රජයේ
කාර්යාලයක් උනාම , වැටුප් දවස් ළං වෙන කොට ඒ බව සේවකයන් දැන ගන්නෙත්
පෝළිමට වගේ කාර්යාලයට ඇදෙන පොත් වෙළෙන්දෝ, සාරි වෙළෙනේදෝ , විදුලි සහ
ඉලෙක්ට්‍රික් උපකරණ වෙළෙන්දෝ , රූපලාවණ්‍ය වෙළෙන්දෝ , අත් ඔරලෝසු වෙළෙන්දෝ
මෙකී නොකි වෙළෙන්දො නිසා. ඇත්තටම කියනව නම් අපේ වැටුප් දවස් අපිටත් වඩා
හොඳින් දන්නෙ ඒ අය.
ඒ වෙළෙන්දන් ට කාර්යාල පරිශ්‍රය තහනම් බිමක්
කරන්නත් බැරි නොකරත් බැරි නිසා දෙගොල්ලන්ම සුහදව තම තමන්ගේ කාර්යයන් කර
ගන්නේ , දෙගොල්ලන්ටම එහි වාසි තියෙන නිසාමයි. ගොඩාක් වෙළඳාම් වෙන්නේ ගෙවීම්
ක්‍රමයට නිසා , දෙගොල්ලන් අතර ගොඩනැගෙන විශ්වාසයත් ඉතාම වැදගත්.
ඒත්
, පඩි දවස් අහලකවත් නැති එක්තරා කාර්ය බහුල දිනයක දී කාර්යාලයට ආපු මේ
අමුත්තා නම් අපිට අරන් ආවේ භීතිය මුසු වෙච්චි විනෝදයක්. සමහරු කාර්යාල
ජනෙල් කූරු අතරින් අමුත්තා දිහා බලද්දි. තවත් සමහරු ඉක්මනින්ම අමුත්තා වටේ
රොක් වුනා. තවත් සමහරු ඒ දිහා බලමින් කිසිවක් නොවුන ගානට ලඟ තියෙන ලිපි
ගොනුවෙ මුහුණ ඔබා ගත්තා.
අමුත්තාව දැකපු මම අත් බෑගයේ තිබ්බ පුංචි
ඩිජිටල් කැමරාවත් මුදල් පසුම්බියේ තිබ්බ දහයෙ කොළ කිහිපයකුත් අතේ ගුලි
කරන් ඒ දිහාට යන්න හැදුවත් , හදිසි රාජකාරි වගයක් හිස මත කඩන් වැටුනයින් ,
ලස්සන දේවල් ගොඩාක් මට මඟ ඇරුනා.
“ අයියෝ සොසී , ඔයා ගියේ නැද්ද , අපරාදේ අන්න ඒ මනුස්සය යන්නයි හදන්නේ “
රාජකාරි ටික ඉවර වෙද්දිම වගේ කාර්යාල සඟයෙක් අරන් ආපු පණිවිඩයෙන් අමුත්ත බලන්න යන්න යන්තම් පොඩි වෙලාවක් ගන්න පුලුවන් වුනා.
අනේ
අෆොයි මම යන කොට නයා පෙට්ටියේ . ඉතින් හිනා වෙන්න එපා ඒකට . “පුනාසා
පූනාසා “ කියන කොට මහත දෙහත නයා එයාගේ වාසභවනට රිංගනවා. ආපසු හැරෙන්න හදන
කොටම මගේ හැටි දන්න කාර්යාල සහෘදයෙක් අමුත්තට කියලා නැවතත් නයිහාමිනේව
එළියට ගත්තා.
 |
| “ ආයෙත් නටන්න වෙනව කෙල්ලේ “ |
|
|
 |
| “එමු බලන්න එළියට “ |
 |
“ සොඳුරිය “
|
 |
| “ ඔබට ස්තූතියි “ |
පලි:-
අයිතාකරයා නම් කීවේ , හැපින්නක් බවයි. නමුත් නරඹන්නන් එය එක හෙළාම
ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මොහු නයෙකු බවයි. සැපින්නන් නටන්නෙ නැති
බවත්, ඔවුනට පෙනයක් නැති බවත් ඒ අය තම මතය සඳහා ඉදිරිපත් කරපු සාක්ෂි.
