“ රජ්ජුරුවන්ගේ ගුහාව පැත්තෙන් ඇහුනේ හාමිනේ “ මහ අදෝනාව නිසා උඩ ගිහින් ඇහුරුණ වලහා කීවේ ඇඟ මැලි කඩ කඩ.
“ හැමදාම අදෝනාව ඇහෙනව නම් හොඳා , ඔහෙට නැඟිටින්න“
ඒ එක්කම වගේ සත්තු රංචු පිටින් එකම දිසාවකට යනවා පෙවුනා.
“ ඔහෙ එනවැයි යන්න , මාත් යනව, කවුද දන්නේ එක දොහක් අර අහස කඩන් වැටුනා කියල හාවා කීව කතාව ඇත්ත වෙලාද දන්නවැයි “
වලස්හාමිනේත් වලස්මහත්තයත් රංචුවට යන සත්තු ගොඩට එකතු වුනා.සත්තු ටික කෙලින්ම ගිහින් නැවතුනේ කැලේ රජාගේ ගුහාව ළඟ.මෙදාසැරේ නම් ෆ්රිජ් එකේ එක සතෙක් වත් දාලා වහල තිබ්බෙ නැහැ. හැමසතාම රජාගේ ගුහාව ළඟ රංචුවේ හිටියා.
ඇස් දෙක දොඹ ගෙඩි කරන්, නට්ට උඩ තියන් හිටපු කැළේ රජා , මොනා ද මුමුණ මුමුණ හිටියා , අතරතුරේ “ නැතිවුනා , නැතිවුනා “ කියලා මහ හඬින් බෙරිහන් දෙන්නත් පටන් ගත්තා. අහසට අත දිගු කර කර , “ දෙවියනේ නැතිවුනා “ කියලා අඬන්න පටන් ගත්තා.
එකවරම මිමිණුමයි , අදෝනාවයි , ඇඩුමයි නතර කරපු රජා , තමන්ගේ ගුහාව ඉස්සර පිට ඉන්න සත්තු කන්දරාව දැක්කා.
“ ඔහෙලට වෙන වැඩ නැද්ද , පාන්දරම ප්‍රශ්ණ අරන් එන්න ඔහෙලට ලැජ්ජාවක් නැති ද? නැතිවෙලා නැති වෙලා, ඒ අස්සෙ ඔහෙලත් “
“ නැතිවෙලා නම් අපි හොයල දෙන්නම් “ කිරි සුදු පාට , පැන පැන ආපු හාවා කීවා.
“ ඔවු ඔවු අපි හොයල දෙන්නම් “ ඒත් එක්කම සත්තු රංචුව කියන්න වුනේ රජ්ජුරුවන්ට ඇති සැබෑම ලෙංගතුකමින්.
“ තෝ හොර හාවා , තෝ තමයි ගත්තේ , රෑට රෑට නීති විරෝධි රේස් දුවන හාවා “
රජුගේ ඇගිල්ල සුදු හාවා පැත්තට දික්වුනා.
“ පස්වහන් දහසකට බුදුවෙන්න. දැන් මම රේස් දුවන එක නතර කරල හොගක් කල්, ඉත්තෑවිගෙ හාදුවෙන් පස්සෙ, දැන් මම පවුල් පංසල් වෙලා “ හාවා කීවා.
සෙනඟ දෙබෑ කරමින් එකපාරම අහසින් “චොස් “ ගාලා වැටුන පොදිය නිසා , කාගෙත් අවධානය ඒ දිහාට යොමු වුනා.
“ පස්වාන්......ඔක් .......... දහසකට ඔක් ඔක් “
“ තෝ උදේම සළු වෙලා නේද ? තෝ තමයි මගෙ නැතිවුන එක ගත්තේ, කැළැවේ තිත තිබ්බ දේවල් තොට කොහෙන්ද “
“ එහා ගමේ කිතුලකින් “
වෙරි මර ගාතේ වුනත් වදුරු නාම්බ කීවා. වඳුරු නාබ්බට කිට්ටු කරපු නරි නයිදේ , “ ඔසව්ව පැහැදිලිව කීව නම් “ වදුරුනාම්බගෙ කණට කරල රහසින් වගේ කීවා.
