නැති දේ , නොලැබෙනා දේ ගැනම තැවෙන අය වැඩියි කියල මට හිතෙනවා. අනික මම ලියන දේ වුනත් එයාලට දෙන්නෙ ඒ දුක් හැඟුමම වර්ධන වෙලා , ඒ දුකම විඳ විඳ ඉ න්න අඩු වැඩිය කියලයි මට හිතුනේ. ඉතින් දුකට පත් කෙනෙක් ව තව තවත් දුකට දාන්න මම නොදැනුවත්ම හරි හවුල් වෙනව නම්, ඒක හොඳ දෙයක් විදිහට මම දකින්නෙ නැහැ.
“ දුක “ හැම හිතකම තියෙන විදින , දැනෙන දෙයක්. ඒත් “දුක“ දුකින්ම නැතිව දුක සතුටින් විඳින්න අපිට බැරිද ,

ආදරය කරන අය නොලැබීමේ දුක , ආදරය කරපු අය අපිව දමා යෑමේ දුක . ඒ දුක් තමයි ගොඩක් දෙනාට තියෙන දුක. ඒ දුක තුල ඇත්තටම සිතට දැනෙන්නෙ සතුටක් නිසා තමයි ගොඩක් දෙනා ඒ දුක තුල ගිලිල කිමිදිලා මිය යන්න හදන්නෙ.හරියට මී මැස්සෙක් ඇන්නම වගේ. වේදනාවක් එක්ක ඇඟ පුරාම දුවන සියුම් පිබිදීමක් ඒ තුල තියෙනවා.
ඒත් දමා ගිය අය හෝ නොලැබී ගිය අය තම තමන්ගේ ලෝක වල ඒ ඒ විදිහට සතුටින් ජීවත් වෙනව. අපි ඔහේ කාලකණ්නි වෙනව. ඉතින් ඒ ආදරය ද? ආදරය තියෙන්නෙ ජීවිත සතුටු කරන්න. ජීවිත ලේසි කරන්න. ජීවිතය බෙදා ගන්න. කොටින්ම ජිවිතය ජිවත් කරවන්න මිසක ජීවිතය විදවන්න නෙමෙයි.
තමන්ට ලැබුන හොඳම කෙනා, ලෝකෙ හිටපු නියම කෙනා තමන්ව දාලා ගියා කියල ඔයාල දුක් වෙන්නෙ කොහොමද ? අනිත් අය දිහා හැරිල බලන්න, කතා කරන්න හඳුනා ගන්න, සමහර විට හොඳම කෙනා තමන්ගෙ ළඟම ඉන්නව වෙන්න පුලුවන්.
ඉතින් මේ අතරේ හිතේ කිසිම තෙතක් නැති කිසිම සංවේදීතාවයක් නැති ගල් හිතුත් නැතිවම නෙමෙයි. ගොඩක් දුරට ඒ හිත් ගල් වෙලා තියෙන්නෙ ආදරය නොදැකපු , නොදැනුන නිසා වෙන්න පුලුවන්. සංවේදි මෘදු සිතකට , ගලක් වුනත් උණු කරන්න පුලුවන්.
ඉතින් යාලු වනේ ගොඩක් දෙනා මගෙන් අහනව “ ඇයි අක්කා ඔයා දුකින් ඉන්නෙ කියල “
මම දුකින් නෙමෙයි. හිත උතුරා ගිය සතුටිනුත් නෙමෙයි . ඒත් හිතට දරා ගන්න බැරි දේවල් මම අකුරු වලට බර තියලා , මගේ හිතින් පිටුවහල් කරන්න වෙර දරනවා. ඒ නිසා මම වත් නොදැන මගේ හිතේ අහු මුළු වල තියෙන “ දුක“ වචන වලට එනව ඇති. ඒ ඇරෙන්න , විශේෂ දුකක් හෝ සතුටක් නම් මට නැහැ.
පොතක් පල කිරීම ගැන නම් මේ දවස් වල වෙහෙසෙමින් ඉන්නව. නොදැකපු , නමුත් ගොඩ දෙනෙක් මට ඒකට උදවු කරනවා. ඒ හැමදෙනාටම ගොඩක් ස්තූතියි.
මා වටේ ඉන්න , හිත් වල දුක පුරෝ ගත්ත යාළුවන් , සතුටින් ඉන්නව දකින්නයි මම කැමති. දුක ආහාරයක් කර ගන්න එක නතර කරන්න . . . . ජිවිතේ ලස්සනයි. නුඹේ ජිවිතය නුඹේමයි. වෙන කෙනෙක්ට ඒ ජීවිතේ නැති කරන්න දෙන්න එපා. පුලුවන් නම් , තමන්ගෙ ජීවිතෙන් තමන් ආදරය කරන අයගේ ලෝකය එළිය කරන්න බලන්න. ඒකට එයාල ළඟට යන්නම ඕනි කියල එකක් නැහැනෙ.

එහෙම නේද ?
මේ මම කළකින් අහපු ගීතයක්. කැමැති නම් ගීතයත් අහලම යන්න.
මල් හසරැල් සැළෙන ලොවක්..
දුල් රසුදැල් අසිරි සලක්..
සොඳුරු ඉසව්වක්..
තිත් කතරක නෙත් දනවන..
සිහින දනව්වක්..
කතරක් මැද කොතැනක හෝ..
කෙම් බිම් යලි හමුවෙනවා.
දුක්බර ගෙනයන ගමනේ..
හසරැල්ලක් මුසුවෙනවා..
කඳුලින් සරු වූ උයනේ..
මිනිසත්කම් දළුලනවා..
සිත තෙත් ගතිනැති දා ලෝ..
කොතැනක් කතරක් වෙනවා..
හදවත් පිවිතුරු වූ දා..
නව කෙම් බිම් බිහිවෙනවා..
දෙසිතක් මුසු වූ දැහැනේ..
දහසක් මල් පිබිදෙනවා.
දුල් රසුදැල් අසිරි සලක්..
සොඳුරු ඉසව්වක්..
තිත් කතරක නෙත් දනවන..
සිහින දනව්වක්..
කතරක් මැද කොතැනක හෝ..
කෙම් බිම් යලි හමුවෙනවා.
දුක්බර ගෙනයන ගමනේ..
හසරැල්ලක් මුසුවෙනවා..
කඳුලින් සරු වූ උයනේ..
මිනිසත්කම් දළුලනවා..
සිත තෙත් ගතිනැති දා ලෝ..
කොතැනක් කතරක් වෙනවා..
හදවත් පිවිතුරු වූ දා..
නව කෙම් බිම් බිහිවෙනවා..
දෙසිතක් මුසු වූ දැහැනේ..
දහසක් මල් පිබිදෙනවා.
සඳ මා හැර ගියැයි කියා - සඳ එළියත් එක්ක තරහ නොවී
සඳ එළියේ සුව විඳින
මම
෴ සොඳුරු සිත ෴
සඳ එළියේ සුව විඳින
මම
෴ සොඳුරු සිත ෴