සුදු පැහැති අත් රහිත බ්ලවුසයත් , දණහිස තෙක් දිගැති රතු පසු බිමේ තරමක ලොකු සුදු මල් වැටුන සායත් , ඉසලා ගෙ න එන රතු පැහැති කුඩයට ම ගැලපුනි. ඇය සාරියට වඩා මේ ඇඳුමට කෙතරම් නම් වෙනස් දැයි ඔහුට සිතුනේ , ඇය වැඩි හරියක් දැක ඇත්තේ කාර්යාල වේලාවන් තුල දී නිසාය.
“ ගොඩක් වෙලා ද ඇවිල්ලා “
දුර තියා ම සිනාසෙමින් පැමිණුන ඇය , ඔහුට සමීපවත්ම ඇසුවාය .
“ අනේ නැහැ . . දැන් ම්ම්ම් විනාඩි දහයක් විතර ඇති “
“ කොහෙද යන්නේ ? “
“ ම් ම් ම් . . . . යමු ද ෆිල්ම් එකක් බලන්න ? “
ඔහු ඇසුවේ දෙගිඩියාව රැඳුණු දෙනෙත් ඇය වෙත යොමු කරන ගමන්ය.
“ ෆිල්ම් , ? මොකක් ද දන්නෙ නැහැ මේ දවස් වල තියෙන්නෙ .ඔයා කැමති ෆිල්ම් එකක් නම් යමු“
ඇයගේ සාමාන්‍ය දැනීම ගැන ඔහුට පුදුම නොසිතුනේ , ඇය මින් පෙර පෙම්වතකු ඇසුරු කර නොතිබීම නිසා ම වන්නට ඇත.සමහර විටක ඇය මේ බව දැන දැනත් , නොදන්නා ලෙස හැසිරෙනවා වන්නට ද බැරි නැතයි ඔහුට සිතුනි.
“ ඔවු , මම කැමති එකක් . යමු ද එහෙනම් “
“ හා . . . .“
ඇය ඔහු සමඟින් එක මඟ වැටුණි.ඇය ඉසලා ගත් කුඩය ඔහුගේ හිසේ විටින් විට අනෙන්නට වූයේ. ඇය ඔහුට වඩා උසින් අඩු නිසාය.
“ මොකක් ද මලිති , පොඩ්ඩක් අවුවෙ ගියා කියල කළු වෙනව ද “ඔහු තරමක කෝපයෙන් ඇසූ විට ඇය කළේ , ඔහුගේ මුහුණ දෙස බලා සිනාසෙමින් කුඩය හකුළා ගැනීමයි.
චිත්‍රපට ශාලාවට පැමිණෙන විට , දර්ශණවාරය ආරම්භ වී තිබුණී. ඔවුන් දෙදෙනා දුටු පමණින්ම පුවේශ පත්‍ර නිකුත් කරන්නා , ඔවුන් දෙස බලමින් ඇසුවේ .
“ බොක්ස් ටිකට් දෙකක් ද ? “
“ නැහැ . ODC දෙන්න “
“ ලාබෙට ලවු කරන්න . ආහ් මෙන්න “
විදුලි පන්දමක් අතින් ගත් මිනිසකු විසින් ඔවුන් දෙදෙනාට මඟ පෙන්වන ලදී. චිත්‍රපට ශාලාවට ඇතුල්වත්ම දොරකඩ පය පැටලි වැටෙන්නට ගිය ඇයව අල්ලා ගත් ඔහු ඇගේ අතින් අල්ලන් , ශාලාවේ ඒ වන විටත් අසුන් ගෙන සිටි ඇය අතිරින් ඇයව පරිස්සමින් රැගෙන ගියේය. අඩ අඳුරින් පිරී ගිය ශාලාව තුල දී නැවත වරක් ඇගේ පය පැටළුනෙන් , විදුලි පන්දම් කරුවා නැවතත් හැරී විදුලි පන්දම් ආලෝකය ඇය දෙසට හරවන විට , ඇය ඒ ආලොකය අතරින් දුටුවේ , උන්හිටිතැන් අමතක වූවන් ලෙස හැසිරෙන පාසල් වියේ පමණ පෙම්වතුන් දෙදෙනෙකි. ඇය , ඔහුගේ අත තදින් ග්‍රහණය කරගන්නා ගමන් ඔහුගේ මුහුණ දෙස බැලුවේ ප්‍රශ්ණාර්ථයක් රැඳි දෑසිනි.