“ කපටි නරියා , තෝ තමයි මගෙ නැතිවුන එක ගත්තේ “ රජා ආයෙත් ගුගුරන්න වුනා.
“පස්වාන්දහසකට බුදුවන්න , කිකිළිත් අරන් ලොකු මඟුල් කෑමක් කෑවට පස්සෙ, මම කපටි වැඩ ඔක්කම නතර කරා ආයිබෝං “
පුල්ලි ටිකක් වෙනස් වුනත් , සත්තු ගොඩේ හිටිය කොටියව අදුන ගන්න රජාට අමාරු වුනේ නැහැ.
“ තෝ හොර කොටියා, මගෝඩියා, උඹ නේද නැතිවුන එක ගත්තේ “
“ පිස්සු ද රජෝ , රජවරුන්ගේ දේවල් වලට තියෙන ආසාව , මම අතහැරල ගොඩක් කල් “ කිසිගරු සරුවක් නැතිව ඌ කීවා.
රජාගේ ඇස් ආයෙත් සත්තු එකිනෙකාගේ මුහුණ ඔස්සෙ දිව ගියා.
“ යකෝ මෙන්න ටිකිරිලියත් මෙතන “ කට කැඩුන කලේ අතේ එල්ලන් පද්ද පද්ද හිටිය ටිකිරි ලියා දිහා කාගෙත් ඇස් යොමු වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.
“ පිනා වලන් අරන් ගියා ගියාමයි , තාම ආවෙ නැහැ, ඒ ගැන කියන්න මං මේ ආවේ . “
මුකුළු හිනාවක් පාමින් ටිකිරි ලියා කීවා. සිංහයාට මොහොතකට නැති වුන එක අමතක වුනා.
“ ඔහෙගෙ නැති වුන එක නැතිව මං මක්කටෙයි මේ ගුහාවේ තවත් ඉන්නේ, මං යනෝ මහ ගෙදර යන්න “
අතින් කටින් පැටවු එල්ල ගත්ත රජාගේ භාර්යයාව ගුහාවෙන් මතු වුනෙත් එතකොටම තමයි.
රජ්ජුරුවොන්ට කර කියා ගන්න දෙයක් නැති වුනා. නැතිවුන එකත් අමතක වුනා.
“ අනේ නෝනෙ යන්න එපා මයෙ හාමිනේ “
රජ්ජුරුවො හාමිනේගෙ පස්සෙන් ගියත් ඈ නෙමෙයි ඔහුව තඹේකට මායිම් කළේ.
“ රජ්ජුරුවන්ගේ හාමිනේත් නැහැ , රජ්ජුරුවන්ගේ නැති වෙලා තියෙන්නෙ නම් එසේ මෙසේ දෙයක් වෙන්න බෑ “සත්තු මිමිණුවා.
“ කොහොමත් දැන් අපිට මේ රජාගෙන් වැඩක් නැහැ “
“ අපි ස්වාධීනයි “ මෙච්චර වෙලා නිහඬ වෙලා හිටපු කළවැද්දා කෑගහන්න වුනා. සත්තු ඔක්කම වෙන කවරදාටත් වඩා උනන්දුවෙන් කළවැද්දට සවන් දුන්නා.
“ අපි ස්වාධිනයි “
“ නැතිවුනා නැති වුනා “
“ අපි ස්වාධීනයි “
“ නැතිවුනා නැතිවුනා “
රජ්ජුරුවන්ව තනිකරමින් , කැලේ සත්තු විසිරිලා ගියා. ඒත් තවමත් නැතිවුනේ මොනා ද කියල කවුරුවත් දන්නෙ නැහැ. අඩුම තරමින් රජ්ජුරුවො වත් , සත්තු වත් , ලියු මමවත්.
කියවන ඔයාල දන්නව ද ?




23 ප්‍රතිචාර:
උදේම මොනාච කෑවේ....මගේ ඔලුව හොයාගන්න ඕනේ දැන්....අපුරැයි සොඳුරැ....
ඔටුන්නද?
උපහාස රසය හොඳටම ගොනු කරලා තියෙනවා!!.. මොකක් හරි පොතක තිබුනා මතකයි මොනාලිසා ගෙ ඔර්ජිනල් චිත්‍රය තිබුනු කාලෙට වඩා පිරිසක් ආවලු ඒක හොරෙන් ඉස්සුවට පස්සෙ කෞතුගාරයේ එතන තිබුනු හිස්තැන බලන්න !
