සිදුවෙන්නට යන දේ වසිලිස්සා
බෝණික්කා හට පවසනවා
බෝණික්කගෙ උපදෙස් පිට ඇය දැන්
මෙහෙකාරිය හමුවට යනවා
අනේ මගේ හොඳ සුදු නැන්දේ
මෙහින් යන්න මට පිහිට වෙයන්
මා හිස බැඳි මේ ලස්සන ලෙන්සුව
නුඹටයි එය නුඹ අර ගන්නේ
වසිලිස්සාගේ තඹවන් ලස්සන දිග කොණ්ඩය ගැට ගහල තිබ්බ සේද ලේන්සුව , බබායාගා යකිණියගේ මෙහෙකාරියට දෙන්නයි මේ වසිලිස්සා හදන්නේ. මෙහෙකාරිය තම ජිවීතේම කැප කරල තියෙන්නෙ යකීණයට කෑම උයල දෙන්න වුනත් , යකිනිය නූලක දෙයක් මේ මෙහෙකාරියට අරන් දීල නැහැ. මෙහෙකාරියගේ ඇස් වලට කඳුළු උනනවා. ඇය මෙහෙම කියනවා.
මගෙ ජීවිතයම කඹුරල කඹුරල
නූල් පොටක් නැහැ මට ලැබුනේ
වසිලිස්සෝ නුඹ පැනලා පලයන්
මම නැහැ නේ නුඹ නවතන්නේ
ඉතින් වසිලිස්සා එතනින් පැනල ආවත් , අර කළු පුසට අහු වෙනවා. ඇය , ඇය ලග සගවා ගෙන තිබුන පාන් කෑලක් කළු පූසටත් බල්ලාටත් දෙනවා. මේ සත්තුන්ටත් කන්න දෙන්න තරම් කරුණාවක් යකිනියට තිබිල නැහැ.
වසිලිසාගේ කරුණාවත් , ඇය දුන්න කෑමත් කන පුසත් බල්ලාත් ඇයට යන්න ඉඩ දෙනවා.
ඔක්කෝගෙන්ම බේරිලා ,මිදුලට ආව වසිලිසාව අල්ල ගන්න අර බාච් ගහේ අතු පාත් වෙනවා. වසිලිසාගේ ලස්සන දිග කොණ්ඩේ අග්ගිස්ස ගැට ගහල තිබ්බ රිබන් එකෙන් , වසිලිස්සා ඒ ගසේ අතු ටික ලස්සනට ගැට ගහනවා.
තමන්ගේ අතු ටික ලස්සනට සරසපු වසිලිසාට බාච් ගස යන්න දෙනවා. ඊළඟට ගේට්ටුව. ගේට්ටු පියන් "ක්රාස්," ගාලා වැහෙනවා. වසිලිස්සා ගේට්ටු වේ ඇණ මුරිච්චි වලට “ තෙල් සහ ග්රීස් ‘ දානව. ගේට්ටුවට හරි සතුටුයි. ගේට්ටුව වසිලිසාට යන්න ඉඩ දෙනවා.
ඉතින් ඒ වෙලාවෙම ආයෙත් අර කළු අසරුවා එතනින් යනවා. ඒ කියන්නේ කළුවර වෙනවා. වසිලිසා , යකිනියගේ වැටෙන් අර දිලිසෙන මිනි හිස් කබලක් ගලවා ගන්නවා. එහි ඇස් වලින් විහිදෙන එළිය නිසා , දහවල වගේ රාත්රියෙ කළාවර පලා යනවා.
ඉතින් මෙහෙම වසිලිසා ගෙදර එනවා. මුළු ගේම පාළුයි කළුවරයි. කුඩම්මා වසිලිසාව දැකල කෑගහනවා. මොකද වසිලිසා මැරිල කියලයි කුඩම්ම හිතුවෙ.
එළිය අරන් එන වෙලාව මේකද
ඇයි මෙතරම් ප්රමාද වුනේ
නුඹහට නොපෙනෙද ගෙයි ඇති කළුවර
නුඹ වයි ගින්නට බිලි දෙන්නේ
මෙහෙම කිව විතරයි , අර වසිලිස්සා ගෙනාපු හිස් කබලෙ තියෙන ඇස් වලින් විහිදෙන එළියෙ රස්නය ,කුඩම්මාවත් ඇගේ දියණියන් දෙදෙනාත් පසු පස පන්නන් ගිහින් ඔවුන් තිදෙනාව අඟුරු බවට පත් කරනවා.
වසිලිසා විතරයි ඉතිරි වෙන්නේ. වසිලිස්සා හිමිදිරිය ආවම , අර නිවිල යන හිස් කබල අරන් එකේ ලස්සන රෝස පැලයක් පැල කරනවා.දැන් ඇයට කාත් කවුරුවත් නැහැ.තාත්තත් දුර ගිහින්...වසිලිසා පිලිසරණක් හොයාන නගරයට යනවා.
