“ඒකත් හරි “
සියල්ල උනා දමා අවසානයේ , ඇය දුහිල් රාත්රී ඇඳුමකින් සැරසුනාය.දීර්ඝ සුසුමක් හෙළු ඇය , ඔහු දෙස නෙත් විදහා බලා සිටින්නට විය. ඇගේ කාන්තිමත් සෘජු දෙනෙත් අද්දර, ඔහුගේ දෙනෙත පරාජය වුව ද, ඔහු ඇය වෙත සිහින් සිනාවක් පෑවේ දෙනෙත් පහසේ සෘජු ගතිය පළවා හැරීමට මෙනි.
ඇය ද සිනා සුන අතර , ඔහුට තවත් ළං වන්නී , සෘජු නෙත් සරය ඔහුගේ ආත්මයමය විනිවිද යවමින් නොවේදැයි සිතුන වහා , ඔහු කලබල විය.
“ අපිට දැන් මොකද වෙන්නේ “
ඇය ඇසුවේ , ඔහු කිසිවිටකවත් නොසිතූ පැනයකි.
“ ඔයාගේ අම්ම මට කීවා “
“ මොනා ද “
“ ඔයා ඉන්නේ කළකිරීමෙන් කියලා , කලින් ගෑණු ළමයා ගැන ......“
“ ඔවු . . . එයාට තවම ආදරෙයි මං “
“ ම් ම් ම් . . . කමක් නැහැ , “
ඒ වචනත් සමඟින් ඔහු පුදුමයෙන් යුතුව ඇගේ වත දෙස බැලුවේය.
“ ඇයි , කමක් නැහැ කියන්නේ , ඔයා දැන් මගෙ වයිෆ් “
“ ඉතින් වෙන මොනව කියන්න ද? මාත් ඔයාට ආදරය නැහැනේ “
“ ආහ් “
“ ඔවු . . . විවාහයයි , ආදරයයි පටල ගන්නේ නොමේරු මිනිස්සු “
“ එතකොට විවාහයට ආදරය වැදගත් නැද්ද “
“ අපොයි ඇයි නැත්තේ, ඒත් නැති දෙයක් බලෙන් ලබා ගන්න බැහැ. “
“ ඉතින් , විවාහයට මොනා ද එහෙනම් වැදගත් “
“ අවබෝධය , තේරුම් ගැනීම , කොටින්ම අපි දෙන්න දැන් දන්නව අපි දෙන්න දෙන්නෙක් කියලා. ආදරය කරල මේ විවාහය වුනා නම් , අපි ඉන්නේ මහා ලොකු රැවටීමක. මොකද අපි හිතනවා අපි දෙන්නම එක්කෙනෙක් කියලා “
“ අපි දෙන්න එක්කෙනෙක් නොවී , විවාහය පවතින එකක් නැහැ . ටික දවසක් ඉඳල දික්කසාද වුනත් , මගෙන් ප්රශ්ණයක් නැහැ“
“ විවාහයෙන් පැනල යන්න හදන්න එපා. අපි දරුවන් හදල සතෝසෙන් ඉමු.එකිනෙකා ගැන බලාගමු.වගකීමක් ඇතිව හැසිරෙමු. මේ කිසි දේකට ආදරය ඕනි නැහැ. ඕනි හඳුනා ගැනීම විතරයි. කුඩුම්භයක ගුලි වුනාම කාගේත් පාළුව මැකෙනවා.ඕනවට වඩා දේවල් විවාහයෙන් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඔන්න අද ඉඳල , මමයි ඉස්සෙල්ලම බාත් රූම් එක පාචිච්චි කරන්නේ “
ඔහුගේ වතට එඹී පැවසූ ඔහුගේ සුන්දර අලුත් මනාලිය , නාන කාමරය වෙත පිය මනිනු දුටු ඔහුට , ඇය ගැන සිතේ ඇති වූ හැඟීම තේරුම් ගැනීමට ලොකු මහත්වූ දරුවන් සිටින අද දිනයේ ද නොහැකි වී ඇත.
එහෙත් එක් දෙයක් සක්සුදක් සේ පැහැදිලිය.
ඔහු ඇයට ආලය නොකරයි. නමුත් තිව නොහැකි සොඳුරු හැඟීම් රැසකින් ඇයව ඔහු වෙත බැඳ තබා ගැනීමට හැකි වීම විවාහ දිවියේ අන් ආදර බර සැමියන් නොලදනමුත් ඔහු ලද වාසනාවක් බව අදද ඔහු මෙනෛහි කරන්නේ සතුටිනි.
ආදරයත් , විවාහයත් එකිනෙක මත නොයැපෙන නොගැලපෙන මාර්ගයන් බව අදටත් ඔහු විශ්වාස කරයි.
I have never heard about any perfect
marriage. They say perfect marriages are made in heaven. Nobody
comes back from there so maybe it is true, but what kind of marriage
will those perfect marriages be? There will be no tension, there
will be no individuality in the man or in the woman. They will never
collide, they will never fight. They will be too sweet to each
other. And too much sweetness brings diabetes! (Osho)