..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Saturday, November 19, 2011

෴ බ්ලොග් ලිවිල්ල ෴

සොඳුරු ට මතක කාලෙ හැටියට නම්, සොඳුරු ලිවිල්ල පටන් ගත්තේ මොන්ටසෝරියෙන්, ඉස්සෙල්ලම ඉරි, ඇද ඉරි, කෙලින් ඉරි, බින්දු  වලින් පටන් අරන් ඩබල් රූල් පොත් වල රූල් පිරෙන්න එකම අකුර පිටු ගනන් වල, මක මක, වරු ගනන්   ලියපු සොඳුරු අද ලියන්නේ සයිබරයේ  දහසක් දෙනා කියවන පිටු වල. සිංහල යුනිකෝඩ් වලට පිං සිද්ධ වෙන්න , සොඳුරු ආපු ගමන සොඳුරුටම හිතා ගන්න අපහසුයි. ඒත ඉතින් හැමදේකම මොකක් ද එකක් තියෙනව නේ.

බ්ලොග් අවකාශය සොඳුරුයි වගේම විටෙක හරිම දරුණූයි. මට මතකයි එක බ්ලොග් හමුවකදි , ඒ හමුව තිබ්බ ශාලාව අයිති ආයතනයට , කලින් දන්වන්න ඕනි හමුවට එන අයගෙ නම් . ඉතින් ඔන්න හමුව සංවිධානය කරපු අයත් නම් ලිස්ට් එක ඒ ආයතනයට දීල තිබ්බා. ඉතින් මේ ලිස්ට් එක අන්තිමට යන්නේ ආරක්ෂක සේවයේ අදාල ආර්ක්ෂක නිලධාරියගෙ අතට නෙව. ලිස්ට් එක දැකපු ඒ මනුස්සයගේ ඇස් උඩ ගියා. තොල කට වේලුනා.

හොඳින් දෙනෙත් පිස දාපු ඔහු , ආයෙත් ලිස්ට් එක බලන්න ගන්න ඇති.
බනියා
හසියා
මාරයා
රෝස වළාකුළු
සාතන්
හාවා
පූසා
රත්තරන් මාළුවා
කැලේ ඉන්න ඔකේකොම සත්තුයි , අපායේ ඉන්න ඔක්කම නිලධාරීන් ටිකයි , දිව්‍ය ලෝකයේ කිහිපදෙනකුයි මේ හමුවට එන බන දැන ගත්තම කාටද හීන් දාඩිය නොදාන්නේ.

ඒ ඉතින් අතීයක් වුනත් දැන් දැන් සෑහෙන බ්ලොග් පටන් ගන්න බවත් ලියවෙන බවත් දකින්න පුලුවන්. ඒ අයගෙ කාලයට , ඒ යගේ හැකියාවට වටිනකමක් එකතු කරන එක , අපිට කරන්න පුලුවන් හොඳ වැඩක්.


මටත් හරිම අහඹු විදිහටයි සමහර අලුත් බ්ලොග් හමුවුනේ, නැත්තම් පරණ පුරුදු බ්ලොග් ටික විතරයි නෙව හැමදාම බලන්නේ.


ඉතින් මේ මට එහෙම හමුවුන , මට හොඳයි කියල හිතුන ලස්සන නිර්මාණ තියෙන බ්ලොග් කිහිපයක්. ඔබත් නවක බ්ලොග් ලියන්නෙක් නම් , බ්ලොග් ඇඩ්රස් එක කමෙන්ට් එකක් විදිහට ලියල යන්න. මම එය මේ ලිපියට එකතු කරන්නම්.


අනිත් කාරණය තමයි , මගේ බ්ලොග් එක කියවන ගොඩක් දෙනා බ්ලොග් නොලියන අය. ඒ කියන්නේ කියවන්නන්. කියවන්න කැමැති එයාලටත් මේ අලුත් බ්ලොග් ගැන නොදැන හිටිය නම් වඩා හොඳ කියවන්න දෙයක් සොයා ගන්න මේක අවස්ථාවක් වේවි.

එහෙනම් පටන් ගමු.

