..... I am the poem that's  yours but doesn't belong to you ever,...

Monday, January 31, 2011

෴ ආදරය අභියස ෴

ඇය තම ප්‍රාථමික වර්ගයේ ජංගම දුරකතනය අතට ගෙන වේලාව බැලුවා. හ්ම් . . . . දැන් පැයකටත් වඩා පරක්කුයි.තව ටික වෙලාවක් බලමු. ඇය තමන්ටම කියා ගත්ත. කඩල ගොටු දෙකකටම මේ වන විට ඇය වග කියල ඉවරයි. අයිස් ක්‍රීම් දැන්ම කන්න බැහැ. ඇයට හිතුන.

එහා මෙහා දුවපු ඇස් දැක්කෙ පුංචි වුන් රොත්තක් සරුංගල් අරින හැටි. ඒ පැත්තට යන එක මෙතන තනියෙන් කාලය කනවය වඩා හොඳ බව ඇයට සිතුනෙ පිරිමින් කිහිපදෙනෙකුගෙම ගිජු නෙත් ඇය වෙත යොමු වන බව ඇයට දැනුන නිසා.

ඉඳහල්ලකො. . . හැබැටමයි . ..පැය 25ක් තිබ්බත් එයාට නම් මදි. මම නම් ආයෙ එන්නෙ නැහැ නැහැමයි. ඇය මෙසේ සපථ කර ගත්තෙ කීවෙනි පාරට ද කියල ඇයටම මතක නැහැ.

ඇය කොහොම හරි හරි ඉක්මනින්ම පුංචිවුන් රැනත් එක්ක යාලු වුනා. ඇයට කොහොමත් පොඩි දරුවන් එක්ක යාලුවෙන්න ඒ හැටි වෙලාවක් යන්නෙ නැහැ. සරුංගල් අතරින් නූල කඩන් ගියපු සරුංගලේම ඉල්ල අඩ අඩ හිටපු පොඩි එකෙක්ව හේ කර ගන්න අතරේ කවුද ඇවිත් ඇයට කතා කළා.

“ එහෙනම් මම යන්නද නෝන, මම නැතිවුනාට නොනට පාලුවක් නැහැ වගේ “

“ මෙන්න මෙයා ඇවිල්ල. කොයි වෙලේද ආවේ “

“ අපි ආපු වෙලාවල් දකින්නෙ කොහොම ද? “

“ ඇයි එහෙම කියන්නේ .මම ඇවිත් කොච්චර වෙලාද දැන් පැය දෙකකටත් කිට්ටු “

“ මම ඇවිත් පැය කාලක් විතර ඇති , ඉතින් දැන්වත් එනව ද මොන්ටිසොරියෙන් “

ඔහු ඇයට දුන්න චොකලට් එක තාමත් ගිරිය පුප්පගෙන අඩන පොඩි එකාට දුන්න ඇය , ඇඩුම නතර කරපු පොඩි එකා දිහා සිනාවෙන් බලා හිටපු මූණින්ම ඇය ඔහු දිහාට හැරුන. ඔහුගෙ මුහුණ නොක්කඩු ගොඩකින් පිරිල.

පොඩි එකාට ටටා බායි කියපු ඇය ඔහුගෙ අතින් අල්ලන් වෙරල දිගේ ඈතට ගියා.

“ මොකද අනේ මේ. හරිනම් මමයි මුණ ලොකු කරන් ඉන්න ඕනි.“

“ ම්ම් “
“ චොකලට් කන්න හොඳ නැහැනෙ . මම තව මහත් වේවි “

“ ම්ම්“

“ අපි කඩල කමුද ? ඇඟටත් හොඳයි .පෝෂණයයි “

“ ම්ම් “

“ මොකද අනේ . . . බකමූණෙක් වගේ “

“ ම්ම් “

ඒ වෙන කොට දෙන්නම ඇවිත් තිබ්බෙ වැටකෙයිය ගාලක් ලඟට. කවුරුවත් පේන තෙක් මානෙක ඇත්තෙත් නැහැ. ම්ම්ම් .. . . . . . 