ඇගෙන් දෑස් ඉවතට ගත් ඔහු ගේ සිත, තමා වරදක් කලාක් වැනි හැඟීමකින් පිරී යන්නට විය.
“ මෙතනින් වාඩි වෙන්න “
චිත්‍රපටය පුළුල් තිර මත දිගහැරී ඇත. ඇය එහි නම වත් අඩුම තරමින් නොදනී.
“ මොකක් ද මේකෙ නම “
“ නම ම ම . . . . මට මතක නැහැ මලිති “
“ කමක් නැහැ , යන ගමන් නම බලාගෙන යමු “
ඇගේ දෑස් තිරයෙන් ඉවතට නොයයි, විටෙක සිනා සෙන ඇගෙ මුහුණ , අඩ අඳුරේ ඔහුට පෙනෙයි. අඬ අඳුරේ පෙනෙන ඇඟේ උවනේ සොදුරු බවට මුසු වූ ආසක්ත හැඟීමකින් ඔහුගේ සිත පිරෙන්නට විය.
“ මේ මොක ද මේ , ෆිල්ම් එක යන්නෙ මගෙ මූණෙ නෙමෙයි , අන්න අරහෙ “
ඇය ,ඔහුගේ මුහුණ ඇගේ අතින් අල්ලා , තිරයට දෙසය හරවන්නට සැදූවා පමණි. ඇගේ අත , තම දකුණතින් ගත් ඔහු , එය තම මුවට ළං කර ඉතා මෘදුව , නමුදු ආදරයෙන් හා ආසාවෙන් යුතුව සිප ගද්දී , ඇගේ දිලිසෙන දෑස් වල එළිය අඳුර දුරු කරන් පිපි තරු යුවලක් ලෙස ඔහුට පෙනුනි.
මඳ වේලාවක් විමතියෙන් මෙන් දිලිසෙන ඇස් වලින් ඔහු දෙස බලා සිටි ඇය , ඔහුට තවත් සමීප වී , ඔහුගේ පළල් උරහිසට හිස බර කළාය.
“ කපටියෙක් . . . මේකට ද ෆිල්ම් බලන්න මාව එක්ක ආවේ “
“ ඔවු . . . . මට ඔයාව අද ඉඹින්න ඕනි “
“ ස්කෝල ළමයි වගේ , මේ කළුවරේ ද ? “
“ ඔවු . . . . “
“ හ්ම් . . . . මේක ලංකාව නේ.මට අමතක වුනා. ආදරය කරන්නවත් නිදහසක් නැති රටක් “
ඇගේ හිසෙන් හමනා සුවඳ , ඔහුගේ සිත ආනන්දයෙන් පිරවීය. ඇගේ ගැහෙන පිරි පුන් පපුවේ සුවය , ඔහුගේ ශරීරයට දැනෙන්නට විය.තම දකුණත සෙමින් ඇගේ ඉණ වටා යැවූ ඔහු , ඇය තව තවත් තමා වෙතටම තුරුල්කර ගත්තේ ,ඊළඟ මොහොතේ දී ඇය ව යම් කෙනෙකුන් පැහැර ගෙන යා දෝයි බියෙන් මෙනි.
ඇය ද තව තවත් ඔහුට තුරුළු වුයේ , හදවත ගැහෙනා වේගයට ඇය බිඳී විසිරී සීසී කඩ යාදෝයි යන හැඟීමටත් ,වඩා නොදැනෙන , නාඳුනන , කෝඩුකාර සිතට දැනුන හැඟීම නැති වී යාමට ඉඩ දිය නොහැකි නිසාය.
