මා නුඹ දවසක් හමුවූවා
ඉස්සර දවසක නුඹහට මතක ද
ආල වුනේ නුඹෙ සුන්දර ගුණයට
මාල පලන්දපු පෙර එක දවසක
ආල නුරා සිත කීවා මතකද
බොළඳ නුඹේ ළඟ පැළ කරවු සද
හාද වෙලා අතිනත් අරගෙන අපි
රස ජීවන මධු බීවා මතක ද
ආල හැඟුම් නිවසින් පිට වූ ව ද
පෙම්බර ලෙංගතුකම් අඩු වක් නැති
වෙනදාටත් වැඩියෙන් ඔයෙ සිත මට
මා ළඟටම වී උන්නා මතක ද
මල් පීදුන මුත් පල නොදරපු ලෙස
මා මෙහි තනිකරලා එක දවසක
මා නොපැතු මුත් ඔබ පැතු ලෙසටම
පෙර ගමනක් ගියහැටි මතක ද
ජීවන ගස යට හමු වී වෙන්වුන
මල් මිස ගෙඩියක් කිකලක නොසැදුනු
ආදර සිත් අරුමය මේ ලෙසමැයි
ජීවන ගස මල් පිපුනට පෙර දින
බඹරකු ඒ රොන් ගත්තත් සිතු ලෙස
පල නොදරන ජීවන ගස සෙවනක
සුන්දර පෙම් සිත් මිහිදන් වෙනු ඇත
ඒ දුක දරනට නොහැකිව මතු දින
ජීවිත ගස කොළ දළු නොදරනු ඇත
ප්‍රේමය නම් මෙය යැයි පවසන මුත්
මධු එවපු මේ පින්තූරයට මම ලීව පද ඒතරම්ම ලස්සනක් නැහැ කියල මට හිතුනත් , මේ පින්තූර පෙලත් එක්ක මගේ මතකයට ආවේ Up කියන ඉංග්‍රීසි චිත්‍රපටය.( සජීවීකරණ / animation) කුඩා කල හමුවීමකින් දැන හැඳින ගන්නා ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් යොවුන් වියට එළඹිලා පෙම්වතුන් වීමත් , ඉන්පසු විවාහ වීමත් , දරුවන් ගේ සුරතල් දකින්නට නොහැකි වූවත් ආදරයෙන් සිටින ඔවුන්ගේ සිත් වල ඇති අහිංසක බලාපොරොත්තු ඉටු නොවීම ගැහැණිය මිය යාමත් , ඒ මිය යෑමත් සමඟම තනිවෙන ඔහු , මිය ගිය ඇගේ අරමුණු ඉටු කිරීම සඳහා ගන්නා උත්සාහයත් ඒ අපූරු චිත්‍රපටය පුරා දිවයනවා.



9 ප්‍රතිචාර:
මේ කවි ටික අදම කියවන්න ලැබුන එකට ගොඩක් ස්තුතියි.
මට හිතෙන්නේ මේ ගහයි අපේ ජීවිතයි අතර වැඩි වෙනසක් නෑ කියලා. ගහත් පොඩි පැලේ ඉදන් මැරෙනකන් ගමනක් යනවා. අපිත් එහෙමනේ.
මේක නම් අපූරු පැබැඳුමක්.......
සොබා දහම ට ගස වගේම අපිත් අයිතියි...ගසට වෙනදේම අපිටත් වෙනවා...
ඒත් වෙනස ගසට අපිට වගේ ජෝඩු වෙන්න බෑ......
මේ පින්තූරයට මරුවට ගැලපෙනවා මේ පබැඳුම..........
UP චිත්‍ර පටය හරිම ලස්සනයි...ඒ ගැනත් ලියන්න අක්කා...මේ කවි ටිකත් ලස්සනයි....
අපුරැ පද වැල්... කොහොමත් සොඳුරැගේ ලියව්ල්ලට මං හිතයි....මම කැමතියි මේ යටින් දිවෙන තනිකමට...
අපූරු පින්තූරයක් ඒවගේමයි කවියත් ලස්සනයි
අමරදේව මාස්ටර්ගෙ "මේ මහ කන්ද" සින්දුව මතක් උනා!
ජීවන ගස යට
හීනය මැව් මට
ජීවය අතරට
ආලය තරමට
හීනය නුඹමය...
ගොඩක් ලස්සනයි අක්කණ්ඩියේ
කොල්ලෙක් වෙලත් ඇහැට කඳුලක් උනපු එක චිත්‍රපටයක් තම UP කියන්නේ. මාර සංවේදී කතාවක්.. මේ කවිය ඇතුලේ එක තියනවා.. කවි කියවද්දී මට මතක් උනේ එක. සොසි එකම හිතේ තියන්නේ ලියල තියෙන්නේ..
නියමයි. පුදුමාකාර කතාවක් රෑප ටික දැක්කත් හිතේ ඇදෙනවා.
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.