මඟ දිග ද , සැම තැනම
සෙවූවෙමි මං මම ම
පයට පෑගෙන වැලි ද , හිමිදිරියෙ පිනි මතද
ගලා යන දිය රැළිද ,අහසෙ මියෙනා තරුද
සෙවූවෙමු මං මම ම
බඹර තුඩ විෂ මත ද , විහඟ ගීයක අග ද
මල ක පෙති මත ඇති ද
සෙවූවෙමි මං මම ම
දිනක නොපැතූ විලස , හිත බැඳුන නුඹ ළඟම
කඩා බිඳ දා පවුරු ,සොයා දී මා මට ම
ගියේ දුර ඇයි නුඹ ත්
මගෙ අඩකුත් රැගෙන



15 ප්‍රතිචාර:
මාත් ඔය අනිත් අර්ධෙ හොයන වැඩේම කොරනවනෙ.
සොයමි මම
නිමක් නැතුව
මගේම කියන
මගේ අර්ධය..
සොයන්නාට හම්බවේ,පරක්කු වෙන්න එපා,අහුවුනොත් පරිස්සම් කරගෙන තියාගන්න,ඇත්තම කෙලින් කියන්න.හරි නම් හරියටම හරි නම්.,සොයන සිත ඔබට ලැබේවි ..විශ්වාසය මිනිහෙකු ලස්සන කරනවා එක පිළිගන්න...
සොයන්නට සම්බවෙයි මා මිතුරිය.. උත්සාහය අත් නොහරින්න..
මොකක්ද අනේ මේ කේස් එක. පෞද්ගලික දෙයක් නම් අහන එකත් හරි නෑ..
හොයමු හොයමු... කොහෙන් හරි හම්බවේවි :)
hamu vee dai noma dena muth..
hamu vana thek bala hindimi
පත්තරේ ඇඩ් තියෙන්නෙ ගුරුකම් එහෙම කරන අයගෙ, ට්‍රය් කරලා බැලුවොත් 'නැති වූ දේ සොයා දෙන' අයගෙ ඇඩ් තියෙන්න පුළුවන්...හෙහ්...හෙහ්...
කවුද ඉන්නෙ සම්පූර්ණ අය ? හැමෝම තමන්ගේ නැතිවුන අර්ධය සොයනවා
ඔබ 1/2 සොයන අතර මම 3/4 ක් ම සොයමි.
සොඳුරු සිතිවිලි පිරි
තවත් සිතක්
හමු වේවි නුඹට
හඳුනන්න එය
අනෙක් පලුවයි
නුඹෙන් වෙන්ව ගිය...
තමුන්ව හොයන හුඟක් අයට, තමුන්ව හම්බ වෙන්නෙ වෙන කෙනෙක් තුලින්....
මටත් හිතෙනව එහෙම.
මෙන්න හොඳටම ලියැවුණු කවියක්, මේකෙ පළමු කොටස් තුනේ " සෙවූවෙමි මං" යන්න "සෙවූයෙමි මම" යනුවෙන් වෙනස් කළා නම් කවි පන්තිය හොඳටම අරුත් බර කරන්න පුළුවන්.මුලින්ම හිතට ආව කවිය ලියලා දවස් දෙක තුනකට පස්සෙ නැවත් එක පාරක් දෙපාරක් කියෙව්ව නම් කවියේ විරිත් දෝෂ මගහැර මනරම් කවි සිතුවිල්ලක් හදා ගන්න පුළුවන්. නිරන්තර අභ්‍යාසයේ යෙදීමත්, හොඳ කවිපොත් කියවීමත් තවත් කවි සිත දියුණු කර ගත හැකි ක්‍රමයක්.
numba vani sodauru sithak himi kenek hera giya ohu gena hadavathinma kanagaatu venava..
thamanta himi kena nisekavama thaman hoyagena enava.divayata ida denna souriye,numba van soduru sitheththiyakata veradennata idak nehe.
ඔබට ඔබ සොයාදී,
මම ද මා සොයාගති,
එහෙත් මා පිය ළඳුනි,
ඔබේ නෙතු යුග අසල,
රැඳෙනු වස් නැත වරම්,
සමු ගනිමි,
නික්ම යමි,
නැවත මම නො එන්නෙමි,
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.