“ කපටි කෙල්ල. ඕව තමයි කෙල්ලන්ගෙ 64 මායම් “

“ ආහ් එහෙම ද? , එහෙනම් මම ආයෙ මායම් නොදා ඉන්නම් කෝ ‘

“ ඒව කොහෙද මට තව මායමක් ඕනි“ 

ඔහුගේ තුරුලින් මිදුන ඇය ඔහුගෙන් ඈතට දිව ගියේ , හරිම ආදරණීය බැල්මක් ඔහු වෙත හෙලන ගමන්.

ආදරය කොයි තරම් සුන්දර ද? ඒත් ඒ හැමදාම මුණ ගැහෙන කතා බහ කරන ආදරය විතරයි. විවාහ වෙලා ළමයි එකා දෙන්න එකතු වුනාම ඇත්තටම ඒ ආදරේට මොකද වෙන්නේ. 

මට එහෙම හිතුනේ සරත් විජේසූරිය මහත්තයගේ “ සිතක වෙහෙස “ පොත තුන් වෙනි සැරේටත් කියෙවුවට පස්සෙ.

සරත් විජේසූරියගෙ 
ආදරය දැනෙන්න ජිවත් වෙන්න
ජීවිතයට ගරු කරන්න
කියන පොත් දෙකට පස්සෙ කියෙවුව පොත තමයි සිතක වෙහෙස.

ඒ පොත කියෙවුවම හිතෙනවා මිනිස්සු ඉන්නෙ මොන තරම් මානසික පිඩාවන් වලින් තෙරපිලා ද කියල. හැමදේම තිබ්බත් නැති එකම දේ ආදරය.

ඩෙස්මන් මොරිස් ගෙ පොතේ හැටියට නම් ඒකාකාරි ජීවිතය ට අකමැති වෙන්න හේතු තියෙනවා තමයි. ඒත් අපි පවුලක් වෙන්නෙ තනිකම නැති කරල දාලා උණුසුම් ආදරය විඳින්න . ඒ පවුල ඇතුලෙම හුදකලාවෙන මිනිස්සු දැක්කම මේ තනිකඩ ජීවිතය කොයි තරම් හොඳද කියල මට හිතෙනවා.

කොහොම නමුත් දැන් මට ඒ පොත් ගෙදරට ගෙන ඒම සම්පූර්ණ තහනම්. ඒ පොත් බලන්න ඕනි තනිකඩ අය නෙමෙයි කියන්නේ. ඒ පොත් බලන්න ඕනි විවාහක මිනිස්සුලු. නැත්තම් තනිකඩ අය ඒ ගැන පරතෙරටම හිතල විවාහ වෙන්නෙ නැතිව ඉන්නවලු. හරියට මේ ලියන කෙනා වගේ....

ඒ පොතේ අන්තිමට තිබ්බ මොනිකා රුවන්පතිරණ කිවිඳියගේ කවියක් තමයි මේ.


සඳ වතුර මහ පොළව සිප වැළඳ සැඳෑවක

ඔබෙ ඇසට එබී මම සෙවුයෙමි ය මගේ රුව
ඔබෙ දැස තුළ ම මා රුවා ගෙන ගියෙන් ඔබ
එදා රැය පහන් විය පා වෙමින සිහිනයක
ඒ මොහොතෙහි ලොවෙහි පෙම් සිරි අසිරි කියන්නට
පසක් විය එකද පෙම් කවක් හෝ නොමැති වග

*******************************
ජිවිතය දොම්නසින් වෙළුණ මැදි වියේ අද
මගේ ඇස විසිව ඇත ඔබෙ නෙතින් බෝ ඈත
අපේ රූ සොයා ඔබ පිහිනාය මි විතක
මම වැතිර හිඳින්නෙමි සිහින නැති දිගු රැයක
ලොවෙහි පෙම් සිරි කියූ කව් ගීත නළු සියල්
පසක් වෙයි පෙමට වැඩියෙන් බොහෝ මහරු වග


ඒත් මේ පහත ගීතයේ කියවෙනව වගේ ආදරයක් මටත් හිමිනම් කියල මම හිතපු වාර ගනන නම් අනන්තයි.

