විලත් නොදැන කෙනෙක් ඇවිත්
නෙලන් යන්නෙ ඇයි ?
දහසක් ආදර කවි වැල්
උණුසුම් රාගිත ඇරයුම්
සඳට කළත් සඳ අහසෙම
නතර වෙලා ඇයි ?
කෙත් වතු බිම් සාර කරන්
මල් පලතුරු පුබුදු කරන්
ගලාන යන ඟග මුහුදින්
නතර වෙන්නෙ ඇයි ?
දුකට හඬන්නට කඳුළුත්
හිසට උරහිසක් ගෙන දුන්
මට මේ හැටි ආදරෙ නුඹ
දුරින් ඉන්නෙ ඇයි ?
Why me ?
Please don't say
I don't know why .
ඇයි ඇයි ඇයි ඇයි
මටම වෙන්නෙ ඇයි
අසන
෴ සොසී ෴



14 ප්‍රතිචාර:
අපොයි කවල පොවල උගන්නල හැදුවට ඉතින් කවදාක හරි දීගදෙන්ට වෙනවමනේ...අනික කොච්චර දැඟලුවත් ලබාගන්ට බැරිදේවලුත් තියනවමනේ...කොහොම වෙතත් ඉපදුනොත් මැරෙන්ට වෙනවමනේ..හැබැ ජිවිතගමන අර ගඟ වගේ හැලහැප්පිම් මැද ගමන්කොරල..මුහුදට වැටෙනව..නමුත් අත්තිම ටික ශාන්තව යන්ටපුලුවන් එකා දිනුම්....ජිවිතෙට දිරි දුන්න පලියටම ඒ දේ තමන්ගේ ජිවිතේ කොරගන්ට ගොහින් ඒ ශක්තිය නැතිකොරාගන්ටද හදන්නේ හරියට අර " රත්තරන් බිත්තර දාපු කිකිලිගේ බඩ පැලුව වගේ.."
සොඳුරු කවි පෙලක්....
ඕකට තමයි කියන්නේ අනේ සංසාරේ කියලා... මොනව උනත් ලස්සන කවි පෙළක්...
@Raj
යාගේ කමෙන්ටුව කියවගෙන යන කොට මට හිනහත් ගියා,ඒත් අන්තිමට හිනා වෙලාම කඳුළු ආවා. ඇයි ඒ?
@uwiniran
ස්තූතියි ඔයටත්. බ්ලොග් කක් හෙම ලියනව ද කියලා , ඔබගේ ලින්ක් ක දිගේ ගිහින් බලන්න ඕනි.
@ඔබ නොදුටු ලොවක්.....
ඇත්ත ඇත්ත.... සංසාරේ කෙළවරක් හොයා ගත්ත දවසට මේ හැමදේටම උත්තරයක් ලැබෙයි .ස්තූතියි.
priya viprayogo duukko
apriya samprayogo dukko
kiwwalu......
@Mayya
සහතික ඇත්ත මායියෝ
හ්ම්.... ආදරේ කරන කෙනා ඈත හිටියත් ආදරේ කරනවානම් මදෑ නේද?? කවදා හරි ලං වෙන්න පුලුවන් නම් එච්චරයි.
සතුට වැඩිඋනාමත් කඳුලු එනව..දුක වැඩිඋනහමත් එන්නේ කඳුලු...ඔය කොතැනත් තියෙන්නෙ ආශාවනොවැ නේද..නමුත් අපි හැමොම අශාවට...ආසයි නොවැ..." අපොයි මෙහෙම ගියොත් මාත් බනකියන්ට පටන්ගනි..ඇති..ඇති...ඔයින්ගියා මදැ ලොකු අක්කේ නෙද...D
"අයි ඩෝන්ර් නෝ වයි" සිංදුව මතක් උනා
ලස්සන කවි පෙලක් අක්කේ...
මටම වෙන්නේ ඇයි කියල අහන අය කොච්චර නං ඉන්නවද...
ලස්සන කවියක් අක්කා..
ආදරේ මහ පුදුම දෙයක් වත් අක්කේ..ඔයාට වඩා මට හිතිලා තියෙනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියන එක..ගොඩක් පිරිමින්ට හිතා ගන්න බැහැ ලස්සන මූණක් තියෙන ගෑණියෙකුට වඩා තමන්ට හදවතින්ම ආදරේ කරන ගෑණු ඉන්න පුළුවන් කියන එක..
මට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි ඇයි...?
සොබාදහම විතරද මේවට උත්තර බඳින්ට දන්නේ?
මොනවා උණත් අගනා අදහස් පෙළ...
විලක උපන් නමුදු නෙලුම,
විලට අහිමි බව ඇත්තයි,
නෙලුමේ හිමිකම ඇත්තේ,
නෙලාගත්තු අය හටමයි,
සඳ පොලවට වැඩිය දිනේ,
සඳ සඳ නොමවෙයි එදිනේ,
අහසේ ඉන්න තුරු විතරයි,
සඳ සඳ වෙන්නේ එසඳේ,
ගඟ ගලන්නෙ මහ මුහුදට,
ගඟේ ඉරණමත් ඒකයි,
ගඟත් ඒක හොඳින් දනී,
කිසිදින ඒ ගැන නොතැවී,
"දුකට නුඹේ කඳුලු උනත්,
"
හඬනට උරහිසක් උනත්,
ඈතින් ඉන්නට ඉරණමෙ,
ලියවුනු බව නම් සත්තයි,
Why me ?
Please don't say
I don't know why
Why me?.....the eternal question,everyone of us has asked at one time or another....the only problem...no one has the answer......
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.