බැරිව ඉතින් මඟ රැදෙන්න
හිටිය නුඹව ගෙන ආවා
කුඩේ යටින් සිරි විඳින්න
මුරණ්ඩු ගති නොම ඇරෙන්න
නුඹ ඉන්නෙම රණ්ඩු වෙන්න
මගෙ හිත හෙම්බත් කරමින්
නුඹ කැමැතිම දුරින් ඉන්න
මලක් වගේ සිත පිරෙන්න
මම ආසයි ළඟින් ඉන්න
අනේ ඒත් නුඹ මේ හැටි
සඟවමි එය මා නුඹගෙන්
ආදර බව නොම හැඟෙන්න
ළං වුනොතින් දුරස් වෙන්න
මට බැරි වෙයි කඳුළු බොන්න
පෙනි පෙනි මට නුඹෙ ඔය රුව
මේ ලෙස කැමැතියි හිඳින්න
ආදරෙ හිතුනම ඉඹින්න
මට බැහැ නුඹ ළඟට එන්න
නුඹ ආදර හිත කොනහා
රිදවමි නුඹ දුරස් වෙන්න
මම



13 ප්‍රතිචාර:
// සමහරු සමහරුන්ට රිදවන්නේ ඇයි කියල අපිට තේරුම් ගන්න බැරි අවස්ථා එමටයි.
ඒත් ඒ සමහර අය , තවත් සමහර අයට වඩා ගොඩාක් හදවතට කිට්ටු නිසා එහෙම කරනව වෙන්න බැරි ද? //
එකගයි... :)
ඇත්ත අක්කේ මේ වගේ වෙලවට දරාගෙන ඉන්න හරිම අමාරුයි.. ආදරේ වැඩි නිසාම එහෙම කරනවද මන්දා...
ලස්සනට දිලිසෙන්න හැඩ කරපු කඳුළු බිංදු ! දිහා බලලා සතුටු වෙන්නද, දුක් වෙඳ කියලා හිතා ගන්න බැහැ තවමත්...
අනේ මමත් ආදරේදි එහෙම රිදවල තියෙනවා... ඒත් අදටත් මට හිතාගන්න බැහැ ඇයි මං එහෙම කලේ කියලා...දැන් ඒ ගැන හිතනකොට දුක හිතෙනවා...
අන්තිමට කිව්ව කාරණාවට නම් මමත් එකඟයි..
ඔය විදිහට මේ දවස් වල කෙනෙක් මටත් රිද්දනවා..
මට දුර යන්න ලේසිලු එතකොට... හ්ම්ම්...
හිත රිදෙන්න රිදෙන්න ආදරේ වැඩි වෙනවා කියලත් කියනවනේ...
ඇයි ඇත්තටම සමහරු සමහරුන්ට රිදවන්නේ..?
ඒක හොඳ චේතනාවෙන්ද..නරක චේතනාවෙන්ද..
අනේ මන්දා මේ ලෝකේ හැටි...
හිතා ගන්න වත් බෑ........
------------------------
ඔයා ගේ අදහස වෙනවා වගේම ලස්සනයි..!
සමහර අය ආදරේටත් චුට්ටක් විතර රිද්දවනවා. මේ රිද්දවීමත් එහෙම එකක් ද දන්නේ නෑ අපේ අක්කා.
අද තමයි මුල්වරට ආවෙ මගෙ හිත එකපාරටම නතරවුනු එක තැනක් තැනක් පිටුව.
මටත් ඔහොම කෙනෙක් හිටියා...දැන්නං ඉන්නේ මගේ ගෙදරම තමා...
සුසුම්ලමින් මගේ දිහා ආදරයෙන් බලයි,
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් සැලෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි..
හඬවන්න මා වැසි වසින අහස සේ,
රිදවන්න මා පෙති සිඳින කුසුම සේ,
මට සැපතකි ඒ,ඉවසන්න බෑ මේ,
මුනිවත ඔබේ........
කවුරුහරි කරන ඉතාම සුළු දේකින් උනත් අපේ හිත රිදෙනව කියන්නෙ අනිවාර්යයෙන්ම ඒ අපේ හිතට ඉතාම සමීප කෙනෙක් නිසයි....ඒකෙ ආයෙ දෙකක් නෑ....එහෙම හිත රිදෙන්නෙ නත්නම් ඒ කියන්නෙ එයා ගැන අපේ හිතේ කිසිම හැඟීමක් නෑ කියලයි,
I rather prefer the grief when you do some thing insensitive because that means you are still very much in my mind,
harima lassanay sis meka nam man Godaak asay
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.