අහල බලන්න . . . . මම මේ ගීතය ඉස්සෙල්ලම ඇහුවේ. මම ගොඩක් කැමති කෙනෙක්ගේ රිං ටෝන් එක විදිහට ......


 


Love is holding hands in the street. Marriage is holding arguments in the street. 

ජීවිතය නුඹෙන් දැන , නුඹට ආදරය කරන 
මම
෴ සොඳුරු සිත ෴

Sunday, January 30, 2011

෴ ජිවිතය කවියක් , තනිය එහි පදයක් ෴

තමන්ගේ හිස අත තියල දිවුරල ,තමන්ව අමතක නොකර එන බව කිව දිලිසෙන නෙත් ඇත්තා, අන්තිමට සිදාදියේ ඉඳල ගමට එන දවස අදයි. ඒ ඇත්තගෙ ගෙදර අද රජ මඟුල් . ඒකට හේතු වෙලා තියෙන්නේ ඒ ඇත්ත ආපසු ගමරටට එන්නේ හිසි අතින් නෙමෙයි. බරටම දෑවැද්දත් ඇන්න සිදාදියෙන් කරකාර ගත්ත බෝණික්කියක් වගේ නෝනමහැත්තැන් කෙනෙකුත් කරකාර ඇන්න.මේවග විත්ති හින්නි නෝනෙගෙ කණට වැටුනම ඒකී පිස්සියෙක් වෙයි කියලැයි සෝමෙ හිතුවෙ. මොකද හින්නි නෝනෙගෙ හිතේ දිලිසෙන නෙත් ඇත්තට තිබ්බ සෙනෙහෙ කන්දරාව සෝමෙ හොඳාකාරවම දැන වුන්නා.හින්නි නෝනෙ කළේ දිග හුස්මක් ඇඳල අරන් , ඒ සුසුම් පොදේම දිය කරල , හිතේ පිරිල තිබ්බ ආලවන්තකම් ඔක්කම සුළඟට මුසු කරපු එක විතරයි.


සෝමෙගෙ හිතේ තිබ්බ ලෙංගතුකම් වලට පිටුපාලා දිලිසෙන නෙත් ඇත්තගෙ ආලවන්ත දැලේ බැඳුන හින්නි නෝනෙට මෙහෙම වෙලා මදි කියල සෝමෙට නොහිතුනාම නෙමෙයි. ඒත් සෝමෙගෙ හිතේ දැන් ඒකී ගැන ආලවන්තකමක් නැතිවා. කපුට කාලා විසි කරපු වරක , පැණි වරක වුනත් ,මඳුලක දෙකක රස බලන්න මිසක ගඩාගෙන ගෙනිහුන් පිළිවලකට රස බලන්න දැන් සෝමෙගෙ හිතෙත් නැති විත්තිය හින්නි මැණිකෙගෙත් හිතට ඉවෙන් වගේ දැනුන.


දිලිසෙන ඇස් ඇත්ත ගැන තරාවක් කෝපයක් වෙනුවට ,ඇගේ හිතේ හට ගත්තේ මොහොතකට හරි ඒ ඇත්තව දැක ගැනීමේ ආසාවක් විතරයි.


පැණි වරක ගහටත් හෙණ ගහන එකේ . . .  තමන් ගැන හින්නි කෙල්ලට දැනුනෙ ආත්මානුකම්පාවක් මිසක ඒ ඇත්ත ගැන වෛර ක්‍රෝධයක් නෙමෙයි.