අද උදේ නැගිටින කොට ඔයාගේ ඔලුව කොහේවත් වැදුනද, නැත්නම් මගේ ඔලුව වැදිලද මන්ද ...........
හප්පේ මොකක්ද ඇත්තටම නැති වෙලා තියෙන්නෙ????
වෙන කැලෑවකින් වත් විදෙස් බලපෑමක් වත් ආවද
නස්රුදීන්ගෙ "බොරුව" නම් කතාව මතක් උනා!
නැතිවුනේ මොකද්ද කියලා හරියට දැනගන්න තියෙන්නෙ මොනාද බලමු ඉස්සෙල්ලාම?
සිංහයගෙ අහවල් එක වත් නැතිවෙලාද? හාමිනෙත් යන්න හදන්නෙ....
කොහොම වෙතත් කලවැද්දා හරි අවස්ථාවාදියෙක් වගේ....
හිතා ගන්න බැනේ අප්පා...මක්කද නැති උනේ..
මේක බොන්න ඕනි ප්‍රශ්නයක්.. අඩියක් ගහලම හොයන්න ඕනි..
අක්කත් කරන වැඩ.... ඔලුවත් නස්කූර් උනා... මොකක්ද හැබෑට...
දන්නවා උනාට කියල කොහොමද? එතකොට හම්බ වෙනවනේ!
ඒ.. මම කොහෙද බං ඉන්නෙ.... මේ කොහේටයි ආවෙ.....කව්ද බං මට අන්දකයිප්පු කැව්වෙ.....ටිකිරිලියාගෙ ගැට්ට කරේ කිව්ව.....ඒ.. කෝබං රජ කම.......
X-Porter
අරක නැති වෙලා! :D නැති වුණු එක මොකක් වුණත්, හැසිරීම ඔන්න ඔහොමලු. :D
ජය!
කැලෑවට රජෙක් නැති කරගත්තොත්නම් හැමෝටම හම්බ උනාය කියලා හිතාගත්තු ස්වාධීනත්වය නම් නැති වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.....
නෝනෙත් ගියානං ඉතිං ඔටුන්න තමා
හයියෝ ඇත්තටම මොනවද නැති උනේ???
අන්තර්ජාතික බලවේගයක වැඩක් වෙන්න ඕනා!
කමෙන්ට් කරපු වගේම කියවපු සියළු දෙනාටම ස්තූතියි.
ඇත්තම කියනව නම් , නැති වුනේ මොකක් ද කියලා රජ්ජුරුවොවත් දන්නෙ නැහැ. කුමක් හෝ නැති වුනා කියල විතරයි උන්දැත් හිතන්නේ. ඔයාල දන්නව ද? ඊට සතියකට විතර පස්සේ ,
“ මේ ඔයැයි දැක්කයි , මම දැක්ක නෙව අර කළු කන්ද පැත්තේ අපේ හිටපු රජ්ජුරුවො පිස්සුවෙන් වගේ දොඩව දොඩව ඇවිදිනවා “
“ ඔවු ඔවු . .තව කිහිපදෙනෙක්ම දැකල තිබ්බ “
“හ්ම් ........ හනේ හෆොයි , කොහොම හිටිය කෙනෙක් ද? කාටත් ඔය ටික වෙනවා“
ෂුවර් එකටම අරක තමයි නැතිවෙලා තියෙන්නේ ....මොකක්ද?
මම හිතන්නේ අර හොයා ගන්න බැරි උණ එක තමා නැති වෙලා තියෙන්නේ...
හැබෑටම මොකක්ද මේ හොයා ගන්න බැරි එක...
මේක ඇතුලේ මට නම් හිතා ගන්න දෑ තියෙනවා...
ටී.වී එකේ රිමොට් එක නැති කරගෙනද දන්නේ නෑ...
Post a Comment
සිතක් සොඳුරු වන තරමට අදහස් බොහෝ දැවටෙනු ඇත. නුඹේ සොඳුරු සිතේ අදහස් වචන කර යන නුඹට මගේ ස්තූතිය..... කියවූ ඔබටත් ස්තූතියි.