සීත දුරුත්තට යන මඟ
දත් නියවන් කෙස් උගුලන්
රාක්ෂ වේසෙන්
ඝණ දෙවියන්ටත් බට කොළ
කැවු මේ නිරිඳුන්
තරාදියට එනවලු මේ
රටට හොඳයි
පොඩි එවුන්ට නැහැ කරදර
හරිම ජයයි ලු
මොන පිස්සු ද සෙනසුරාට
රටක් අහුවෙලා
පොඩි එවුන්ව ගුලි කරාවි
මිටට අඹරලා
කොහේ නැතත් දිගු පෝළින්
මොක ද අතන වෙන්නේ
බලව ගන්න කේන්දරේ
පෝළිමෙ ඒ ඉන්නේ
පත්තර වල පිටු ගනනින්
නුඹ ගැන ලියවෙන්නේ
ඒත් අනේ එකට එකක්
නැහැ නෙව ගැලපෙන්නේ
විද්‍යාවෙ ග්‍රහ ලොව ගැන
දිගට කතා වෙන්නේ
වළලු දාපු බොට මොකට ද
මේ මම බය වෙන්නේ
මගෙ ආදර හිත දවනා
සෙනසුරො අහ ගන්න
ආවොත් හෙම කොටු පනින්න
කරමි බෙහෙත් දන්න
නුඹගෙ පරණ වාහනයට
අලුත් එකක් ගන්න
කපුටා ඉවතට දා යමුදෝ
බෙන්ස් එකක යන්න
පෙනුම ටිකක් වෙනස් කරල
කෝට් එකක් ගන්න
නුඹ කැමැති ද මාත් එක්ක
එක ගෙදරක ඉන්න
සෙනසුරුට පෙම් බඳින
මම
෴ සොසී ෴



18 ප්‍රතිචාර:
ඒකනේ අක්කා. වලලු දාපු අයට අපි නම් බය වෙන්නේ නෑ. ඔන්න අක්කන්ඩි මම් කේන්දර විස්වාස කරන්නේ නෑ හරිද.:)
අපරාදෙ මම කලින් බැන්දෙ!
අපරාදේ ඔයා ඉස්සර වෙලානේ....:(
gana deviyanta nemnei ban wishnuta...ela nirmnanayak
මං හිතාගෙන හිටියේ සෙනසුරා කියන්නේ ගෑණු සතෙක් කියලනේ!
දවසේ තරුව, සෙනසුරා... :) ආ ඒක තරුවක් නෙවෙයිනේ...
මේක නං එළ....
(කොටු පැනගෙන එන උංට ඔහොම්මයි කරන්ඩ ඕනෙ)
සොසී සෙනසුරාව මොඩ් කරලා බටකොල වෙනුවට කවන්න යන්නෙ මොනවද බලමු
ane sosii,
mata oyage sonduru sithe watayak yanna asaaiii..
ethakota mea soduru katha ,akavi mata hithena hithena welawata balaganna...
hari lassanaii akkee..
බට කොල වෙනුවට ප්‍රයිඩ් රයිසුයි රුහුනේ මීකිරියි කව්වයි :D :D
ඔයාට කොහෙන් එනවද මේ අදහස්... හරිම ලස්සන නිර්මාණයක්.... :)
අම්මප කිව්වත් වගේ ටයි කෝට් අන්දල පොලිෂ් කරල ගත්තොත් හෙනහුරාගෙත් කියන්න තරං වැරැද්දක් නෑ.
අපිට ඔෆිස් එකේදි හොරෙන් කියවනකොට කමෙන්ට් පෙන්නෙ නැහැනෙ.....
ටිකක් ලොකු පැහදිලි ෆොන්ට් එකක් දාන්න පුලුවන්ද?
"සෙනසුරාට සෙනෙහසින්" මාතෘකාවේ ඉදන් කවි පෙලේ හැම වදනක්ම මගේ හිත බැද ගත්තා..
මරු කවිටික !!
මේක කියවා තවම හිනාවෙන
මම
චමිල...
හෙනහුරාගේ බැල්ම සොසිට වැටිලා වගෙයි නේ
ඒ නිසාලු මේ වගේ පද වැල් ලියැවෙන් නේ
හැමදාමත් වගේ නෙමෙයි ගොඩක් වෙනස් නේ
මේ වාගේ කවි බලන්න මම කැමතියි නේ
To saturn with love.......ප්‍රේම කතාවකුත් දැවටුනු විද්‍යා ප්‍රබන්ධයකට නම් නියම නම....හෙහ්, හෙහ්,
සෙනසුරා හැමෝටම නම් නපුරු නෑලු..
නපුරට නපුරුලු..
ඕක තමා මම සෙනසුරා ගැන අහපු හොඳම කතාව...
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.