..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

Monday, December 5, 2011

෴ මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.෴



මේ ඊයේ පෙරේදා  දවසක
පුංචි හවස් වරුවක
ගබඩා කාමරයේ මුල්ලක
තිබිල හමුවුනා

මං පුංචි දවස් වල ඉස්සර
මයෙ ළඟ මයෙ හිස අද්දර
නිතරම සිටි මේ මිතුරා
ඇයි ද ගොළුවෙලා

දුවිලි පිසදා අරගෙන
මලකඩ කෑ තැන් පිසගෙන
ගබඩා කාමරයෙන් ඉවතට
අරන් පිට වුනා

මයෙ ස්කෝලෙ දවසක
මයෙ ළඟින්ම මොහු ඉදගෙන
මර හඬ දී ගෙන දුන් වද
මට අයෙත් සිහි වුනා


ට්‍රීං ට්‍රීං ගාගෙන
මයෙ සිහින බිඳන් ඇහැරෙන
අල්ලා මිටිකර ඈතට
විසිකරා සිහිවුනා

ආයෙත් අහුලන් අරගෙන
මයෙ ළඟින්ම හිදවා ගෙන
පොතත් එක්ක පාඩම් කර
අයුරු සිහි වුනා

පන්තිය පන්තියට ඉහළට
ආ හැටි සිහිවී ආයෙම
නුඹ කොතනදි මඟ ඇරුනි ද
මම යළිත් සිහිකළා

ගේ දොර අතහැර ආවිට
බෝඩිමෙ නැහැ ඉඩ නුඹහට
මම අලුත් එකක් ගත්තම
නුඹ අමතකම වුනා මට


වයින් හිර වෙලාව ද
නැතිනම් මා නැති දුකට ද
නුඹ ගොළුව ගිහින් හොඳටම
ගබඩාවේ සිරවුනා

මට මුල මතකයි හොඳටම
ආයෙත් එනු මා ළඟටම
නුඹ මගෙ හදවත වාගෙම
ඉදපන් ගොළු වී මා ළඟ


පසු කතාව :- මේ ළඟදි දවසක , මොකක් හරි හදිස්සියකට , ගබඩා කාමරයට ගියාම ඒකේ මුල්ලක තිබිල මට මයේ පරණ හිතවතෙක් මුණ ගැහුනා. මට පේන්න බැරි , මයෙ හොඳම යාළුවා.

මේ තියෙන්නේ මං ගත්ත පින්තූරය. අර උඩින් තියෙන්නේ ජීවිතය දකින්න.. විඳවන්න නොව.. විඳගන්න..  ලියන බස්සා විසින් සංස්කරණය කරපු පින්තූරය.......



යාළුව අමතක කරපු
මම
෴ සොසී෴

27 ප්‍රතිචාර:

Podi Kumarihami said...

අපොයි ඔහොමත් යාලුවො අමතක කරන්ට හොඳද?

බස්සන්ට පින්තූරු 'සංස්කරනය ' කරන වැඩත් පුලුවන්ද?:D

Miyuru said...

හාපෝ...ඕකෙ ට්‍රීං සද්දෙ තමයි දවසේ අහන්න අප්‍රියතම සද්දෙ... අදටත් එහෙමයි.... ඒ වුනාට අපේ චූටි නංගිට ඔයින් හතක් වැදුනත් ඉස්කෝලෙ යන දවස්වල ඇහැරෙන්නෙ නෑ... ඒ කාලෙ අපි හොය හොයා හිටියෙ සද්දෙ වෙනුවට ඇඟට පැනලා හපා කන එකක්....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මගේ නං තාමත් යාළුවා... ඉස්කෝලේ යන කාලේ වගේම දැනුත් රස්සාව බේරලා දෙන යාළුවා ...

තිස්ස දොඩන්ගොඩ said...

යාලුවෝ අමතක කිරීම ගැන ඉතින් කියනුම කවරේද!

බට්ටි said...

මිත්‍රයා කොසේ වෙතත් අදටත් මගේ අතිජාත හතුරා.4 වෙද්දී කෑගහනවා.අනේ මගේ සැප නින්නද?

Rajith said...

අපේ නංගි ලගත් මේ වගේ වයින් කරන ඔරලෝසුවක් තිබ්බා.එයාට ඒකේ එලාම් තියන්න තේරෙන්නෙ නෑ.උදේ තුනට තියන එලාම් වදින්නේ හවස තුනට.............:D

පොඩි පොඩි දේවල් කාලයක් අපිත් එක්කම තියෙනකොට ඒ දේවල් අපේ ජීවිත වලට නැතුවම බැරිවෙනවා නේද?.ඒ බැදීම මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ.........