දෙදෙනාම , චිත්‍රපට ශාලාවෙන් බොහෝ දුර ඈතක ගොස් වුන් බව දෙදෙනාටම නොදැනුනන ද, නොදන්නා යම් රැහැනකින් වෙළි , බැඳී ඇති බවක් ඔවුන් දෙදෙනාටම දැනුනි.ඇගේ දිලිසෙන ඇස් වල කාන්තිය නවතන්නට ඔහුගේ නෙතු වලට නොහැකි වුව ද, ඇගේ පොපියන දෙතොල උරා බීමේ නොසන්සිදෙන ආශාව ඔහුට මැඩලිය නොහැකි විය. ඇගේ නළලතත් , පිරුණු කොපුල් යුගලත් ඔහු ආදරයෙන් සිප ගද්දී , සෙමින් වැසුන ඇගේ දෙනෙත් , ඔහුට ඉඩ දුන්නේ ,ඇගේ ගුප්ත ලෝකයේ දොරවල් කුළුදුලේම ඔහුට විවර කරමිනි.
පොපියන පිරුණ දෙතොල් වෙත ළං වත්ම , ඇගේ කම්මුල් දිගේ ගලා ආ උණුසුම් කඳුළක ලුණු රස ද සමඟින් ඔහුගේ ජීවිතයේ ලද රසවත්ම දෙතොල් පහස විඳින්නට ඔහුට හැකි විය. දීර්ඝ වූත් , සිත් ගන්නා සුළුවූත් , අතිශය සොඳුරු වූත් හාදුවට පසුව , ඔහුගේ පළල් පපුවේ හිස හොවා ගත් ඇය ඉකිගසමින් හඬන්නට වුයේ මන් දැයි ඔහුවත් ඇයවත් දැන වුන්නේ නැත.
අද ඒ , චිත්‍රපට ශාලාව ඉතාමත් නවීකරණය වී ඇති අතර , වේලාසනම චිත්‍රපට ශාලාවට ඇතුළු වු ඔහු අවට සිසාරා , එදා ඔවුන් සිටි ස්ථානය අනුමානයෙන් මෙන් සොයන්නට වූයේ, ජීවිතයේ ලද පළමු හාදුවේ සැනසුම් සුවය යලිත් ලබන්නට මෙනි.
“ තාත්ති , තාත්ති , ඇයි අපි පිටිපස්සෙම සීට් වලට ආවේ ? සීට් ගොඩාරියක් ඉස්සර තියනව නේ ? ඇයි තාත්ති ඒ? “
ඔහුගේ අතින් අඳිමින් , තිරයට අත් දිගු කරමින් , හුරතල් බස් අසනා , සිඟිත්තියට ඇත්තේ , එදා ඔහු සිප ගත් කෙල්ලගේ දෙනෙත් නොවේ. සිඟිත්තිය ආසන්නයෙන් සිටින රුවති ළඳ , සිපගත් වාර ගනන ඔහුගේ මතකයේ නැතත්. පළමු හාදුව පුද කළ ළදගේ මුවින් නැඟි ,සුසුම් වාර ගණන පවා ඔහුගේ මතකයේ ඇත.
අද ඇය කොහිදැයි , ඔහු නොදනිතත්, ඔහු කොහිදැයි ඇය නොදනිතත් , ප්‍රථම හාදුවේ සොඳුරු උණුසුම , ඔවුන් මියෙනා තුරුම මතකේ සදා රැදෙනු ඇත.

“At the first kiss I felt something melt inside me that hurt in an exquisite way. All my longings, all my dreams and sweet anguish, All the secrets that slept deep within me came awake, Everything was transformed and enchanted, everything made sense.”
චිත්‍රපට ශාලාවේ , අඳුර විනිවි ද, ඔහුත් සමඟ සිටිනා සිඟිත්තිය දෙස බලා සිටන
මම
෴ සොඳුරු සිත ෴
මම
෴ සොඳුරු සිත ෴