..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Sunday, December 11, 2011

෴ සඳේ පෙම ෴


විළිබරව සැඟවෙන
යළිත් හිමිහිට එළි වෙන

සඳ අහසෙ මතුවෙන
නුඹයි මගෙ මතකයට එක් වෙන

නුරා රස සඟවන
කඳුළු තරු මල් අතර දවටන
සුසුම් ගෙන ඉසිමින
මිලින තණබිම මලින් පුරවන

ජනෙල් පළු අතරින
දෑස නිතරම යොමු වෙන
තොල් පෙති පොපියමින
නොකියනා දේ නෙතින් දනවන

රාත්‍රිය මැදියම
යහනෙ නුඹ සැතපෙන විට
සඳ කැළුම් දහසක
දැවටී එන්න නුඹ වෙත

වේදනා දෙන හදවත
නිවා සනසන්නට
හෙලා සුසුමක් දිග
සිප ගන්න ඔය වත මට

ලොවම නොදකින ලෙස
ලොවට රහසක් වූ ලෙස
සඟවන්නෙ කෙලෙස ද
නුඹට පමණයි මගේ සෙනෙහස

නුඹේ සඳ
මම
෴ සොඳුරු සිත ෴

15 ප්‍රතිචාර:

රෙප් මහත්තයා said...

රාත්‍රිය මෑදියම
නිදි නොමෑති තුන් යම
කොහේ සිටියත් නුබ
මගේ සෙනෙහස සදා නුබ ලග

හෙලන සුසුමන් ඔබ
ඈවිත් මා අසලට
නිවා දෑමුවත් හිතේ ගින්දර
නෑතිව ඔබෙ උනුසුම
නෙතු පියන්නෙ කෙලෙස
මම අද........

මධුරංග said...

"නුඹට පමණයි මගේ සෙනෙහස"

මේ කොටස සෑහෙන්න හිතේ හොල්මං කලා.

වර්ණා said...

ලස්සනයි ගොඩාක්..

Observer said...

//රාත්‍රියෙ මැදියම
යහනෙ නුඹ සැතපෙන විට
සඳ කැලුම් දහසක
දැවටී එන්න නුඹ වෙත//


බලාගෙනයි ගෑණු ළමයි රෑ පානෙ එහෙ මෙහෙ යන්නෙ, හඳ එලියෙ වුනත්.

Ravi said...

ලොවට රහසක් වු පෙම,
හිතක ඇඳි සෙනෙහසේ සිතුවම,
හදවතට තුරුළු කොට,
හිඳින නුඹ සඳවතට සිත්බැඳ,

Sabith said...

හ්ම්ම්ම්ම්!ලස්සන සිතුවිල්ලක්! මොකක්ද වස්තු බීජය?

Dinesh said...

"නූඹට පමණයි මගේ සෙනෙහස"

ලස්සනයි අක්කේ..

හිස් අහස said...

ලස්සනයි .. අක්කේ ඔයා ලියන කවි වලින් බහුතරය හඳ ගැන මොකක්ද අප්පේ හොරේ ..?

බස්සා said...

සොඳුරැ සඳ....
නුඹ සඳ....
මුවාකල සඳ...
කව්ද ඒ සකි සඳ

Miyuru said...

මේ කවි පෙළ රවිගෙ උත්තරෙත් එක්ක බලනකොට ලස්සන වැඩිවෙලා පේනවා.... :)

Anonymous said...

patta pata pata...
man boruda kiyanne mage aasama blog eka soduru sitha kiyala..

Beetle said...

මම හිතුවේ හස්බන්ඩා නැති සොවින් බිරිඳ කියන එකක් කියලා, අන්තිම කවියෙනුයි, රවි අයියගේ කවියෙනුයි තමයි සීන් එක මීටර් වුණේ...

දයානන්ද රත්නායක said...

මේ කවි පන්තියේ තුන්වන කොටසින් පසුව රාත්‍රිය ගිලිහිලා ඇත.අවසානය දක්වාම රාත්‍රියේ ඇති විචිත්‍රභාවය කවිය තුළම වර්ණවත් කළා නම් මීට වඩා රසවත් කරන්න තිබුණා.කවිය තුල මනරම් උපමා සහ රූපක කීපයක්ම යොදා තියනවා. ඒක කවියට අත්‍යවශ්‍යම අංගයක්. කියවන්නාට විඳීමට ඉඩහරින්න. අගෙයි හොඳ උත්සාහයක්.

Hendirikkamala said...

හිත තනිව සිටි සඳ
මවෙත ඇවිදින් මටම පෙම්කල
මටම අමතක මා මතක් කල
සිහින අහුරක මිහිර මට දුන්
සබඳ නුඹ මගේ සඳ.....
කොයිබකද නුඹ අද...

nihalw said...

රාත්‍රිය , තනිකම , හුදකලාව , කවි ලියන අයට හොඳ මාතෘකා සපයනව. මෙය සිතිවිල්ලක් පමණක් යයි සිතනවා. ( වත් තවම අස්වාමිකද ? )

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...