Weni said...

එලාම් ඔරලෝසුව ගැන ඒ දවස් වල අපිටත් හරි කේන්තියි..ඒත් අද නම් ඒකෙන් ලබපු වටිනාකම හොඳටම තේරෙනවා !

Ashieee said...

හපොයි මටත් එපාම කරපු යාලුවෙක්... ස්වීට් කවි ටික...

ඉන්දික උපශාන්ත said...

මිටිය තිබ්බට වදින පියන් දෙක නෑනෙ?

පිණිබිඳු... said...

මටත් අදටත් එලාම් ඔරලෝසුවෙ සද්දෙ තරම් පෙන්නන්න බැරි සද්දයක් තවත් නෑ. එහෙමයි කියලා එලාම් එක නොතිය හිටියොත් දවසම විනාසයි.

නිසුපා said...

මගෙත් තරහ යාලුවෙක්..:)))

බුද්ධි said...

ආ...පරණ යාපුවෙක් හමුවෙලා තියෙන්නෙ. දැං ඉතිං උදේම නැගිටින්ඩ වෙයි. මෙයාගෙ සද්දෙ හන්දා

සපතේරු උන්නැහේ said...

මේ මොබයිලේ ඇවිත් රිප්ලේස් කරපු තවත් එක් හිතවතෙක් නොවැ අනේ එලාමෙ...

ඔය පින්තූරෙ තියෙන ජාතිය නම් ගලේ ගැහුවත් කැඩෙන එකක් නෙමෙයි ඩිංගක් එහා මෙහා කරල බලමු.. යසට වැඩකරයි..

Observer said...

ඕක සර්විස් කරල ගත්තොත් වැඩ කරන්නත් ඉඩ තියෙනව, හැබැයි දැන් ඕව රෙපෙයාර් කරන්න දන්න කට්ටිය ඉන්නවද කියන එකයි ප්‍රශ්නෙ

Dinesh said...

දුකේදියි සැපේදියි ඒක වගේ ලග හිටපු මිතුරෙක්........

ලොකු පුතා said...

අපේ ගෙදරත් ඉස්සර ඔව්ව තිබ්බා....
දැන්නම් ඔව්ව වෙනුවට ෆෝන් එකනේ පාවිච්චි කරන්නේ
මමනම් පුරුදුවෙලා තියෙන්නෙ එක පාර වදිනකොටම ඔය කොයි එක උනත් ඕෆ් කරලා දාන්න
හැබැයි අර අනිත් අය වගේ කම්මැලි නින්දක් දාන පුරුද්ද මගේ නැහැ
එකපාර වැදිච්ච ගමන් ටක් ගාල නැගිට්ටා, දවස පටන් ගත්තා....
ඒ නිසා මම ඔව්වත් එක්ක තරහ නැහැ :)

දයානන්ද රත්නායක said...

මේ යාලුවා ගැන.. යාලුවාට කියන්න බැරි තරම් සතුටක් දැනෙන් ඇති කාලෙකින් හමුවුණාම. ඒ එක්කම පුංචි තරහකුත් තියෙන්න ඇති මුල අමතක කළාට

මේ කවිය ගැන..
කවියේ වාර්තාමය ස්වරූපය වැඩියි. නිදහස් පද්‍යය ආර නිදහසේ භාවිතාකර තව අලංකාර කළ යුතුය. ව්‍යංගය කවියට වැදගත් අංගයක්.ඒ නිසා වස්තු බීජය සඳහා උපමා සහ රූපක භාවිතය ඉතා වැදගත්. අංකුර කිවිඳියකගේ සාර්ථක ගමන් මගක් පේනවා තව දිරිමත් වන්න

නෙතු මල said...

කව්රු අහරෙව්වත් මමනම් නෙමෙයි ඇහැරෙන්නේ.... හිකිස්‌.

෴සොඳුරු සිත෴ said...

Podi Kumarihami
ඔවු...බස්සා හොඳ ඡායාරූපශිල්පියෙක්.මාත් ඉන්නෙ මගේ මේ මුක්කන් නහයට වෙන නහයක් සෙට් කර ගන්න කියලා...

------------------------
Miyuru
නියම අදහස. ඇඟට පැනල හපා කන එලාම් ඔරලෝසුව. ඊට වඩා හොඳයි, උම්මා දීල ඇහැර වන එලාම් ඔරලෝසුවක් හැදුවොත්.