 ජිවිතය කවියක්
ආදරය
එහි සොදුරුතම වදනක්
කදුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක් වු විට දැනේ
පෙර නොවිදි රසයක්
පසු පසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුක ද ඉවසා දරා ගන්නට සිතට බලකරනා
හැඟුම් අවදිව මැවේ කවිකම


සෙනෙහසින් රැඳී වුන් නෙක දන
පලා යයි නොකියාම ඇතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ළංවේද තනියට

ගායනය - නන්දා මාලනී
පද රචනය -(දන්න කෙනෙක් ඉන්නව නම් ලියල යන්න )
අහල බලන්න කැමති නම් මෙන්න . . . . .



ජීවිතය කවියක් . . . තනිය එහි තව එකම එක පදයක්
කියල හිතන
මම
෴ සොඳුරු සිත ෴

෴ එක සිත දෙතැනක / Indecisive Mind ෴

මගේ නෙතු පියවෙන්නේ නැත. නෙතු පියවුන සැනින් ඒ සෝබර මුහුණ පෙනෙයි. තිගැස්සෙන මම ක්ෂණයෙන් නෙතු පියන් ඇරියත් සිතට නිවනක් නැත. සිත ඔහු ගැන සිතන්නට වෙහෙසෙයි. මා විවාහ වී දුරු රටක තනිවූවාට පසුව ඔහු ගැන මතකය ටිකින් ටික අමතකව යන්නට විය.ස්වාමියාගේ සෙනෙහසත් දරු වන්ගේ සෙනෙහස හා දහසක් වැඩ රාජකාරිත් මධ්‍යෙය්  මා සිතට එඹිකම් පාන්නට තිබු අවස්ථා මඟ හැරී යන්නට ඇත. නමුත් සිත තැලුන පොඩි වුන බොහෝ අවස්ථාවලදි ඔහු සිහිනයක් සේ පැමිණ මා සිත සුවපත් කළ යුරු මට මතකය.

ඔහුගේ රුව සැබෑ ලෙසම දුටුව අවසන් දින සිට අද වන විට වසර විසි ගණකට ආසන්නව ගෙවී ගොස් ඇත.එහෙත් නොසිතූ පරිදි අද දහවලේ දුටු ඒ රුව මගේ මතකය නැවතත් ඈත අතීතයට ගෙන යන්නට සමත් විය.

ඔහු සිටියේ දුකින් බව ඔහුගේ සිතුම් පැතුම් අඳුනන මට රහසක් නොවේ. දුක් සිත වසා පැතිර ගත් මද සිනහව ඒ දුක තීව්‍රර කරයි. නොදැනම රූරා වැටුන කඳුළක් මගේ සිත මීට වසර විස්සකට පමණ පෙර අතීතයට ගෙන යන්නට සමත් වුනා.

මා ඔහු මුලින්ම දුටුවේ මගේ යෙහෙළියකගේ උපන් දින සාදයකදීය.ප්‍රිය සාද වලට කවදත් අකමැති මම,  සතුටු වන දනන්ගේ මුහුණු මට පෙනෙන ඔවුනට මා නොපෙනෙන මුල්ලකට වී සතුටුවන්නන්ගේ මුහුණු දෙස බලා වුන්නෙමි.

මත්පැන් බී සතුටුවන්නන්, නටා ගී ගයමින් සතුටු වන්නන් , ඕපදූප කියමින් සතුටු වන්නන් අතර මට තැනක් කවදත් නොවීය. ඔවුන් අතර දුවන නෙත එකවරම එකකු ළඟ නතර විය.එයට හේතුව වූයේ ඒ දෑසද මා ළඟ බොහෝ වේලාවක සිට නතර ව තිබූ බව මට දැනීමයි.

