දුහිවිලි පිරුණ , අත් ඇදි කැඩී ගිය හාන්සි පුටුවේ ඔත් ඇය , මදක් හතිලන්නට වූවාය. ඇය කාමරය සිසාරා නැවතත් නෙත් හෙළුයේ , දීර්ඝ සුසුමක් වාතලයට මුසු කළාය.
එවිටම වාගේ , කාමරයේ දොර රෙද්ද අතරින් පාත් වූ කටහඩක් , ඇගේ දුර ඈත ගොස් සිටි සිත කැදවා ගෙන එන්නට සමත් විය.
“ අම්මා , මම යනවා නෙත්මිගෙ ගෙදර , දවස් කිහිපයකට එන්න වෙන එකක් නැහැ. මම රෝස ආන්ටිටයි , ලහිරු ටයි කීවා මේ පැත්ත පොඩ්ඩක් බලන්න කියලා. ම් ම් ම් . . . . පොඩි නංගි රෑට එනවා කීවා . මං යනවා අම්මා “
“ බුදු සරණයි “
බුදු සරණ ගොස්, වැසී ගිය දොර රෙද්දේ වැදී බිම වැටෙනු ඇය බලා සිටියේ උපේක්ෂා සහගත සිතිනි. බුදු සරණ දෙනෙතින් ඔසවා ගත් ඇය , ලොකු පුතු ගේ පසු පසින් යන ලෙස අණ දී එවදන් සුළඟට යළිත් මිමිණුවාය.
“ බුදු සරණයි පුතා.පරිස්සමින් “
සැර දමා පණ ගැන්වුන වාහනයේ දුමින් , නැවතත් ඒ වදන් වැසී යන්නට ඇති ද?
ඇය නැවතත් දුහුවිලි පිරි කාමරය දෙස බැලුවේ , අද රාත්රියට පෙර මෙය පිරිසිදු කර අවසන් කරන්නේ කෙසේ ද යන්න ගැන සිතමිනි....... උදවුවට හෝ කුලියට යමෙකු ගෙන්වා ගෙන , කාමරය පිරිසිදු කර ගන්නට ඇය කැමැති නැත. තමාගේ දෑතින්ම පිළිවලක් වෙන කාමරයක , ඔහු සැතපෙනු දැකීම ඇගේ සතුටයි.
ඒ නැතත් , පැරණී මතක ගබඩාවක් වන් වූ මේ අඳුරු දුහුවිලි පිරි කාමරයෙන් ඇයට හමුවන නූල් කැබැල්ලක් පවා ඇගේ සිතට ගෙන එන මතක චිත්ර විදීම ට , ඒවායේ ගැටී මොහොතක් තනි වෙන්නට ඇයට ඇති වුවමනාව බලවත් ය.
වෙනකෙකු මෙය අස්පරස් කළා නම් , තමාට මහමෙරක් තරම් වටිනා ඇතැම් දේ කුණු කූඩයට යන්නේ අනෙකාට එය නිකම්ම නිකම් කුණු කසල බිඳක් වීම නිසාය.එබැවින් ඇය වෙහෙස නොබලා යළිත් වැඩට බැස්සාය. පැරණි ඇඳ යටට ඇය නැමී බැලුවේ . ඇදන් යට අනිවාර්යෙන් රඳවා ඇති පැරණි පොත් පෙට්ටි කිහිපය හදිසියේම වාගේ සිහි වූ බැවිනි. . . . .
ඇදන් යට පොත් පෙට්ටි , හෝ වෙනයම් දේ රදවා තැබීම නුසුදුසු බව ඇය ඉගෙන ගත්තේ ඇය කුඩා අවධියේ දී තම මවගෙනි. වැඩැහිටි වී , විවාපත් වී , දරුවන් වදා , ඔවුන් හදා , දීගදුන් පසු ද ඇය තම මවගේ එම කීම අකුරටම ඉටු කළද . වසා දැමූ කාමරයක ඇති ඇදක් යට කුමක් තිබ්බත් අවැඩක් සිදු නොවේ.
බැඳී තිබු මකුළු දැල් කඩා දැමූ ඇය , මදක් කිවිසුම් අරින්නටවත් , කහින්නටවත් ඉසුඹුවක් ලබැ නොගත්තේ , සියල්ල සිරවූ දෑසින් කඳුළු පනින්නට විය. නමුත් , මුවේ රැඳි මන්දස්මිතයත් , නෙතේ පහළ වූ දීප්තියත් නිසා , අඳුරු කාමරය සැනකින් එළිය වන්නට විය.
හොඳින් නො වසන ලද පොත් පෙට්ටි කිහිපයක් ඇඳයට තිබෙනු , කැඩී ගිය මකුළු දැල් අතරින් ඇය දුටුවාය.ඉන් ආසන්නතම පොත් පෙට්ටිය තමා වෙතට ඇද ගත් ඇය , එතනම වාඩි වූයේ , රිදුම් දෙන දණිස් කටු දෙක දිග හරිමින් , විදාහල පා ඇද යටට යොමු වන පරිදිය.
පොඩි දැරියකට ලැබුන , රසවත් රසකැවිලි පාර්සලයක් ලිහා බලන්නියක සිහිකරමින් , ඇය පොත් පෙට්ටිය වෙත තම වෙවුලන දෑත් ළංකළේ , එය තුල ඇතැයි , සිතෙනා විටත් සිතට සුවයක්ම ගෙනෙන දෑ , ඒ තුල ඇති දැයි බැලීමටයි. . . .
ඉන් ඇය ඉතාම ප්රවේශමෙන් , බිදෙන වීදුරු බදුනක් සේ , පළමුව එළියට ගත් පොත දුහුවිලි බැදී , පොතකැයි කීමට බැරි තරමින් අබලන් වී තිබුනු දුටු ඇය , අලුත උපන් බිළිඳියක පිසදමන්නාක් මෙන් පරිස්සමින් එහි බැදී ඇති දුහුවිලි යවන්නට විය. ටිකින් ටික දුහුවිල්ල ඉවත් වී පොතේ කවරය මතු වන විට , එහි දර්ශකය මෙන් , ඇගේ වත ද ටිකින් ටික එළිය වැටී දිලිසෙන්නට විය.
කවරයේ හැඩැති රවුම් අකුරින් ලියා ඇති , මාතෘකාව මතුවෙත්ම , ඇගේ දෑසින් ගිලිහුන කඳුළක් , මාතෘකාවේ , Only හි O අකුර මත පතිතවනවාත් සමඟම , වේගයෙන් පැමිණි වාහනයක කණ් බිහිරි කරවන නලා හඩ ඇසෙන්නට වූයේ , එදා මෙන්ම අදත් , නිදහසේ කඳුළක් සැලීමට ඇයට ඇති අයිතිය උදුරා ගනිමිනි.

" For Your Eyes Only "

මකුළු දැල් , දුහුවිලි අතරේ , මිය ගිය සිත සොයන
මම
෴ සොඳුරු සිත ෴
විශේෂ ස්තූතිය :- රවි අයියා ට.. . . . . .