-----------------------
ඔබ නොදු‍ටු ලොවක්.....
මම නම් දැන් එලාම් නැතිව ඇහැරින නිසා , මේකෙන් වැඩක් නැහැ. පුරුද්දට වගේ ඇහැරිනවා. නමුත් නුපුරුදු වෙලාවට මට ඇහැරවන්නේ අම්මා තමයි. ඇය තමයි හොඳම එලාම් එක.
මොකද දන්නව ද? මට උදේ 3ය ඇහැරින්න ඕනි නම්
“ ලොකු පුතේ දැන් ඇහැරින්න “ කියල කියන්න පටන් ගන්නේ උදේ 2 ඉදල.

෴සොඳුරු සිත෴ said...

@තිස්ස දොඩන්ගොඩ@
යාලුවෝ අමතක කිරීම ගැන ඉතින් කියනුම කවරේද!
ඒ ටොක්ක නම් ඇනුන අයියේ හිත හිල් වෙන්නම.

෴සොඳුරු සිත෴ said...

@නෙතු මලW
කව්රු අහරෙව්වත් මමනම් නෙමෙයි ඇහැරෙන්නේ.... හිකිස්‌.
ඇයි ඔයා නිදි කුමාරි ද? හෙහ් හෙහ් ස්තූතියි.

--------------------
දයානන්ද රත්නායක
ස්තූතියි. ගොඩාක් වටිනා කමෙන්ට් එකක් මට. කවියේ හරි වැරදි පෙන්වා දීම ගැන ස්තූතියි ගොඩාක්.ඒක මට දිරියක්.

--------------------------
ලොකු පුතා
කම්මැලි නැති හොඳ ළමයකේ. එලාම් එක එකපාරින් ඇහැරිනව කියන්නේ ඒකට හොදම උදාහරණය..ස්තූතියි ලොකු පුතා

-------------------------
Dinesh
ස්තූතියි Dinesh .........

෴සොඳුරු සිත෴ said...

Observer
ඔවු. මේවා හදන්න දන්න අය අද කාලේ අඩුයි තමයි. කෑලි වැඩියි කියලා. වැඩි හරිය එළියේ නෙව.හිහි
------------

සපතේරු උන්නැහේ
ලේසියෙන් කැඩෙන්නෙ නැහැ.කතාව ඇත්ත. නැත්තම් කී සැරයක් පොළවේ ගහල ඇස්ස.
----------------
බුද්ධි
පරණ යාලුවෙක් තමයි.නමුත් දැන් නිස්සද්දයි. ගොළුයි.

෴සොඳුරු සිත෴ said...

පිණිබිඳු..
පිනි බිඳුත් ඇහැරින්නේ එලාම් එකේ සද්දෙට කියල මම අදමයි ඇහුවේ. මම හිතාන හිටියේ පිනි බිදු ඇහැරින්නේ හිරි එළියට කියලා.

෴සොඳුරු සිත෴ said...

ඉන්දික උපශාන්ත
ඔන්න කීවා.මිටිය තිබුනට , වදින පියන් දෙක නෑනේ.
තරහ ගිහින් පොළවෙ වදිද්දි ,පියන් ගැලවිලා යන්න ඇති.ඒ කියනකම් මටත් ඒක අමතක වුනා.

෴සොඳුරු සිත෴ said...

බට්ටි
අහා........උදේ 4ට ඇහැරින හොද බට්ටියෙක්...

----------------
Rajith
එලාම් එක තියෙන එකත් කලාවක් තමයි.

ඇත්ත, අජීවි දේවල් සජීවි හිතක් එක්ක කාලයක් ඉන්න කොට, අජීවි දේ සජීවි බවට පත්වෙනවා.ඒ වගේම තමයි අනිත් පැත්තත්.සමහර සජීවි අය අජීවි දේවල් එක්කම ඉදල අජීවි වෙනවා.

෴සොඳුරු සිත෴ said...

@Weni
වෙනී දැන් එලාම් තියන්නෙ නැත්තේ? වෙනී හොද එලාම් එකක් කරකාරෙට ගත්ත වත් ද?

Ashieee
ස්තූතියි අශී.........

මධුරංග said...

අපේත් ඔහොම ටයිම් පීස් එකක් තිබ්බා. මම නම් පාන්දර පාඩම් කලේ නැති නිසා එලාම් තිබ්බේ නෑ. පාන්දර පාඩම් කිරිල්ල මට අපලයි.
කෝ ඕකේ බෙල් පියන් දෙක නෑනේ.

Post a Comment

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...