01- වැලි කතරක වෙසෙන , ලංකාවේ ගෙම්බෙක්. තවම සෑහෙන අලුත්. නමුත් ඉදිරියට හොඳ ගෙම්බෙක් වෙයි.
අරාබිකරයේ ඔටුවෙක් සේ වැල්ලටම වියපත්ව වැලි-මැඬියෙක් බවට පෙරලුන තවත් එක ජීවිතයක්.......Desertfrog හෙවත් වැලි මැඬියා

 02- කවුරුත් නොදකින නමුත් කාගෙත් දිහා හැංගිලා බලාන ඉන්න, කාටවත් කරදරයක් නැති, හිතේ පුංචි කොණක දුකක් සඟවන් , තනියෙන් ජීවත් වෙන බස්සා. ලියන ජීවිතය දකින්න ...විදවන්න නොව විදගන්න.


03- දැන් කාලෙක ඉදල බ්ලොග් කියවන , බස් පදින අපේ  රුචාත් දැන් බ්ලොග් එකක් පටන් අරන්. ජීවන ගමනේ රැදි මංසලකුණු කියන ඒ බ්ලොග් එකේ නම තමයි. මංසලකුණු The landmarks


(බ්ලොග් ලියන්න ඇවිල්ල , මිතුරු මිතුරියන් හදුනා ගැනෑමත්. මිතුරු මිතුරියන් ගොඩාක් හදුනා ගත්තට පස්සෙ බ්ලොග් ලිවීමත් අතර වෙනසක් තියෙද කියලා රුචාගෙන් පස්සෙ දවසක අහල බලන්න ඕනි.)

04- කාලෙක ඉදන් ගීත රචනයේ යෙදෙන , පත පොත ලියල තියෙන අයත් දැන් දැන් බ්ලොග් කලාවට එකතු වෙන බවට හොඳ උදාරනයක් සපයමින් , අලුතෙන් ලියැවෙන බ්ලොග් එකක් තමයි , අස්වැන්න සුභාවිත ගීතයට අරුත් හොයන්නන්ට මෙය හොද අඩවියක් වෙයි කියලා හිතනවා.


(බ්ලොග් ලිපි දෙක තුනක් ලියල , පොතක් ලියන්න හිතාන ඉන්න එක ද හොද, පොතක් ලියල බ්ලොග් ලියන්න එන එකද හොද කියල පස්සෙ වෙලාවක අහන්න ඕනි)



05- හිතට දැනුන ඒවගේම ඇහින් දැක්ක දේවල් වල සාරය වචනයට පෙරලපු පිටු කීපයක්.....තමයි ක්සැන්ඩරයාගේ කොලම  කියන්නේ. අමුතුම ආරයේ ලිපි ලියවෙන ඒ බ්ලොග් එක ඔහුටම අනන්‍යයි.

06- අමුතුම ජාතියේ කිරිල්ලියෙක් /වින්චැට් කිරිල්ලී ලියන අළු පාට හැන්දෑවත් දිගට ලියවෙන බ්ලොග් පොස්ට් තියෙන බ්ලොග් එකක්.

තව ගොඩාක් මට හමු වුනා. ඒත් ආපහු හොයන්න ගියාම පණ යනෝ. සමහර බ්ලොග් මගේ බ්ලොග් රෝල් එකට එකතු කරන්නත් බැහැ. ඒ මොකද කියල මට හිතා ගන්න බැහැ.

තවත් මේ වගේ ලිපියකින් හමුවෙන තෙක්..... අලුත් මී මැස්සන්ට මැස්සියන්ට සුබ ගමනක් පතමු.

පලි:- පසුව හමු වූ බ්ලොග් (තවත් එකතු කරන්න ..බ්ලොග්  සැබැඳිය ලැබෙන්න සලස්වන්න )


වර්ණාගේ පොත 


හිතුමතේට ලියැවෙන හිතුමතේ

සයුරී ලියන පහන් යාය  


ජීවිතය මුතු පබළු වැලක අමුණන මුතු පබළු වැල්

අප්පච්චි‍යෝ අමතක වුනා, සෑ‍හෙන පරණ බ්ලොග් කියවන්නෙක් වෙන අපේ ගීතක ත් දැන් බ්ලොග් එකක් ලියනව නේ. ගීතිකගේ කොලම තමයි නම.


මෙන්න මියුරු ගේ බ්ලොග් එකට පාර 


මෙන්න අපේ නිසුපාගේ බ්ලොග් එකට යන පාර. නිසුගේ කතා.  නිසුගේ බ්ලොග් එකත් ගූගල් දෙයියො නැති කරල ආපහු දීල තිබ්බ කියල ආරංචියි.

තව ඩිංගිත්තෙන් අමතක වෙනවා.... මෙන්න අපේ විසිතුරුගෙ බ්ලොග් එක , විසිතුරු 


බ්ලොග් ලෝකෙට ආපු කිඳුරෙකුත් ඔන්න බ්ලොග් එකක් ලියනවා. කිඳුරු ඉසව්ව.