ඒ මේ අත ඇවිදින වසිලිස්සට
මහළු ගැහැණියක් හමු වෙනවා
ඇගේ නිවස ඇය තනියෙන් කියලා
වසිලිස්සව එක්කන් යනවා
වසිලිස්සා දැන් තවත් ලස්සනයි
සිත කරදරයක් නැතිව සිටියි
දවසක් වසිලිස්සා අර මවු වෙත
ඉල්ලීමක් මෙලෙසින් ඉල්ලයි
අත්තම්මෙ මට මෙහෙම නිකම් සිට
කන්නට බොන්නට තවත් බැරී
හණ කොළ මිටියත් ගෙනත් දියන් මට
ඉන් රෙදි වියුමට මටත් හැකී
ඉතින් නගරයේ වෙළඳ පොළට යන අර මවු , වසිලිසා ඉල්ලපු දේ ගෙනත් දෙනවා.
වසිලිස්සා ඉන් නූල් කටිනවා
එහෙම නූල් ලොව කොහෙත් නැතී
සිහින් සේද මෙන් ලස්සන නූලෙන්
ඇය වියනා සේලයත් ගතී
ඇය වියපු ලස්සන සේලය , ඇය මහලු මවුට දෙනවා දීල මෙහෙම කියනවා
අත්තම්මේ මේ ලස්සන සේලය
නගරෙට ගොස් විකුණා ගන්නේ
ඉන් ලැබෙනා පොඩි මුදලින් නුඹහට
අඩු වැඩියත් ඉන් අර ගන්නේ
සේදවැනි සේලය දකින මැහැලිය පුදුම වෙනවා.
මේ වැනි ලස්සන සේල වියන්නට
මේ ලොව නම් කවුරුත් අසමත්
මෙය නම් හරියන්නේ රජ මැදුරට
මම මෙය එහිවත් ගෙන යන්නම්
සේලය අරන් රජ මාලිගයට යන අත්තම්මා, කුමාරයාට ඒක පෙන්වනවා. කුමාරයාට හරිම පුදුමයි. ඔහු එය අරන් මෙහෙම කියනවා.
මේ වැනි ලස්සන සේල ය කිසි දින
මා නම් මේ ලොව දැකල නැති
ඉල්ලන ගානක් දෙන්නම් නුමහට
මෙය මා වෙතටම දීලා යන්නේ
අත්තම්මා , මුදල් ගන්නෙ නැහැ කුමාරයාගෙන්. කුමාරයාට එය තෑගි විදිහට දීල යනවා. ( මොකද , කුමාරය කඩවසම් වගේම තනිකඩයි )
කුමාරයා ඊට පස්සෙ මේ සේලයෙන් රජුට ඇඳුමක් මහගන්න හැදුවත්, කිසි කෙනෙක් එයට ඉදිරිපත් වෙන්නෙ නැහැ. මොකද , ඒ රෙද්දෙන් ඒ තැම්ම වටිනා ඇඳුමක් මහන්න කාටත් බයයි.
කුමාරයා අර අත්තම්මට පණිවිඩයක් යවනවා. අත්තම්මට මෙහෙම කියනවා.
නුඹ මට පිරුනැමු ලස්සන සේලය
කපා මසන්නට මට ඇඳුමක්
කොයි කවුරුත් නැහැ එයටම සරිලන
නුඹටම හැකි දෝ එය කර දෙන්නට
අත්තම්ම මෙහෙම කියනවා
ලස්සන මගෙ සුදු වසිලිස්සා
තමයි සේලෙ වියුවේ
ඇයටම හැකි වෙයි ඇඳුමක් මැසුමට
ඇය මෙහි කැදවා ගෙන එන්නේ
ඊට පස්සෙ කුමාරයා , ඇයව ගෙන්න ගන්නවා රජ වාසලට. ඇය දුටු ව දුටු ගමන්, කුමාරයගේ සිත ඇයට ඇදිල යනවා.
වසිලිසාත් දන්න වැඩ කෑලි ටික ඔක්කම දාලා , කුමාරයට ලස්සන ඇඳුමක් මහල දෙනවා ( වසිලිසා කුමාරයව අන්දනව හි හි හි හි .. . )
වසිලිසාගේ රුවත් , නුවනත්, ඇගේ වැඩත් ගැන පැහැදෙන කුමාරයා වසිලිසාව තමන්ගේ බිරිඳ බවට පත් කර ගන්නවා. වසිලිසාගේ තාත්තාත් මේ අතරේ වසිලිසාව හොයා ගෙන එනවා. ඊට පස්සෙ වසිලිසාත්, කුාරයාත්, මහළු අත්තම්මාත් , වසිලිසාගේ පියාත් සතුටින් රජමාලිගාවෙම ජීවත් වෙනවා.
හැබැයි ඉතින් , වසිලිසාට මේ තරම් දුරක් එන්න උදවු කරපු බෝණික්කට මොනා වුනාද කියල මම නම් දන්නෙ නැහැ.
No words were wasted after that.
වසිලිසාට අමතක වූ ලී බෝණික්කා
මම
෴ සොඳුරු සිත ෴
ප/ලි
අර යකිනිය , ඊට පස්සේ රුසියන් සුරංගනා කතා ගොඩක හිටිය මම නම් දැක්කා. හැබැයි ඒ එක කතාවකවත් යකිනය වසිලිසා ගැන ඇගේ අදහස් දක්වලා තිබ්බෙ නැහැ.