දැන් හොඳටෝම රිදිලා
දරුණුවට කා වැදුන මතක මකන්න හිතාන
දාපු සැර බේත් වලට
හිත හිල් වෙලා
ලස්සන පාට සේදිලා
හරිම අවර්ණ
ඉරි තැලුණ
හිතක්
මොකටද ලග තියාන
විසිකරමු අර නොපෙනෙන ඈතටම
අනන්තයටම
ඉන් පස්සෙ ඉමු සතුටින් නැතත් දුක නැතිව
ඉස්සර වගේ හැමදාමත්
සිතක සිතුවම / A portrait of my mind...
"Who are you?" he said.
"I am the Happy Prince."
"Why are you weeping then?" asked the Swallow; "you have quite drenched me."
"When I was alive and had a human heart," answered the statue, "I did not know what tears were, for I lived in the Palace of Sans- Souci, where sorrow is not allowed to enter. In the daytime I played with my companions in the garden, and in the evening I led the dance in the Great Hall. Round the garden ran a very lofty wall, but I never cared to ask what lay beyond it, everything about me was so beautiful. My courtiers called me the Happy Prince, and happy indeed I was, if pleasure be happiness. So I lived, and so I died. And now that I am dead they have set me up here so high that I can see all the ugliness and all the misery of my city, and though my heart is made of lead yet I cannot chose but weep."
- From The Happy Prince by Oscar Wilde-
17 ප්‍රතිචාර:
කාලය සියලු තුවාල හොඳ කරාවි,එතකන් පරිස්සම් කරගන්න ඔය හිත.,එපා විසි කරන්න ඒත් පුරුදු වෙන්න ගරු කරන්න.පිරිසිදු නම් හිත ලැබේවි ඔබ පැතු ඒ හිතම.නමුත් ඔබ එදා දුටු රූපය නම් .........??
අපිටත් එපා කියලා විසිකරන අපේ හිත වෙන කෙනෙක් අහුල ගත්තොත්????
එහෙම වුණොත් තවත් දුක් උහුලන්න වේවි.
ඉරිතැළුණු හිත ට පැලැස්තර අලවලා හරි ළඟ තියා ගන්න එක හොඳයි නේද???? :)))))
හිත තිබුනට කමක් නෑ. හිතන්නේ නැතුව ඉන්ට පුලුවන් නම්....
හිත විසී කරන එක නෙමේ කාරිය. හිත අල්ලගන්නේ නැතුව ඉන්න එක...:D
හිතත් අර ඔරලෝසුව වගේ විසි කරල දාන්න පුළුවන් නම්.....
අනේ එහෙම විසිකරලා හිතක් නැතුව වගේ ඉන්න පුළුවන්ද...?
විසි කරලා දමන්න... නොපෙනන ඉමකට..අරමුණ සතුටින් ඉඳීම නිසායි මන් කියන්නෙ..
හ්ම්.... ඔහොම විසි කරන්න පුලුවන් නම් මොනවා කරන්නද????
හපෝ වත් පිස්සුද හැබෑටම?....එහෙම කරන්න එපා....හිත මොනතරම් අවර්ණ උනත් හිල් උනත් ඒ තමන්ගෙම හිත නෙව,....හිත මඟ දාල ගියොත් දවසක ඔයාටමයි දුක්වෙන්නෙ වෙන්නෙ......දන්නවද හිත ඕන වෙන වෙලාව කියන්න බෑ කාටවත්....
හිත මඟ අතැර පැමිණියෙමි,
කරදරකාර මගෙ හිතෙන්,
නිදහස් උනෙමි සදහටම,
ගමන යමි බොහෝ සැහැල්ලුවෙන්,
නොසිතුලෙස මංසලක,
හමුවුණු දින තවත් සිතක්,
එසිත් ඇසී මවෙතින් කෝ ඔබේ සිත?,
හැඳින ගැන්මට ඇවැසියි මට,
මගේ සිත?......
කෝ මගේ සිත?..
ඇසීමි මගෙන්ම මම...
ඔබේ සිත අතරමඟ...
අතැර පැමිණියා අමතකද?
මම පිළිතුරු දුනිමි මටම....
සිත මහ පුදුම තැනක්....
හිල් වුණත් ඇස් වට්ටියක් වගේ... පාට සේදුන කඩමාල්ලක් වගේ.. අහක විසිකරන්න් කොහොමද...
දුකට සැපට ලඟින් හිටපු හිත...
"අපේ ගොනා.. අපිට හොඳා.. :D "
හිත ඇයි තවම මට මෙතරම් මුරණ්ඩු..
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මාත් ආසයි මේ හිතුවක්කාර මුරණ්ඩු හිත විසික් කරලා දාන්න හෆ්ෆා...:/
you are saying that u dont want your heart any more.. but we need that BEAUTIFUL MIND
Anonymous
Oh ..... Do u really want my heart? Okay ...take it....its alredy yours.
Thank you Anonymus
ඕකට බේතක් තියේ...
ane ada oyawa hoyan awe his ahase sandaru gana mukuth dannawada ahanna.
හිතක් නැතුව ජීවත් වෙන්න මේයැයි තනන වෑයමක් !!
ඕකට බේත් තියේ අක්කන්ඩි !!!
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.