සුරතේ තිබූ මත්පැන් වීදුරුව මදක් ඉහලට එසවූ ඔහු , හිස තරමක් නවා ,මා දිහා බලා මඳ සිනා පෑවා. සිනාසෙම්දෝ නොවෙම්දෝයි සිතූ මා අවිනිශ්චිත සිනාවක් ඔහු වෙත පෑවා. ඉන්පසුව විටින් විට ඒ නෙතු මා දෙස යොමු වෙනව මට දැනුන අතර එය මා නොසන්සුන් කරවන්නට හේතු වුනා. ඔහු හා දීර්ඝකතාවකට වැටුන සඟයෙක් නිසා ඔහුට මාව නොපෙනෙන පරිදි ආවරණය වූ අවස්ථාවක් බලා මා එතනින් ක්ෂණයෙන් මාරු වුනා.

අඩ සඳෙන් අඩක් පායා තිබු අහස දිහා බලන් , ප්‍රිය සම්භාෂණයෙ රැඳි ඝෝෂාවෙන් පෙරී එන මඳ සංගීතය අසන් සඳැල්ලට වෙලා සිටි මගේ උරහිසට දැනුන සීතල පහසකින් මා සිතුවිලි අතරින් නැවතත් ප්‍රිය සාදයට.

ගැස්සි ගිය මා බෙල්ල හරවා බලන විට දුටුවේ. . මගේ නෙත් හොරා ,මට පසු පසින් සිනා සෙමින් සිටින අයුරුය. 

“ මොකද , බය වුනාද ?“

සිහින් මත්පැන් ඟඳක් ඒ වචන අස්සෙන් ඇවිත් මගේ නැහැයට වැදුන.මම මූණ බෙරිකර ගත්තත්. මගේ සිතෙත් මත් වෙන්න ආසාවක් ඒ මොහොතෙ ඉපදිලා නැතිවෙලා ගියා.

“ ඇයි බය කරන්න ද ඕනි “

“ අනේ නැහැ. මම නිසා ද අතතින් නැගිටල ආවේ “

“ අපොයි නැහැ. මම ආවේ මට ඕනි නිසා“

“ මම හිතුවෙ මම නිසා කියල. පාටි වලට ඇවිත් විනෝද වෙන්න අකමැති නම් මොකද පාටිස් වලට එන්නේ ..සතුටු වෙන මිනිස්සු දැක්කම ඊර්ෂ්‍යා හිතේවි “

“ ඔයාට ඒක වැඩක් නැහැනේ. . .. මට ඕනි නම් මම එනවා . මට ඕනි නම් මම නටනවා. මම බොනවා. ඒක ඔයාට මොටද ? “

“ හෙහ් හෙහ් හේ ....“

“ ඇයි ? “

“ බොරු කියන්න එපා. ඔයාට නටන්න බැහැ. අඩු ගානේ රතු වයින් මුඩියෙන් එකක් වත් ඔයාට බොන්නත් බැහැ. ඔයාට පුලුවන් පැත්තකට වෙලා ඉඳන් ඒ දේවල් කරන අය දිහා ඊර්ෂ්‍යාවෙන් බලන් ඉන්න විතරයි “

“ හොඳයි මම නටල පෙන්නුවොත් “

“ ඕහ් .ෂුවර් ..වයි නොට් ....“ පැවසූ ඔහු. . .නැටුමට ආරාධනා කරන විලාසයෙන් මට අත පෑවා. ඒ අත නොගත් මා ටික වේලාවක් ඔහු දෙස තරහින් බලා සිටින විට ඔහු ඔහුගේ සුරතින් ප්‍රිය සම්භාෂණය පැවැත්වෙන ශාලාව වෙත යන ලෙස ඇරාධනා ඉරියවුවක් පෑවා.

ඒ අනුව ශාලාව දෙසට එසවුන මගේ පාද . . . මා කවදාවත් නටා නැති නැටුමක තාලය ගන්න සූදානමිනුයි හිටියෙ. . . .

ඔහු මගේ පසු පසින්.  . . මගේ අවාසනාවක මහත. . .  ඒ වේලාවේ වැයුන සංගීතයට නටමින් සිටියේ ජෝඩු ජෝඩු වැළඳගත් ආලිංගන නැටුම්. . . ක්ෂණයෙන් ඔහු වෙත මා හැරුණේ මා පැරදුන බව ඔහුට කියන්නට වුනත් ඇගේ වදින තරම් ළඟින් මට පසු පසින් සිටි ඔහු කළේ මා ක්ෂණයෙන් වැළඳ ගෙන නැටුම පටන් ගැනීමයි.

