ඔයාල කවුරු කවුරුත් විභාග වලට , සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීලා ලකුණු අරන් ඇති. සමහර ඒවයින් තේරිලත් ඇති. ඒත් ඒ සමහර තැන් වලදි ලකුණු දීපු ක්‍රමය වැරදී කියල ඔයාලට හිතිලත් ඇති. මොකද සමහරු ලකුණු දෙන්නේ මූණ බලල.
මමත් මගේ ජීවිතකාලයට ම එහෙම ලකුණු දුන්න අවස්ථා එකම එකක් තියනවා. ඔයාලම කියවල බලල , මට කියන්න .මම ලකුණු දුන්න ක්‍රමය හරි ද වැර දි ද කියල.
ඔන්න එහෙනම් ඒ කතාව ,
ඔන්න එහෙනම් ඒ කතාව ,
එදා හරිම ලස්සන දවසක්. ඊට කලින් දවසෙ මට නින්ද ගියෙත් නැහැ හරියට. ඇහැ පියවෙන කොට කවුදෝ කෙනෙක් මගේ හීන වලට බලෙන්ම ඇවිත් එඹිකම් කරනවා.
ඒ මුහුණ පැහැදිලි නැහැ , බොඳ වුන චිත්‍රයක් වගේ. සුවඳ දැනෙන බොඳ වුන මුහුණක්. හීනෙන් හීනෙට ඇවිත් එදා මුළු රෑම ඒ බොද මුහුණ මාත් එක්ක හැන්ගි හොරා සෙල්ලම් කරා.
ඉතින් අද , මම මේ මඟ බලන් ඉන්නේ ඒ බොඳ වුන මුහුණට පාට ගලපල සැබෑ මුහුණක් මවා ගන්නයි. කාලය ගත වුනේ හරිම හිමින් වුනත් ඒ සුන්දර මොහොත උදා වුනා.
ඔහු ඇවිත් , මගේ ඉදිරියෙන් සිටගෙන සිටිනවා. ඔහුගේත් මගේත් මුවගට එක වගේම සිනහ මලක් පිපුනා.
“ කොහොම ද මාව අඳුර ගත්තේ “ ඒ ඔහු.
“ ඊයේ මුළු රෑම . . මගෙ හීන වල හිටිය “
“ මේ ඔයාට “ අත රැඳිල තිබ්බ පාර්සලය ඔහු මට දුන්නා.
“ තැන්ක් යූ , මේක ඔයාට. බිඳෙයි බලාගෙන “ මම ඔහුට දුන්නේ කාලයක් තිස්සේ මගෙ බාලාපොරොත්තු අමුණල මම මැහුව සිත්තමක්. ලස්සන කුරුළු ජෝඩුවක්. ස්ට්‍රේට් ස්ට්රිජ් වලින් ඒක මහන්න ගොඩාක් කල් ගියා. ඔහු මාව බලන්න එනකම් කාලය ගත කරද්දි... මගේ හිත තුල තිබ්බ හැම බාලාපොරොත්තුවක්ම එකතු කරලයි මම ඒ පින්තූරය අතින්ම ගෙත්තම් කරේ.
ගෙත්තම් රූපය රාමු කරන්න අරන් ගියේ ඔහු එන්නෙ හෙට කියල තියෙද්දි අද වගේ දවසක.

“රාමු කරල දෙන්න අද නම් බැහැ නෝන “ කියල හාඩ්වෙයාර් සාප්පුවෙ මුදලාලි කියද්දී මට හිතුනේ ඒ රාමුව අරන් මුදලාලිව රාමු කරන්නයි. මගේ වාසනාවට ඒ කඩේ හිටපු මගෙ පරණ ගෝලයෙක් ඒ අවස්ථා වෙදි පිහිටට ආවා. දැන් කුරුළු ජෝඩුව රාමුවෙ හිර වෙලා.
එතනම වාඩි වූ ඔහු , එවෙලේම එය දිග ඇරල බැලුව.
“ ඔයා ද මැහුවේ ? ලස්සනයි. මම කැමති මේ වගේ තෑගි වලට තමයි , ඔයාට ගොඩක් ස්තූතියි “ මද වෙලාවක් මගේ මුහුණ දෙස හිනා වෙලා බලන් හිටපු ඔහු , ඔහු ළගම ඔහුට දකුණු පසින් ඔහු වාඩි වී සිටි දිගු සිමෙන්තු බංකුවට ඔහුගේ දකුණු අතින් තට්ටු කරන ගමන් ,

“ වාඩිවෙන්න “
මඳක් පැකිලුන මා , සිතට දෙගිඩියාවක් එන්න කලින් ම , ඔහු ලගින් වාඩි වුනා. මොහොතකට , එක මොහොතකට , මගේ හුස්ම නැවතුනා.ඔහු ළඟින් හමා ආව පිරිමි සුවඳ , මගේ නාස් පුඬු වලින් ඇතුළු වෙලා හදවතේ ගැඹුරුම තැනක තැන්පත් වුනා.
ඒ සුවඳ අමතක වෙයි දෝ කියල බයක් , මගේ හිතට ඇතුළු වුන නිසා , ආයෙත් මම මම ඇස් වහගෙන ඒ පිරිමි සුවඳ හදවත පුරා විඳ ගත්තා.
“ ඇයි , ඔයා බය වෙලා ද“ මගේ ගැහෙන පපුව දිහා එක් වරම බලපු ඔහු ක්ෂණයෙන් ඉන් දෑස් මුදා හරින ගමන් ඇහුවා.
ලැජ්ජාව පිරුණ මුහුණත් එක්ක බිම බලපු මම ඔහුට හොරෙන්, සුළඟට අකීකරු වූ සාරි පොට නිසා විවර වෙලා තිබ්බ පිරුණ ලැම වහගත්තේ සුළගටත් හිනා වෙවී. සාරි පොට හදපු මගෙ අත , ඊළඟට ගියේ මගේ බෙල්ල වටේ තිබ්බ දිගු අගස්ති මාලයට.ඒ සුළඟට සැරි සරන තුනී සාරි පොටට බරක් තියන්න ඕනි නිසයි.

