..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, November 22, 2011

෴ ළං වීමක දුර ෴




පහන් වැටක පහනක් වෙන්න ද මං
පහන් වැටේ ඉඩ මදි ළමයෝ
පිපි මල් පොකුරක මලක් වෙන්න මං
මල් අත්තට බර වැඩි වෙයි ළමයෝ
රෑ තරු අතරේ තරුවක් වෙන්න ද
සොයා ගන්න බැරි වෙයි ළමයෝ
ඔය හිත ඉඩ මට පොඩ්ඩක් දෙනව ද
මයෙ හිත මා ළඟ නැහැ ළමයෝ



There are times when I am really down, and all I want to do is stay beside you. 
There are times when I tell myself that everything would be okay because I have you. 
Now, I am beginning to realize that you are so far away that I can never reach you. 
Maybe, it's my entire fault for wanting you, the way that I am wanting you now.

ප:ලි:- ( ඉංග්‍රීසි කොටස නම් , උපුටා ගැනීමක් - ඊයකින්. කවිය නම් මගේමයි )

කවියේ ඉන්න
ළමයා
මම
෴ සොඳුරු සිත ෴


18 comments:

  1. නටුව නෙවේ මල සිඹිමි
    මම ළමයෝ පැණි හලමි

    ReplyDelete
  2. බෑ බෑ .. මේක හරිම නෙගටිව්...

    ReplyDelete
  3. ඇත්ත ඇත්ත කොහෙවත් ඉඩක් නැහැ කාටවත් සදහටම

    ReplyDelete
  4. මං හිතුව ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එක ගැන කතාවක් කියල, ළංවීම කිව්වම.

    ReplyDelete
  5. You wanted a friend
    I was with you all the time...
    you wanted a companion
    I was with you to share everything..
    you wanted love..
    I gave you my heart
    one day you wanted to go
    but now I want you to stay...


    ඔයාගේ කවිය මගේ සිතුවිලි අවදි කලා..
    ඒ මගේ හිතේ තියෙන දේම ඔයා ලියලා තියෙන නිසා වෙන්න ඇති සොසි..

    ReplyDelete
  6. නියමයි අක්කේ...

    ReplyDelete
  7. පහනක් නොවුනට නුඹේ සොඳුරු සිත
    පහන් වැට ට එළියයි ළමයෝ
    කුසුමක් නොවුනට අත්තට බර දෙන
    මල් ඵල පිරි ගස නුඹ ළමයෝ
    තරුවක් නොවුනට නුබේ ගිලී ගිය
    තරු වට කළ සඳ නුඹ ළමයෝ
    පිරුණු සිතට නුඹ කුමට හඬන්න ද
    ඒ හිත නුඹ ළගම යි ළමයෝ

    :)

    ReplyDelete
  8. සොඳුරු සිතක් ඇත්තියකට තවත් සිතක
    පුංචි ඉඩක් තිබිලා මොකටද ?

    ReplyDelete
  9. පහන් වැටේ මොටද
    පහන් කණුවක පහනක් වෙන්න
    මල් පොකුරක් මොටද
    පියුමක් වගේ තනිව පිපෙන්න
    රෑ තරු අතරේ තරුවක් මොටද
    ඒ අහසේ හඳ වෙන්න
    ඉඩ නැති තැනක් ගැන මොටද හිතන්නේ
    ඔය හිතටත් ආස කෙනෙක් ඇති
    ඒ කෙනා හොයා ගන්න.....
    -----------------------
    ලස්සන අදහස සොසී අක්කේ ....

    ReplyDelete
  10. හපොයි...:(((

    දුක හිතුනේ නැද්ද ඔයාට.

    ReplyDelete
  11. whenever you are really down I would be there or rather my eternal soul would be there beside you,
    Whenever you tell yourself that everything would be okay because you have me believe it yourself because its the truth,
    It seems I am faraway of course but in my mind & in your mind we would be close as it would be possible,
    You wanted me to be there for you whenever you want me & I would be there sure as the sun rises tomorrow.

    ReplyDelete
  12. ලස්සනයි අක්කේ ..

    මම හිතනවා ඔය පාත ඉංගිරිසියෙන් තියෙන්නෙත් ඔයාගේ සිංහලෙන් තියන කවියට සමාන තේරුමක් තියන දෙයක් වෙන්නැති කියලා ..

    ReplyDelete
  13. බොහොම සංවේදී කවි සිතුවිල්ලක්.... ලස්සනයි....

    ReplyDelete
  14. 'මගෙ හිත මා ළඟ නෑ ළමයෝ...'

    ඉතින් කාට කියන්නද අප්පේ....

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...