බ්ලොග් ඉසව්වල , අධි වේගි වාහනයකින් යන කෙනෙක් තමයි මේ Auto Nuwantha.



මෙන්න මේකත් නියමම නියම බ්ලොග් එකක්.කියවා සිනාසෙන්න වගේම , අවසානයේ දී යමක් ඉගෙන ගන්නත් , තේරුම් ගන්නත් පුලුවන් හරිම අපූරු වෙනස්ම වෙනස් බ්ලොග් එකක්.... Voice of Thambu.

ඔයාලට මතකද ,පුංචි කාලේ අපි කියවපු පොතක හිටිය රෙඩ් රයිඩින් හුඩ්. මෙන්න බොලේ එයත් බ්ලොග් ලියන්න ඇවිත්. රෙඩ් රයිඩින් හුඩ් .


කාවින්ද්‍යා ලියන හංස ගීතයත් මා දුටු නිමාව අතින් හරිම ලස්සන බ්ලොග් එකක්. 



හර්ෂ ගියන ,කියාගන්න බැරි තරමට. තවත් මා දුටු අලුත් බ්ලොග් එකක්.


බ්ලොග් අවකාශයට එකතු වුන, තවත් සිහිනයක් තමයි මේ. 

මේ තවත් මා දුටු අලුත් බ්ලොග් එකක්. --- -- හතර වටේ - - --



තව තව ....................

23 comments:

  1. කලින් දැන නොසිටි බ්ලොග් කීපයක් හමුඋනා ස්තූතියි...

    ReplyDelete
  2. සොඳුරු සිත බලන්න ආපු ගමන් ඕං මමත් දානවා මගේ වියුණු සටහනට එන්න පාර. විසිතුරු බලන්න මෙහාටත් ගොඩවදින්න.. ජය!

    http://visituru.blogspot.com/

    ReplyDelete
  3. මෙතනින් නොකියපු බ්ලොග් දෙක තුනක් තියේ. ඒ ටිකත් කියවන්නම්. අක්කට ස්තුතියි !!!

    ReplyDelete
  4. http://Miyuruworld.blogspot.com

    ReplyDelete
  5. හික්z. ලිස්ට් එක තමා මරේ මරු :)
    ඕක ඇත්තටම වෙච්ච දෙයක්ද ?

    ReplyDelete
  6. මාත් කියවපු නැති බ්ලොග් ටිකක් මෙතන තියෙනවා.ඒවත් කියවලා බලන්න ඕනෙ.

    මෙන්න අක්කා මගෙ බ්ලොග් එක.
    http://www.nisugekatha.blogspot.com/

    ReplyDelete
  7. අප්පච්චි‍යෝ අමතක වුනා, සෑ‍හෙන පරණ බ්ලොග් කියවන්නෙක් වෙන අපේ ගීතක ත් දැන් බ්ලොග් එකක් ලියනව නේ. http://geethikadilruk.blogspot.com/ තමයි නම.
    මෙන්න මියුරු ගේ බ්ලොග් එකට පාර http://Miyuruworld.blogspot.com
    ඔන්න ඒ දෙකත් පෝස්ට් එකට එකතු කලා.

    තව තියේද ළමායි.... තියනම් එකතු කරන්න කමෙන්ටුවක් විදිහට. මම පෝස්ට් එකට එකතු කරන්නම්.

    ඔවු @මකරෝ ඒක ඇත්ත සිද්ධියක්...

    තමෙන්ට් එකට ලින්ක් එකතු කරන හැටි මම දන්නේ නැහැ.

    ReplyDelete
  8. සිතක පැලවෙන පුංචි අදහසක කෙලවර කොහොම තැනක නතර වෙනවද කියල කාටවත්ම කියන්න බෑ‍.
    සොඳුරු සිතට ඇතිඋන මේ සිතුවිල්ල මොනතරම් වටින එකක්ද කියල ආයේ විස්තර කරන්න ඕනේ නෑනේ.අලුත් අයගේ ලිපින කොමෙන්ටුවක් හැටියට දාන්න කියල කියවකොටම මම හිතාගත්ත මගේ එකත් දැන්මම දාන්න ඕනේ කියල.
    හපේ අප්පේ ගෙම්බවත් ගෙනල්ල තියල තියෙන්න පෝලිමෙන්. මොනතරම් දෙයක්ද. පින්සිද්ද වෙච්චාවේ.
    ඔන්න යුතුකම්. වැඩිහිටියන්ගේ යුතුකමනේ පොඩිහිටියන්ට අතදෙන එක.
    ඔය වගේ සොඳුරු අදහස් හිතට දැනෙන්නේ සොඳුරු සිතක්ම තියෙන හින්ද මිසක් වෙන මොකක්ද.