මා නොසිතු අවස්ථාවකදි සිදුවූ දෙයින් බලවත් කළබලයට පත්වුන අතර දඬුකඳ වන් ඔහුගේ බාහු වලට සිර වූ මට කර කියා ගත හැකි දෙයක් තිබ්බෙ නැහැ.

ඒ අතර තුර නැටුම් නොදන්න මගේ කකුළ් දෙතුන් වතාවකටත් වඩා ඔහුට පෑඟුනා. සීමාව ඉක්මවා ගියේ ඔහු මා සිපගැනීමට දැරුව උත්සාහය නිසයි. ඉහවහා ගිය කෝපයෙන් හැකි වෙර දරා මගේ පයක් එසවී ඔහුගේ යොධකකුලක් පසාරු කර යන්න තරම් වේගවත් පා පහරක් එල්ල කරන්නට මට පුළුවන් වුනේ ඒ නිසා වෙන්න ඇති.

ඔහුගේ ලස්සන මුහුණ වේදනාවෙන් ඇඹරිලා ගියා.

“ අම්මි , අම්මි මම අද අම්මි ගාව දොයියන්න ද? “

මගේ පුංචි දියණිය මගේ රෑ ඇඳුමේ කොණකින් අඳිමින් , අතීතා ලෝකය හා බැඳුන රැහැනින් මාව මිදෙවුවා. . . .


ඒත් ඔහු අද මගේ සිහින පුරා ආයෙත් සැරිසරන්න පටන් ගනීවි . . . . බිය වැදුන මගෙ සිත සඟවගන්න ,මගේ පුංචි දෝණිය වඩා ගත්ත මම ඇයව තදින් මගේ පපුවට තුරුල් කර ගත්ත.

ඔහු කවුද ? ඊට පස්සෙ මොකද වුනේ ? 

තනිවුන සිතක සුදු මුදු සුවඳත් රැගෙන
නුඹ ගොඩ වුනා වැස්සට පෙම් සිත් තෙමන
වැස්සෙන් බේරුණත් නෙත තෙමමින් නිබද
මා හැර ගියේ ඇයි දැයි පවසන් සබඳ

අමතක වුනා කියලයි මා නම් සිතුවේ
අමතක වෙලා නැති බව කලකින් දැනුනේ
හැර ගිය ලෙසම ඉන්නට බැරි නම් සබඳේ
මට සමු දෙන්න මම තනි නැහැ අද මිතුරේ

එන්නට එපා සිහිනෙන් සිහිනෙට පැටලී
ගන්නට බෙදා හිත නැහැ පෙර මෙන් සුපිපී
සින්නව ගිහින් වෙන කෙනකුට මා ඉතිනි
ඉන්නට ඉඩක් සිත තුල පමණයි ඉතිරී


Mind is always indecisive, To be decisive is to go beyond the mind. 

 

 මත් වීමක මුල ඉන්න

මම

෴ සොදුරු සිත ෴

විශේෂ ස්තූතිය - රවි අයියාට

Saturday, January 29, 2011

෴ මම තුරන් වෙමි ෴


ලිලිපුට්ටන්ගෙ ‍දේස‍යේ සිට ගලිවර්ට ආද‍රේ කරපු
පුංචි අගුටු මිටි කුමාරි - මම

නුඹ මට ‍‍සෙවන ‍දෙන මහ විශාල වෘක්ෂයක් වුනත්
මට ඕන වු‍නේ නුඹව ‍බොන්සායි ගහක් කරල
ම‍ගෙ ලගම තියා ගන්න

