ඇවිත් බොහො දුරක් කාටත් නොකියාම
ලොවින් වසන් වී තනිකම කැදවාන
සිටී මාව නුඹ දුටුවේ නම් කෝම
ලොවින් වසන් වී මේ ලෙස සැඟවෙන්න
එපා ළදේ මං ඉන්නම් සැනසෙන්න
නෙතේ උණු කඳුළු බිද මදකට මට දෙන්න
ළඳේ නුඹ හිසත් පපුවෙ සතපන්න
නෙතේ කඳුළු ගං පතුලක සිරකරලා
ලොවේ අනගි මධු රස ගෙන කලතාලා
මැවු ලොවේ මං උන්නේ මත් වීලා
නැතේ වැඩි දෙයක් නුඹ හට, මට දෙන්න
හිතේ ආදරය පුරවන් ඇත ගන්න
වුනත් සිත බිඳීමක් මයෙ වරදින් ඔන්න
සමාවෙලා නොගිහින් මයෙ ළඟ ඉන්න
පැයෙන් පැය දිනෙන් දින නොදැනම ගෙවිලා
මටත් නොකියාම නුඹ දුර ඈතක ඇදීලා
ගියත් සමුනොගෙන අමනාපය උසුලා
මගේ අඳුර තනියට මයෙ ළඟ රැදිලා
ස්තූතියි නුඹට ,
දුන් ආදරයට වගේම ,
අඳුර අරන් නොගියට
අඳුර හුරු
මම
෴ සොඳුරු෴




9 ප්‍රතිචාර:
ගුත්තිල කාව්‍යයේ එක තැනක අක්කා මේ කවි ලියපු රටාව තියෙනවා.
හරියටම කියනවනම් දෙවුලියෝ මිහිපිටට එන විදිහ වෑත්තෑවේ හාමුදුරුවෝ දැකපු විදිහ !!!!
ඉටන් පටන් තුටින්....
ඔහොම අමුතුම වචනාර්ථයේ තිබ්බ රටාවක් ගුත්තිලයේ තිබ්බා!!!
මම මේ ස්ටයිල් එකට ගොඩක්ම ලයික් ය !!!
ආදරය දීපු කෙනාම අඳුර දීලා ගිය එක දුකයි අක්කණ්ඩි !!!!!
අඳුරත් අරන් යන්න පුලුවන් නම්.....අලුතෙන් පටන්ගන්න!
හරිම ලස්සන කවිය අක්කේ .
ඒක නෙමේ ඔන්න මම මේක කොපි කරගත්තා ..
පුද්ගලික පාවිච්චියට ගන්න
wow,beautiful..
I suppose now you can publish a beautiful poem book..
සොදුර සොදුර මගේ...
අඳුර අඳුර මගේ....
අඳුරත් අරන් යනු මැන තව දුක දීලා
ජය ගමි දුක ආලෝකය මම දැකලා
දිනු දා දුක යලි එනු මැන හිනැහීලා
පිලිගන්නම් සබදක් ලෙස සිතාලා
මගේ තනිකම මට ඉතිරි කරලා
නුඹ ගිහින් දෑස් කඳුළුන් තෙමා
දැනුනේ නෑ මෙය මිරිගුවක්ම වේවි කියා
හිත පුද්ද්දි නුඹ හට ආදරෙන් බෑදීලා...
අඳුරට ආදරය කරන්න....
ආලෝකය ඔබ සොයා ඒවි...
මොකද කවමදාහරි අඳුර බිඳින්නේ ආලෝකය..
හැබැයි අඳුර මතම යැපෙන්න එපා!
I'll see you in the sunlight
I'll hear your voice everywhere
I'll run to tenderly hold you
But darling you won't be there....
නුඹ හිරුඑලිය තුල ඉන්න..
සදා දිදුලන්න.. මම මෙතැන අඳුරතුල..
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.