    ReplyDelete
  9. @නිසුපා
    ගුගුල් ඔයාගේ බ්ලොග් එක නැතිකරල ආපහු දුන්නා කියල ආරංචියි.. ඔන්න නගේ ඒ නිසුගේ ලෝකයත් , මගේ පෝස්ට් එකට එක් කරා..

    ReplyDelete
  10. @විසිතුරු
    මඟඇරුනනේ ඔයාව. මෙන්න ඔයාවත් එකතු කලා. ස්තූතියි විසිතුරු.

    ReplyDelete
  11. ස්තුතියි අක්කා මේ කරන වැඩේට...

    මෙන්න මට කියවන්න ලැබුන තවත් බ්ලොග් එකක්...ලොකු පුතාගේ බ්ලොග් එක

    http://widiyabandara.blogspot.com/

    ReplyDelete
  12. ස්තූතියි මාවත් එකතු කරගත්තට....

    ReplyDelete
  13. අලුත් බ්ලොග්කරුවන්ට අතදීම බොහෝ අගේ කරයුතු වැඩක් නංගී.

    මෙන්න තවත් ලින්ක් එකක්:

    නාදුනන ලොවක හඳුනන හිතක්
    http://nandus-world.blogspot.com/


    නමින් හුරුපුරුදු කිහිපදෙනෙක් එක්වී දූලා පුතාලා වෙනුවෙන් ඉදිරිපත් කරන: පුංචිත්තා
    http://punchiththa.blogspot.com/

    ReplyDelete
  14. ස්තූතියි අක්කා එකතු කලාට.
    ඔව් නෙ නැති කරන්ට ගියාට කොහොමහරි ආයෙත් ගත්තා.අම්මෝ බය වුන තරමක් මං...

    ReplyDelete
  15. මෙතන මං කලින් නොදැක්ක බ්ලොග් කීපයක්ම තියෙනවා.. ස්තූතියි අක්කේ අපිට මේ ගැන කිවුවට...

    ReplyDelete
  16. තැංකු සොසී අක්කට.....ලස්සනයි ලියවිල්ල....ජය !!!!

    ReplyDelete
  17. බොහොම ස්තුතියි සොඳුරු සිතකින් කළ උදව්වට....

    ReplyDelete
  18. මේ බ්ලොග් ලින්ක් වලට ගිහින් , ඒවා ඉතාමත් හොද බව ඇතැමෙකු මට කියනවා. මම ඉල්ලීමක් කරන්න කැමැති, ඒවා හොද නම් ඒ බව අදාල බ්ලොග්කරුවාට කියනව නම්.එයාලත් සතුටු වෙයි එතුකොට. ඒක හොද දිරි ගැන්වීමක්...

    මේ බහුතරය තවමත් වයස විසිගනන් වල පසුවෙන තරුණඅය. දිරි ගැන්වීම හොද දෙයක් නෙ...

    ReplyDelete
  19. ගොඩක් ස්තුතියි සොඳුරු සිත.. අපි වගේ නවක බ්ලොග්කරුවන්ට අත දෙන එක නම් කියන්ඩ බැරි තරම් ලොකු උදවුවක්..

    ReplyDelete
  20. ලොකු අක්කෙ අපිත් මේ පැත්තේ ඉන්නවො
    raj-rajmyblog.blogspot.com

    ReplyDelete
  21. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  22. අලුත් අයට උදව් කරන එක හොඳ දෙයක්
    බොහෝම ස්තුතියි අක්කේ...

    සයුරිටත් ගොඩාක්ම ස්තුතියි මටත් කලින්ම ඇවිත් මාවත් එකතු කර ගත්තට

    ReplyDelete
  23. ගොඩාක් ස්තූතියි අක්කෙ.......ඔන්න අද ඉඳන් වින්චැට් කිරිල්ලි එනව..(වෙනද ආවෙ වෙන නමකින්නෙ.)මේ මම අමුතු කිරිල්ලියෙක් නෙවේ අනේ.....හිම වැටෙන රටවල ඉන්නෙ මම......

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...