කළුවර අහස පුරා පායපු සඳ වගේ හිටිය නුඹගෙන්
මට ඇවැසි වුනේ පහන් තාරකාවක එළිය විතරයි


පිපාසයට ඕන කරල තිබ්බෙ පිරිසිදු වතුර වීදුරුවක්
ඒත් නුඹ මට පතුලක් නොපෙනන මහ ළිඳක් වුනා

නුඹෙ අතින් අල්ලන් කතා බහක් නැතිව
 නොදන්න පාරවල් දිගේ ඇවිදන් යන්න හිටිය මට
දවසකට පැය 25ක් නැති නිසා 24 වෙනි පැයෙ නොදන්නා
පාරවල් වල මට තනිවෙන්න වුනා


පැහැදිලිව ඇඳල තිබ්බ මගේ ජීවිතය
නුඹ පාට කරයි කියල මම හිතුවත්
නුඹ කරේ තිබ්බ කළු සුදු ඉරි ටිකත්
 බොඳ කරල දාපු එක විතරයි

මේ පුංචි රටේ කොතැනක හරි ඉදන් නුඹෙ සුවඳ
මගෙ නැහැයට දැනෙයි කියල මම ඉව කරත්
නුඹ දැන් මේ රටෙත් නැහැ



ඒ තරම් දේවල් සිද්ධ වෙලත්
අද එයි
හෙට එයි 

කියල
ලිලිපුට්ටන්ගෙ දේසයේ ඉඳන් 
කුමාරි මඟ බලන් හිටිය

එක දවසක් ඒ කුමාරිට ලස්සන පාට කොලේක ඔතපු
පණිවිඩයක් හම්බ වුනා


“ මම දැන් විවාහකයි “

බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබ්බ




I know you still love me but I can't get adopted to it.
 

“It is not the strongest of the species that survives, nor the most intelligent that survives. It is the one that is the most adaptable to change.”

 

 

 ගෝලීයකරණය වෙච්ච ලෝකෙක. පනින්න බැරි සීමාවල් නිසා
තනි වෙලා ජීවත් වෙන්න බැරි 
සමහර ජීවින්
 මේ ලෝකෙන් තුරන් වෙලා යනවා
 ඒ කියන්නේ ඒ ජාන කිටුවම
 මේ ලෝකෙට නැති වෙනවා
ලිලිපුට්ටන් මේ ලෝකෙන් තුරන් වෙලා යන්න ඇත්තෙත් එහෙමයි
ඉතින් මා ගැන කවර කතාද ?


හෙට දින ලොවින් තුරන් වන ජාන කිටුවක අවසන් පෙළපතක අවසන් පුරුක
මම
෴ සොඳුරු සිත ෴

Thursday, January 27, 2011

෴ නම නොදන්න මල් වැල මම - නුඹ එන තෙක් බලන් ඉන්න ෴

 ගොම්මන් කළුවර මිදුල දිගේ විත් ගෙපිල ආක්‍රමණය කරන වේලේ ඇගේ රවුම් ඇස් අඳුර අතරින් හාත්පස පරිසරය සිසාර යැවුනි. හීන් හඩින් ඇය උගුර පෑදුවේ සිහින් අඳුර අතරේ වුවද ඇසට නොපෙනෙන නමුත් කණට ඇසෙන කෙනෙක් වත් හිඳීදැයි සැක හැර දැන ගන්නටය.

පිල් කණ්ඩියට දකුණු පය එසවු ඇය දීර්ඝ සුසුමක් හෙලුවාය. මේ ඇය යන්නේ තීරණාත්මක ගමනකි.සුපුරුදු අඩි පාර දිගේ ඇය පිය මැන්නේ සිතේ මිම්මටය.
ගොම්මන් කළුවර ගලා එන යාමයේ කිසිවකුත් නොයනා ඉසවුව සමීපයේ වූ මහ කළුවර ගහ පාමුල ඇය එන තෙක් රැදි සිටි දීප්තිමත් නෙතු යුග දුරදීම හඳුනා ගත් ඇය වෙනත් ළාමක ගම්බඳ ළඳුන් මෙන් බියවී අදෝනා නොදුන්නීය. 

