..... I'm the poem that's  yours but doesn't belong to you ever,...ඔබට අයිති,ඔබ ළඟ නැති එකම කවිය මම

මෙහි ලියැවෙන දෑ.............

"Art is something that lies in the slender margin between the real and the unreal."සාහිත්‍ය වනාහි සත්‍යයත් කල්පිතයත් අතර පිහිටි අනියත ප්‍රදේශයකට අයත් වේ.(Chikamatsu Monzaemon)

Tuesday, November 29, 2011

෴ නුඹ ඔතැන - මම මෙතැන ෴



දනිමි මා මියෙන වග
දනිමි පල නොවන වග
නමුත් පවසනු කෙලෙස
නුඹ ඔතැන මම මෙතැන

එක ගෙපැළ එකම මඟ
එකම පාසල තුලද
හමුවුනත් එක වෙනස
නුඹ ඔතැන මම මෙතැන

නුඹේ දූ දරුවනුත්
මගේ පොඩි දරුවනුත්
එකම පංතියෙ වුනත්
නුඹ ඔතැන මම මෙතැන

ප්‍රිය බිරිඳ මඟ ඇරෙන
ගේ දොරද අතහැරෙන
දින ඇවිත් වග දනිමි
නුඹ ඔතැන මම මෙතැන

එකම ඉර සඳ උනත්
එළිය වෙනසක් නැති ද
හෙට ලොවට මිය ඇදෙන
මම මෙතැන
ලොවට රහසින් හඬන 
නුඹ ඔතැන



මෙතැන ඉන්න
මම
෴ සොසී ෴

ප:ලි:- සොඳුරු මොකද ආදරය ගැනම ලියන්නේ ?

15 comments:

  1. Akke kiyanna wachana na. Manoj

    ReplyDelete
  2. Epa hiru payanna adin pasu mage lowata

    ReplyDelete
  3. වෙනස්ම වෙනස් අදහසක්
    ඒත් හොඳටම ගැලපෙනවා
    ලස්සනම ලස්සනය්

    ReplyDelete
  4. දුකයි තමා, මොනා කරන්නද?

    ReplyDelete
  5. ආදරයේ සොදුරු පැතුම් කවදා ඉවර වේවිද?
    හරිම ලස්සනයි, හඳුනාගත්තොත් නුඹ මා.......

    ReplyDelete
  6. එකම මගක ආවද
    නුබ ඔතන මම මෙතන
    අප වෙන් කර ඇදුන
    මහා වෙනසක් අතරමැද...

    ReplyDelete
  7. එකම ඉර සඳ යට
    හිස් අහස වසා කලු වලා
    සැරිසරනා වැහිලිහිනි තුටිනා
    අඳුරට පින්දෙනා
    නුඹ ඔතැන මා මෙතැන
    වැසි යදිනා

    ReplyDelete
  8. සොසී ආදරේ ගැන ලියන එව්වත් හොඳයි තමා ඒත් මේක හොඳා..යි.. !

    ReplyDelete
  9. හරිම සංවේදී....

    ReplyDelete
  10. අපි අහන්න ඕනෙ ප්‍රශ්නෙ ඔයාම ඇහුවාම සාදාරනද මං අහන්නෙ. :S

    ReplyDelete
  11. ඔතන මෙතන දුක් විදින අය කොච්චරක් කියලා ඉන්නවාද අක්කේ..

    ReplyDelete
  12. පින්තුරෙත් එක්කම කවිය කියෙව්වම ගොඩක් දුක හිතුන..
    හැමදාම කියෙව්වට අදයි කමෙන්ට් කරේ :)

    ReplyDelete
  13. හරිම ලස්සනයි.. දුකයි ගොඩාක්'

    ReplyDelete
  14. හරි ලස්සන අදහසක්.....
    වෙනස මෙයයි "නුඹ ඔතැන මම මෙතැන"

    ReplyDelete
  15. දුකයි තමා.
    සොඳුරු අක්කව අදුන ගත්ත දා ඉදන් ආදරය ගැන ගොඩක් ලිපි කියවලා තියෙනවා. ඒත් ඒවා එකිනෙකට වෙනස් එවුවා

    ReplyDelete

සිතක් ‍සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.

Blogroll

Related Posts Plugin for WordPress, Blogger...