..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, November 26, 2011

෴ වැසුන සිත ෴


ඔයාගේ හිත තදකරන් වහල,
වටේට හොඳ තාප්පෙකුත් බැදල,
ඉබ්බ දාපු ගේට්ටුවෙන් මාව ඇතුලට අරන්,
ඉස්තෝප්පු වේ පඩි පෙළ ළඟ මාව තුරුළු කරන්
මයෙ හිස සිඹලා ,
 පපුවට තුරුල් කරන්
මයෙත් එක්ක කතා කරන ගමන්,
මයේ හිතට යන යතුර ඉල්ලනවා.
තාප්ප නැති,
ගේට්ටු නැති ,
මයෙ හිතට
යතුරුත් නැති බව
ඔයාට අමතක වුනා ද?

වැහුන හිතක් එක්ක
ආදරයෙන් බැදුන
මම 
෴සොසී෴

16 comments:

  1. මේ වගේ ඒවට මම ආසයි. සොසීට සෙනසුරු මාරුවනම් අන්තිම හොඳයි..
    ලස්සනයි..

    ReplyDelete
  2. මයෙ හිත වටේට මම බැන්ද උසම උස තාප්පයක්,
    ගේට්ටුවක් දාල දැම්ම නොම්මර එකේ ඉබ්බෙකුත්,
    මීට පස්සෙ මයෙ හිතෙ ඇවිදින්නෙ මම විතරමයි,
    කාටවත් බෑ මගෙන් නාහා මයෙ හිතට ඇතුල් වෙන්ට,
    ඔහොම හිතාගෙන බොහොම සැනසීමෙන් උන්න මම,
    ඒත් ඒ කී දොහකටද?

    එක දවසක්දා උදේම මම අඩ නින්දෙන් ඇහැරියෙ,
    හිත ඇතුලෙ කවුදෝ ඇවිදින සද්දෙට,
    ඇස් පිහදාල බැලින්නම්...... ඒ ......ඔයා,
    ඇයි අනවසරෙන් මගෙ හිතට ඇතුල් උනේ?
    මම ඇහුව බොහොම තදින්,

    තරහ ගන්න එපා, ඔයා කිව්ව හිනාවෙලා,
    අනවසරෙන් වෙන්නෙ කොහොමෙයි?
    තාප්පෙ කඩලද? ඔයා ඇහුව...නෑ මම කිව්ව,
    ගේට්ටුව ගලවලද? ඔයා ඇහුව.....නෑ මම කිව්ව,
    එතකොට ඉබ්බ කඩලයි?.....ඔයා ඇහුව ඒත් නෑ...මම කිව්ව,
    එහෙනම් අනවසරයෙන් වෙන්නෙ කොහොමෙයි?...ඔයා ඇහුව....මම නිරුත්තරව බලා හිටිය,

    එතකොට ඔයා කොහොමද මගෙ හිතට ඇතුළු උනේ?
    නිශ්ශබ්දව ගෙවිල ගිය කල්පයක් වගෙ දැනුනු විනාඩි ගානකට පස්සෙ
    මම ඇහුව....හිනා වෙවී,
    අපි දෙන්න එකතුවෙලා ඒකට උත්තර හොයමු,
    ඔයත් කිව්වෙ හිනා වෙවී,

    ඉතිං...ඔන්න...අපි දෙන්නා,
    ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්ට පටන් ගත්තා....

    ReplyDelete
  3. අපූරුයි අක්කේ..

    ReplyDelete
  4. ලොකු ඉබ්බෝ දාපු උස තාප්ප වලින් වටවුන රැකවල් ඇතුලේ සුවසේ ඉන්න හිත් කී දාහක් මේ වගේ උඩු සුළඟට හසුව අයාලේ යන සිත් කොයිතරම්නම් හඬවනවා ඇද්ද.
    පුදුම ලස්සන අදහසක්.....

    ReplyDelete
  5. දොර නාරින් අමල්බිසෝ!

    ReplyDelete
  6. තාප්ප නැති ගේට්ටු නැති සිතක් ඇත්තටම සොඳුරු ඇති......

    ReplyDelete
  7. මගේ හිතත් මම අගුලු දාලෑ පරිස්සම් කරගෙන හිටියා, මටත් හොරෙන් අගුල කඩලා මගේ හිතට ඇතුල් උණු ඔයා, මගේ හිතම බදු අරගත්තා. හිත කඩලා පොඩි කරලා හිත මග දාලා ආපහු ඔයා දුරකට ගියා.. මම තාම එතනමයි, ඔයා ආවා, ගියා.. ජීවිතේ ඇත්තේ යාම් ඒම් විතරයි..

    ReplyDelete
  8. කලුගල් තාප්ප වලට..යකඩ ගේට්ටු වලට වඩා හිතක් ශක්තිමත්..... ඕන වෙලාවට එනව.....ඕන වෙලාවට යනව......

    ReplyDelete
  9. අක්කට මේ දවස් වල හිතෙන්නෙම මෙහෙම ඒවා වගේ.ලොකු වෙනසක් ජීවිතේට එනවද???

    ReplyDelete
  10. අනේ මටත් උනානෙ ඔහොම වැඩක්.... ඒ නිසා මේක හොඳටම හිතට වැදුනා....

    ReplyDelete
  11. Kiyanna wachana na .

    mama a wage hithakata adare kara danatamat eke wenasak na. mama rawatuna. mata a phu una kalaya ait ganna ba. wasunu hithak atule hamatissema tiyenne boruwa.

    Oyage blogeka kaleka idan hamadama udenma mulinma balana kena.

    ReplyDelete
  12. හ්ම්....

    හරිම ලස්සන පද ටික අක්කා....
    රවී අයියගේ කතාවත් ශෝක....

    ReplyDelete
  13. හ්ම්....

    හරිම ලස්සන පද ටික අක්කා....
    රවී අයියගේ කතාවත් ශෝක....

    ReplyDelete
  14. ලස්සන කවි සිතුවිල්ලක්. හිතට දැනෙන්නම ලියලා තියෙනවා.

    ReplyDelete
  15. මැක්ස්.... නියමයි....! ඔබට ජය!

    ReplyDelete
  16. අගුලුලාපු හිතකට ඇතුල් වෙලා කවුද? මේ හොල්මන් කරන්නෙ. මට පේන්නෙ ඒ වගේ. මෙහෙම කවි ලියවෙන්නෙ ඒක නිසාම නේද?

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...