන්වමින් වන්නට ඇත.
නමුත් පැළේ සිටි ගැහැණියට සේපාලිකා මල් සුවඳ විඳින්නට තරම් එකඟ වූ සිතක් නුවූයේ , ඒ සුවඳින් ඇයට සංජානනය වූ එකම කාරණය දැන් බොහෝ ඇඳිරි වැටී ඇති බවත් , පැටියා මෙන්ම පැටියාගේ අප්පච්චී ද තවමත් පැළට නාව කාරණාවත් සිතා ගන්නට බැරිව අන්දමන්ද වීමයි. තැනින් තැන ඉරී ගිය මල් ගවුමක් ඇද සිටි පැටියාගේ නැගණිය ද , අම්මාගේ චීත්තයේ කොණකින් එල්ලී එහා මෙහා යමින් සිටියේ , අයියාගෙන් අසා ගැනීමට තවත් බොහෝ දේ ඇයට ඇති නිසා වන්නට ඇත. ඇගේ පුංචි දෑස් විටින් විට පියවෙන්නට විය.
“ කෙල්ලෙ , දැන් මං කී සරයක් කීවද උඹට , පිඟානට බෙදල ඇති උඹට කාලා නිදා ගනින්, මෙතන කිකිළිගෙ පස්සෙන් වගේ වගේ මත්තෙම එන්නෙ නැතිව, කීවම අහල පලයන් මයෙ කෙල්ලෙ, අයිය ආවම මම උඹට කූද්දන්නම් “
කිකිළිගෙන් මිදුන පුංචි රන් කිකිළිය පැළතුලට ඇදෙත්ම කිකිළිය ඉනි වැට දෙසට ඇදෙන්නට වූවාය. රෑ වෙන්නට එළියට බහින තනියා සිහිවී ඇයට හීල්ලුනි.
ඉනිවැට අද්දරට ගොස් පේනමානයටත් එහා බලමින් ඇගේ දිගු ගෙල තවත් දිගු කළේ නොපෙනන අඳුර ඉරා දමමින් පැටියාත් හුළුඅත්තක් දල්වා ගත් පැටියාගේ අප්පච්චීත් දැන් එතැයි දැන් එතැයි සිතමිණි.පැටියා යන්නට ඇත්තේ , සින්දු ගහ හන්දියේ කඩයට වන්නට ඇත. අප්පච්චී පැමිණි පසුව ඔහුත් සමඟ පස්සෙන් වැටී පැටියා එනු ඇත. එසේ එන පැටියාත් මහඑකාත් තවමත් නැත්තේ ඇයි ?
ඇට පෑදුන ඇගේ කෙසඟ දිගු කළ බෙල්ල ආපසු ගනිද්දීම වාගේ ඇගේ නෙතට දිස් වූයේ හුළුඑළියකි. හිතේ සැකයට පෙනුනාදෝ යන්න සැක හැර දැන ගැනීමට ඇය එසැණින් නැවතත් ගෙල දිගු කළාය. එක හුළු අත්තක් නොව හුළු අතු කිහිපයක් අඳුර කපා වරින් වර ලෙල හුළුඑළියකි. හිතේ සැකයට පෙනුනාදෝ යන්න සැක හැර දැන ගැනීමට ඇය එසැණින් නැවතත් ගෙල දිගු කළාය. එක හුළු අත්තක් නොව හුළු අතු කිහිපයක් අඳුර කපා වරින් වර ලෙල දිගු කළ බෙල්ල ආපසු ගනිද්දීම වාගේ ඇගේ නෙතට දිස් වූයේ හුළුඑළියකි. හිතේ සැකයට පෙනුනාදෝ යන්න සැක හැර දැන ගැනීමට ඇය එසැණින් නැවතත් ගෙල දිගු කළාය. එක හුළු අත්තක් නොව හුළු අතු කිහිපයක් අඳුර කපා වරින් වර ලෙල දෙනු ඇගේ නෙත ගැටුනි. කඬුල්ල පැන්න ඇය , හුළු අතු එන දෙස බලා සිටින්නට වූවාය.
දැල්වුන හුළු අතු එළිය ළඟ ළඟම එත්ම දුව ආ පැටියා ගේ මුහුණ ඇය දුටුවේ හුළු අතු වල දැවෙන ගිලි එළියෙනි. ඒ මුහුණේ වූ ළපටි ගතිය අතුරුදන්ව ගොස් තිබුණි. නහයේ සොටු දියර පිසදා තිබුන අතර , දෑස් වල යන්තමින් දිලෙන සිහින් කඳුළු පටලය ද ඇය දුටුවේ ගිනිහුළ් එළියෙනි.
“ අම්මා , ආය ටීචර් ආවොත් කියන්න ඉස්කොලෙ යන්න මයෙ හිතේ ඒ හැටි මනාපයක් නැහැ කියලා. “
පැටියාගේ මුවින් පිටවුන එවදන් නැවතත් විමසීමට ප්රථම මැටි පිළිකන්නෙන් පැළට වැදුන පැටියා අඳුරේම පැළ තුලට රිංගා අතුරුදන් විය.
ගිනිහුළ් එළියට මැදි වූ පැටියාගේ අම්මාගේ මුවින් අඳෝනාවක් පිටවනු ඉන් මද වෙලාවකට පසු ඇසුනු අතර , අඳුරේ ගුලි වී සිටි පැටියාගේ නෙතේ කඳුළු තිමිර උතුරා ළපටි කම්මුල් දිගේ ගලා යනු කිසිවකුටත් නොපෙනුනි.
පලි - ගිනිහුල් අතින් ගත් තරුණයෙක් පැටියාගේ මව අත තැඹුවේ මොණර කොළ පහකි. ඉන්පසු ඔහු කතා කරන්නට විය.
“ රණේ අයිය අද , බිල්ඩිමේ උඩටම නැඟල තියෙන්නෙ අනිත් අය කුවුරුත් එපා කියද්දි , දන්නෙම නැතිව කකුළ ලිස්සලා. මුදලාලි කීවා . . . . . .“ .තවත් මොන මොනවදෝ ඔහු පවසන්නට ඇතත් , ගැහැණියගේ විලාපය නිසා , ගමම බියවද්දන් සිටි තනියා ද එදා බියවී කැළෑ වදින්නට ඇති බව මට සිතේ.
පැටියා වැනි දරුවන්ගේ නෙත් පාදන්නට පිනක් මට උදා නොවනු ඇත. නමුත් මාගේ එකම සිහිනය එයයි. ළමා දිනයේදී සැමට අමතක වන කටු අකුළේ පිපෙන මල් ගැන සිහිවන්නට ලියූ වෙමි.

ළමයින් සුවඳයි
කඳුළක දිලිසෙයි
අඳුරු විමානේ
අඳුරු විමානේ
රන් මිනි පහනයි
(අඹ යහළුවෝ තේමා ගීතය )