නමුත් මේ සතාගේ “ෆ“ හි කොටසක් අඩු බව හොඳින් බැලුවොත් පෙනේවි. මේ ඉන්නෙ නයා
වුනත් සැපින්න වුනත් , මේ මිනිසා සහ සත්වයා ඔවුනොවුන් ඇසුරේ ජීවත්වෙන හැටි
දැක්කම මට ඇතැම් මිනිසුන් ගැන දැනුන හැඟීම නම් සඟවන්න හැකියාවක් තිබ්බෙම
නැහැ.
කවියක් එක්ක නැවත හමුවෙන කම් , අනාරාධිත සුන්දරියටත් ඇගේ හිමිකරුවාටත් සුබ ගමනක් පතන.
මම
෴ සොසී෴
10 ප්‍රතිචාර:
.
උඹත් නටාපන්
මාත් නටන්නම්
නයි දෝණි
මගෙ නයි දෝණි
කවුද නටන්නේ??කවුද නැටවෙන්නේ??
නාග කන්‍යාවන්ට ලස්සනට නටන්න පුලුවන් කියා මම අහල තියේ
මගේ හැටි දන්න නිසා කාර්යාලයේ.............
හප්පේ සොඳුරු අක්කා හරිම සැරයි ද...?
මාත් ආසයි ඔය නයි නැටුම් බලන්න....
වත් අක්කා නයෙක් ඇරල වගේ.
අප්පේ සොසි..අක්කේ ඔය පඩි දවසට එන එකි මෙකි නොකි දෙනාට හපන් නේ මේ...තව ඉස්සරහට ඔයාලට මොනා බලන්න එයිද දන් නැ පඩි දවස ලං වෙද්දි....
අපේ ගෙදර මිදුලේ නයෙක් නටවන්න අහල පහල ගෙවල්වල උදවිය නයි නටවන මිනිහෙක්වත් ගෙනල්ලා ගජරාමෙට දවසක් ලැහැත්ති වුණා. ඒත් මම උංව එලවා ගත්තා
ගෙවල් වල මිදුලේ නයි නටන්න හොඳ නෑ . ගෙවල් පාලු වෙනවා .. ඕක මම නෙවෙයි කියන්නේ අපේ පරණ මිනිස්සු ..
මම ඔය වැඩේට අකමැතියි . රිලා නැටුමටත් මම අකමැතියි .
නයි නටවනව බලන්න මමත් පොඩි කාලෙ ඉඳලම ආසයි. ඉස්සර අහිකුන්ටිකයො ආවම... ඒ ගොල්ලො කූඩාරම් ගහන තැන වරු ගනන් ඉන්නව.
අමුතු කවි ගායනා විශේෂයක් තමයි එයාලට තියෙන්නෙ.
මට තාම සමහර කවි මතකයි..
රැහේ නායකය හවසට ''පොඩි අඩ්ඩක්'' එහෙම ගහල ගායනා කරන්නෙ මෙහෙමයි.
''බාල ලමිස්සි ...
තොගෙ පස්ස සිමෙන්ති...
පස්ස දොරෙන් ඇන්න වරෙන් ...
බකල බුකුලු ලමිස්සි... "
ඊට පස්සෙ ඔහු අර තප්පුව කියන බෙරය වේගයෙන් වාදනය කරනව.
හැබැයි දැන්නම් ඔය අහිකුන්ටිකයො මම කාලෙකින් දැක්කෙ නෑ. දැන් එයාල වඳ වෙලා ගිහිල්ලද ... නැත්තං අර අපේ වැද්දො වගේ මොඩ් වෙලාද ..?
මත් එකෝම එකවතාවක් නයෙක් නටනවා බලලා තියේ.
මමත් කීප වතාවක්ම නයෙක් නටවනවා බලං ඉදලා තියෙනවා..
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.