“ යමු . . . .! ! ! “ යි පැවසූව ද, බිරාන්ත වී සිටි සමීර දුටු අශේන්ට කර කියා ගත හැකි දෙයක් නොවීය.
හිතට දිරි ගත් අශේන්, තමාගේ කුඩා සහෝදරයා ළඟින් දණ බිම ඔබා වාඩි වී ඔහුගේ දෑතට ඒ සීතල අත් දෙක තදින් ග්‍රහණය කර ගත්තේ , කියන්නට කිසිත් සැලසුම් නොකර ගෙන වුව ද,
“ මල්ලි , ඔයා ඔහොම බය වෙලා කොහොමෙයි ? ඒ ආවේ චන්ඩි අයියා හූ කියපු සද්දෙ. අපි දැන් එතනට යන්න ඕනි තේරුනැ යි? මම ඉන්නකම් ඔයැයි බය වෙන්න එපා කාටවත් . අයිය ඉන්නව නෙ ළඟින්ම “
මද වේලාවක් ,ඇසිපිය නොසෙල්වා අශේන් දෙසම බලා වුන් පුංචි සමීර අවසානයේ පුංචි හිස උඩටත් පහළටත් සොලවමින් තම සහෝදයාගේ තීරණයට අවනත බැව් හැගෙව්වේය.
එකම සම්මුතියකට එළඹි ඔවුන් දෙදෙනා , චන්ඩිගේ හු හඩ පැමිණි දිසාවට පිය නගන්නට වුයේ හදවතේ ලබ් ඩබ් හඩ ද ක්‍රමයෙන් වැඩි කරම්න්ය.
බංගලාව වටා මදක් දුරක් යත්ම පසුපස බලමින් කකුල් පැටලෙවෙමින් තමන් දෙසට එන චන්ඩිව දුටු අශේන් සහ සමීර නැවති බලා සිටියේ චන්ඩිගේ පෙනුම ඔවුන්ගේ සිතට බියක් ගෙනා නිසාය.
පසුපස බලමින් පැමිණි චන්ඩි ඔවුන් දෙදෙනාගේ සමීපයට පැමිණෙන තෙක්ම අශේන්ව සහ සමීරව දුටුවේ නැත.
“ මොකද බං මේ. මොකද හූ තිවේ. ඇතුලු වෙන්න තැනක් හොයා ගත්තැයි? “
“ අම්මෝ ...මගෙ බුදු අම්මෝ. . . . බොලට ඇහුනයි ඒ අදෝනාව. . . යන්තම් ඇති. දැන් තමයි ලේ ටිකක් ඇඟට ඉනුවේ “
“ මො කද වුනේ “
“ අපි යමු. යමින් ගමන් වෙච්චි දේ කියන්නම්. “
“ එතකොට බෝලේ ? “ මෙතෙක් වෙලා රැකගත් නිහඩ වෘතය බිඳිමින් ඇසුවේ සමීරයි.
“ හෙට එමු. දැන් කළුවර වැටෙනවා. තව ටිහකින් හොඳටෝම රෑ වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කම සූදානම් කර ගෙන අපි ආයෙත් හෙට එමු. “
තිදෙනාම හැරුනේ ආපසු යන්නට බලාගෙනය. ඒ සමඟින්ම නැවත් නැඟී ආ මහා අදෝනා හඬ සමඟින් , එක හීයට තිදෙනාම නතර වුයේ , කටුකම්බි වැටෙන් ද එහාට පැන සෙල්ලම් පිට්ටනියේ ද මද දුරක් දුව ගොස් හති වැටුන පසුවයි.
“ අම් මෝ . . හ් . . .යකෝකෝ. . . . හ්ම් ම් ම් . . . ඒක නම් . .. . භුතයෙක් ම තම යියි යි! ! ! “
කඩින් කඩ හති දමමින් චන්ඩි පවසන්නට වුයේ , එක අතක් තම ඉනට ද අනිත් අත ,ඈත කළුවරින් වැසී යන මූසල පැහැති භුතගුහාව දෙසට ද දිගු කරමිනි.
ඉන් පසු තිදෙනාම අඩිපාරට වැටී තම තමන්ගේ නිවෙස් කරා එක මඟ ගමන් කරනු දැකිය හැකි වුවත්. ඔවුනතර කිසි කතාබහක් නොඇසුනි.
හිටි වනම නිහඩ බැව් බින්ද චන්ඩි පැවසුවේ අරුම පුදුම කතාවකි. . . .
ඒ කතාවේ සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමට ,අවශ්‍ය ආම්පන්න ද රැගෙන නැවතත් හෙට දිනයේ දී ,මුණගැහෙන පොරොන්දුව මත ඔවුන් සමුගත්තේ තිදෙනාගේ නිවෙස් වලට යනෙන මාවත් බෙදී වෙන් වෙන දෙමංසලේදීය .
බලාපොරොත්තුවෙන් සිටින
මම
෴ සොඳුරු සිත ෴



7 ප්‍රතිචාර:
අම්මෝ ඉතුරු ටිකත් බලළම කියන්නම්කො
මේක හරියන්නෙ නෑ හරිය. මෙච්චර චුට්ටි කෑලි දාන්නෙ මොකැයි???
තව චුට්ටක් දික් කොලා කියල මක්කෙ වෙන්ටැ. :(
හැබැයි චිත්ත රූප නම් ලස්සන්ට මැවිල පෙනුන. ටෙලි නාට්ටියක් බැලුව වගේ.:) එල.
හෆොයි..... මහ භයානකයිනේ....
කතාව කෙටියි නේන්නම්...
අපිනං බලන්නේ නෑ ළමා කතා... අපි ලොකු එවුවො නේ...
ඊ ළඟ කොටස කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.. :)
ඔන්න දැන් තමයි කතාව නියම ට්‍රැක් එකට ඇවිත් තියෙන්නේ.
මේක ඩිවලොප් කරන්න පුලුවන් වෙයි සෑහෙන දිගට..අඩුම ගානෙ කොටස් 40 -50 ක් දක්වා වත්....?
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.