“ ඔයාට , රත්තරන් මාලයක් නැද්ද ? “
පුදුම වුන මම. ඔහුගෙ මුහුණ දිහා බැලුවෙ එක එල්ලයේ.
“ ඊ ලඟ සැරේ එනකොට , මම ඔයාට රත්තරන් මාලයක් ගෙනත් දෙන්නම් “
ඔහු කීවා.
“ එපා “
“ හෙහ් හෙහ් හේ හේ. . . . මම දන්නව ඔහොම කියන විත්තිය. මගෙ ආඩම්බර කෙල්ල , කෝ දෙන්න මම ගෙනාපු පාර්සලේ. මට ආපහු අරන් යන්න “
“ ආහ් . . . . . මෙන්න “

ඔහු එය පරිස්සමින් අතට අරන් , ඒ තුල තිබ්බ දේ එකින් එක ඉවතට ගත්තා.
“ මේ බලන්න, මේව හරි රහයි. ගෙදර ගිහින් අම්මට නංගිලාටත් දීල කන්න. මේක අරින්නෙ මෙන්න මෙහෙම “
ඒ ලස්සන චොකලට් පෙට්ටියක්. ඒක ඇතුලෙ එක එක හැඩයේ චොකලට් පුංචි වලවල් වහල බහා තිබ්බ , එකකට එකක් වෙනස් හැඩ, සමාන හැඩ තියන චොකලට් බෝල සොයා ගන්න බැහැ.
“ හා “ මම කීවා.
“ මේ තියෙන්නෙත් චොකලට් “ මම ගෙනාපු දේවල් ගොඩක් ඉවර වුනා. ඔයාව බලන්න එන්න කල්යන්න යන්න . ඔයාට ගෙනාපු දේවල් එක එකා අරන් යන්න ගියා “
ඔහු මගේ මුහුණ බලාන කීවේ , හරියට සමාව ඉල්ලන්න වගේ.
“ කමක් නැහැ “
ඉන් පසුව , පැය වලින් ද විනාඩි වලින් ද මන්ද ගොඩාක් නිහඬ වරු ගාණක් දවස් ගාණක් ගෙවිල ගියා කියලයි මට හිතුනේ.
“ ඔයා බය වෙලා “ හිටිවනම ඔහු පැවසුවේ නෝක්කාඩුවක් වගේ.
“ නැහ් , නැහ් “
“ ඇයි එහෙනම් කතා නැත්තේ “
ඒ මුහුණෙ කිසිම හැඟීමක් හරියාකාරව තේරුම් ගන්න මට බැරිව ගියා. දුක , සතුට, ආදරය,රාගය , තරහව කිසි දෙයක් ඒ මූණෙ නැහැ. හීනි හිනාවක් තිබ්බ මගේ මුහුණ මැලවිලා යන්න ඇති.
ඔහු ආයෙත් , පාර්ක් එකේ තියෙන කොට බැම්මෙන් එහා පේන කොටු පවුර දිහා බලාන ඉන්න වුනා.
මේ හොඳම වෙලාව . මට හිතුනා. මගෙන් ඉවත බලන් ඉන්න ඔහුගේ මුහුණෙ දකුණු පැත්ත මට හොඳට පෙනුනා. මම තව තවත් ඒ මුහුණට ළං වුනා , පිරිමි සුවඳත් එක්ක මුහුවෙලා ඒ මුහුණ මගේ හිතේ කොහෙදෝ හැන්ඟිලා තිබ්බ සෙනෙහසක් ආයෙත් ඉහලට අරන් ආවා.
තව තවත් , තව තවත් ඒ මුහුණට ළං වුන මට , උදෑසනම රේසර් කරපු මුහුණෙ හීනියට පැන නැඟිල තියන රැවුල් කොට පවා දකින්න පුලුවන් වුනා.
පිරිමි මූනක් මේ තරම් ළඟට. ! ! ! !
නොහිතපු වෙලාවක , ඔහු ආපසු මා දිහාවට හැරුණ. මගේ ඇස් අනපේක්ෂිත විශ්මයෙන් විශාල වෙද්දි . ඒ මුහුණෙ සියළු හැඟීම් මගේ මුහුණ පුරා ගලා යන්න වුනේ වැටෙන්න තිබ්බ අන්තිම සුසුමත් නතර කරල.
මගේ සඳ
සරා සඳ
අරා හිස් අහස් කුස
දමා මා පොළෝ ගැබ
ගියේ ඇයි වරා හද
සරා සඳ
අරා හිස් අහස් කුස
දමා මා පොළෝ ගැබ
ගියේ ඇයි වරා හද
සඳ ගෙ සඳ
මම
෴ සොඳුරු සිත ෴
මම
෴ සොඳුරු සිත ෴