එක් දිනක් ඔවුන් දෙදෙනා මෙවැනි යාමයක පෙම් සුව විඳින වංගියේ ඒ ආසන්නයෙන් යම් කටයුත්තක් සඳහා පය ඉක්මන් කරමින් ගිය අල්ලපු ගමේ ඕපදූප මල්ල වූ හීන් එතනාට ගුරුකම් , නූල් මැතිරවීම් වලින් නොනවැතී තොයිලයක් පවා නටන්නට සිදු වූයේ මඟ බලාන සිටින නීල දෑස හිමි තම දඟකාර ආදරවන්තයාගේ කොලොප්පමක් දුර දිග ගිය බැවිනි.

සැබෑව කුමක්දැයි දැන සිටියේ ඔහුත් ඇයත් පමණී. . එය සිහිවී ඇගේ මුවඟට පැමිණි මද සිනාව තව මොහොතකින් මැකී නැතිවී යන්නේ දීප්තිමත් නිල් දෑස හමුවන අවසන් දිනය අද වන බැවිනි.


ගම් මැද්දේ නුඹ සුවඳයි හමන්නේ
නුඹ ළඟ නැතිව කෙලෙසද දිවි ගෙවන්නේ

මයෙ මැණිකේ වැඩි දුර මම නොයන්නේ
හිත නුඹ ළඟයි අහිතක් නොම සිතන්නේ


සිදාදියේ ළඳුනගෙ රස අමයුරු පහස
ලබා එහිම නුඹ නවතිනු බැරි වාද

සිතා ඉමක් නැති සිතුවිලි බර සාර
විඩා නොම ගනින් කෙල්ලෙ මයෙ මැණික

නෙරියට පිරුණ ලැම සිරවුන හැට්ටයට
මිස සිත නොයයිදෝ කෙටි වුන ගවුමකට

ලය නොව පිරුණ හද රැඳී නුඹ ආලයට
මිස මයෙ සිත නොයයි ළඳකගෙ රාගයට

කවදා එයිද සිතමින් මම තැවෙන්නෙමි

කටයුතු අහවරක් වූ තැන නුඹ දකින්නෙමි

මා මතකයෙන් ගිලිහෙයි දෝ නොදන්නෙමි

මා මියෙනා දිනක සුසුමක ඔතන්නෙමි

ඇය විගහින් දිලිසෙන ඇස් අයිතිකාරයාගේ මුව තම සුරතින් වැසුවාය. ඇගේ සියුමැලි අත්ල සෙමින් සැපූ ඔහු ඇය තම සිරුරේ උණුසුම වෙත ඇද ගත්තේ .....ඇගේ සුවඳ , ඇගේ පහස  . . .ඇගේ ආදරය යලි කවදා විදින්නට , දකින්නට හැකි වේදෝයි සිතමින් ..සිත බැඳි මහම මහ ලෝබකමකිනි.

සිහින් සඳුන් සුවඳ සමඟ තවත් නම නොදන්නා සුවඳක් වහනය වූ ඇගේ හිස සිප ගත් ඔහු වදනින් නොකී පොරොන්දුවක් ඇයට දුන්නේ හද පතුලින් ද ? දුන් පොරොන්දු ඔහු සුරකීද යන්න දන්නේ ගම්බාර දෙවියන් පමණි.

එදා සිට අද වන තෙක් නුඹ එන තෙක් , මඟ බලමින් සිටින, මහ කළුවර ගස පාමුල , නම නොදන්න මල් වැල
මම
෴ සොඳුරු සිත ෴

Wednesday, January 26, 2011

෴ සහෘද සිතක ඇමතුම ෴

 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
 යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද් නිගමනයයි. ඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් පිං. මේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.  
ස්තුතියි!.
විමසිම්
0772332071 
0718050116


බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ )





Blogroll

Related Posts Plugin for WordPress, Blogger...